Google Keep

ආයුබෝවන්..! මේ අවුරුද්දේ අවසාන ලිපිය විදියට මේ ලිපිය හදුන්වන්න පුලුවන් ඉතින් බලාපොරොත්තු රැසක් එක්ක අපි දැන් මේ අලුත් අවුරුද්දට අඩිය තියන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ අපි අද අලුත් දෙයක් ඉගෙනගන්න යන්නෙ

ඉතින් අද මම කියලා දෙන්න යන්නෙ ලිපියක් හෝ යම්කිසි දෙයක් Type කිරීමට යාමේදී අපිට ඒ සඳහා ලේසිම ක්‍රමයක් .ඉතින් අපි බලමු කොහොමද කියලා.

ඉතින් මේ ක්‍රමයට අකුරු Type කිරීමේදී ඔබට සහ කියවන්ටන්නා හටද ඉතාමත් පහසු සහ ඕනෑම ආකාරයක Font එකකට වුවද වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා.ඉතින් අපි බලමු මේ ලේසිම ක්‍රමය මොකක්ද කියලා.

ඔයාලා දන්නවා Google ආයතකය විසින් ඔබට සේවාවන් සමූයක් සහ බොහොමයක් සේවාවන් මුදලක් අය නොකරම ඔබට බුක්ති විදීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඉතින් අපි බලමු මොකක්ද අපි අද භාවිතා කිරීමට බලාපොරොත්තු වෙන සේවාව කියලා. Google Keep ගැන මොනවද ඔයාලා අහලා තියෙන්නෙ ,ඉතින් මේ Google Keep කියන සේවාව තුලින් ඉතා පහසුවෙන්ම ඔබට ඔබගේ ජංගම දුරකතනයේ බොහෝ විට මෙම Software එක එහෙමත් නැත්නම් Google play store හෝ Apple store එකෙන් Download කරගන්න පුලුවන්.

ඉතින් මේකට ගියාට පස්සෙ ඔයාලගෙ ජංගම දුරකතනයෙන් ඔයාලා භාවිතා කරණ හෝ ඔයාලා කැමති Gmail Address එකක් දෙන්න පුලුවන් ඉතින් මීට පස්සෙ ඔයාලට බලාගන්න පුලුවන් ඉතින් මේක ඇතුලේ Section කිහිපයක් තියෙනව ඔයාලගෙ Private Notes, Photos මේකට Add කරන්න පුලුවන් ඒ වගේම තමයි විවිධ Labels ගොඩක් යටතේ ඔයාලට අවශ්‍ය  Notes කැමති තරමක් එකතු කරන්න පුළුවන් වගේම කැමතිනම් තවත් ඔයාග මේ  Notes එකක් තව යාලුවෙක් හෝ කිහිප දෙනෙක් අතර බෙදාගන්න අවශ්‍ය නම් එක  Note එකකට Collaborator කෙනෙක් විදියට එකතු කරගන්න පුළුවන්.ඉතින් අපි හිතමු ඔයාලා Voice Typing හෝ Helakuru වගේ App එකකින් ඔයාලගෙ ජංගම දුරකතනය තුල Google Keep හි Note එකක් විදියට Type කරාම ඒක එම මොහොතෙම Save වෙනවා.ඊට පස්සෙ ඒක අපි අපේ පරිඝනකය තුලට ගන්න විදිය බලමු.ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගෙ පරිඝනකය තුල ඇති Chrome වගේ Browser එකකින් Google Keep කියලා  Type  කරලා  Search කරන එක ඉන් පසුව ඔයාලා ඒ අදාල Gmail එකෙන් Log වෙලා නැත්නම් ඔයාලට  Log in කියලා option එකක් පෙන්වයි එතනින් ඔයාලා කරන්න ඕනේ ඒ අදාල Gmail එකට Log වෙලා Google Keep open කර ගන්න එකයි.පසුව ඔයාලට ඔයාලා Type කරලා Save කරපු Note එක මේකේ දැක ගන්න පුළුවන්.ඉතින් ඒක ඇතුලට ගියාම තියෙන Option වල තියෙන Copy to Google Doc කියන Option එක තෝරාගත්තම ඔයාලගෙ Note  එක ඔයාලගෙ Browser එක තුලම Google Keep Document එකක් විදියට Open වෙනවා ඉන් පස්සෙ ඔයාලට කරන්න තියෙන්නෙ file වල තියෙන Download කියන option එක තුලින් ඔයාලා කැමතිම Format එකකින් ඔයාලගෙ ලිපිය Download කරගන්න  පුළුවන්.

ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.ඒ වගේම ලබන්නා වූ කව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නා වූ සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරණවා.

BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

VR technology

ඔන්න අද අපි කතා කරන්න යන්නෙ විශේෂ මාතෘකාවක් ගැන ඉතින් අද මාතෘකාව තමයි virtual reality එහෙමත් නැත්නම් VR technology සිංහල භාෂාවෙන් කිව්වොත් අතථ්‍ය යථාර්ථය තාක්ෂණය ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ,

මොකක්ද මේ Virtual Reality කියන්නෙ.

Virtual Reality (VR) කියන්නෙ පරිඝනකයක් මගින් ජනනය කරණ ලද පරිසරයක් වන අතර පෙනෙන තරම් සහ වස්තූන් පරිශීලකයාට තමන් අවට ගිලී සිටින බවක් දැනේ .reality headset එකක් හෝ හෙල්මට් එකක් වැනි උපකරණයකින් මෙම පරිසරය අප හට අවබෝධ වන අතර අප ඒ මොහොතේ හෝ අනාගත ලෝකයක හෝ කෘතිම පරිසරයක ජීවත් වන බව අපට හැගෙන තාක්ෂණයකි.

බොහොමයක් දෙනා පිලිගන්නා අන්දමට මුල්ම VR මැෂින් එක විදියට හදුන්වන්නෙ Sensorama යන උපකරණයයි. 1950 මැද භාගය වන විට හොයාගත් මේ උපකරණය මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමේ මූලික පියවර ලෙස හැදින්විය හැක.මෙහි අන්තර්ගතය ලෙස 3D චිත්‍රපට පෙන්වන උපකරණයකින් හා vibrations සහිත පුටුවකින් සමන්විත වෙනවා.පසුකාලීනව ඇති වූ මෘදුකාංග සහ දෘඪාංග වල දියුණු වීමත් සමග අද වන විට බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ මෙම තාක්ෂණය දියුණු වී ඇත.

මේවායින් ඇති ප්‍රයෝජන මොනවාද.?

අද බොහොමයක් Comouter games මේ VR තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරලා තියෙනවා.තවද මේ හරහා සොල්දාදුවන් හට යුධ අභ්‍යාස ,සැත්කම් සදහා ඉගෙනගන්නා වෛද්‍යවරුන් සදහා පෙරහුරුවක් ලෙසත් අභ්‍යවකාශ ගඟණගාමීන් සදහ පෙරහුරු වැනි කටයුතු වලදී මේක උපකාරී වෙනවා.

ඔයාලට මතක ඇති X man චිත්‍රපටි මාලාවේ එන Cerebro කියන උපාංගය.මේ VR තාක්ෂණය කියන්නෙ මොන වගේ එකක්ද කියන එක ගැන ඔයාලට දල අදහසක් ඒකෙන් ගන්න පුළුවන්.

තවද අංශක 360 ක දිශානතියකින් යුතුව Video Live Streaming කරණ විටදිත් මේ Vr තාක්ෂණය භාවිතා වෙනවා.තවද ගෘහ නිර්මාණ ශිල්පයේදීත් තමන් ගෙයක් සෑදීමට පෙර මෘදුකාංග ඔස්සේ නිර්මාණය කරපු තමන්ගේම ගෙය තුල සිටීමට මේ VR තාක්ෂණයෙන් ඔයාට අවස්ථාවක් ලැබෙනවා.

VR තාක්ෂණයේ අනාගතය කොහොමද?

VR තාක්ෂණය කියන්නෙ නූතන ලෝකයේ වැඩිම වේගයකින් ජනප්‍රිය වෙන project වලින් එකක්.2018 පිටවූ IDC ආයතනයේ පර්‍යේෂණ අනාවැකි අනුව 2022 වෙන විට VR සහ Augmented Reality නමින් යන මේ හා සමාන වූ තාක්ෂණයක් සදහා වූ ආයෝජන යූරෝ බිලියන 15.5ක් පමණ වනු ඇති බව අනුමාන කර ඇත.කෙසේ වෙතත් එම වාර්තා අනුව 2020 අග භාගය වන විට විශාල යුරෝපීය ආයතනවලින් භාගයකටත් වඩා මෙම Virtual Reality සහ Augmented Reality උපක්‍රමයන් භාවිත කරණු ඇති බවට දන්වා ඇත.

අද වන් විට විනෝදාස්වාදය ,සංචාරක කර්මාන්තය සදහා සහ තවත් දේවල් සදහා මෙම තාක්ෂණය සෘජු හා වක්‍රාකාරයෙන් යොදාගෙන තියෙනවා.

අද වන විට අපිට දකින්නට ඇති සුලබ VR උපාංග මොනවාද?

මේ වන විට ප්‍රධාන වශයෙන් විකිණෙන Virtual Reality Headset විදියට Sony සමාගමේ PlayStation VR (PSVR) , Facebook සමාගමේ Oculus Rift සහ HTC සමාගමේ Vive යන උපකරණ සහ Oculus Rift,Oculus Rift S, Oculus Go සහ Oculus Quest යන උපකරණද බහුලව දකින්නට ලැබෙනවා.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

Yahoo Email භාවිතය සහ අවධානම.


මම හිතන්නෙ yahoo කීවමහම Google තරම්ම ප්‍රසිද්ධ නොවුනත් අතීතයේදිනම් හැමෝම අතර ජනප්‍රිය උණන් විද්‍යුත් තැපැල් (email) service එකක් තමයි Yahoo Mail කියන්නෙ.1997 ඔක්තෝම්බර් මාසේ 08 වෙනිදා ඇමරිකානු සමාගමක් වන Yahoo Incoperation සමාගම් විසින් දියත් කරණ.ලද e mail සේවාවකි.මූලිකවම මෙහි සේවාවන් හතරක් ක්‍රියාත්මක වූ අතර Basic , Plus සහ Ad Free සේවාවන් පුද්ගලික භාවිත (personal Use) සදහාත් තවත් සේවාවක් ව්‍යාපාර සදහාත් හදුන්වා දෙන ලදී.

2020 ජනවාරි මස වන විට ලොව පුරා මිලියන 225ක සංඛ්‍යාවක් Yahoo mail සේවාව භාවිත කරමින් සිටින ලදී.

මෙහි ඉතිහාසය තවත් විපරම් කරන් යනකොට ප්‍රථම වතාවට username එකක් ban කරණ ලදී..එනම් ඒ ආකාරයේ නම් භාවිතය තහනම් කරණ ලදී.ප්‍රථම වරට මෙලෙස තහනම් කරණ ලද වචනය වන්නේ “Allah” නමින් භාවිතා වූ නම් වන අතර තවත් විධි විධාන කීපයක්ම ක්‍රියාත්මක කරණ ලදී.

2012 වසරේ Yahoo සදහා දත්ත සූරාකෑමක් (exploit] සිදු වූ අතර ඊජිප්තු Hacker වරයෙකු විසින් $700 ක මුදලට විකිණීමක් සිදු වූ අතර එමගින් කොල්ලකරුවන් හට Yahoo Hack කිරීමට හැකි වූ අතර පරිෂීලකයන් හට අසභ්‍ය වෙබ් අඩවි වලට හරවා යැවීමට සහා Cookies හොරකම් කිරීමට Hacker වරුන් ක්‍රියා කරණ ලදී.2013 ජනවාරි මස Hacker වරයෙකු සහ Security Researcher වරයෙකු වූ Shahin Ramezany මහතා පෙන්වා දුන් තවත් DOM- based XSS loophole මගින් පෙන්වා දුන් අන්දමට මිලියන 400ක පරිෂීලකයන් අවධානමක ඇති බව පෙන්වා දෙන ලදී.

2017 ඔක්තෝම්බර් මස 3 වන දින Yahoo සමාගම විසින් සිය බිලියන තුනකට ආසන්න පරිෂීලකයන්ගේ account Hack වී ඇති බව ප්‍රකාෂ කලා

මේ විදියට ඉතිහාසයක් ඇති Yahoo Account එකක් ඔයාලා භාවිතා කරනවනම් මම ඔයාලට තවත් අනතුරු ඇගවීමක් කරන්න කැමතී..ඒ තමයි පහුගිය දවස් ටිකේම ලංකාව තුල මගෙන් උපදෙස් ගැනීමට ආ 8 කට වඩා වැඩි අගයකින් යුත් Facebook Account ප්‍රමාණයක් මේ Yahoo Mail එකක් primary Mail address එක විදියට link කර තිබීම මගින් Hack වී තිබුනා හේතුව විදියට සදහන් කලොත්,මාස 10 කට වඩා වැඩි කාලයක් Log නොවී අක්‍රීයව පැවති Yahoo Mail address එකක් ඔයාගෙ තියෙනවනම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මේ වන විටත් ඒක අයින් කරලාද කියලා.සමහර වෙලාවට මේ නමින්ම අයින් කරපු email account එක ඒ නමින් වෙන කෙනෙක් හැදුවම ඔයාගේ Facebook Account එක නිකම්ම recover කරගන්න පුළුවන්..ඉතින් එහෙම වෙන්න කලින් අදම පොඩ්ඩක් ඔයාගෙ Facebook Account එක Yahoo Mail එකකට Link කරලා තියෙනවනම් දෙපාරක් Check කරන්න.ඉතින් අදට අපි මේ ලිපිය නවත්තනවා.ඊලග මාසයේදීත් තවත් ලිපියක් සමග හමුවෙමු.

P.K.D.Manujaya

(BSc Honors. In Computer Science , Social Media Strategists ,Dip in HRM ,Dip in Finance Management, Dip in Production Management , Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

කාබන් කාල නිර්ණය


මීට අවුරුදු දස දහස් ගණනකට හෝ මිලියන ගණනකට පෙර පෘථිවියේ ජිවය කෙසේ පවතින්නට ඇතිද? එවක සිටි සත්වයින් සහ තිබුණු ශාක මොන ආකාරයේ වන්නට ඇතිද? මේ අභිරහස් විසඳන්නට තියෙන එක මගක් තමයි පොසිල. පොසිල කියන්නේ මීට වසර දස දහස් ගණනක්  හෝ මිලියන ගණනකට පෙර ජිවත් වූ සත්ව හා ශාකවල දිරා ගිය කොටස් බව අපි දන්නවා.රූප රූප සටහනේ  පෙන්වා තිබෙන්නේ පොසිලයක්. පොසිලයක් හමුවූ පසු එක කෙතරම් ඈත අතීතයකට උරුමකම් කියනවද කියන දේ ඉතාම වැදගත් දෙයක්. එමගින් තමයි අතීත තොරතුරු සොයා ගන්න හැකි වෙන්නේ.මෙවන් පොසිලයක් කෙතරම් පැරණිද කියල සොයා ගන්න ක්‍රමවේදය තමයි කාබන් කාල නිර්ණය හෙවත් carbon dating ලෙසින් හඳුන්වන්නේ. මෙය විකිරණශීලි කාලනිර්ණ ක්‍රමවේද වලින් එකක්.

කාබන් කාලනිර්ණය සඳහා පදනම් කර ගන්නේ කාබන්-14 (C-14) සමස්ථානිකයේ විකිරණශීලිතාවයයි. මිහිපිට සිටින හෝ සිටි සියළුවම ජීවින් (සත්ව හා ශාක) තුල කාබන්-14 සමස්ථානිකය අන්තර්ගතව තිබෙනවා. මෙවන් ප්‍රාණ වස්තුවක් (organism) මරණයට පත්වූ මොහොතේ සිට කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලිතාවය ද මියයන්නට පටන් ගන්නවා. මෙම විකිරණශිලිතාවය අඩුවීම සිදුවන්නේ එක්තරා රටාවකට. එනම්, සෑම වසර 5730කට පමණ වරක්  එහි විකිරණශීලිතාවය 50%කින් අඩු වෙනවා. මෙය half-life ලෙසින් හඳුන්වනවා. මේ අනුව, සොයාගත් පොසිලයේ ඇති කාබන්-14 සමස්ථානිකයේ විකිරණශීලි මට්ටම මැන එය එම මුලද්‍රව්‍යයයේම සාමාන්‍ය තත්වයේ ඇති විකිරණශීලිතාවය සමග සැසඳීමෙන් පොසිලයේ වයස ගණනය කරනවා. මෙහිදී ගණනය කරන්නේ එම ජිවියා මියගිය අවස්ථාවේ සිට වයසයි.

කාබන් කාලනිර්ණය ලොවට හඳුන්වා දුන්නේ නම් විලාඩ් ලිබි නම් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයා, ඒ 1940 ගණන්වලදී. මේ වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාගයක් ද පිරිනැමුණා 1960 වසරේදී.

මෙම ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ යම් කලෙක ජිවය පැවති දෙයක් (ශාකයක් හෝ ජීවියෙක්) කෙතරම් කාලයකට පෙර මියගොස් ඇතිද යන්න තීරණය කිරීමට පමණයි. අජීවී වස්තු සඳහා මෙය භාවිතා කළ නොහැකි අතර ඒ සඳහා වෙනත් විකිරණශිල කාලනිර්ණ ක්‍රමවේදයක් භාවිතා කරන්න වෙනවා.

Concentrated Solar Power (CSP)


“සුර්ය විදුලිය” කියපු ගමන් අපේ මනසට එකවරම නැගෙන්නේ නිවසේ වහල මත සවි කරන සුර්ය පැනය පද්දතියක්. මේ ලිපියෙන් අපි කතා කරන්නේ අපි නිතර දකින සුර්ය කෝෂ තාක්‍ෂණයට පරිබාහිර වූ එහෙත් සුර්ය ශක්තියෙන් විදුලිය නිපදවන වෙනත් තාක්‍ෂණයක් ගැන. මේ විදුලි උත්පාදනය ක්‍රමයට කියන්නේ concentrated solar power (CSP) කියල. මෙහි සුර්ය කෝෂ වෙනුවට තියෙන්නේ කණ්නාඩි හෙවත් දර්පණ. හිරුගේ පිහිටීම අනුව දර්පණ වල පිහිටීම වෙනස් කිරීමට tracking system එකක් භාවිතා කරනවා බොහෝ විට. මේ ක්‍රමයේ තාක්‍ෂණික පසුබිම අපි හැමෝම වගේ පුංචි කාලේ භාවිතා කරපු ක්‍රමයි.

උත්තල කාචයකින් සුර්යාලෝකය එකට එකතු කරලා කඩදාසි, පුළුන් කෑලි වගේ දේවල් පුච්චපු අතීතයක් අපි හැමෝටම වගේ තියෙනවා. එතැනදී සිදුවුනේ සුර්ය තාපය එක තැනකට කේන්ද්‍රගතකිරීම නිසා එතන විශාල තාප ශක්තියක් එකතු වීම. මේ පදනම ම තමයි මෙම CSP තාක්‍ෂණයේත් තියෙන්නේ. මෙතැනදී වෙන්නේ බිම සවිකර තිබෙන දර්පණ මගින් සුර්යාලෝකය උස් කුළුණක් මත ඇති තාප අවශෝෂක පද්ධතියක් මතට  පරාවර්තනය කරනවා. දර්පණ දස දහස් ගණනකින් පරාවර්තනය කර එවන මේ සුර්ය කිරණ නිසා මෙම තාප අවශෝෂණ පද්ධතියේ  ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇති වෙනවා (ඇතැම් විට සෙල්සියස් අංශක 1000ක පමණ). මේ උෂ්ණත්වය භාවිතා කර හුමාලය නිපදවා එමගින් විදුලිය නිපදවනවා. ඇතැම් CSP විදුලි බලාගාර වල අවශ්‍ය විටෙක විදුලිය නිපදවීම සඳහා ඉහල තාප ධාරිතාවකින් යුතු ද්‍රාවණයක් රත් කර ගබඩා කර තබා ගන්නවා. ඉන්පසු, අවශ්‍ය විටක එම ද්‍රාවණයෙන් තාපය ලබාගෙන හුමාලය නිපදවා විදුලි නිෂ්පාදනය් කරනවා.

මේ වන විට CSP තාක්‍ෂණය වාණිජ මට්ටමින් විදුලිය නිපදවීම සඳහා භාවිතා කරනවා. මෙහි වැඩිම භාවිතාව වාර්තා වන්නේ ස්පාඥයෙන් – 2014 වන විට ස්පාඥය සතු CSP ධාරිතාව මෙගා වොට් 2,300 බව තමයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ. මිට අමතරව ඇමෙරිකාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව මෙන්ම මැද පෙරදිග රටවල් වලද CSP තාක්‍ෂණය භාවිතා වනවා. ලොව විශාලතම CSP විදුලි බලාගාරය තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ – එය මෙගා වොට් 392ක්.