Sheyan Perera Article

මෙම දිනවල ස්වර්ණවාහිනි නාලිකාවෙහි අති සාර්ථක ලෙස විකාශනය වන 1990 ටෙලිනාට්‍යයේ නළු නිලි පිරිවරෙහි දකින්නට ලැබෙන නවක රංගන ශිල්පියෙකුගේ වත ගොත හොයන්නටයි අපගේ සුදානම.

ඔබට මතකද 1990 ටෙලිනාට්‍යයේ විමුත්ව? ඔහුගේ තාත්වික රංගනයන් දකින ඕනෑම කෙනෙකු ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයක සමුහයට නිතර්කයෙන්ම එකතු වෙනවා. මට මෙන් ප්‍රේක්ෂක ඔබටද කවුද ද මේ විමුත් යන ප්‍රශ්නාර්ථය නැගෙන්නට ඇති. ඔහු ගැන කරපු කෙටි විපරමකින් ආරංචි වුනේ ඔහු රංගනයට නවකයෙක් වුනාට කලා ක්ෂේත්‍රයට නම් අලුත් නොවන බවයි.

ඔහුගේ සියළු බලාපොරොත්තු ජය ගන්නට ශක්තිය ලැබේවායි පතමින් අපි මෙවර පිළිසදරට එකතු කර ගන්නේ 1990 ටෙලිනාට්‍යයේ විමුත්ට පණ පොවන ඔබ අප කවුරුත් ආදරය කරන රංගන ශිල්පියා ශෙයාන් පෙරේරා.

ශෙයාන්, රංගන ශිල්පියෙකු වන්නට ඔබ හීන දැක්කේ කොයි කාලයේදීද? ඔබ මෙතෙක් පැමිණි ගමන ගැන අපි විස්තර දැන ගන්න කැමතියි.

මට තෙරෙන වයසේ ඉදලාම රංගන ශිල්පියෙකු වෙන්න ඕනේ කියලා හීනයක් තිබ්බා නමුත් මෙම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද කියලා අදහසක් තිබුනේ නැහැ. එකල මම අධ්‍යාපන ලබපු ඉනාමලුව වීර විඡය විමලරත්න මහ විද්‍යාලයේ නාට්‍යය හා රංග කලාව විෂය හදාරන්නට අවස්ථාව තිබුනෙ නැහැ. උසස්පෙළ අධ්‍යයන කටයුතුවලින් පසු කතෝලික සභාවේ මහනුවර පදවියේ ජනමාධ්‍ය කේන්ද්‍රය විසින් පැවැත්වු නාට්‍යය සහ රංගන කලාව සම්බන්ධ පාඨමාලාව හදාරන්න මට අවස්ථාව ලැබෙනවා. එහිදි වේදිකා නාට්‍යය සහ පාස්කු නාට්‍යය සදහා මම දායකත්වය ලබා දුන්නා. රංගන ශිල්පයෙකු වීමේ ආසාව නිසාම ගුණාත්මක ටෙලිනාට්‍යය සහ ච්ත්‍රපට බලන්න මම යොමුවුනා. එමෙන්ම පත්තරවල දැන්විම් මාර්ගයෙන් තිර පරික්ෂණ කිපයකට සහභාගි වෙමින් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න උත්සාහ කල නමුත් මගේ පදිංචිය සීගිරියේ නිසා කොළඹට පැමිණ කේෂ්ත්‍රයේ කටයුතු සදහා සම්බන්ධවීම ප්‍රායෝගිකව ගැටලුකාරි වුනා. එමෙන්ම මෙම විෂයට ක්‍රමානුකූලව අඩිතාලමක් දමා ගනිමින් පිවිසිම වැදගත් බව මම තේරුම් ගත්තා. ඔය හේතු කිහිපය නිසා මම වෙනත් රැකියාවක් සදහා යොමු වුනා නමුත් මගේ හීනයට කෙසේ හෝ ලගාවිමේ අධිෂ්ඨානය මගේ හිතේ තිබුනා.

පහුගිය වකවානුවේදි විකාශනය වුන කුඹියෝ, තනමල්විල කොල්ලෙක්, සහෝදරයා, වීරයා ගෙදර ඇවිත් වැනි ඉතා විශිෂ්ට ටෙලි නිර්මාණ නැරඹිමෙන් පසුව මගේ හීනයට යන ආසාව තවත් තීව්ර වුනා. එම කාලයේදි දෙරණ නාලිකාවෙහි විකාශනය වු දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙහි සහය වේශ නිරූපණය ශිල්පියා වශයෙන් සම්බන්ධ කරමින් මෙම කේෂ්ත්‍රයට අවතීර්ණ වන්නට රසික සම්පත් මහතා මට අවස්ථාව සලසා දුන්නා. ඉන්පසුව ස්වර්ණවාහිනි නාලිකාවෙහි විකාශනය වු බස් එකේ ඉස්කෝලේ නම් ටෙලිනාට්‍යයෙහි සහය වේශ නිරූපණ ශිල්පයා වශයෙන් මම කටයුතු කලා.

රංගන ශිල්පියෙකු වන්නට අවස්ථාවන් සොයමින් කේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන අතරතුරේදි දවසක් මට ජගත් චමිල මහතා හමුවුනා. ඔහු කීවා “මල්ලි act කරන්න ආසයි නම් set එක ඇතුලේ අල්ලගෙන ඉන්න. අතාරින්න එපා. ඔයාට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබෙයි. ඔයාගේ හැකියාවට අවස්ථාවක් කවදාහරි ලැබෙයි” කියලා. එතුමාගේ වචන ටික මාව ධෛර්යමත් කලා.

රූපගත කිරිම්වලදි හිතවත් වු අශාන් උඩුපිල්දෙනිය රංගන ශිල්පියා මාර්ගයෙන් මා හදුනාගත් ලහිරු නිශාන් මහතා සිරස නාලිකාවෙහි විකාශනය වු නීල පබළු ටෙලිනාට්‍යය කණ්ඩායමට මාව සම්බන්ධ කරනවා. නීල පබළු ටෙලිනාට්‍යයෙහි විමුක්ති ලක්මාල් ‍මහතා යටතේ මම සහය අධක්ෂකවරෙයෙක් විදියට විෂය අධ්‍යනය කරමින් වැඩ කටයුතු කලා. දැනට වෘත්තීමය සහය අධක්ෂකවරයෙක් වශයෙන් මම ක්ෂෙත්‍රයේ වැඩ කටයුතු කරනවා.

රනිල් කුලසිංහ මහතාගේ වලවෙට්ටුවා ටෙලි නිර්මාණයේ සහය අධක්ෂකවරයා වශයෙන් වැඩ කරන කාලයේදි රංගන ශිල්පියෙකු වන්නට සහ මෙම ක්ෂේත්‍රයේ නියැලිමට ඇති කැමැත්ත ගැන මම ඔහුට කියනවා. ඔහු නිර්මාණය කල භූමි ටෙලිනාට්‍යයේ චරිතයක් සදහා මුලික තිර පරික්ෂණවලට සහභාගි විමෙන් පසුව මට අවස්ථාව ලැබෙනවා. එම ටෙලිනාට්‍යය ඉදිරියේදි විකාශනයවිමට නියමිතයි. ඉන්පසු මෙම දිනවල ස්වර්ණවාහිනි නාලිකාවෙහි විකාශනය වන රනිල් කුලසිංහ මහතාගේ නවතම අධක්ෂණය වන 1990 ටෙලිනාට්‍යයේ විමුත්ගේ චරිතය සදහා මට අවස්ථාවක් ලබා දෙනවා.

තනුජා ලුම්බිණි මහත්මිය අතින් ලියවෙන රනිල් කුලසිංහ මහතා අධක්ෂණය කරන 1990 ටෙලිනාට්‍යය ක්ෂේත්‍රයේ සිටින අත්දැකිමෙන් පරිපූර්ණ, සම්මානලාභි ශිල්පින් එකතුවකින් සම්පූර්ණ වු, ගුණාත්මකභාවය රැක ගනිමින්, වෙනස් තේමාවකට අනුව නිර්මාණ වෙන ටෙලිනාට්‍යයක් විදියට හදුන්වන්න පුලුවනි.

1990 ටෙලිනාට්‍යය කණ්ඩායමේ නවක රංගන ශිල්ප, ශිල්පිනියන් මාස කිපයක් පුහුණුවීම් කරමින් ලැබුන චරිතය ගොඩ නගා ගන්න හොදින් සුදානමක් වුනා.

විමුත්ගේ චරිතය ගොඩ නගා ගැනිම සදහා සියුම් තැන්වල සිට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් රනිල් කුලසිංහ මහතා මට හොද සහයෝගයක් ලබා දෙනවා.

මම ඉතාම ආසාවෙන් නැරඹපු තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතය රගපෑ රංගන ශිල්පි දනුක ඩිල්ෂාන් මහතා සමග සහය රංගනයට අවස්ථාවක් ලැබිම මට ඉමහත් සතුටක්. ටෙලිනාට්‍යයේ මගේ චරිතය ගොඩනගා ගන්න ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එමෙන්ම මෙහි තිරපිටපත රචනා කරන තනුජා ලුම්බිණි මහත්මිය, රංගනයෙන් දායකවන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ඇතුලු ටෙලිනාට්‍යයට දායක වන සියලුම ප්‍රවීන ශිල්ප, ශිල්පිනියන්ගෙන් සහ තිරය පිටුපස කණ්ඩායමේන් මට ඉතා හොද සහයෝගයක් ලැබෙනවා. මා ගැන විශ්වාසය තබා ගනිමින් 1990 ටෙලිනාට්‍යයේ විමුත්ගේ චරිතය සදහා අවස්ථාව ලබාදිම පිළිබදව රනිල් කුලසිංහ මහතා ස්තුතිවන්ත වෙනවා.

1990 ටෙලි නිර්මාණයේ විමුත්ගේ චරිතය වෙනුවෙන් මට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. මගේ රංගන ගැන සතුටු වෙන මගේ අම්මා, හැමදේටම ලගින් ඉදලා සහය වෙන මගේ බිරිඳ, අපේ පවුලේ අය, යාළුවෝ, ගමේ අය ආදරයෙන් මතක් කරන්න ඕනේ. ඒවගේම මගේ ගමනේ ආරම්භයේ ඉදලා වචනයෙන් හරි උදව් කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා.

ඉදිරියේදි වෙනස් චරිත නිරූපණයෙන් ටෙලිනාට්‍යය සහ ටෙලි ච්ත්‍රපට කිහිපයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්නට සහ අධක්ෂණයට සම්බන්ධවි හොද නිර්මාණ බිහි කිරිමට බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

ජීවිතාවර්ජනය

මුළු ලොවෙහිම එදා මෙදා තුර බලවතුන් හා ධනවතුන් යැයි සැලකෙන බොහෝ දෙනකු ගේ සාක්කු බර වුනෙත් බැංකු පොත් පිරුනේත් සාධාරණව හරි හම්බකරගත් මුදලින් පමණ ක් නොවෙයි.

ධනයට හා බලයට ඇති කෑදරකම නිසා මුලු ලොව වැනසුනද ඔවුනට කම්නැත. අද වන විට සිදුවෙමින් ඇත්තේ මෙයයි.

මත්ද්‍රව්‍ය වලින්  ධනවතුන්ට හා බලවතුන්ට මහා ධනස්කන්ධයක් ගලාගෙන එයි. මේ මත් රකුසාගෙන් රටත් ලෝකයත් ගලවාගන්නට කිසිවකුටත් නොහැකි වී ඇත්තේ දේශපාලනික මැදහත් කම් ඇති බැවිනි. ජීවිතාවර්ජනය තුළින් මා දිගින් දිගටම ඔබ වෙතට ගෙන එන්නට උත්සහ කරනු ලැබුවේ මතට ඇබ්බැහි වී ඉන් මිදුණු ජීවිත ගැනත්, ඒ අයගේ ආදරණීයන් විඳි අත්දැකීම් පිලිබඳවත් ය. එහෙත් අද මා ඔබ වෙත ගෙන එනු ලබන්නේ මීට දින කිහිපයකට පෙර මට අසන්නට හා දකින්නට ලැබුණු සංවේදීය සිදුවීම් දාමයකි. මේ කතාව  අපිට කියන්නේ ලීනා අම්මයි.

1. අම්මේ ඔයාගෙ කවුද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ?

මගේ බාල පුතා

2. කොච්චර කල් ඉදලා ද? කොහොමද ඇබ්බැහි වෙලා තියෙන්නේ?

දැන් අවුරුදු පහළොවක් විතර ඇති.

ඒක කොහොමද වුණේ කියන්න මම දන්නේ නැහැ. මේ කාලෙ වෙනකොට මම හිටියේ රට රස්සාවට ගිහින්. කාටවත් නොකියා පුතා තොටලඟින් කසාදයක් කරගෙන තිබුණා. අපි දැනගත්තේ ටික දවසක් ගියාට පස්සෙයි. ඊලගට මේ දෙන්නම රට ගෙන ගන්න කියලා මට කරදර කරන්න ගත්තා. මමත් මගේ ලග තිබුන සල්ලි සේරම වගේ වියදම් කළ ඒ දෙන්නව සෞදි අරාබියට ගෙන්න ගත්තා. මෙහෙ ඇවිත් අවුරුදු දෙකක් යන්න කලින් ඒ දෙන්නම වෙන වෙන සම්බන්ධකම් වල පැටලුනා. මට දැනගන්න ලැබුණ විදිහට තොටලග ළමයා ආශ්‍රය කරන කාලෙ තමයි පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ.

3. අනිත් දරුවෝ මොකද කරන්නේ? 

ඒ දෙන්නම හොඳ රස්සාවල් කරනවා. ඒත් බාල පුතා ගැන  හරිම කලකිරීමෙන් ඉන්නේ. එයාව හොඳ මාර්ගයට ගන්න ගොඩක් උත්සහ කලත් ඒ හැම උත්සාහයක්ම  වතුරේ ගියා.

4. දැන් පුතා මොකද කරන්නෙ අම්මෙ?

පුතා එහිදී දැන අදුනගත්ත ළමයෙක් එක්ක ලංකාවට ආවා. බලාගෙන යනකොට ඒ ළමයාත් අවුරුදු දාහතේදී කසාද බැඳලා දරුවෙකුත් ඉන්න කෙනෙක්. මුලදී කුඩු ගහද්දි අපි අවවාද කලාම සතියක් විතර නොබී ඉන්නවා. අනේ ඉතින් මම හිතනවා දැන් හැදිලා ඇති කියලා. ඒ ඔක්කොම එයාගේ රඟපෑම්. දැන් පුතා කුඩු ගහන්නවා විතරක් නෙමෙයි කුඩු විකුණන්නත් එක්ක. අලුත ගෙනාපු නෝනා ලොකු විරෝධයක් ඒකට දැක්වන්නෙ නැහැ. අම්මා වෙච්ච මම කොහොමද මේවා බලාගෙන ඉන්නේ.

5. අම්මට ගෙදර ඇවිත් කරදර කරනවද?

ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. අවුරුදු ගානක් රට රස්සාව කරල දරුවන් ටයුතුකම් ඉෂ්ඨ කරලා මම දැන් මඩමක දරුවන්ට කෑම හදලා දෙන රස්සාව කරනවා. සතියට සැරයක් ගෙදර එනවා. අද වෙනකොට පුතාගේ කුඩු බිස්නස් එක නැවතිලා. මොකද ඒක කරන්න එයා ලග සල්ලි නැහැ. කන්න නෑ කියලා අඬද්දි නෝනටයි එයාටයි පුළු පුළුවන් විදියට මං උදව් කලා. කුඩු නැතිකොට සික් එක හැදිලා දඟලනවා. නෝනට ගහනවා. නෝනටත් සල්ලි තියනවා නම් එයත් එක්ක හොදින් ඉන්න පුළුවන් නැත්තං රණ්ඩු වෙනවා. මගෙනුත් හැමවෙලේම රුපියල් පන්සීය,  දාහ ඉල්ලගන්නවා කන්න නෑ කියලා. ත්‍රීවිල් රස්සාවක් කරා කුඩු ගහන්න කලින් ඒ ත්‍රීවිල් එකත් විකුණලා. එයාට කියලා අරගෙන දුන්න ඉඩමත් විකුණලා දැන් පුංචි ගේ කෑල්ලක් ඉන්නේ. මම මේ ඊයේ පෙරේදා යි දැනගත්තේ ගෙදර ඉන්න ගැහැණු ළමයව  කසාද බැඳලා නෑ කියලා.

6. පුතාව මත්ද්‍රව්‍ය වලින් මුදවා ගන්න අම්මා මොනවද කලේ? 

පුලුවන් හැම විදිහටම කුඩු බොන එක නවත්තන්න කියලා අවවාද කළා. ඒකෙ ආදිනව කිව්වද දුන්නා. වැඩක් වුණේ නෑ හිස් වචන විතරයි. අනික මට විතරයි ඒක නවත්තන්න උවමනාව එයාගෙ නෝනට වත් වැඩි උවමණාවක් නැහැ. පුතා දැන් නෝනට Spa එකක වැඩට යන්න කියලා කරදර කරනව. ගහනවා. කොහොමද මම අම්මා කනෙක් විදිහට ඒ දරුවා ව එහෙම තැනකට යවනවා බලා ගෙන ඉන්නෙ. දැන් පුතා ගෙදර තියාගන්න අමාරුම තත්වයක් තියෙන්නේ. මං හිතවත් කීපදෙනෙකුගේ මාර්ගයෙනුත් පුතාට කතා කරා. කතා කරපු හැමෝම කිව්වේ පුතා හරි කපටි උත්තර දෙන්නෙ කියලා. අන්තිමට මම සතියකට කලින් දන්න කියන අයගෙ මාර්ගයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට පුතාව යොමු කරන්න ලෑස්ති කර ගත්තා. සල්ලි ත් කොහොම හරි ලෑස්ති කරගෙන ඒ තැනට ගිහාම තමයි මෙයා හොදම වැඩේ කෙලේ. සල්ලි ගෙවන ලියකියවිලි අත්සන් කරලා තියලා එන්න හදනකොට ලොකු ලොකු පණ්ඩිත කතා කියලා එයාට එතන ඉන්න බැහැ කිවුවා. ගෙදර තියාගෙන ඉන්න මූණ දිහා බලලා ඇහුවා මං නැතුව එච්චර කල් ඉන්න පුලුවන්ද කියලා. මේ ළමයා එක වචනයක් කිව්වේ නැහැ. මට එයත් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. ඔව් මට පුළුවන් උඹ හැදිලා වරෙන් කිව්වා නම් අද මගේ පුතා පුනරුත්ථාපන  මධ්‍යස්ථානය ඇතුලේ. මොකද ඒ අය කිසිම කෙනෙක්ව බලෙන් තියා ගන්නෙ නැහැ. මොනව කරන්නද කරුමෙ ගෙවන්නත් එපෑ. දැන් නෝනා Spa එකක වැඩට යනවා. සල්ලි තියෙන කන්දෙන් නම් සතුටින්. මට වෙලාවකට හිතෙනවා ඔය ළමයා පුතත් එක්කම ඉන්න හදන්නේ එයත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා ද  කියලා. පුතා මේ තත්වෙට එන්න මමත් හේතුවක් වුණා. තරුණ දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙන් මං ඉල්ලන්නෙ දරුවෝ ගැන හොඳ සෙවිල්ලෙන් ඉන්න. මගේ පුතා ගැන හොයන්න මම ලංකාවෙ හිටියෙ නැහැ. ඒ නිසා මම අදටත් මිනිසුන් ගෙන් බැනුම් අහනවා. මත්ද්‍රව්‍ය කියන්නේ මුළු ලෝකෙටම විනාසයක්. මගේ වැරදි නිසා අද කී දෙනෙක් දුක් විඳිනවාද. පුතා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් අනේ මම දන්නේ නැහැ කියන එක දෙමවුපියන්ගේ වගකීම් පැහැර හැරීමක්. දරුවෝ හරියට සමාජගත කළේ නැත්නම් වෙන විනාශය මම දැන් අත්විඳිමින් ඉන්නවා. ගේ ඇතුලේ කිසිම සාමයක් සමගියක් නැහැ. මට දැන් ඕනේ පුතාව බලෙන් හරි පුනරුත්ථාපනය වෙන තැනකට යොමු කරන්න. ඒ ගැන මට හරි අවබෝධයක් නැහැ. කීපදෙනකුගෙන් ඇහුවා..  තාම හරි උත්තරයක් ලැබුණේ නැහැ. කන්දකාඩු හරි දාගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මාත් එක්ක දැන් පුතා ඉන්නේ හරි වෙරයෙන්. වරදින්නේ යන්නේ හරිම පොඩි වෙලාවයි. නරක ආශ්‍රයත් මේකට බලපානවා. අත් දෙක වැදලා ඉල්ලනවා දරුවන් ව පරිස්සම් කරගන්න. පස්සෙ දුක් වෙලා වැඩක් නැහැ.

මටත් යමක් අවසානයට එකතු  කරන්න හිතුනා. දරුවන් බිහි කරපු පලියට අයාලයෙ හැදෙන්නට ඉඩදෙන්න එපා. අධ්‍යාපනය පමනක් පසු පස නොයා දරුවන් යන එන තැන්, ඇසුරු කරන්නන් හා නිවසේදී කාමරය ට වී කුමක් කරන්නේ දැයි විමසිල්ලෙන් ඉන්න. මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඔබේ දරුවා ඇබ්බැහි වී ඇති බව දැනගත් විගස ඒ සදහා  සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට යොමු වන්න. එසේ නැතහොත් ශාරීරික හා මානසික බෙලහීනතාව යන්ට දරුවන් ගොදුරු වන අතර මුළු මහත් සමාජයටම පිල්ලියක් වේ.

                              ස්තුතියි 

                      පියුමි සිල්වා

Kasuni Fernando

ඔබට මතකද මෑත කාලයේදි විකාශනය වු රාවණ ටෙලිනාට්‍යයෙහි රණශුර කාන්තාව මාලනි, තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයෙහි ගැමි යුවතිය ධම්මි එමෙන්ම පහුගිය වකවානුවේදි අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වු නාඩගම්කාරයෝහි මාලන්ගේ ආදරවන්තිය රසිකා?

ඇය ටෙලි නිර්මාණය තුලින් නිරන්තරයෙන් අපට දකින්නට නොලැබුනත් මෙවැනි එකිනෙකට වෙනස් වු චරිත තාත්විකව නිරූපණ කරමින් චරිතාංග රංගනයෙහි දක්ෂතාවයන් ප්‍රේක්ෂක අපට මනාවට පෙන්නුම් කලා. එමෙන්ම ප්‍රේක්ෂක සිත් ‍රසවින්දනයෙන් ඉතා ඉහල තැනකට ඔසවා තබන්න ඇයට හැකිවුවා.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් උගත් රංගනය පිළිබද අධ්‍යාපනය, ස්වයං අධ්‍යනය තුලින් ලබාගත් ප්‍රායෝගික දැනුම සහ අත්දැකිම් ඇයට මෙවැනි සාර්ථක ගමනක් එන්නට ඉවහල් වු බව නොරහසකි.

එසේනම් රංගනයේ උපන් හැකියාවන් ඇති අපගේ සිත් සොරාගත් රුවැත්තිය කසුනි ප්‍රනාන්දුගේ තොරතුරු බිදක් මෙවර “අපි Magazine” ඔස්සේ ඔබ සමග බෙදා ගන්නටයි අපගේ සුදානම…

▪️කසුනි, මොනවද මේ දවස්වල නිරත වන කලා කටයුතු?

මම දායක වෙන්නේ තෝරා ගත් සීමිත ටෙලි නිර්මාණ ප්‍රමාණයකට පමණයි. මම රංගන දායකත්වය ලබා දුන් ස්වර්ණවාහිනියේ විකාශනය වු BIO ටෙලිනාට්‍යයෙහි දෙවෙනි කොටස පහුගිය කාලයේදි විකාශනය නිමා වුනා. ඊට අමතරව මුලිකව කොටස් කිපයක් පමණක් රූගත කල ටෙලිනාට්‍යය 5 ක් පමණ තියනවා නමුත් රටෙහි ආර්ථිකය තත්වය අනුව එම නිර්මාණවල ඉදිරි වැඩකටයුතු ඇරඹෙයිද කියන්න මට හරියටම අදහසක් නැහැ.

ච්ත්‍රපට පිළිබදව කතා කලොත් පහුගිය කාලයේදි අති සාර්ථක ලෙස තිරගත වුන ගජමෑන් ච්ත්‍රපටයෙහි ප්‍රධාන චරිතයක් සදහා පන පොවන්න මට අවස්ථාව ලැබුනා.

එමෙන්ම පසුගිය දිනවල තිරගත වූ උතුරු සුළග ච්ත්‍රපටයෙහි මම රංගන දායකත්වය ලබා දුන්නා. ඒවගේම මම ප්‍රධාන චරිත සදහා රංගන දායකත්වය ලබා දුන් ච්ත්‍රපට 2 ක් ලගදිම නිකුත්විමට කටයුතු සුදානම් වෙමින් පවතිනවා.

මෙම දිනවල මම වේදිකා නාට්‍යයක පුහුණුවිම කටයුතු කරගෙන යනවා. එම නිර්මාණය මෙම අවුරුද්දෙ අග භාගයේදි වේදිකා ගත වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

▪️රංගන ශිල්පයක් වෙන්න ඕනේ කියලා කසුනිට හිතුනේ කොයි කාලයේ වගේද?

කුඩා කාලයේ ඉදලාම මම නර්තනයට දක්ෂයි. උඩරට සහ සබරගමු නර්තනය ශෛලියන් මම හැදෑරුවා. පාසල් කාලයේදි සංගීතය, නර්තනය, රංගනය සම්බන්ධ සියලුම වැඩසටහන් සහ විවිධ තරග සදහා මම සහභාගි වුනා.

මට වයස අවුරුදු 10 දි විතර ළමා නිලියක් විදියට මුලින්ම වේදිකා නාට්‍යයක රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුනා. පාසල් කාලයේදි විවිධ වේදිකා නාට්‍ය සහ කලාත්මක, හරවත් ටෙලි නිර්මාණ නරඹන්නට මට අවස්ථාව ලැබුනා. එම නිර්මාණවලින් මම දැකපු දක්ෂ රංගන ශිල්ප, ශිල්පයන් ගැන මම ගොඩක් උනන්දුවෙන් හොයන්න ගත්තා. ඒ සමගම සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ සදහා නාට්‍යය හා රංග කලාව විෂය හැදෑරිමට මම තිරණය කරනවා. උසස්පෙළ අධාපනය ලබන කාලයේදි ටෙලිනාට්‍ය රංගනයට අවස්ථාව ලැබුණත් රංගන ශිල්පිනියක් වන්නට ඒ කාලය වනවිට අදහසක් තිබුනේ නැති නිසා භාර ගත්තේ නැහැ.

උසස්පෙළ විභාගයෙන් පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි නාට්‍යය හා රංග කලාව වැඩිදුර අධ්‍යාපන ලබන්නට මට අවස්ථාව ලැබෙනවා. ඉන්පසු වේදිකා නාට්‍යවලට සම්බන්ධව වැඩ කරන්න මට අවස්ථාව ලැබුනා. පසුකාලීනව ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ මග පෙන්විම යටතේ මම ටෙලිනාට්‍යය රංගනයට පිවිසෙනවා. මෙතෙක් කාලය තුළ මම ප්‍රතික්ෂේප කරපු නිර්මාණ ප්‍රමාණය භාරගත් නිර්මාණ ප්‍රමාණයට වඩා වැඩියි.

▪️ නාට්‍යය හා රංග කලාව පිළිබදව විදිමත් අධාපනයක් ලබා රංගන ක්ශේත්‍රයට පැමිණිම චරිතාංග රංගනයෙ යෙදිමේදි ඔබට පහසුවක් වුනාද?

රූපණය විෂය විධිමත්ව හදාරපු නැති ඉතාම දක්ෂ ‍රංගන ශිල්ප, ශිල්පිනියන් අපේ ක්ශේත්‍රයේ ඉන්නවා. මෙම විෂය සම්බන්ධව අවංක අශාවක් තිබිම ඉතාම වැදගත් වෙනවා. එහෙම අවංක කැමැත්තක් තිබෙන අය විෂය ගැන කැමැත්ත තියන අය විෂය ගැන උනන්දුවෙන් ඉගෙන ගන්නවා. ඒ සදහා විශ්වවිද්‍යාලයකට යාම අත්‍යවශ්‍ය නැහැ. ඒවගේම උත්පත්තියෙන් ලැබෙන හැකියාවෙන් ඉදිරියට යන්න පුලුවන් සීමාවක් තියෙනව කියලා මම විශ්වාස කරනවා. එම නිසා විධිමත්ව හෝ අවිධිමත්ව විෂය හැදෑරීම වැදගත් වෙනවා. මම නිරන්තරයෙන්ම විෂය සම්බන්ධයෙන් ස්වයං අධ්‍යනයක නියැලෙනවා.

රංගනය හදාරලා ඉවර කරන්න පුලුවන් විෂයක් නෙවෙයි. සමාජයේ සිදුවන දේවල් පිළිබදව දැනුම, පොත්පත් කියවිම සහ විවිධ දෙස් විදෙස් නිර්මාණ පිළිබදව අධ්‍යයනය තුළින් සහ තමන්ගේ අත්දැකීම් තුළින් ඉගෙනගන්නා දේවල්වලින් දක්ෂතාවය නිරන්තරයෙන් මුවහත් කර ගැනිම අත්‍යාවශ්‍යයි. එය චරිතාංග රංගනයෙහි යෙදිමට උපකාරි වෙනවා.

▪️වේදිකාව, පුංචි තිරය සහ රිදිතිරය, ඔබ රංගනයේ යෙදෙන්න වඩාත් කැමති මාධ්‍යය මොකක්ද?

වේදිකාවට සහ සිනමාවට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න මම එක හා සමානව කැමතියි.

▪️විවිධ නිර්මාණ තුලින් එකිනෙකට වෙනස් චරිත නිරූපයෙන් ප්‍රේක්ෂක හිත් ඇද බැද ගැනිමට ඔබට උපන් හැකියාවක් ඇතිබව නොරහසකි.

මෑතකදී විකාශනය වු රාවණ, තනමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයවල ඔබ රංගන දායක වු චරිත පිළිබදව ඔබේ අදහස සහ ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව අපිට කියන්න කැමතියිද?

පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් දකින බොහෝ නිර්මාණ අතරින් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබා ආන්දෝලනයක් ඇති කරපු නිර්මාණ කිපයකම කොටස්කාරියක් වෙන්න මම වාසනාවන්ත වුනා. එවැනි ඉතාම ජනප්‍රිය වුන කුඹියෝ ටෙලිනාට්‍යයෙහි චරිතයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුනා. රාවණ, තනමල්විල කොල්ලෙක් සහ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයන් වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එකතු වුනා. ඉතින් නිරන්තරයෙන්

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වැඩවලට සම්බන්ධ නොවුනත් ඉදලා හිටලා සම්බන්ධ වෙන නිර්මාණ ඉතා ජනප්‍රියවිම ගැන මම සතුටු වෙනවා.

දෙරණ නාලිකාවෙහි විකාශනය වු තුෂාර තෙන්නකෝන් මහතාගේ රාවණ ටෙලිනාට්‍යයෙහි රණශූරියක් වන මාලනිගේ චරිතය සදහා දායකවන්නට මට අවස්ථාව ලැබුනා. ඒ සදහා කඩු සටන් ශිල්පය පිළිබදව නිර්මාණයට අවශ්‍ය ප්‍රමාණයට ඉගෙන ගත්තා. මාලනි කියන්නේ දුෂ්ඨ චරිතයක් වුනත් එම චරිතය වෙනුවෙන් මට ඉතාම ඉහල ආදරණීය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා.

මගේ සමෙහි වර්ණය නිසා සමහර ගම්බද කතා ආශ්‍රයෙන් ගොඩනැගෙන ටෙලිනාට්‍යය සදහා මාව ප්‍රතික්ෂේප වෙලා පොඩි කලකිරිමක් දැනුන කාලයක නොහිතපු විදියට මට තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යය සදහා ආරාධනාව ලැබුනා. රොෂාන් රවින්ද්‍ර මහතාගේ මග පෙන්වීම යටතේ සහ නිර්මාණයෙහි මා සමග වැඩ කරපු සහෝදර රංගන ශිල්ප, ශිල්පිනියන්ගේ සහයෝගයෙන් ධම්ම් කියන චරිතය ගොඩනගා ගන්න මම මහන්සි වුණා. එම චරිත නිරූපණයේ සාර්ථකත්වය පිළිබද ප්‍රේක්ෂකයන්ගෙන් වගේම, ක්ෂේත්‍රයට සම්බන්ධ සෑහෙන පිරිසකගෙන් මට ඉහළ ප්‍රතිචාර ලැබුනා.

ජයප්‍රකාෂ් සිවගුරුනාදන් මහතා අධක්ෂණය කල නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයෙහි මම නිරූපණය කලේ අඩු වයසින් විවාහ වුන අම්මා කෙනෙකුගේ චරිතයක්. එහි ගොඩ නැගුන මාලන් සහ රසිකා ආදර කතාවට සහ නිරූපණය කල චරිතයේ සාර්ථකව වෙනුවෙන් අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුනා.

මෙම චරිත තුන විකාශනය අවසන් වෙලා තිබුනත් අදටත් ප්‍රේක්ෂකයන් ආදරය කරනවා, මතක් කරනවා, විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා.

▪️ඔබ රංගනය ශිල්පිනියක් මෙන්ම මේ වන විට ව්‍යවසායිකාවක් වනවා. ඔබගේ ව්‍යාපාරය පිළිබදව අපි දැන ගන්න කැමතියි…

මම පහුගිය කාලයේදි Kazee නමින් ව්‍යාපාරයක් ආරම්භ කලා. මගේ අතින්ම නිර්මාණය වුන විලාසිතාවන් එකතුවක් Kazee තුලින් ඉතා සාර්ථකව පාරිභෝගිකයනට ලබා දෙන්න මට හැකි වුනා. පහුගිය COVID කාල සමයේදි ඇති වුන අපහසුතායන් නිසා තාවකාලිකව ව්‍යාපාරය නවත්තන්න මට සිදු වුනා. නමුත් ඉතා ඉක්මනින්ම නව විලාසිතා එකතුවක් සමග නැවත ආරම්භ කිරිමේ සුදානමක් තියනවා.

▪️ලගකදි විවාහ වෙන්න එහෙම අදහසක් තියනවාද? ආදරය සහ විවාහය පිළිබදව ඔබේ අදහස මොකක්ද?

ලගදි විවාහ වෙන්න නම් අදහස් නැහැ. කලබල වෙලා, යම්කිසි වයස සිමාවක් ඇතුලත විවාහ වෙන්න ඕනේ කියලා මගේ අදහසක් නැහැ.

ආදරය කිරිමේදි සහ විවාහයකදි විශ්වාසය ගොඩනගා ගැනිම, එකිනෙකාව තේරුම් ගැනිම, සහයෝගයෙන් කටයුතු කිරිම සහ අනවශ්‍ය විදියට සීමා, නිතිරීති නොදමා එකිනෙකාට නිදහස ලබාදෙමින් එකිනෙකාගේ අවශ්‍යතාවයන් තේරුම් ගෙන ඉවසීමෙන් ගණුදෙනු කිරිම සහ අනෙකාගෙන් බලාපොරොත්තු වෙන දේවල්වල සීමාවක් තබාගැනීම සම්බන්ධතාවක් සාර්ථකව පවත්වාගෙන ‍යන්න ඉතාම වැදගත් වෙනවා කියලා මම හිතනවා.

▪️රංගන ක්ශේත්‍රයට පැමිණෙන නවක රංගන ශිල්ප ශිල්පිනියන්ව දිරිගැන්විමට ඔබ මොනවාද කියන්න කැමති?

මම හිතනවා මෙම විෂයට අවංකව ආශාවක්, ආදරයක් තියෙන්න ඕනේ කියලා. එවැනි පිරිස විෂය පිළිබදව හොයන්න, ඉගෙන ගන්න ඉබේම යොමු වෙනවා. එම අධ්‍යනයෙන් තමයි චරිතාංග රංගන ශිල්පියෙකු විදියට ඉදිරියට යන්න පුලුවන්. රංගන පිළිබදව ඉගෙන ගන්න ජාතික තරුණ සේවා සභාව, ටවර් හෝල් පදනම වැනි ආයතන සහ ක්ශේත්‍රයේ ප්‍රවීනයන් විසින් මෙහෙයවන පාඨමාලාවන් තියනවා. විෂය පිළිබදව මූලික අධ්‍යාපනයක් ලබා අඩිතාලමක් සකසා ගනිමින් ක්ශේත්‍රයට පැමිණිම මෙහි රදා පැවැත්මට ලොකු රුකුලක් වෙනවා කියන එකයි මගේ විශ්වාසය.

▪️කසුනිගේ තවත් රංගන හැකියාවන් ප්‍රේක්ෂක අපට ඉදිරියේදි දැක ගන්න ලැබෙන නිර්මාණය මොනවාද?

මම රංගනයෙන් දායක වු වෛතාලේ, රැහැයියෙක් වැනි ටෙලි නිර්මාණය ඉදිරි කාලයේදි විකාශනය වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ඒවගේම සසික හේරත් මහතා අධක්ෂණය කල සිහින සමිකරණ ච්ත්‍රපටය ඉදිරියේදි තිරගතවිමට නියමිතයි. මෙම ච්ත්‍රපටයෙහි සජිත ඇන්තනි සමග ප්‍රධාන චරිතය නිරූපණය කරන්න මට අවස්ථාව ලැබුනා. මෙය කාලීන මාතෘකාවක් පිළිබදව ගොඩ නැගුන ච්ත්‍රපටයක් වෙනවා. මෙම ච්ත්‍රපටය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළද ගනිවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

කටුකයි කියලා අත්හරින්න ඕනෙද ජීවිතය

Every lock has a key and every problem has a solution.

ජීවිතේ ලස්සනට දිගහරින්න අපි කැමති වුණත් ජීවිතය කියන්නේ පොඩ්ඩක් අසීරු ගමනක්. අපේ ජීවිතයේ යන්න ඕනේ  දැඩි දුෂ්කර බාධක හමුවේ තමයි අපි ඉදිරියට යා යුත්තේ. අපි පෙලපත් වලින් පැවතගෙන එන  පෝසත්  මිනිස්සු වුණත්,  දුක්ඛිත අවස්ථා අපේ ජීවිතේට එන්න පුළුවන්.මොකද සල්ලිම නෙවෙයි ජීවිතේ  කියන්නේ.

සමහර අවස්ථා වලදී ජීවිතේ වෙහෙසකර දෙයක් බවට සමහරුන්ට පත්වෙන්නේ, තමන් බලාපොරොත්තු  වෙන හැම දෙයක්ම ඔවුන්ට ලැබෙන්න ඕන කියලා හිතන නිසා. 

හැමවෙලේම අපි ආසා  දේවල් ලැබෙන්නේ නැහැ.  සමහරවිට අපිට නොගැලපෙන්න දේවලුත් අපිට ලැබෙන්න පුළුවන්.

මොකද එකටයි ජිවිතේ කියන්නේ. හැම වෙලේම අප සිතන පතන ආකාරයට හැමදේම වෙන්නේ නැහැ.

ජීවිතේ  අපිට ඉදිරියට වෙන්නේ  කුමක්ද කියලා කිසිවෙක්ට තීරණය කරන්න බැහැ .

හැබැයි ජීවිතේ නිසිමගට ගන්න අපිට මේ ජීවිතේ ජීවත් වෙලා ඉන්න කාලේ ඇතුලත අපිට පුළුවන්.

අපිට පාලනය කරන්න පුලුවන් දේවල් අපිට පාලනය කරන්න බැරි දේවල් වලට වඩා ලේසියි.

මොකද ඒව පාලනය කරන්නේ අපි විසින්.එහෙම පාලනය කරන්න  බැරි උනොත් තමයි ගැටලුවක් මතුවන්නේ.

සරලවම කිව්වොත්,අපි අතින් අත්වැරදීමකින් ගැටළුවක් ඇති වූවොත් මිස. ගැටලුවක් ඇති වෙන්න කලින් අපිට හිතන්න පුළුවන් මේකෙන් ගැටලුවක් ඇති වෙයිද නැද්ද කියලා.හැබැයි හැම අගුල කටම යතුරක් තියෙනවා වගේම හැම ප්‍රශ්නෙකටම විසඳුම මේ ලෝකෙ ක් මේ ලෝකෙ තියෙනවා මොකද විසඳුමක් නැති ප්‍රශ්නයක් මේ ලෝකෙ නැහැ .හැබැයි අපි ඒ ගැටළුවට විසඳුමක් හොයාගන්න තුරු ගැටලුව ගැටලුවක් ම පමණයි.

මේ ලෝකය හැම කරදරකාරී ගැටලුවකටම අපි විසදුමක් විසඳුමක් හොයන්න ඕනි. එක අපට තිබෙන සමාන අයිතිවාසිකමක්.ජීවිතයේ අපට  ප්‍රශ්න කරදර කොයිතරම් ආවත්,අපි  ඒවා මඟ නොහැර ඒවට මුහුණ දිය යුතුයි.

මොකද අපි කටුකයි කියලා ජීවිතේ අත්හරින්න ඕනද මඟින්?

නැහැ අපි ජීවිතේ ඒ කටුකත්වය බිදගෙන ගැටළුවලට  විසදුම් හොයාගෙන ඉදිරියට යන්න ඕනේ.නැතිනම් අපට එන ප්‍රශ්න වලින් පැනලා යන්න අපි උත්සාහ කරනවා නම් අපේ ජීවිත ඇත්තටම අතර මගින් නවතිනවා.

මොකද අපිට ආත්ම ශක්තියක් ඒ වගෙම ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ මම  කොහොමහරි මේ ප්‍රශ්නේ විසඳ ගන්නවා, මට මේ එන ප්‍රශ්න වලට මං කොහොමද විසඳුමක් හොයා ගන්න ඕන, කොහොමහරි මේ ප්‍රශ්නෙන් මම ගැලවෙනවා කියලා confidence ඇතුව හිතන්න.

අද කාලේ අපිට දකින්න අහන්න ලැබෙන ගොඩක් දේවල් වලින් අපිට තේරුම් යනවා මිනිස්සු ජීවිතේ නැති කර ගන්න පවා පෙළඹිලා තියෙන්නේ ප්‍රශ්න නිසා .

ඇතැම් වෙලාවට ආදර සම්බන්ධතාවය බිඳ වැටුනහම ,නැත්නම් තමන්ගෙ සහකාරයා හෝ සහකාරිය  හරි අනියම් සම්බන්ධතාවයක් පවත්වා ගත්තොත්,අපි ජීවිතේ ගොඩක් ආදරේ කරන අපි ළඟින්ම ඉන්න ආස කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වුනොත්,රැකියා ස්ථානයේ හෝ සමාජයේ පිරිසක් මැද අපිව කොන් කරොත්,නැත්තං කලින් තමන් ආදරේ කරපු කෙනා තමන්ගෙ නිරුවත සමාජමාධ්‍යයේ ප්‍රසිද්ධ  කරනවා කියලා කිව්වොත්.

ඉතින් මං මේ ඉහත කිව්ව වගේ පොඩි පොඩි ප්‍රශ්න නිසා තමයි සමහර මිනිස්සු තමන්ගෙ ජීවිතේ මගින් නතර කරන්න හිතා ගන්නේ.ඔවුන්ට මගින් වෙහෙසකර බවක් දැනෙනවා ඇති මේ ප්‍රශ්න වලින් මම මිදෙන්න ඕන හොඳම විසදුම මගේ ජීවිතය නැති කර ගන්න එක කියලා.නමුත් මම කිව්ව වගේ අපි ජීවිතේ කටුකයි කියලා අත්හැහැරිය යුතුද?නැහැ.එය එසේ විය යුතු නැහැ.තමන් කෙසේ හෝ එන බාධක හමුවේ විසඳුම් හොයා ගෙන ජීවත් වෙනවා කියලා හිතන මට්ටමට තමන් ගැන ආත්ම විශ්වාසය තබාගත යුතුයි. ජීවිතය හැමදේම තිබිලත් පොඩි පොඩි ප්‍රශ්න වලට මුහුණ දී ගන්න බැරුව පැත්තකට වෙලා ඉන්නව නම් හිතලා බලන්න,ජීවිතය අපිට තියෙන දේවල් වලින් කාලක් වත් නැතුව ජීවිතේ දිනපු මිනිස්සු ඉන්නවා නේද කියලා.අපි මේ ලෝකෙ ඉපදුනාට පසුව අප කොයි තරම් උත්සාහ කරත් අප මෙලොව හැර යන කාලය පැමිණෙන තුරු අප මේ ලෝකෙ ජීවත් විය යුතුයි.ජීවිත සුන්දර කාල වලට  වගේම,අපට ජීවිතේ දුක්බර අවස්ථා වලට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒක තමයි මේ ලෝක ස්වභාවය.නමුත් කිසිම දේකින් නොසැලි අපි ජීවිතේ සමබරව එන හැම ගැටළුවකටම නිසි ලෙස මුහුණදී අපි ජීවිතය අපිට අවශ්‍ය ලෙස ගත කරන්න අපිට පුළුවන්.

ජීවිතේ ගැන සුන්දර අවස්ථා අපිට ජීවිතේට ලස්සන දේවල් එකතු කරනවා වගේම.ජීවිතේට එන ප්‍රශ්න අපිට ජීවිතේ කියන්නේ මොකද්ද කියලා අපිට කියා  දෙනවා.මේ ජීවිතේ කිසිවක් පහසු නෑ.අපි දුක් මහන්සි හැම දෙයක්ම උපයාගත යුතු වෙනවා.හැම ප්‍රශ්නෙකටම විසඳුමක් තියෙනවා.අපිට හැම ප්‍රශ්න ම ඔහු කොයි විදිහට විසදෙයිද කියන්න බැහැ.නමුත් අපි නිවැරදිම විසඳුමට පහර දුන්නොත් ගැටළු අතුරුදහන් වෙනවා.එසේ කරන්න ඔබ ඔබ  ගැන දැඩි ලෙස විශ්වාසය තබා ගත යුතු වගේම ඔබ අදහන ධර්මය තුලත් විශ්වාසය තබා ගත යුතුය.එය හැම විටම  අපට ප්‍රශ්න  විසදගන්න ආශිර්වාද කරනවා.

ඉතින් මනස කියන්නේ මේ ලෝකේ හිතාගන්න බැරි අභිරහස් රැසකට විසඳුම්  සොයන්න පුලුවන් අපේ සිරුරම තියෙන අපුරු නිර්මාණයක්.ඉතින් ඒ මනසින් ප්‍රයෝජන අරගෙන එන ගැටලු වලට නිසි ලෙස පිළිතුරු සපයන්න අපි දැනගන්න ඕනේ.ප්‍රශ්න ඇති කරන පුද්ගලයින් ඉන්නවා,ඒ වගේම ඒ ගැටලු පැමිණිලි කරන පුද්ගලයන් ඉන්නවා,ප්‍රශ්න වලට බයේ පරාජය බාරගන්න මිනිස්සුත් ඉන්නවා,ඒ වගේම එන ප්‍රශ්න වලට නිසි ලෙස විසදුම් හොයල ඒවවා ජයගන්න  මිනිස්සුත් ඉන්නවා.ඉතිං මේ හතරෙ අපි වෙන්ඩ ඕනේ කවුද?ඇත්තටම අපි වෙන්න ඕනේ ඒ  ප්‍රශ්න වලට නිසි විසඳුම් හොයා ජීවිතය ජයගන්න මනුස්සයෙක්.අපි ජීවිතේ කොතරම් සාර්ථක තැනකට පත් කර ගත්තත් අපිට ජීවිතේ දුෂ්කර කාල වලදී කියල දුන්න පාඩම් අමතක නොකරන්න ඕන.  

                          සටහන                                                 නවෝද්‍යා දෙව්මිණි ආරියවංශ.

රජය විසින් ඇතිකරන ලද සංවර්ධනය සහ පුද්ගල ජයග්‍රහණ

රජය විසින් ඇතිකරන ලද සංවර්ධනය සහ පුද්ගල ජයග්‍රහණ (1971-1979)

වර්ෂ 1971 වන විටදී ආනයනික ඉන්දීය සිනමාව දේශීය සිනමාවට ප්‍රභල පහරක් එල්ල කරමින් පැවතිණි. එකළ රට තුළ බලයට පත් වූ සමාජවාදී රජය විසින් එම අන්තරාදායක 

තත්ත්වය පාලනය කිරීමට දැඩි උත්සහයක් දරන ලදි. විදේශීය චිත්‍රපට අත්කරගෙන තිබූ එම ආදිපත්‍යය විසින් දේශීය චිත්‍රපටවල තිර කාලය 20% ක් දක්වා පහත හෙලීමට සමත් වූ අතර විදේශීය චිත්‍රපටවල තිර කාලය 80% ක් (60% ක් දෙමළ, 10% ක් හින්දි සහ 10% ක් ඉංග්‍රීසි) පමණ  අත්පත්කර ගැනීමට සමත් වී තිබුණි. රජය විසින් 1971 අංක 47 දරන පනත මගින් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවනු ලැබූ අතර, ජාතික චිත්‍රපට ප්‍රවර්ධනය කිරීම සහ මහජනතාවට විවිදාකාරයේ චිත්‍රපට ලබාදීම හෝ ලබා නොදීමේ අයිතිය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව (SFC) විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් ස්ථාපිත කළේය. තිර රචනා ඇගයීම් පදනම මත සෘණාත්මක ඇපකරයක් සමඟින් එම ණය ලබා දීම සිදු වී ඇත. ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් හරහා ණය ලබා ගැනීම සඳහා අධ්‍යක්ෂවරුන් සහ ප්‍රධාන කාර්මික ශිල්පීන්ට පූර්ව පුහුණුවක් තිබිය යුතුය. මෙම ක්‍රමවේදයට පෙර ස්වතන්ත්‍ර තිර රචනයන් සඳහා කිසිදු ගෞරවයක් හිමි නොවෙන තරමටම දෙමළ සහ හින්දි චිත්‍රපටවල දෙබස් සහ නම පමණක් පරිවර්තනය වූ තිරපිටපත් සඳහා ගෞරවය හිමි වී තිබුණි. 

තිර රචනය හින්දි හෝ දෙමළ මුල් පිටපතේ අක්ෂර පරිවර්තනයක් පමණක් වූ බැවින් එකම ගෞරවය දෙබස් සඳහා විය.  ණය යෝජනා ක්‍රමය විසින් මුල්වරට මුල් තිරපිටපත් රචනය සහතික කළ අතර හින්දි සහ දෙමළ චිත්‍රපටවල පිටපත් වූ තිර රචනයන් සඳහා ණය ලබා ගැනීමට අයිතියක් හිමි නොවුණි. එමඟින් දේශීය වෘත්තීය චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් ස්ථාපිත වීමට මං සැලසිණි.

රාජ්‍ය චිත්‍රපට සංස්ථාව විසින් චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයක් හඳුන්වාදෙනු ලැබූ අතර එමඟින් රට තුළ නිෂ්පාදනය කරන සියලුම චිත්‍රපට ප්‍රමුඛතා අනුපිළිවෙලකට අනුව ප්‍රදර්ශනය කිරීම සහතික කළේය. සිනමා ශාලාවල ප්‍රමිතිගත තත්ත්ව පාලන පටිපාටියක් ස්ථාපිත කරන ලද්දේ ඒවායේ තාක්ෂණික උපකරණ පරීක්ෂා කිරීමේ පද්ධතියක් සැකසීම මගිනි. ඒකාධිකාරය මිලදී ගැනීම නිසා ආනයනය කරන ලද චිත්‍රපටවල පිරිවැය 75% කින් පමණ අඩු විය. විශාල වශයෙන් අඩු කළ මිල ගණන් යටතේ වුවද තිරගත වන දෙමළ හා හින්දි චිත්‍රපට ප්‍රමාණයේ සැළකියයුතු වෙනසක් නොවුණි.

එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1972 දී මිලියන 30 ක් වූ චිත්‍රපට ප්‍රවේශය වර්ෂ 1979 වන විටදී මිලියන 74.4 දක්වා වර්ධනය වීමයි. දේශීය චිත්‍රපට වෙනුවෙන් වෙන් වූ තිර කාලය 20% සිට 58% ක් දක්වා වර්ධනය විය. වර්ෂ 1978 වන විට සිනමා ශාලා සංඛ්‍යාව 365 ක් දක්වා වර්ධනය විය. 

මීට පෙර පැවති ක්‍රමවේදය මඟින් එකල පැවති වෙළඳපල ඉලක්ක කර නොතිබූ බවටත් ඒ නිසා ඉල්ලුම යටපත් වූ බවටත් මෙම වර්දනය හොඳම සාක්ෂිය විය. වසර හතක් ඇතුළත වාර්ෂික ඇතුළත් කිරීම්වල පෙර නොවූ විරූ ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස යටපත් කරන ලද සහ යටපත් වූ ඉල්ලුම සපුරාලීමට රාජ්‍ය චිත්‍රපට සංස්ථාවට හැකිවිය.

වර්ෂ 1979 න් පසු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ සභාපති දූරයට පත් වූ ඇන්ටන් වික්‍රමසිංහ විසින් පෙර පැවති සියලු ක්‍රියාමාර්ග ආපසු හරවා ඕනෑම කෙනෙකුට චිත්‍රපට අධ්‍යක්ෂණය කිරීමට හැකි අයුරින් අසීමිත ලෙස ණය ලබා දුන්නේය. ඒ නිසා චිත්‍රපට නිර්මාණකරණය ගැන නිසි දැනුමක් නැත්තන් විසින් චිත්‍රපට සිය ගණනාවක් නිපදවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ වර්ෂ 1982 වන විටදී ඊළඟ වසර 5 තුළදී තිරගත කිරීමට තරම් සරිලන චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය වීමය. ප්‍රේක්ෂකයෝ දුර්වල චිත්‍රපටවලට ප්‍රතිචාර දැක්වූයේ සිනමාවෙන් දුරස්ව සිටීමෙනි. වාර්ෂික ඇතුළත් කිරීම් භයානක ලෙස පහත වැටීමට පටන් ගත්තේය. වර්ෂ 1979 දී මිලියන 79.4 ක් දක්වා ඉහළ ගිය වාර්ෂික ඇතුළත් කිරීම්, වර්ෂ 2009 වන විටදී මිලියන 7.2 දක්වා අඩු විණි. එතෙක් ලාභ ලැබූ ආයතනයක් ලෙස පැවතුණත් නොබෝ කලකින් බංකොලොත් භාවයට ඇද වැටීමට පටන් ගත් අතර රජයෙන් ලැබෙන මුදල් සම්භාරයක් මගින් එය පවත්වාගෙන යාමට සිදු විය.

ටයිටස් තොටවත්ත සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ යුගයේ කලාත්මක චිත්‍රපට නිර්මාණය කළ ප්‍රමුඛතම කලාකරුවන් විය. ප්‍රධාන ධාරාවේ ප්‍රේක්ෂකයන්ගේ සිත්ගත් තේමාවන් සමඟ තාක්ෂණික කුසලතාවන්ද එක්කළ හාර ලක්ෂේ, සිහසුන, සාගරිකා සහ මංගල වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ තොටවත්තයන් විසිනි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙම වකවානුවේදී ඉතා සාර්ථකව ඔහුගේ වැඩ කටයුතුවල නිරත වූ අතර, රජය විසින් පනවා ඇති සීමාවන් නොතකා වඩාත් වැදගත් සිනමා කෘති කිහිපයක්ම නිර්මාණය කළේය

වර්ෂ 1972 දී නිකුත් කරන ලද නිධානය චිත්‍රපටය ඔහුගේ විශිෂ්ටතම කෘතිය ලෙස සැලකේ. ඊට අමතරව වර්ෂ 1997 දී එවකට රජය විසින් පනවන ලද මණ්ඩලයක් විසින් ශ්‍රී ලාංකීය සිනමා වංශකතාව තුළ පළමු වසර 50 තුළ බිහිවූ හොඳම චිත්‍රපටය ලෙස සකස් කරන ලදී. ඔහුගේ අතිදක්ෂ අධ්‍යක්ෂණය මෙන්ම ගාමිණී ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාගේ අසහාය රංගනය ඊට හේතුවිණි. ඔහු විසින් Peries’ Venice International Film Festival හි Silver Lion of St. Mark සම්මානය දිනා ගැනීම සහ ලන්ඩන් චිත්‍රපට උළෙලේ දී ඩිප්ලෝමාවක්ද ලබා ගනිමින් වසරේ විශිෂ්ටතම චිත්‍රපට අතරින් එකක් ලෙස නිදානය තේරී පත් වීම ඔහු ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් අද්‍යයක්ෂකවර්ස්‍යෙකු වීමට හේතුවිණි. ඔහුගේ පසුකාලීන කෘති වන දෑස නිසා සහ මඩොල් දූවද දේශීය විචාරකයන්ගේ සම්භාවනාවට පාත්‍ර විය.

ඒ වනවිට සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ වැඩ කර අත්දැකීම් ලබා තිබූ ධර්මසේන පතිරාජයන් වර්ෂ 1974 දී ඔහුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන අහස් ගව්ව නිර්මාණය කරමින් කරළියට පැමිණේ. එය එකල දිය වී ගිය නාගරික තාරුණ්‍යයේ ආත්මය ග්‍රහණය කර ගැනීමට ඉවහල් වූ නිර්මාණයක් වූ අතර සිරිල් වික්‍රමගේ වැනි අතිදක්ෂ රංගන ශිල්පීන් හට කලාත්මක සිනමාවට අවතීර්ණ වීමේ දොරටු විවර කෙරිණි. 

ඒ හැරුණු විට සූරයන්ගෙත් සූරයා චිත්‍රපටය විසින් ත්‍රාසජනක, ක්‍රියාදාම සහ සංගීතමය ක්ෂානරයේ චිත්‍රපටවල ප්‍රවණතාවක් බිහිකිරීමට සමත් වූ අතර එය ශ්‍රී ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැක. මෙම වාණිජ චිත්‍රපට, දරිද්‍රතාවය, අන්ධ නීතිය, අසාධාරණය සහ ආදරය යන ගැටලු පිළිබඳ සාකච්ඡා කළද ඒවා විදේශීය චිත්‍රපටයන්ගේ පරිවර්තනයන්,බැවින් එම චිත්‍රපටවලට එරෙහිව ඇතැම් විචාරකයෝ ප්‍රහාර එල්ල කරන ලදි.

Sanketh Wickramage

කලා ලෝකයෙහි අපි ආදරය කරන දක්ෂ තරු පවුලක සාමාජිකයෙක් සමග පිළිසදරෙහි යෙදෙන්නටයි අපගේ සුදානම. ඔබ අප කවුරුත් ආදරය කරන ප්‍රවීන රංගන ශිල්පීන් යුවලක් වන ආන්නද වික්‍රමගේ සහ මානෙල් වානගුරු දෙපළගේ දෙවෙනි පුත්‍රයා කිවාම ඔහු රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යය කිපයක්ම ඔබට මතකයට නැගේවි.

එම ටෙලිනාට්‍යය අතරින් මෑත කාලයේදි ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය වු “කලු කුරුල්ලා” ටෙලිනාට්‍යය, සිරස TV නාලිකාවෙහි විකාශනය වු “චායා” ටෙලිනාට්‍යය සහ ස්වර්ණවාහිනියෙහි විකාශනය වු “කෝටිපතියෝ” ටෙලිනාට්‍යය ඔහුගේ රංගන හැකියාවන් මනාවට පිළිබිඹු කල ටෙලිනාට්‍යයන් වන අතර අපගේ හිතේද සුන්දර මතක සටහන් එකතු විශිෂ්ට නිර්මාණයන් වේ.

කුඩා කාලයේ සිටම කලාව තුලම හැදි වැඩුන ඔහු රංගනයේ දක්ෂතාවයන් සහ අත්දැකීමෙන් පරිපුර්ණ අයෙකු මෙන්ම ජනප්‍රියත්වයද එක ලෙසම පවත්වාගෙන ‍යන්නටද වාසනාවන්ත වුනා. නමුත් ඔහුව අපට මේ දවස්වල දකින්න නැත්තේ ඇයි? ඔහුගේ අලුත් තොරතුරු දැන ගන්නට අපි මෙවර සම්බන්ධ කර ගන්නේ අපි කවුරුත් ආදරය කරන සංකේත් වික්‍රමගෙ නම් වු රංගන ශිල්පයාවයි.

▪️සංකේත් වික්‍රමගේව අපිට මේ දවස්වල දකින්න නැත්තේ ඇයි?

පහුගිය කාලයේ විදෙස් ගත වෙන්න සැලසුම් කල නිසා සහ වෙනත් වැඩ කිපයක නියැලිමට සිදු වුන නිසා කලා නිර්මාණ සදහා දායකත්වය ලබා දෙන්න නොහැකි වුනා. මම දැනට මාස කිපයකට ඉහත දි එංගලන්තයෙහි පදිංචියට ආවා. ඉතින් මෙහෙ ඉදලා ලංකාවේ රූපගත කරන නිර්මාණය සදහා සම්බන්ධ වෙන්න අපහසු නිසා කලා කටයුතුවලින් කෙටි කාලයකට ඈත් වෙලා ඉන්න සිදුවෙනවා.

▪️ප්‍රේක්ෂක අප බොහෝ ආදරය කරන ඔබගේ පවුලේ අයගේ වතගොත ටිකක් කියමුද?

මගේ පවුලේ ඉන්නේ තාත්තයි, අම්මායි, අයියායි, මගේ බිරිඳ සහ අපිට දැන් චූටි පුතෙක් ඉන්නවා. අපි දෙන්නායි පුතයි බිරිදගේ තාත්තා සමග එංගලන්තයෙහි පදිංචි වෙලා ඉන්නවා. මගේ අම්මා සුපුරුදු පරිදි රංගන කටයුතු සදහා ඇයගේ දායකත්වය ලබා දෙනවා. මගේ තාත්තා පහුගිය කාලයේ අසනිපයෙන් හිටිය නමුත් ඔහු දැන් නිරෝගි සුවයෙන් ඉන්නවා. මගේ අයියා ජනිත් වික්‍රමගේ, එයත් සුපුරුදු පරිදි කලා කේෂ්ත්‍රයේ වැඩ කටයුතු වල යෙදිලා ඉන්නවා.

▪️ඔබගේ ජිවිතයේ ආදරය, ඔබේ ආදරණීය බිරිඳව අපට හදුනාවා දෙන්න කැමතියිද? ඇයව හමු වුනේ කොහොමද?

මගේ බිරිඳ අචිනි දුලංජලි දිල්හාරා. මම ඇයව දැන ගත්තේ මගේ යාළුවෙකුගේ මාර්ගයෙනුයි. ජනප්‍රිය පුද්ගලයන් සමග ගොඩක් දෙනෙක් හිතවත් වෙන්න, කතා බහ කරන්න කැමතියි. නමුත් අචිනි මට එහෙම විශේෂත්වයක් දැක් වුයේ නැහැ. මම එයාගේ ඒ ගතිගුණයට ගොඩක් කැමති වුනා.

මගේ අම්මා තාත්තා ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා. අම්මා තාත්තට සලකන විදියට, ඔහුව රැක බලා ගන්න විදියට මම හරිම කැමතියි. අම්මයි මමයි හරි එකතුයි. මට සමහර වෙලාවට පොඩි බයකුත් හිතුනා අම්මා මගේ ලග නැති වුනොත් මට මොනවා වෙයිද කියලා.

මම ගිය ආත්මේ කරපු පිනකට වෙන්න ඇති අම්මා වගේම කෙනෙක් මට හම්බුනා. අචිනිගේ රූපයත් අම්මාට ගොඩක් සමානයි. ඉතින් අපි සතුටින් ජිවිතය ගත කරනවා.

ඒවගේම මගේ බිරිඳගේ තාත්තාව විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපි කවුරුත් අදුරන් නැති නොදන්න රටක ජීවත් වෙන්න අවශ්‍ය ගුරුහරුකම් ලබා දෙමින් අපිත් එක්ක හැමදාම ලගින් ඉන්නවට තාත්තට මම මගේ හද පතුලෙන් ම ස්තුතිවන්ත වෙනවා.

▪️එංගලන්තයේ ජිවිතය කොහොමද? ලංකාවට යන්න බලාපොරොත්තුවක් තියනවාද?

එංගලන්තයේ ජිවිතය ගොඩක් හොදයි. ලංකාවට වඩා වෙනස් පරිසරයක් නිසා මට මෙහෙට තව හුරු වෙන්න වෙනවා. මම දැනට ව්‍යාපාරයක් මිලදි ගෙන තියනවා. මෙම දිනවල එහි නිතිමය කටයුතු කිපයක් කරගෙන යනවා. මෙහෙ හැමදේම ප්‍රමිතියකට අනුකුලවයි සිදු වෙන්නේ.

මම හිතන්නේ එංගලන්තය ජිවත් වෙන්න හොද රටක් නමුත් මගෙයි බිරිඳ ගෙයි බලාපොරොත්තුව ලංකාවේ චාරිත්‍රවලට අනුව ශ්‍රී ලාංකික පසුබිමක අපේ පුතාව උස් මහත් කරන්න.

මම කවදාවත් ලංකාව අමතක කරන්නෙ නැහැ. ඉදිරි කාලයේදි මගේම කලා නිර්මාණයක වැඩ කටයුතු ආරම්භ කරන්න ලංකාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

▪️ඔබේ රංගන ජිවිතයේ ආරම්භය පිළිබදව සහ මෙතෙක් රංගනයෙන් දායක වුන නිර්මාණ පිළිබදව කිවුවොත්..

මට වයස අවුරුදු 5 දි විතර මගේ තාත්තා රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍යයක් සදහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුනා. එය

මගේ පළමු ටෙලිනාට්‍යයයි. ඉන්පසු මට වයස අවුරුදු 10 දි විතර සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය තිර පිටපත රචනා කල කුලවමිය නම් ටෙලිනාට්‍යය සදහා තෝරා ගන්නවා. එම ටෙලිනාට්‍යයෙහි මට ලැබුනේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුගේ චරිතයක් ‍රග දක්වන්නයි. ඒ සදහා එවැනි දරුවෙකු සමග මම හිතවත් වෙලා කාලය ගත කරමින් අධ්‍යනය කලා. එම ටෙලිනාට්‍යයෙහි මගේ පියා සහ මව ලෙස රංගනයෙන් දායක වුන ලකි ඩයස් මහතා සහ වසන්ති චතුරාණි මහත්මිය මට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ දෙපළව මම ආදරයෙන් මතක් කරනවා. මෙම නාට්‍යයෙහි මගේ චරිතය වෙනුවෙන් සිඩ්නිස් සම්මාන උළෙලෙහි සම්මානයෙන් ඇගයිම් ලබන්න මට හැකියාව ලැබුනා.

එමෙන්ම සුදත් රෝහණ මහත්මයාගේ එක ඉත්තක මල් සහ ගග අද්දර කැලේ යන ටෙලිනාට්‍යයන් සදහා රංගනයෙන් දායකවන්නට මට අවස්ථාව ලැබුනා. ඉන්පසු භාතිය සහ සංතුශ් දෙපලගේ උන්මාදිනි හැංගුනා ගීතයටද මට සම්බන්ධ වෙන්න පුලුවන් වුනා. ඒ අතරම පාසලේ කලා නිර්මාණය සදහා මම දායක වුනා.

කෙටි කාලයක විවේකයකින් පසුව ස්වාධීන රූපවාහිනියෙහි විකාශනය වු “කලු කුරුල්ලා” ටෙලිනාට්‍යය, සිරස TV නාලිකාවෙහි විකාශනය වු චායා ටෙලිනාට්‍යය සහ ස්වර්ණවාහිනියෙහි විකාශනය වු කෝටිපතියෝ ටෙලිනාට්‍යය වැනි ටෙලිනාට්‍යය කිපයකම රංගන දායකත්වය ලබා දෙන්න මට හැකියාව ලැබුනා.

ඉතින් එහෙත් මෙතෙක් මගේ රංගන ජිවිතය ගැන, මට ලැබුන අවස්ථාවන් ගැන මම සතුටු වෙනවා.

▪️ඔබගේ ජීවන රටාව අපට දකින්නට ලැබෙන අලුතින් ආරම්භ කල කාර්ය්‍ය පිළිබදව කියමුද?

මාව දන්න අදුනන අය මෙන්ම, මගේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් අහනවා “ඔයා කොහෙද ඉන්නේ? මොකද කරන්නේ? ඇයි අපට පේන්න නැත්තේ? කියලා. ඉතින් මට ආදරය කරන, මගේ තොරතුරු දැන ගන්න කැමති ඒ හැමෝම වෙනුවෙන් මම හිතුවා Youtube channel එකක් ආරම්භ කරන්න.

මගේ ව්‍යාපාර කටයුතු සහ පෞද්ගලික වැඩ කටයුතු නිසා කාර්යබහුලත්වය වුවත් මට ආදරය කරන අය වෙනුවෙන් කාලය වෙන් කර ගෙන එංගලන්තයේ තියෙන විශේෂ ස්ථාන සහ රසමුසු තැන් youtube channel එකක් ඔස්සේ පෙන්වන්න බලාපොරොත්තුවක් තියනවා. ඇත්තටම කිවුවොත් මේ සදහා මටත් වඩා උනන්දුවක් තියෙන්නේ මගේ බිරිඳටයි.

ඉතින් මගේ ප්‍රේක්ෂකයන් සියලු දෙනාටම ආරාධනා කරනවා “Sanketh Wickramage” මගේ Youtube channel එක සමග එකතු වෙන්න කියලා.

▪️රංගන ක්ශේත්‍රයෙන් දුරස් විම පිළිබදව ඔබට දැනෙන්නේ කොහොමද? කලා හැකියාවන්ගෙන්, අත්දැකිමෙන් පරිපුර්ණ වු එමෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඔබව අපට නිර්මාණ තුලින් ඉදිරියේදි දකින්නට ලැබේවිද?

මේ වනවිට ලංකාවේ ප්‍රමිතියකට අනුව බොහෝ උසස් නිර්මාණය බිහිවිම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ඉතා දක්ෂ නවක රංගන ශිල්ප ශිල්පිනියන් ක්ශේත්‍රයට එකතු වෙලා ඉන්නවා. මම හිතනවා ඒ අයටත් අපි අවස්ථාව දෙන්න ඕනේ කියලා.

මම මීට පෙර සදහන් කලා වගේ ගුණාත්මක නිර්මාණයක් ආදරණිය ප්‍රේක්ෂකයන්ට ලබා දීමේ බලාපොරොත්තුවෙන් ඒ සදහා මුලික වැඩ කටයුතු මේ වනවිට සුදානම් කරමින් ඉන්නවා.

ඉස්සර වගේ කලා නිර්මාණ සදහා දායකත්වය ලබා දෙන්න නම් බැරි වෙයි. නමුත් කලාවෙන් ඈත් වෙලා නම් නැහැ.

අමා නාකන්දලගේ