2024 – Jan – 09

2024  මේ ඔබේ වසරයි…..

A new year is nothing.but a new opportunity to restart and do things better than before.

ඔබට කොතෙක් දුර යා හැකිද යන්න තීරණය කළ හැක්කේ ඔබට පමණයි.ඔබ ඔබේ හැකියාවට වඩා ප්‍රබල දෙයක් කිරීමට සැලසුම් කිරීමේදී එය අසාර්ථක වුවහොත්. ඔබ නිසැකවම අසතුටට පත්වනු ඇත.ඔබේ ජීවිතයේ නිසි තැනට ගේන්න යමක් ඔබට කරන්න අවශ්‍යයි නම්,ඔබට පැහැදිලි නිවැරදි ඉලක්ක තිබිය යුතුයි .එබැවින් මෙම වසර ඔබ යහපත් වීමට තීරණය කරන වසර බවට පත් කරගන්න.

ඔබ 2024 ට සූදානම්ද?

මේ අවුරුද්දේ ඔබ ඔබව ඔසවා තබන හැම දෙයක්ම කලයුතුයි.ඔබ අතීතය ගැන මැසිවිලි නැගීම නවත්වන වසර මෙය කරගන්න.ඔබ නිදහසට කරුණු නොකියන වසර මෙය  කරගන්න.ඔබ ඔබේ අධිෂ්ඨාන පැහැදිලිව ඔළුවෙන් දැක එය ළඟා කර ගන්න වසර මෙය කරගන්න.ඔබ නිවැරදි මානසිකත්වයකින් සූදානම් වුවහොත් ඔබගේ අධිෂ්ඨාන සිහින කරා යෑම ඔබට සිහිනයක් නොවනු ඇත.දැන් අපට ප්‍රශ්නයක් නැගෙනවා.අපි මෙම වසරේ නිවැරදිව මානසිකත්වයකින් අධිෂ්ඨාන කරා යන්නේ කොහොමද?ඔබට ඔබගේ උපරිමයෙන් යමක් කරන්න පුළුවන්නම් ඔබගේ ඉලක්ක සිහිනයක් නොවනු ඇත.2024 දැනටමත් පැමිණ ඇත.

ජීවිතය දෙස බලන්න එය අහම්බෙන් සිදුවූ දෙයක් නොවේ.එය හාස්කමකින් සිදුවන දෙයක් නොවේ ජීවිතයේ ලස්සනට හැඩගස්වා ගත හැක්කේ තමන්ටම පමණි.එසේ නම් ජීවිතයේ ලස්සනට නිර්මාණය කිරීමට හැකි හොඳම ක්‍රමය වන්නේ කුමක්ද?හොඳම ක්‍රමය තමයි ආරම්භ කිරීම.

මේ වසරේ ඔබ ඔබ වෙනුවෙන් සෑම මොහොතක්ම උපරිමයටම කරගෙන යා යුතු වෙනවා.හිත් රිදීම් තැලීම් පොඩිවීම් ඇතුළින් ඔබ ඉදිරියටම  ගමන් කළ යුතු වෙනවා.උඹේ වැරදි වලට පාඩම් ඉගෙන ගත යුතුයි.

ඔබ ඒ සඳහා ඔබටම සමාව දිය යුතුයි.ඒ වගේම අන් අය අතින් වෙන සුළු සුළු වැරදි වලට සමාව දීමට ඔබ පුරුදු විය යුතුයි.එවිට ඔබට ඉදිරියට යා හැකියි.ඔබටත් ප්‍රබල දීප්තිමත් බලවත් අනාගතයක් ඇත.බලවත් අනාගතයට පිවිසීමට කාලය මෙයයි.

අපි හැමෝම මුහුණ දෙන අභියෝගයක් තමයි තේරීමේ අභියෝගය.තේරීමේ අභියෝගය යනු සියලුම දේ අතරින් හරිම දේ තෝරා බේරා ගැනීමයි.මුලින්ම ඔබ ඔබව හඳුනාගත යුතුයි.ඔබට ගැලපෙන්නේ කුමක්ද ඔබට නොගැලපෙන්නේ කුමක්ද එය ඔබේ හොඳින් වටහා ගත යුතුයි.ඔබ මෙතෙක් කල් කරපු තෝරාගැනීම් හැමදේම නිවැරදිද?අවංකවම කල්පනා කළහොත්.?ඔබට උත්තරේ ඇයි නැහැ.නමුත් අපිට සියලු දේ කිරීමට මායාවක් ඇත එම මායාව ජයගැනීමට අපිට හැකියාව තිබෙනවා නම් අපිට ඕනෙම දෙයක් කල හැක.ඔබ  මුහුණ දෙන යම්කිසි අභියෝගයක් ඔබ සාර්ථකව ජය ගැනීම මුහුණදීම ඔබට ඇති මායාවයි.තවද මේ ඔබේ වසර විය හැකියි.

2024 මෙම වසරේ ඔබ සියලු අරගල හරහා යා යුතුයි. අභියෝග සියල්ල ජයගත යුතුයි. ඔබ යමක් කිරීමේදී ඔබ දියුණු වීමට යෑමේදී මිනිස්සු ඔබම නොසලකා හරි. මිනිස්සු ඔබව අවතක්සේරු කරයි. නමුත් ඔබ ඉදිරියටම යා යුතුයි.ඔබට අනිවාර්යෙන්ම ජයගත හැක .ජීවිතය ඔබට හැකි තරම් තදින් පහර දෙයි.නමුත් ඔබ අවසානය තෙක්  වැරෙන් අල්ලාගෙන සිටිය යුතුයි.අතීත වැරදිවලින් ඔබව නිර්වචනය කිරීමට ඉඩ නොදෙන්.නමුත් ඔබගෙන් යම් කිසි වරදක් සිදුවුවහොත් ඔබ ඒ නිවැරදි කිරීමට උත්සාහ කරගන්න.නැවත එම වරද සිදු නොවීමට වග බලා ගන්න.ඔබට අවශ්‍ය පමණින් සියල්ල අවසන් නොවේ.නමුත් ඔබට හැකි පමණින් යමක් කර ගැනීමේ හැකියාව ඔබ තුළ පවතී.මෙම වසර ඔබට වාසිදායකම වසර කර ගැනීමට ඔබ වග බලා ගත යුතුයි.දැනටමත් ඔබ අධිෂ්ඨානයේ ඉලක්ක සිහින කරා යන ගමන ආරම්භ කළේ නැත්නම් එය ආරම්භ කල යුතු කාලය මෙයයි.ඔබ විනෝදයෙන්  සැහැල්ලුවෙන් කරපු කාලේ අවසන් මදකට තිත තබන්න.

ඔබට යමක් සාර්ථක කර ගැනීමට ඔබගේ උපරිම කැපවීම උත්සාහය අවශ්‍යයි.ඔබගේ පාදය වතුරේ ඔබා තැබීමෙන් ඔබට සාගරය ගවේෂණය කළ නොහැකියි.සාගරයේ ගවේෂණය කිරීමට අනිවාර්යයෙන් කිමිදිය යුතුයි.

ඔබ සැමවිටම ඔබවහන්සේට ඔසවා තබන්න උත්සාහ කරන්න.

ඔබ ඔබගේ හිණි පෙත්ත තරණය කරන වසර මෙය කරගන්න.

ඇත්තටම ජීවත් වෙනවා කියලා තමන්ට දැනෙන්න ඕනේ නේද?ඔව්.

ඔබ කොතරම් කාර්යබහුල වුවත්.ඔබ අධිෂ්ඨාන අරමුණු ජයගන්නවා මෙන්ම ඔබගේ ජීවිතය සතුට හා ප්‍රීතියෙන්ද ජයගත යුතුයි .දිනපතා ඔබ සිනහවකින් අවදි විය යුතුයි.ඔබ වෙහෙසට පත් වූ විට ඔබ කනස්සල්ලේ සිටින විට ඔබේ පවුලේ අය සමග එකතුවී පොඩ්ඩක්  නිවි සැනසිල්ලේ කාලය ගත කරන්න.නැතිනම් පොතක් කියවන්න උත්සාහ කරන්න.

ඔබට අනිවාර්යෙන් ජීවිතය ජය ගන්න අවශ්‍යයි.අතරමගදී ඔබගේ දුර්වලතා  ඔබටම හමුවන ඇත.නමුත් ඔබ ඔබව විශ්වාස කළ යුතුයි.ඔබ වැටෙන හැම අවස්ථාවකදීම ඔබ ඔබ වෙනුවෙන් සිටිය යුතුයි.කිසිවෙකුට ඔබ වෙනුවෙන් ඒ කර නොහැකියි. ඒ කළ හැක්කේ ඔබට පමණයි.ඔබගේ කැපවීම උත්සාහය අධිෂ්ඨානය කරා යන ගමන ඔබට නතර කර නොහැක.ඔබට පසුවට කල් දැමිය නොහැක .ඔබ ඔබ වෙනුවෙන් කැප විය යුතුයි.සාර්ථකත්වය ලැබෙන්නේ වැඩ කරන අයට පමණක් බව අප හොදින් දන්නවා.ඔබ හැම වෙලාවෙම උපරිමයෙන් කරන්න උත්සාහ කරන්නේ නැහැ.ඇයි?ඔබ උපරිමයෙන් සිදු කරත් ඔබ පරාද වෙවී ද යන බය ඔබගේ හිතේ තියෙනවා.ඔබ ඔබව අවතක්සේරු කිරීමේ කාලය නවත්තන්න.පරාජය හෝ ජයග්‍රහණය සමසේ  විදදරා ගැනීමෙන්  ඔබ උපරිමය හැම වෙලේම කරන්න ඔබ උත්සාහ කළ යුතුය.මොකද ඔබ උපරිමයෙන් කරන හැම අවස්ථාවකම ඔබට දිනන්න වාර බොහොමයක් ඇත.ඔබ සටන් කරන්න.ඔබ විශ්වාස කරන්න.ඔබට අවශ්‍ය දේ ඔබ තුළ නැත එය නාස්ති නොකරන්න.

සැම විටම ඔබේ සිහිනය විශ්වාස කරන මිනිසුන් සමග වැඩි කාලයක් ගත කරන්න.ජීවිතය හැඩ කරන ජීවිතය කියා දෙන මිනිසුන් සමග වැඩි කාලයක් ගත කරන්න.හැම ක්‍රීඩාවක්ම දිනන්නෙ ඉනිමකින් ඔබට ජීවිතේ ඉනිමකින් ජය ගත නොහැකියි.

ඉතින් නෝනා වරුනි, මහත්වරුනි,

මෙම වසර ඔබගේ ප්‍රබලම වසර බවට පත් කරගන්න උත්සාහ කරන්න.ඔබේ වටිනාකම පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන වසර මේ කරගන්න.පසුගිය වසරේ ඔබට කළ යුතුව තිබූ දේවල් කිරීමට කැප වන්න.කිසිම වසරක් හොඳයි නරකයි කියා බෙදිය නොහැක.සෑම වසරක්ම ලස්සන වසරක් ලෙස නිර්මාණය කළ හැක්කේ තමන්ටම පමණයි.ලබන සතිය ලබන මාසයේ ලබන වසරේ යනුවෙන් හෙට දිහා බලන එක ඔබ නැවැත්වුවහොත්.ඔබ අදින් පටන් ගත්තොත් ඔබගේ ජීවිතය සාර්ථක වේ .එවිට මෙම වසර ඔබට පැහැදිලි පිරිසිදු ඔබගේ ඉලක්ක අරමුණු අධිෂ්ඨාන කරා යන ප්‍රබලම වසරක් වනවා නොඅනුමානයි.

ඉතින් ඔබට ජය!

සටහන 

නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ

2024 – Jan – 07

නව වසර අපි මෙහෙම පටන්ගමු

නව වසර සඳහා සැලසුම් කිරීම උද්යෝගිමත් සහ ඵලදායී ක්රියාවලියක් විය හැකිය. ඔබගේ නව වසර ඵලදායී ලෙස සැලසුම් කිරීමට ඔබට උපකාර වන පියවර කිහිපයක් මෙන්න:

1. පසුගිය වසර ගැන මෙනෙහි කරන්න: පසුගිය වසර ගැන මෙනෙහි කිරීමට යම් කාලයක් ගන්න. ඔබගේ ජයග්‍රහණ, අභියෝග සහ ඔබ උගත් පාඩම් සලකා බලන්න. අතීතය ආවර්ජනය කිරීමෙන් ඔබට තීක්ෂ්ණ බුද්ධිය ලබා ගැනීමට සහ ඔබේ අලුත් අවුරුදු සැලසුම් සඳහා වේදිකාව සැකසීමට උපකාරී වේ.

2. ඉලක්ක තබන්න: ඉදිරි වසර තුළ ඔබට ඉටු කිරීමට අවශ්‍ය දේ ගැන සිතන්න. වෘත්තිය, සෞඛ්‍යය, සබඳතා, පුද්ගලික සංවර්ධනය සහ විනෝදාංශ වැනි ඔබේ ජීවිතයේ විවිධ ක්ෂේත්‍ර සඳහා නිශ්චිත, අත් කරගත හැකි ඉලක්ක සකසන්න. ඔබේ ඉලක්ක යථාර්ථවාදී සහ මැනිය හැකි බවට වග බලා ගන්න, කෙටි කාලීන සහ දිගු කාලීන අරමුණු දෙකම සලකා බලන්න.

3. ප්‍රමුඛත්වය දෙන්න: ඔබට ඉලක්ක ලැයිස්තුවක් ලැබුණු පසු, ඔබට ඒවායේ වැදගත්කම මත පදනම්ව ඒවාට ප්‍රමුඛත්වය දෙන්න. ඔබට සෑම දෙයක්ම එකවර විසඳා ගැනීමට නොහැකි විය හැකිය, එබැවින් අවධානය යොමු කළ යුතු වඩාත්ම වැදගත් අංශ හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.

4. සැලැස්මක් සාදන්න: ඔබේ ඉලක්ක ක්‍රියාකාරී පියවරවලට කඩා දමන්න. එක් එක් ඉලක්කය සඳහා සැලැස්මක් සාදන්න, ඒවා සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ ගත යුතු නිශ්චිත ක්‍රියාමාර්ග ගෙනහැර දක්වන්න. ඔබව මාර්ගයේ තබා ගැනීමට උපකාර වන කාලසීමාවන් සහ සන්ධිස්ථාන සැකසීම සලකා බලන්න.

5. නව පුරුදු වර්ධනය කරන්න: ඔබේ ඉලක්කවලට සහාය වන පුරුදු හඳුනාගෙන ඒවා ඔබේ දෛනික චර්යාවට ඇතුළත් කිරීම ආරම්භ කරන්න. එය නිතිපතා ව්‍යායාම කිරීම, වැඩිපුර කියවීම හෝ සිහිකල්පනාව පුරුදු කිරීම, ධනාත්මක පුරුදු වර්ධනය කිරීම ඔබේ සාර්ථකත්වයට සැලකිය යුතු ලෙස දායක විය හැකිය.

6. ඔබේ මුදල් සමාලෝචනය කරන්න: ඔබේ මූල්‍ය තත්ත්වය සමාලෝචනය කිරීමට යම් කාලයක් ගත කරන්න. නව වසර සඳහා අයවැයක් සකසන්න සහ විශාල මිලදී ගැනීමක් සඳහා ඉතිරි කිරීම හෝ ණය ගෙවීම වැනි ඔබට සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම මූල්‍ය ඉලක්ක සලකා බලන්න.

7. නිතිපතා පරීක්ෂා කිරීම් උපලේඛනගත කරන්න: වසර පුරා ඔබේ ප්‍රගතිය නිතිපතා සමාලෝචනය කිරීමට සැලසුම් කරන්න. ඔබේ ජයග්‍රහණ තක්සේරු කිරීමට, අවශ්‍ය නම් ඔබේ සැලසුම් සකස් කිරීමට සහ නව ඉලක්ක හෝ ඉලක්ක සැකසීමට සෑම මාසයකම හෝ කාර්තුව අවසානයේ කාලය වෙන් කරන්න.

8. නම්‍යශීලීව සිටින්න: සැලැස්මක් තිබීම අත්‍යවශ්‍ය වුවද, නම්‍යශීලීව සිටීමද වැදගත් වේ. ජීවිතය අනපේක්ෂිත විය හැකි අතර, ඔබට ඔබේ සැලසුම් සකස් කිරීමට අවශ්‍ය විය හැකිය. වෙනස් වීමට විවෘතව සහ අවශ්‍ය පරිදි අනුවර්තනය වීමට කැමැත්තෙන් සිටින්න.

9. ඔබ ගැන සැලකිලිමත් වන්න: ඔබේ සැලසුම් කිරීමේදී ස්වයං රැකවරණයට ප්‍රමුඛත්වය දීමට මතක තබා ගන්න. ඔබට ප්‍රීතිය සහ විවේකය ගෙන දෙන ක්‍රියාකාරකම් සඳහා කාලය ගත කරන්න, ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම, සෞඛ්‍ය සම්පන්නව ආහාර ගැනීම සහ ආතතිය කළමනාකරණය කිරීම වැනි ඔබේ යහපැවැත්මට අදාළ ඉලක්ක තැබීම සලකා බලන්න.

10. ඔබේ ජයග්‍රහණ සමරන්න: අවසාන වශයෙන්, ඔබේ සාර්ථකත්වයන් මඟදී සැමරීමට මතක තබා ගන්න. ඔබේ ප්‍රගතිය පිළිගෙන ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබ දරන වෙහෙසට ගෞරවය දෙන්න.

මෙම පියවරයන් අනුගමනය කිරීමෙන්, ඔබට නව වසර සඳහා හොඳින් වටකුරු සැලැස්මක් නිර්මාණය කර ගත හැකි අතර ඉදිරි මාස දොළහක් සාර්ථක සහ තෘප්තිමත් කිරීමට ඔබ සූදානම් විය හැකිය.

අහිමි හිමිකරු

2024 – Jan – 06

සීසර්ලා ටෙලිනාට්‍යය තුලින් වෙනස්ම විදියේ චරිතයකට දායකවන්නට මට අවස්ථාව ලැබුනා.

2024 වසරෙහි අපි Magazine ජනවාරි මස කලාපය සදහා දශක කිහිපයක රංගන අත්දැකිමෙන් පරිපූර්ණ එදත් අදත් පුංචි තිරයේ සොදූරු ප්‍රේමවන්තයෙකු වන චරිතාංග රංගන ශිල්පියෙකුගේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි සුදානම.

‍පුංචි තිරයෙහි ප්‍රේක්ෂක ජනාදරයට පත්වු පබළු, අමා, සත්‍ රළ පෙළ, කෝරලේ මහත්තයා, චායා, උතුම් පැතුම්, රන් තරු, අහස් මාළිගා සහ මෙම වකවානුවේදි විකාශනය වන සීසර්ලා, කියා දෙන්න ආදරේ තරම් වැනි ටෙලිනාට්‍යය සමග ආලින්දයට පැමිණ ප්‍රේක්ෂක සිත් තුල අමතක නොවන චරිත තුලින් තම රංගන කුසලතාය මනාවට පිළිබිඹු කිරිමට සමත් වු විශ්ව කොඩිකාර නම් වු නිරහංකාර අතිදක්ෂ චරිතාංග රංගන ශිල්පයාගෙන් රංගන ක්ශේත්‍රයට ලැබුනේ මහගු දායකත්වයක්.

දක්ෂ රුවැති බිරිඳක්, හුරතල් දියණියක් සහ දගකාර පුතෙකුගෙන් පරිපුර්ණ වු ඔහුගේ සුන්දර පුංචි කැදැල්ලට එන්න අප සමග ගොඩ වි ඔහුගේ වතගොත විමසන්නට…

1) විශ්ව, මොනවද මේ දවස්වල අලුත් විස්තර?

මෙම දිනවල දෙරණ නාලිකාවෙහි සතියේ දින පහේම රාත්‍රි 9 ට විකාශනය වන සීසර්ලා ටෙලිනාට්‍යයෙහි රංගන කටයුතු ගොඩක් ආසාවෙන් කරගෙන යනවා. මම මෙතෙක් රංගනයෙන් දායක වු චරිත අතුරින් වෙනස්ම විදියේ චරිතයකට රංගන දායකත්වය ලබා දෙන්න සීසර්ලා තුලින් මට අවස්ථාව ලැබුනා. ඊට අමතරව කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයෙහි රූපගත කිරිම් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අලුත් ටෙලිනාට්‍යය දෙකක් සදහා සුදානම් වෙනවා. රිදි තිරය ගැන කතා කරනකොට අජිත් ධර්මසූරිය මහත්මයාගේ නිර්මාණයක් වන වර්ණ ච්ත්‍රපටය මෙම වසරේදි තිරගතවිමට නියමිතයි.

2)”සීසර්ලා” ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වෙන්න ලැබුන අවස්ථාව පිළිබදව සහ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව කියමුද?

බුද්ධික සේමසිංහ මහතාගේ තිර පිටපතකට අනුව නිර්මාණය වන “සීසර්ලා” ටෙලිනාට්‍යය අධක්ෂණය කරන විශ්ව ලංකා මහතාගේ ඇරයුමෙන් එහි ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වන්න මට අවස්ථාව ලැබුනා. මෙය මම මෙතෙක් සම්බන්ධ නොවුන වෙනස්ම විදියේ චරිතයක්. නාට්‍යය සහ රංග කලාව පිළිබදව මගේ ගුරුතුමා වන මහේන්ද්‍ර පෙරේරා මහතා නිරන්තරයෙන්ම අපට උපදෙස් ලබා දෙන්නේ විවිධ චරිත කරන්න උත්සාහ කරන්න කියලා. එම හේතුව නිසා සහ චරිතය පිළිබදව මගේ තාත්තාගේ ධනාත්මක අදහසත් ඇතුව මෙම චරිතය භාර ගන්න මම තිරණය කලා.

මෙහි ප්‍රධාන චරිත කිහිපයක් තියනවා. එම සියලූම චරිතවලට සාධාරණයක් වන අයුරින් බුද්ධික සේමසිංහ මහතා සහ විශ්ව ලංකා මහතා සීසර්ලා ටෙලිනාට්‍යයෙහි නිර්මාණය කටයුතු කරගෙන යනවා.
සීසර්ලා සදහා ඉතාම හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිම පිළිබදව මට අතිශය නිහතමානී ආඩම්බරයක් තියනවා. මෙම චරිතය මට නොගැලපෙන බව කියන ඉතාම සුළු පිරිසක් ඉන්න නමුත් මට ආදරය කරන සියලු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර මම ඉතාම ආදරයෙන් භාර ගන්නවා.

3)”කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයෙහි අමතක නොවන අත්දැකීම් පිළිබදව මතක් කලොත්..

ඇත්තටම කිවුවොත් “කියා දෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයෙහි මම වැඩ කටයුතු කලේ ඉතාම අඩු කාලයක් නිසා ඒ පිළිබදව විශේෂ යමක් මට කියන්න නැහැ.

4)විශ්ව රංගනයෙන් දායක වු “වර්ණ” ච්ත්‍රපටයට නුදුරේදි තිරගතවිමට නියමිතද? ච්ත්‍රපටය සදහා ඔබට ඇරයුම් ලැබුනේ කොහොමද?

අජිත් ධර්මසූරිය මහතා සහ මම මහනුවර ධර්මරාජ විද්‍යාලයෙහි ආදි ශිෂ්‍යයන්. පාසලේ හිතවතෙකුගේ මාර්ගයෙන් දවසක් මට අජිත් අයියා කතා කරලා “ඇයි වෙනස් විදියේ චරිත කරන් නැත්තේ? එවැනි චරිත ලැබෙන්නේ නැද්ද? නැත්තම් කරන්න අකැමැතිද? ” වගේ ඔහුගේ නිර්මාණය පිළිබදව ඉගි නොකර ප්‍රශ්න කිහිපයක් ඇහුවා. වෙනස් විදියේ දෙයක් කරන්න ඉතාමත් කැමැත්තෙන් එවැනි චරිත ලැබෙයි කියලා බලාපොරොත්තු ඉන්න බව මම ඔහුට කිවුවා. ඉන්පසු ඔහු මෙම නිර්මාණයෙහි පිටපත මට ලැබෙන්න සැලැස්සුවා.

මෙම චිත්‍රපටය මම හදවතින්ම පුදුම ආසාවකින් දායක වුන නිර්මාණයක්. විශේෂයෙන්ම මහනුවර මගේ ගමේ චිත්‍රපටියෙහි රූපගත කිරිම් කල නිසා නුවර පරිසරයෙහි සුන්දරත්වය විදිමින් සහභාගි වුන ඉතා විශිෂ්ට නිර්මාණයක් කිවුවොත් මම නිවැරැදියි.
වර්ණ චිත්‍රපටයෙහි අධක්ෂණකතුමා අජිත් ධර්මසූරිය මහතා පැවසු පරිදි මෙම වසරේදි ච්ත්‍රපටය තිරගතවිමට නියමිතයි.

5)රංගන කටයුතු සදහා ඔබේ ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

රංගන ක්ශේත්‍රයට අවතීරණය වන්නට මුලිකවම අඩිතාලම යොදලා දුන්න මගේ තාත්තාව මුලින්ම ආදරයෙන් මතක් කරන්න ඕනේ. මාව රංගන ක්ශේත්‍රයට හදුනා දෙන්න මෙය සුදුසුම කාලය කියලා අදහස් ඉදිරිපත් කල රොයි ද සිල්වා මහත්මයා සහ ගාමිණි සමරසිංහ මහත්මයාවත් මතක් කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. රංගනය පිළිබදව හැදැරීම සදහා මහේන්ද්‍ර පෙරේරා මහත්තයා යටතේ පාඨමාලාවක් සදහා මුලින්ම තාත්තා මාව යොමු කරනවා. මම මුලින්ම රංගනයෙන් දායක වුයේ මගේ තාත්තගේ නිර්මාණයක් වන “සදාධර ජෝති” ච්ත්‍රපටයෙහි ඉන්පසු තාත්තගේ නිර්මාණ කිහිපයකම මම රංගනයෙන් දායක වුනා. එදා මෙන්ම අදටත් ගුරුහරුකම්, අදහස් ලබා දෙමින් තාත්තා මගේ රංගන ගමනේ ලගින්ම ඉන්නවා. එමෙන්ම මගේ ජිවිතයේ හයියක් වුන ආදරණීය අම්මාගෙන්, හදවතින්ම ලගින් ඉන්න මගේ අක්කගෙන් ලැබෙන සහයෝගයත් මතක් කරන්න ඕනේ.

මගේ බිරිඳ ගැන ඇත්තම කියනවා නම් අපි විවාහ වුන මුල් කාලයේදි රංගන ශිල්පියෙකුගේ වෘත්තීය ස්භාවය තේරුම් ගෙන මට සහයෝගය දෙන්න කොහොමද කියලා එයාට අවබෝධයක් තිබුනේ නැහැ. නමුත් පහු කාලිනව එයා සෑහෙන දුරට මෙම වෘත්තීය පිළිබදව තේරුම් අරගෙන අද වෙනකොට ඉතාම හොද සහයෝගයක් මට ලබා දෙනවා.

6)වෘත්තිමය රංගන ශිල්පියෙකු වශයෙන් චරිත තෝරා ගැනිමේදි සීමාවන් තියනවාද?

ඇත්තටම තියනවා. වෘත්තීය රංගන ශිල්පයෙකු වශයෙන් විවිධ චරිත සදහා රංගනයෙන් දායකවන්නට මම කැමති නමුත් ලංකාව වැනි සංස්කෘතියක් සහිත රටක රංගන කටයුතු කිරිමේදි පවුලේ සියලු දෙනාටම එකට ඉදගෙන නැරඹිය හැකි ටෙලිනාට්‍යය සහ ච්ත්‍රපට තෝරා ගෙන මගේ දායකත්වය ලබා දෙන්න මම සැලකිලිමත් වෙනවා. එවැනි අවස්ථාවක් සදහා උදාහරණයක් විදියට කිවුවොත් වර්ණ ච්ත්‍රපටය රූපගත කිරිමේදි පිටපතෙහි තිබුන කොටසක මම රංගනයෙන් දායකවන්නට කැමති සීමාවන් පිළිබදව අජිත් ධර්මසූරිය මහතා සමග සාකච්ඡා කරගෙන අපි වෙනස්කම් කර ගත්තා.

7)ඉදිරියේදි රංගනයෙන් දායකවන්නට අවස්ථාව ලැබෙයි යැයි බලාපොරොත්තුවෙන් ඉන්න චරිත තියනවාද?

රංගනයෙන් දායක වන්නට කැමති චරිත නම් ගොඩක් තියනවා. ස්වාමින්වහන්සේ නමකගේ චරිතයක් කරන්න ලැබුනොත් සහ ගොළු තාත්තා ටෙලිනාට්‍යයෙහි මහේන්ද්‍ර පෙරේරා මහත්මයා අති සාර්ථකව රග දැක්වු ගොළු චරිතය වැනි චරිත නිරූපණයට මෙන්ම අන්ධ පුද්ගලයෙකුගේ චරිතයක් වැනි වෙනස් ආකාරයේ චරිත සදහා දායකත්වය ලබා දෙන්න මම හරිම කැමතියි.

8)ඔබ සමාජ මාධ්‍යය භාවිතා කරනවාද?

මම සාමාජ මාධ්‍යය භාවිතා කරනවා. අපේ පවුලේ සියළු දෙනාම එකතුව විශ්ව එරංදි නමින් Youtube නාලිකාවක් පවත්වාගෙන යනවා. Facebook මම කාලයක් භාවිතා කලේ නැහැ නමුත් විවාහයෙන් පස්සේ මගේ බිරිඳගේ උනන්දුවෙන් Facebook ගිණුමක් මම ආරම්භ කලා. මගේ නමින් මගේ නොවන වෙනත් පුද්ගලයන් විසින් මෙහෙය වන Facebook ගිණුම් බොහෝමයක් තියන නිසා Facebook ගිණුම් හරහා මා සමග සම්බන්ධ විමේදි නිවැරදි ගිණුම තහවුරු කර ගන්න කියන පණිවිඩය මගේ ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

9)ප්‍රේක්ෂක ආදරය නිබදව දිනා ගත් විශ්ව කොඩිකාර නම් වු දක්ෂ රංගන ශිල්පියාව අපට ඉදිරියේදි දැක ගන්නට ලැබෙන නිර්මාණය මොනවාද?

මම කලින් සදහන් කල ආකාරයට මෙම දිනවලදි දෙරණ නාලිකාවෙහි විකාශනය වන සීසර්ලා ටෙලිනාට්‍යය සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. එමෙන්ම ඇරයුම් ලැබුන ටෙලිනාට්‍යය දෙකක් මෙම වසරේදි රූපගත කිරිම් ආරම්භ වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. රිදිතිරය පිළිබදව කිවුවොත් වර්ණ ච්ත්‍රපටය තුලින් සහ ඇරයුම් ලැබුන තවත් ච්ත්‍රපටයක් තුලින් ඉදිරියේදි මාව ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.

අමා නාකන්දලගේ

Vishwa Kodikara

Life hacking

Life hacking යනු ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ සමස්ත ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා දක්ෂ විසඳුම් හෝ කෙටිමං සෙවීම සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියයි. පුද්ගලික පුරුදු, ගෙදර දොරේ වැඩ, වැඩ කටයුතු, කාල කළමනාකරණය සහ තවත් දේ ඇතුළුව ජීවිතයේ විවිධ පැතිවලට Life hacks යෙදිය හැක. ඔබට ප්‍රයෝජනවත් විය හැකි ජනප්‍රිය ජීවිත හැක් කිහිපයක් මෙන්න:

1. ප්‍රමුඛත්වය දෙන්න සහ සැලසුම් කරන්න: කළ යුතු දේ ලැයිස්තුවක් සාදන්න හෝ ඔබේ දෛනික කාර්යයන් සඳහා ප්‍රමුඛතාවය දීමට කාර්ය කළමනාකරණ යෙදුමක් භාවිතා කරන්න. ප්‍රථමයෙන් වඩාත් වැදගත් හා හදිසි කාර්යයන් කෙරෙහි අවධානය යොමු කරන්න, විශාල කාර්යයන් කුඩා, වඩා කළමනාකරණය කළ හැකි ඒවා බවට බිඳ දමන්න.

2. කාලය අවහිර කිරීම: විවිධ ක්‍රියාකාරකම් හෝ කාර්යයන් සඳහා නිශ්චිත කාල සීමාවන් උපලේඛනගත කරන්න. මෙය ඔබට කාර්යක්ෂමව කාලය වෙන් කිරීමට උපකාරී වන අතර අවධානය යොමු කරන වැඩ, විවේකය, සමාජගත කිරීම සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා ඔබට කැප වූ කාල පරිච්ඡේද ඇති බව සහතික කරයි.

3. ඉවත් කිරීම සහ සංවිධානය කිරීම: අවධානය වෙනතකට යොමු කිරීම ඉවත් කිරීමට සහ වඩාත් සංවිධානාත්මක පරිසරයක් නිර්මාණය කිරීමට ඔබේ භෞතික සහ ඩිජිටල් අවකාශයන් නිතිපතා ඉවත් කරන්න. සෑම දෙයක්ම එහි ස්ථානයේ තබා ගැනීමට සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි ගබඩා විසඳුම්, ලේබල් සහ පද්ධති භාවිතා කරන්න.

4. ස්වයංක්‍රීය කිරීම සහ පැවරීම: තාක්‍ෂණය භාවිතයෙන් ස්වයංක්‍රීය කළ හැකි හෝ වෙනත් අයට පැවරිය හැකි පුනරාවර්තන කාර්යයන් හඳුනා ගන්න. මෙය වඩාත් වැදගත් හෝ විනෝදජනක ක්‍රියාකාරකම් සඳහා ඔබේ කාලය සහ මානසික ශක්තිය නිදහස් කරයි.

5. යතුරුපුවරු කෙටිමං ඉගෙන ගන්න: යතුරුපුවරු කෙටිමං යනු ඔබේ පරිගණක භාවිතය සැලකිය යුතු ලෙස වේගවත් කළ හැකි කාලය ඉතිරි කිරීමේ මෙවලම් වේ. ඔබ නිතර භාවිතා කරන යෙදුම් හෝ මෙහෙයුම් පද්ධතියේ පොදු ක්‍රියා සඳහා කෙටිමං ඉගෙන ගැනීමට සහ භාවිතා කිරීමට කාලය ගන්න.

6. කණ්ඩායම් සැකසීම පුහුණු වන්න: සමාන කාර්යයන් එකට එකතු කර ඒවා කාණ්ඩ වශයෙන් සම්පූර්ණ කරන්න. උදාහරණයක් ලෙස, දවස පුරා ඊමේල් පරීක්ෂා කරනවා වෙනුවට, ඔබගේ එන ලිපි හරහා යාමට නිශ්චිත වේලාවන් සකසන්න. මෙය සන්දර්භය මාරු කිරීම අඩු කරන අතර කාර්යක්ෂමතාව වැඩි කරයි.

7. ඵලදායිතා යෙදුම් සහ මෙවලම් භාවිතා කරන්න: ඔබට සංවිධානාත්මකව සිටීමට, ඔබේ කාලය කළමනාකරණය කිරීමට, ඔබේ ඉලක්ක නිරීක්ෂණය කිරීමට සහ අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උදවු කළ හැකි ඵලදායිතා යෙදුම් සහ මෙවලම් ගවේෂණය කරන්න. කාර්ය කළමනාකරණය, සටහන් ගැනීම, කාලය සොයා ගැනීම සහ තවත් බොහෝ යෙදුම් තිබේ.

8. විවේක ගන්න සහ ස්වයං රැකවරණය පුරුදු කරන්න: ඵලදායිතාව සහ සමස්ත යහපැවැත්ම පවත්වා ගැනීම සඳහා නිතිපතා විවේක සහ ස්වයං ආරක්ෂණ ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය වේ. නැවත ආරෝපණය කිරීමට සහ අවධානයෙන් සිටීමට කෙටි විරාම, ශාරීරික ක්‍රියාකාරකම්, සිහිකල්පනාව ව්‍යායාම හෝ විනෝදාංශ ඔබේ දෛනික චර්යාවට ඇතුළත් කරන්න.

9. ඔබේ උදෑසන චර්යාව ප්‍රශස්ත කරන්න: දවස සඳහා ධනාත්මක ස්වරයක් සකසන උදෑසන චර්යාවක් ස්ථාපිත කරන්න. මෙයට ව්‍යායාම, භාවනාව, ජර්නල කිරීම, හෝ ඔබේ ඉලක්ක සමාලෝචනය වැනි ක්‍රියාකාරකම් ඇතුළත් විය හැක. හොඳින් සැලසුම් කරන ලද උදෑසන චර්යාවකින් දවස පුරා ඔබේ ශක්තිය සහ ඵලදායිතාව ඉහළ නැංවිය හැක.

10. අඛණ්ඩ ඉගෙනීම: ඉගෙනීමට සහ නව කුසලතා ලබා ගැනීමට කාලය කැප කරන්න. මෙය මාර්ගගත පාඨමාලා, පොත්පත්, පොඩ්කාස්ට් හෝ ජාලකරණ සිදුවීම් හරහා විය හැක. අඛණ්ඩ ඉගෙනීම ඔබේ මනස තියුණුව තබා ගනී, ඔබේ දැනුම පදනම පුළුල් කරයි, සහ නව අවස්ථා විවෘත කරයි.

මතක තබා ගන්න, ජීවිත හැක් කිරීම් ඔබේ ජීවිතය සරල කිරීමට සහ වැඩිදියුණු කිරීමට අදහස් කරන නමුත්, සියලු හැක් කිරීම් සෑම කෙනෙකුටම ක්‍රියා නොකරයි. විවිධ උපාය මාර්ග සමඟ අත්හදා බැලීම සහ ඔබේ අවශ්‍යතා, මනාප සහ ජීවන රටාව මත පදනම්ව ඔබට වඩාත් සුදුසු දේ සොයා ගන්න.

අහිමි හිමිකරු

ආයෙත් අගමැතිට අඳින්න කෝට් මහන රිෂි සුනක්

2023 වසර ඉවරයි. තව සති කිහිපයකින් එළඹෙන 2024 වසර එක්සත් රාජධානියට ටිකක් තීරණාත්මක වසරක්. ලබන  වසරේ අවසාන භාගයේදී බොහෝ දුරට එක්සත් රාජධානියේ මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබනව. වසර 13ක අඛණ්ඩ කොන්සර්වේටිව් පාලනයකින් පස්සේ ඔවුන් මුහුණ දෙන අසීරුම මැතිවරණය විය හැක්කේ එළඹෙන මැතිවරණයයි. විපක්ෂයද බොහෝ කලකට පස්සේ තමන්ට නැවතත් බ්‍රිතාන්‍යයේ බලය ලබා ගන්න පුළුවන් වෙයි කියලා ලොකු බලාපොරොත්තු තියාගෙනත් ඉන්නවා.

කොහොම උනත් වර්තමාන අග්‍රාමාත්‍ය රිෂි සුනක් වැඩේ අතඅරින්න සූදානම් නෑ. සුනක් දැනට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ මහමැතිවරණයකින් තෝරා පත්වෙලා නෙමෙයි. තමන්ගේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුලේ ඡන්ද වලින් පත්වුනු කෙනෙක් හැටියට. ඒත් සුනක් ඊළඟ මහ මැතිවරණයේදී කෙලින්ම කොන්සර්වේටිව් පක්ෂයේ අගමැති අපේක්ෂකයා විදියට කෙලින්ම ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ආසියාතික-බ්‍රිතන්‍ය ජාතිකයෙක් එහෙම නැත්තම් ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයෙක් වෙච්ච සුනක් සුද්දන්ගේ රටේ ඡන්දෙකදි අගමැතිවරයා වෙන්න ඡන්දේ ඉල්ලයි කියන එක ටික හිතන්නත් අමාරු වැඩක්.

පසුගිය ඔක්තෝබර් මාසයේදී එංගලන්තයේ මැන්චෙස්ටර් හී පැවති කොන්සර්වේටිව් පක්ෂයේ මහා සමුළුවේදී රිෂි සුනක් නැවත වතාවක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරිපත් වීමට සිය අභිලාෂය ප්‍රකාශයට පත් කරා. කොන්සර්වේටිව් පක්ෂයේ ජයග්‍රහණය දැඩි අවධනමක තියනවා පෙනි පෙනී උනත් ඔහු ඉදිරි මැතිවරණයේ සිය පක්ෂය මෙහෙයවීමට කැමති බවට ඉඟි පල කරා.

වයස අවුරුදු 42 දී බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රිෂී සුනක් ඉතිහාසයට එක් වන්නේ බ්‍රිතාන්‍යයේ මෑත අතීතයේ එම ධූරයට පත්වූ ලාබාලතම අග්‍රාමාත්‍යවරයා ලෙසයි. එමෙන්ම බ්‍රිතාන්‍යයේ පළමු බ්‍රිතාන්‍යය- ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාද ඔහු වන අතර සංක්‍රමණිකයෙකුගේ පළමු පරම්පරාවේ කෙනෙකු ලෙස අගමැතිධුරයට පත්වූ පළමු තැනැත්තාද වනවා. ඒ කියන්නේ සුනක් බ්‍රිතාන්‍යයේ උපත ලැබුවාට ඔහුගේ දෙමාපියන් නැගෙනහිර අප්‍රිකාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ඉන්දීය ජාතිකයන් වනවා.

එක්සත් රාජධානිය මේ වෙලාවේ ඉන්නේ ලොකු ආර්ථික අර්බුදයක. ඒ වගේම මෙරට තියන අනෙක් ප්‍රධානම ගැටළු තමයි සංක්‍රමණික ප්‍රශ්නය සහ සෞඛ්‍ය සේවය. සුනක් ආයේ අගමැති වෙන්න පොඩි හරි බලාපොරොත්තුවක් තියනවා නම් ඔහුගේ ජාතිකත්වය කෙසේ වෙතත් මේ ගැටළු වලට නම් ඉතා ඉක්මනින් පිළිතුරු සොයන්නම වෙනවා. හැබැයි සුනක් ඒ ටික කරගෙන යනවා කියන එකත් මේ රටේ මිනිස්සුන්ට පේන්න තියනවා.

පසුගිය මාස කිහිපය පුරාම 11% අගයක තිබූ උද්ධමනය මේ වෙනකොට 4% විතර අඩු කරලා තියනවා. ඒ වගේම පසුගියදා ඉදිරිපත් කරපු අයවැයේදී මැතිවරණය ඉලක්ක කරගෙනම ඉතා ඉහළ වැටුප් වැඩිවීමක් වගේම සහනාධාර රැසක් වැඩි කරන්නත් සුනක් පියවර ගෙන තිබුනා. ඒ අතරේ සංක්‍රමණික ගැටළුව විසඳීමේ බලාපොරොත්තුවෙන් සුනක් තමන්ගේ කැබිනට් එකේ හිටපු ප්‍රබලතම අමාත්‍යවරියක් වූ ස්වදේශ කටයුතු ලේකම්වරිය අයින් කරලා අළුත් එතනට අළුත් කැබිනට් අමාත්‍යවරයෙක් පත්කරා.

ඒ වගේම රිෂි සුනක් තමන්ගේ කැබිනට් මණ්ඩලය ගැන තවත් ඓතිහාසික තීන්දුවක් ගත්තා. ඒ තමයි 2010 නැවත කොන්සර්වේටිව් පක්ෂය බලයට ගෙනාපු බ්‍රිතාන්‍යයේ 2010 සිට 2016 දක්වා අග්‍රාමාත්‍යවරයා විදියට කටයුතු කරපු ඩේවිඩ් කැමරන් තමන්ගේ රජයේ විදේශ කටයුතු ලේකම්වරයා විදියට පත්කරගනිපු එක. සාමාන්‍යයෙන් මේ රටේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් නැවත කැබිනට් අමාත්‍යවරයෙක් විදියට පත්වෙන එක ඉතාම දුලබ සිදුවීමක් වගේම දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයෙක් කැබිනට්ධූරයකට පත් කිරීමත් ටිකක් අසාමාන්‍ය සිදුවීමක්.

ගොඩක් විචාරකයන් නම් කියන්නේ ඩේවිඩ් කැමරන්ගේ නැවත ආගමනය සිද්ධ වෙන්නේ ඊළඟ මැතිවරණයේදී රිෂි සුනක්ට ආමන්ත්‍රණය කරන්න බැරි මේ රටේ සුදුජාතික ඡන්ද වලට ආමන්ත්‍රණය කරන්න බලාගෙන කියලා. මොකද කැමරන් කියන්නේ බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පාක්ෂිකයන් අතර ඉතාම ජනප්‍රිය මෙන්ම ආදරය කරන පුද්ගලයෙක්. කොහොම හරි ටිකක් දුරට අපිට හුරුපුරුදු ආසියානු පන්නයේ දේශපාලනයකද නිරත වෙන ගමන්, මැතිවරණය ඉලක්ක කරගත් පාලනයකද නිරත වෙන රිෂි සුනක්ට තව අවුරුදු පහකට බාර දෙන්න බ්‍රිතාන්‍යයේ ජනතාව සූදානම්ද කියන එක ගැන අනාවැකි පල කරන්න නම් තාම කල් වැඩියි.

තිලාන් ජයසේකර

මළ මරුවන්ගේ හදසකිය

ජගත් මනුවරණ අතිශය ප්‍රථම සිනමා සම්ප්‍රාප්තිය

අපරාද‍යන් සිදුකිරීම සංස්කෘතියට බද්ධ කොටගත් රාජ්‍යක්…

ප්‍රභලයන් සනසන දුබලයන් පෙළන්නා වූ අවනීතියක්…

වගකීමෙන් හා වගවීමෙන් විරහිත විශ්වසනීයත්වයක්…

තක්සේරුගත නොකෙරුණු නිද්‍රාගත ප්‍රචන්ඩත්වයක්…

වටිනාකම අවලංගු වූ හෘදසාක්ෂින්…

වානිජකරණයට ගොදුරු වූ ආගමික සාරාර්ථයන්…

සත්‍යය අභිභවා නැගීසිටීමට වෙරදරන අසත්‍යය…

ස්වාදීනත්වය හා නිදහස හීනයක් කොටගත් ස්ත්‍රීන්…

ජීවී අජීවී සියළු සාදකයන්ගේ පැවැත්ම තීරණය කරනු ලබන දේශපාලනික බලය…

සියළු අකටයුතුකම් අසීරුවෙන් දරාසිටිනා නිසොල්මන් සීතලෙන් වෙළුණු කඳු

පන්තියක්…

නිෂ්පාදන කාර්ය මණ්ඩලය

අද්‍යයක්ෂණය | ජගත් මනුවරන

තිර රචනය | ජගත් මනුවරන

නාමල් ජයසිංහ

නිෂ්පාදනය | සුනිල් ටී ප්‍රනාන්දු

නිර්මාණ බණ්ඩාර

චන්න දේශප්‍රිය

රසිත ජයසේන

සිනමාකරණය | විශ්වජිත් කරුණාරත්න

සහකාර අධ්‍යක්ෂණය | ලසන්ත ෆ්‍රැන්සිස්

සංස්කරණය | සංඛ මල්වත්ත

සංගීතය | තිලංක ගමගේ

නිෂ්පාදන කළමනාකරණය | රොනිත් අධිකාරි

නිෂ්පාදන සැලසුම්කරණය | ප්‍රදීප් චන්ද්‍රසිරි

කලා අධ්‍යක්ෂණය | උපුල් චමිල බණ්ඩාර

වේෂනිරූපණ සැලසුම්කරණය | නාරද ධනංජි තොටගමුව

වේශ නිරූපණය | මනනුවන් රූපසිංහ

ඇඳුම් නිර්මාණකරණය | නාමල් බණ්ඩාර

විශේෂ ප්‍රයෝග නිර්මාණකරණය | චත්‍ර වීරමන්

ශබ්ද ඉංජිනේරුකරණය | ප්‍රියන්ත කළුආරච්චි

වර්ණ ශ්‍රේණිගතකරණය | ආනන්ද බණ්ඩාර

ප්‍රධාන රංගන ධායකත්වය

සරත් කොතලාවල

ප්‍රියන්ත සිරිකුමාර

ධර්මප්‍රිය ඩයස්

කළණ ගුණසේකර

සම්පත් ජයවීර

ලක්මාල් ධර්මරත්න

ආනන්ද කුමාර උන්නැහේ

ජගත් මනුවරන

ජගත් මනුවරණ කොඩිතුවක්කු ඇතුළු සිනමාපටයේ කොඳුනාරටිය හට ජීවය

සම්ප්‍රේෂණය කරනා ප්‍රදාන රාංගන ශිල්පීන් සියළු දෙනාම විසින් තම චරිතයන් හුදු

නිරූපණය කිරීමකින් ඉතා ඔබ්බට ගොස් අදියුරුවරයාගේ විධානයන්ට නතු වන කාල

සීමාව තුළදී අදාළ චරිතයන් තුළ භාවාත්මිකව ජීවත් වෙන්නට ඇති බව සිනමාපටය

නැරඹීමෙන් අනතුරුව හද කීරිගැසෙන සුළු ඉතා සංකීර්ණ සංවේදී මනෝභාවයන්

ගොන්නක වල්මත් වී සිනමාශාලාවෙන් පිටතට පැමිණෙන බොහෝ පිරිසකට මැනවින්

ප්‍රත්‍යක්ෂ වන්නට ඇත.

මීට අමතරව සිනමාපටයේ අතිරේඛ රංගන ශිල්පීන් සියළුම දෙනා විසින්ද චිත්‍රපටය

තුළ ඉදිරිපත් කරන්නා වූ යථාර්ථවාදී රාංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ

රංගන ශිල්පීන්ගේ දැඩි උත්සාහයට හා කැපවීමට මනා සාධාරණත්වයක් ඉටුකිරීමට

සමර්ථ වී ඇති බවත් පැහැදිලිව පෙනීයයි.

මෙම අද්විතීය රංගන කෞශල්‍යය රිදී තිරය මත විදහාපෑමට මං සලසාදුන් ප්‍රශස්ථ

සංකල්පය, තිර රචනය හා අදියුරුත්වය යන කාරණාවන් ත්‍රිත්වය විසින් සිනමාපටය

රාමුගත වන ආකයානය තුළ ඉහත ස්ඳහන් කරන ලද දේශපාලනික සංරචකයන්

සියල්ල වඩාත් හොඳින් ප්‍රේක්ෂකයන් වෙතට ස්න්නියේදනය කිරීමට මහත් රුකුලක් වී

ඇති බැව් සිතේ.

හෙලවුඩ් සිනමාපටයන්හි ඉතා කලාතුරකින් දක්නට ලැබෙන සිනමා සංගීතය හා

චිත්‍රපටය තුළ දිගහැරෙන රූප රාමු එකිනෙක මනාව අතිච්චාදනය වී තිබීම තුළින්

ප්‍රේක්ෂකයා හා සිනමාපටය අතර ඉතා ශක්තිමත් බැඳීමක් නිර්මාණයයකාට තිබීම

මඟින් ස්මස්ථ නිර්මාණයේ සාර්ථකත්වය තවදුරටත් ඔපමට්ටම් කිරීම සඳහා විශාල

පිටුවහලක් සපයන බව කිවයුතු විශේෂ කාරණාවකි.

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත්

ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය ගලාගෙන යන රිද්මයට හා ඉන්

ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු

හානියක් නොවෙන අයුරින් සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම

ප්‍රශංසනීයයි.

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් යමන්ම

සංස්කාරකවරුන් මහත් වගකීමකින් හා ප්‍රවේශමකින් කටයුතුයකාට ඇති බව

සිනමාපටය තියුණු අවධානයයන් නරඹන්නා වූ කා හට

වුවද මැනවින් ප්‍රතයක්ෂ වනු ඇත.

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන

මෙවන් අවංක ආත්මීය ප්‍රශස්ථ සිනමා භාවිතාවක් පුරා දශක අටකට ආසන්න

හෙලවුඩ් සිනමා වංශකතාව වෙත තිළිණ කරවීම උදෙසා ස්මස්ථ නිෂතපාදන

කණ්ඩායම හා රංගන ශිල්පීන් දරනු ලබන අපමණ වෙහෙස හා කැපවීම සියළුම

දේශප්‍රේමී හෙලවුඩ් සිනමාලෝලීන්ගේ ස්ම්භාවනාවට ලක්විය යුතුය.

බ්ලැක් කොමඩි ශානරයේ චිත්‍රපටයකට දර්ශීය උදාහරණයක් වන මෙම සිනමාපටය

යහළවුඩ් සිනමා වාංශ කතාවේ තවත් එක් සුවිශේෂී නිර්මාණයක් බැවින් සියළු

සම්ප්‍රධායික ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත ශ්‍රී ලාාංයක්ය සිනමාවක පහස විඳීමට කැමති

සියළු දේශානුරාගී සිනමායලෝලීන් සඳහා යමම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව උදාවීම

සම්බන්ධයෙන් ඉතා ප්‍රයමෝදයට පත්වෙමි.

එයමන්ම තම කුළුඳුල් සිනමා අදයයක්ෂණය තුළින් යහලවුඩ් සිනමා වාංශකතායේ

අියුරු භූමිකාවට පිළිපන් කෝඩුකාර සිනමාකරු ජගත් මනුවරණ කොඩිතුවක්කු

මහතා හටත් ඔහුයේ සමස්ථ නිෂතපාදන කණ්ඩායම හටත් මෙම සිනමාපටය ස්මඟ

දිගු ග්‍මනක් යාමටත් නුදුරු අනාග්‍තයේදී යමවන් තවත් අපූරු නිර්මාණයකින් අප

හමුවට පැමිණීමටත් අවැසි සියළු යහ්තු සම්පත් සැලයස්වායි මුළු හදවතින්ම පතමි.

අවසන් වදන…..

සංත්‍රාස සංහාරයක කෙළවර නිර්වාණය ප්‍රාර්ථනා කරන දූපතකට සංසාර සංචාරය

කෙටි කරගත හැකිද…? යන්න තබා… සොභාදහමේ රිද්මය මෙන්ම උත්තුංග

මනුසත්භවෙත් ජීවනාලිය වන ආලයවත් කැපද…? යන්න සාධාරණ පැනයකි.

පරමාධිපත්‍යය සිනමාධිකරණයට… ජූරි අසුනක් වෙන්ව ඇත ඔබටත්…

සැකසුම : හිරාන් ගමගේ

පොෂ් ද? පුස් ද?

වත්මන් තාරුණ්‍යය තුළ පොෂ් වීම යනු එකිනෙකාට ආවේණික වූ මානසික තත්වයක්. ගැමිකම, සංවරකම යන්න දුර්වලකමක් ලෙස දකින ඇතැම්හු තම ආටෝප, සාටෝප ජීවිතය තුළින් තවකෙකුගේ ආකර්ෂණය දිනා ගැනීමට වත්මන් සමාජය තුළ කැපී පෙනීමට පොෂ් වීම අනිවාර්ය අංගයක් ලෙස සලකා කටයුතු තරන්නා සේම එය වත්මන් තාරුණ්‍යයට වැළදී ඇති වසංගතයක්. 

මුලු ශරීරයම ලාභ අරමුණු වල ඉත්තන් බවට පත්වෙලා. අපේ හිත් පහුරු ගා සුන්දර ලෝකවල අපව අතරමං කරලා, අපේ පොකට් එකට තට්ටු කරන මගෝඩි අරමුණක් පෙරදැරි කරගනිමින් සිදුකරන දැලක අප පැටලී අවසන්. අප විසින් මානව ප්‍රගමනය උදෙසා සිදුකළ යුතු සියල්ල වෙළෙන්දන්, ඔවුන්ගේ ප්‍රාග්ධන ලාභ අපේක්ෂාවන් වෙනුවෙන් අපෙන් උදුරාගන්නට මාන බලමින් සිටී. මෙවැනි අවි`ඥානික දේවල් සමඟ නිරන්තරයෙන් අප ඔවුන්ගේ රූකඩ බවට පත්වන්නේ අපටත් නොදැනීමයි.  

විශේෂයෙන් ගෝලීයකරණය හමුවේ ලංකාව වැනි රටක පවතින සංස්කෘතිය විවිධ සංස්කෘතික ආක‍්‍රමණ සංක‍්‍රමණ සමග වෙනස් වීමෙන් මෙය තාරුණ්‍යයේ  බහුලව දකින්නට ලැබෙන දෙයක් බවට පත් ව අවසන්. විශේසයෙන්ම තාරුණ්‍යය තුළ පොෂ් යැයි සම්මත වීමට ස්මාර්ට් ෆෝන්, හිර ඩෙනිම එයට ආවේණික වූ ලක්ෂණයන් ලෙස දැක්යවි හැකියි. ඉපැරණි සමාජීය සංස්කෘතියෙන් මිදී නවීනත්වයට හුරු වීම වරදක් නොවන නමුත් වරදක්වන්නේ අවිඥාණිකව අප සංස්කෘතියට නොගැලපෙන දේ තුළින් අප ගොඩනගාගනු ලබන තාවකාලික ජීවිතය විශේෂයෙන් තාරුණ්‍යය තුළ විනාශයට අතවැනීමක් ලෙස පවතින නිසාවෙන්. 

තමන්ට සහජයෙන් ලැබුණු රූපසොබාවෙන් සෑහිමකට පත්නොවී, තමන් කැතයි,කලුයි කියා පසුතැවෙමින්, සුදු වන්නට දඟලන බොහෝ තරුණියෝ කූට වෙළදුන්ගේ ඇම ගිලිමින් සුදුවන්නට විවිධාකාර ක්‍රීම් වර්ග ඇඟේ ගායි. ඇඟේ මස් පිඩු ජෝන් සීනාගේ වගේ නැතැයි සිතා වෙළඳුන්ගේ උප්පරවැට්ටි වලට රැවටි තම ඇඟ හදාගැනීමට කෘතිම ශක්තිවර්ධක යැයි හඳුන්වා දෙන ඊනියා ආහාර පාන වර්ග කන්නට පුරුදු වී අවසානයේ ලෙඩ දුක් සදාගනිමින් විඳවයි.

කොණ්ඩය ඉන ගාවට නැතත් රෙදි හැට්ට නොඇන්දත් හැදිච්චකම තාම තියනවා  යැයි පවසන ලාංකික තරුණියන් තුළ එකී හැදිච්චකම තාම තියනවා ද යන්න අප වර්තමානයේ දී මදක් සිතා බැලිය යුතුයි. පෙනෙන ආකාරයෙන් මිනිසුන් මනින්නට බැරි බව සැබෑවක්  වුව ද පොෂ් වසංගතය නිසාවෙන් තාරුණ්‍යයේ බාහිරින් පමණක් නොව අභ්‍යන්තරයෙන් ද වචන, හැසිරිමෙන් පවා වෙනසක් දකින්නට ලැබීම ඇතැම් විට හාස්‍යයක්. ඒ වගේම පිලිකුලක්.

පොෂ් සංකල්පය තුළ ස්තී‍්‍රත්වය යන්න මුදලට විකිණෙන සිල්ලර භාණ්ඩයක් ව හමාරයි. නිරුවත එහි ප‍්‍රධානතම අංගයක් ව හමාරයි. ශරීරය නිරාවරණයවන ශරීරයේ හැඩය ඉස්මතුවන ලෙස අදින පලදින වත්මන් තරුණියන් නොසිතූ ලෙස ඇතැම්  අවස්ථාවන්හි දී තවකෙකුගේ ගොදුරක් බවට පත්වන අවස්ථා ඔනෑතරම් වත්මන් සමාජයෙන් අසන්නට දකින්නට ලැබේ.  අනේකවිධ කොණ්ඩා විලාසිතාවන් වෛවර්ණ කොණ්ඩ සැකසුම වත්මන් සමාජයේ සුලභවන අතර ඒ නිසාම ස්තී‍්‍ර ලාලිත්‍යය සුන්දරත්වය විදීමට හැකිවන්නේ තරුණියන්ගෙන් කීදෙනෙකුගෙන් දැයි ඔබ මොහොතකට සිතා බැලවා ද?

තරුණියන් තුල පමණක් නොව තරුණයන් තුළ ද පොෂ් සංකල්පයේ එක් ප‍්‍රධානතම අංගයක් බවට පත්ව ඇත්තේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතයයි. එවැනි දේ සිදු නොකළහොත් තමා සමාජයෙන් කොන් වේ යැයි ඇතිවන බිය මෙන්ම ඉහළ පන්තිය සමග එකට ගැවසෙමින් ජීවත්වීමට නම් මේවා අත්‍යවශ්‍යය බව සිතන සමහරු ඒ පොෂ් වීමෙන් තම ජීවිතය වනසා ගන්නා අවස්ථා  ඕනෑ තරම් වේ.විශේයෙන් තාරුණ්‍යය තුළ නිදහස ඉහළම වශයෙන් භුක්ති විදින විශ්වවිද්‍යාල පරිසරය තුළ පොෂ් වීම ප‍්‍රධානතම සංකල්පයක් බවට පතවන්නේ ඒ තුළ තාරුණ්‍යයේ වැඩි පිරිසක් කේන්ද්‍රවන නිසා විය හැකියි. ගමින් පැමිණෙන සංවරකම හැදියාව සුන්දරත්වය නැවත ගමට යනවිට ඒ ආකාරයෙන්ම රැගෙන යන්නේ කීයෙන් කී දෙනා ද? පවතින සමාජ සංස්කෘතික විපර්යාස හමුවේ වෙනස් වීම වරදක් නැත. නමුත් එයින් තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීම විනා විනාශ කරගන්නේ නම් එය විනයක් මිස වටිනා දෙයක් නොවන බව අප සිහි තබා ගත යුතුයි. ඒ නිසාවෙන් වෙනස්වන සමාජ සංස්කෘතියට අනුව වෙනස් වීමට වරදක් නොවුව ද ඒ තුළින් තම ජීවිතය විනාශ කර නොගැනීමට තරම් වත්මන් තාරුණ්‍යය බුද්ධිමත් විය යුතුයි.

වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ

Doctor of Ayurveda| Motivational Speaker| Counsellor

M. Sc., BAMS, B. Sc., CCHRM