කුඩම්මා – කෙටි කතාව.

ආදරණීය ස්නේහා,

ලිපිය ආමන්ත්‍රණය කර ඇත්තේ එලෙසිනි. මම ඒ අකුරු දෙස බලාගෙන උන්නේ හිස් හැඟීමෙනි. අවුරුදු විස්සක් පුරාවට මගේ හිතේ කිසිදු පැහැදීමක් නොවූ ඒ ගැහැණිය ජීවිතය නැමති රඟමඩලෙන් අද පාන්දර සමුගත්තාය. ඒ ගැන මගේ හිතේ විශේෂ දුකක් නොවුනත් කාලයක් තිස්සේ වූ බරක් ගිලිහීගියා මෙන් දැනුනේ ඇයගේ මරණය මට ආරංචි වූ මොහොතේදීය.

ලිපිය යලිත් මම දෙකට නැවූයෙමි.හිතට දුකක් නොදැනෙන්නේ ගෙවුනු කාලය පුරාවටම මා ඇයට වෛර කල නිසාදෝ යැයි නොදනිමි. මොහොතකට මම මා ඉදිරියෙන් උන් අප්පච්චී දෙස බැලුවෙමි. පෙරේදා වන තුරුත් විනෝදකාමී ජීවිතයක් ගත කල ඔහු අද වෙද්දී මලානිකය. වියපත් වුනු දෑස් වල ඇත්තේ පුදුමාකාර කණගාටුවකි. අප්පච්චී මා දෙස බලාහිද යලිත් බිම බලාගත්තේය. ඊටත් විනාඩි කීපයකට අනතුරුව කාමරයට ගියේ රනුක මා වෙත ආ බැවිනි.

‘ඇක්සිඩන්ට් එකෙන් සෑහෙන්න අනූ අම්මට ඩැමේජ් වෙලා. හෙටම බොඩි එක වලදාන්න වෙයි බබා.

‘ඒක හොඳයි. මිනී ගෙවල් අස්සේ තියා ගත්තා කියලා පණ එන්නෙ නෑනේ..

මම හිතා මතා නොකිව්වත් ඒ වචන මගේ මුවෙන් එලියට පැන්නේ මටත් නොදැනීය. පැවසූ යමක් වැරදුනු බව තේරුනු නිසාම මම රනුකගේ මුහුණ දෙස බැලුවෙමි. ඒ දෑස් වල පමනක් නොව මුලු මුහුණ පුරාම වුයේ කෝපයකි.. එතනින් එහාට පිළිකුලකි.

‘පාරේ ඉන්න බල්ලට පූසාට පවා කන්න දෙන ඔයා ඇයි අනූ අම්මට මෙහෙම සලකන්නේ ගයාත්‍රි? ඒ ගෑනි ඔයාට මම දන්න තරමින් හොඳක් මිසක් නරකක් කලේ නෑ..

‘ඔයා නොදන්න මඟුල් කතා නොකර ඉන්නවද රනුක.. පින් සිද්ධ වෙයි.. පවුල් කඩලා පවුල් හදපු වල් ගෑනු එක්ක මගේ ඇයි හොඳයියක් නෑ. උන් එක්ක සංසාරේ පුරාවටම මම වෛර බදිනවා. එච්චරයි…

හිතේ කෝපය නිසාම මගේ දෑස් වලින් නොකඩවා කඳුලු ගලන්නට විය. ගැඹුරු හුස්මක් හෙලූ රනුක මගේ ළඟින් ගියේ හූල්ලමින්. මගේ මුලු හිතම මූසල නිහැඬියාවකින් පිරී තිබුනත් ගමේ මිනිස්සු හරි හරියට අනූ අම්මාගේ මළඟමට සූදානම් විය. ඒ වෙනුවෙන් කල යුතු වැඩ රාජකාරී බොහෝමයක් තිබුනත් මගේ හිතේ වූ ඇල්මැරුණු සොභාවය මා කිසිවක් නොකරන තැනට පත්කර තිබුනි.

‘ගයාත්‍රි, මේ ඇවිත් ඉන්න මිනිස්සුන්ට තේ අල්ලන්න දුවේ…

මගේ කල්පනා ලෝකය බිද දමමින් ලොකු අම්මා කියද්දී මගේ කෝපය දෙඟුණ වීය.

‘මට බෑ.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න අනේ..

‘ගයාත්‍රි, මේ උඹේ කුඩම්මා නෙවෙයි.. මේ උඹේ පුංචි අම්මා. උඹෙ අම්මාගේ නංගි.. මගේ චූටි නංගි..

‘ඉතින් මට මොකද? මොකී වුනත් ඔය ගෑනි නිසා..

‘ගයාත්‍රි උඹේ කන පැලෙන්න මම ගහනවා තව එක වචනයක් හරි අනුලාට විරුද්ධව කිව්වොත්. අනික උඹ නොදන්න දේවල් කතා නොකර හිටපන් මෙතන මිනිස්සු හිනස්සන්නෙ නැතුව..

මටත් ගස්සාගෙන ලොකු අම්මා එතනින් ගියේ තවත් මොනවාදෝ කියා මට බනිමිනි. ලොකු අම්මා රිදවීමෙන් දැනුනු සතුට මම යටිහිතින් විදිමින් මම මිදුලේ ඔහේ ඇවිද්දෙමි.

‘අනුලා ඉස්කෝලේ හාමිනේ කීදෙනෙක්ගෙ නම් ඇස් පෑදුවද? අනේ අපේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න තිබුනු උත්තමාවියක්…

‘හොඳ මිනිස්සු ඉක්මනට ඒ ලෝකෙට අරගන්නවා සේදිරිස්.පැන්ශන් ගිහින් දෙයියනේ මාස කීයද? ඉස්කෝලේ අන්තිම දවසේ අපේ කෙලීට කිව්වලු දැන් ඉතින් ගයාත්‍රි බේබිගේ දරුවෙක් නලවගෙන වීරසේකර මහත්තයත් බලාගෙන ඉන්නවා කියලා…

ඒ ගමේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ කතාය. මට නරක අනුලම්මා මුළු ගමටම හොඳය. අප්පච්චීට පමනක් නොව නෑදෑ සනුහරේටම අනුලම්මා තරම් කෙනෙක් නැතිය. මම එතැනින් නික්ම ආවේ තවත් අනුලම්මාගේ ගුණ ඇසීමට තරම් හිතේ ඉඩක් නොවුනු බැවිනි.

ඉස්තෝප්පුවේ තිබුනු අනුලම්මාගේ රූපයට අප්පච්චී සුදුමල් මාලයක් දානවා මම බලාගෙන උන්නෙමි. දර්ශන හිතට දුකක් එක් කලත් අප්පච්චී ඇය කැන්දාගෙන ආ දිනය සිහිවෙද්දී සුපුරුදු කෝපය මගේ හිතට යලිත් ඇතුලු වූයේ අනවසරයෙනි.

අනුලම්මා; ඇය මට කුඩම්මා වන්නට පෙර පුංචි අම්මා විය. එනම් අත්තම්මාගේ බඩවැල කඩාගෙන ආ ගැහැණු දරුවන් තිදෙනාගේ බාල දුවය. මුලින් මාලා ලොකු අම්මා. අනතුරුව මගේ අම්මාය. ඊටත් පසුව අනුලා පුංචි අම්මාය.

මට මතක කුඩා කාලයේ සිට අම්මාත් අප්පච්චීත් අතර කිසිදු විරසකයක් නොවීය. එහෙත් දිනක් අම්මා නිදි ඇඳේදීම මිය ගොස් තිබුනේ මගේ පුංචි හිතට කෝටියක් ප්‍රශ්න ඇති කරමිනි. අදටත් අම්මාගේ මරණයට හේතු මම නොදන්නා අතර ඒ ගැන කිසිවෙක් මා සමඟ කතා කරන්නේද නැත. අම්මා මිය ගොස් වසරක් ගෙවෙද්දී අත්තම්මලා සිය කැමත්තෙන්ම අනුලම්මා අප්පච්චීට බන්දා දුන්නාය.

අම්මා අහිමි වූ මට අප්පච්චීද අහිමි වූ හැඟීම දැනෙන්නට වූයේ වැඩි කලක් නොගොස්ය.ඒ නිසාම අනුලම්මා මට ලං වන සෑම මොහොතකදීම මම ඇයව නොසලකා හැරියෙමි. ඇයට හිතුවක්කාර වූයෙමි.මටත් නොපෙනෙන්නට හඩන ඇය පහුවදාටත් උදෑසනින්ම අවදි වී පාසල් යාමට මා සූදානම් කලාය. ඇය අම්මාගේ පවුලේ සැමට වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම මවක් වූවත් මට ඇයව පෙනුනේ අප්පච්චී මගෙන් උදුර ගන්නට හදන මායාකාරියක මෙනි.

මම ටිකෙන් ටික වයසින් මෝරන්නට වුනෙමි. අම්මාට අප්පච්චිට වඩා මට ලැබුනේ අනුලම්මාගේ හැඩ රුව වෙද්දී මම මගේ රූපයට වෛරකරන්නට වූයෙමි.

‘මගේ අම්මා මැරුනේ උඹ නිසා. උඹ මගේ අප්පච්චි දැලේ දාගත්ත දුක හින්දා අම්මා නිදිපෙති බීලා මැරුණා…

අනුලාම්මාත් මාත් නිවසේ තනිවුනු හැම මොහොතකදීම කුමක් හෝ දෙයකට ඈත් සමඟ අඬදඹර වන මම එලෙස වාග් ප්‍රහාර එල්ල කලෙමි.

‘අනේ මගේ පැටියෝ.. ඔහොම මට කතා කරන්න එපා මැණික.. නොතේරුම් කමට මට බැන්නට ඇත්ත දැනගත්ත දවසට ඔයාට දුක හිතෙයි පුතේ..

‘මොකද්ද ඇත්ත? මීට වඩා ඇත්තක් මොකද්ද? මගේ ඇස් දෙකට පේන්න එන්න එපා….

හැම හිත් රිදවීමක්ම අවසානයේ අනුලම්මා හඩද්දී මගේ හිත සතුටින් ඉහවහා යන්නට විය. අනුලම්මා මා ගිය පාසලේම සේවය කල නිසා මම නඟරයේ බාලිකා පාසලට ඇතුලත් වූයෙමි. නිතර ගමට එන්නට අකමැති නිසාම මම පාසලේ නේවාසිකාගාරයේ නතර වූයෙමි. එහෙත් අනුලම්මා එතැනින් නොනැවතුනි. ඇය සතියකට සෑහෙන්න කෑම බීම හදාගෙන මා බලන්නට ආවේ අප්පච්චී සමගිනි. අනුලම්මාට මොනතරම් කෙනෙහෙලි කම් කලත් ඒවා අප්පච්චී ඉදිරියේ කරන්නට මා බිය වූ නිසාම නැති සතුටක් මවාපාමින් ඒ කෑම බීම දෑතට ගත් මම ඒවා නේවාසිකාගාරයේ මගේ යෙහෙළියන්ට දුන්නෙමි.

‘මේ නම් උඹේ කුඩම්මා නෙවෙයි බං.. ගිය ආත්මේ අම්මා..

මගේ යෙහෙලියන් අනුලම්මාගේ කෑම රසවින්දේ එලෙසිනි. පාසල් දිවියට සමුදුන් මම විශ්ව විද්‍යාලයට ගියෙමි. එතනදී මට රනුක හමුවුනු අතර මා ඔහුව අප්පච්චීට හදුන්වාදුන්නේ අපි දෙන්නාට ආශිර්වාද ලබාගැනීමටය. මුලදී මටත් රනුකටත් අප්පච්චී අකමැති වූයේ රනුක නාඟරික පරිසරයක හැදීවැඩුනු නිසාවෙනි. එහෙත් ලොකු අම්මාගේ දියණිය වූ දවිත්‍රී කී පරිදි අවසානයට මටත් රනුකටත් කැමත්ත ලබාදෙන්නට මහන්සි වී ඇත්තේ අනුලම්මාය. දවිත්‍රීගේ කතාව මම සම්පූර්ණයෙන් විශ්වාස නොකලත් අපි දෙදෙනාට අප්පච්චීගේ ආශිර්වාදය ලැබිම ගැන මම උන්නේ පුදුමාකාර සතුටකිනි. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන් වූ විගස මාත් රනුකත් විවාහ වුනු අතර ඔහු අනුලම්මාට පුදුමාකාර ලෙස ලෙන්ගතු වීම ගැන මගේ හිතේ වූයේ කේන්තියකි.

‘වල් ගෑනි.. තමුසෙවත් දැලේ දාගන්න හදන්නේ. පරිස්සමින්..

‘මගේ අම්මෝ ගයාත්‍රී.. මට ආයෙත් ඇහෙන්න ඔය කතාව කියන්න එපා.. ඇත්තටම මට ඔයාව එපාම වෙයි.. චික් ගයාත්‍රී ඔයා කොහොමද අනුලම්මාට ඔහොම වෙනස්කම් කරන්නේ? අප්පච්චි බැන්ද එක අමතක කරන්න.. එතනින් එහාට ඔයාට තියෙන්නෙත් එයාගෙම ලේ.. කොහොමද ගයාත්‍රි ඔයා මෙහෙම හැසිරෙන්නේ?

එදා රෑ මම ඔහුට පිළිතුරු නොදුන්නෙමි. සැබැවින්ම ඔහුට මා එපාවේ යැයි සිතා බිය වුනු නිසාම මම යලිත් අනුලම්මා ගැන කතා කරද්දී ප්‍රවේසම් වූයෙමි.

‘අනුලම්මා පෙන්ශන් ගියා පුතේ.. ඒ ගෑණි හරි ආසාවෙන් ඉන්නේ ඔයාගෙ දරුවෙක් නළවන්න…

මීට දෙසතියකට කලින් අප්පච්චී පවසද්දී මා උන්නේ කෝපයෙනි. කිසිවක් නොකියා මම අප්පච්චී සමග කතාව වෙනත් අතකට හැරවූයේ අනුලම්මාගේ හෙවනැල්ලවත් මගේ දරුවන්ට වැටෙන්නට ඉඩ නොදෙන බවට මම මටම පොරොන්දු වෙමිනි.

එකී සිදුවීමෙන් අනතුරුව පෙරදා රාත්‍රියේ බෝධිපූජාවකට අප්පච්චී සමඟ සහභාගී වී යලිත් නිවසට එද්දී අනුලම්මාත් අප්පච්චීත් සිටි කාර් රථය අනතුරට ලක්වී ඇත. අනතුරින් අප්පච්චීට සීරීමක් වත් නොවූ අතර අභ්‍යන්තර ලේ ගැලීමකින් අනුලම්මා රෝහලේදීම මියගිය වග රොහල් කාර්‍යමණ්ඩලය තහවුරු කලේ අද පාන්දරය.

‘ඔයා හරි වාසනාවන්තයි මිස් අනුලා වගේ අම්මෙක් ලබන්න. මම අද මේ විදියට ස්තෙතස්කෝප් එක දාගෙන ඉන්නෙ මිස් නිසා’

මගේ වයසේම වෛද්‍යවරියක් මගේ අතින් අල්ලාගෙන පැවසුවේ කඳුලු පිරීගිය දෙනෙතිනි. මම ඒ දෙනෙත් මඟහැර බිම බලාගත්තේ කියන්නට කිසවක් නොවූයෙනි.

‘පුතේ… වැඩක්ද?

අප්පච්චීගේ හඩින් මම යලිත් වර්තමානයට පිවිසුනෙමි.

‘නෑ අප්පච්චී… කියන්න…

‘ එන්න ටිකක් මම එක්ක…

අප්පච්චී මගේ අතින් අල්ලාගෙනම ඔහුගේ කාමරයට රැගෙන ගියේය. කිසිවක් සිතාගත් නොහැකිව මම ඔහු සමඟ ගියෙමි.

‘මෙහෙන් වාඩි වෙන්න…

අප්පච්චීගේ ඇඳේ කොනකින් මම වාඩි වෙද්දී ඔහු තම අල්මාරිය වෙත ගොස් කුමක්දෝ හොයන්නට විය. විනාඩි ගානක ඇවෑමෙන් අනතුරුව ඔහු දෙකට නැවූ කඩදාසියක් රැගෙන මවෙත අවේය.

‘පුතා මේක කියවන්න..

අප්පච්චී ඒ කඩදාසිය මගේ අතට දුන්නේ එසේ කියමිනි. පරණ එක්සයිස් පොතක කොලයකින් ඉරාගත් එම කඩදාසිය අතට ගත් මම අප්පච්චී බලා සිටියදීම දිග හැරියෙමි. එය වචන කීපයක සටහනකි. කියවන්නට ගත වූයේ තත්පරයකි…

‘ සිරිල්, හෙට ජගත් රෑ වැඩ. මම ගයාත්‍රිව අම්මලාගෙ ගෙදර යවන්නම්.. මාව එක්ක යන්න එන්න. මට ඔයා එක්ක අලුත් ජීවිතයක් පටන්ගන්න ඕන.

මීට, ඔයාගේ මාලා….

ලිපිය කියවා මම තුෂ්නිම්භූතව අප්පච්චී දෙස බලාගෙන උන්නෙමි. අම්මාගේ නම මාලා වන අතර අප්පච්චී ජගත් වීරසේකර නම් විය. ඔහු ව්ෘතීයෙන් දුම්රිය රියැදුරෙකු වූ අතර මාසයකට කීපවතාවක් රාත්‍රී සේවයේ නිරත වූයේය. ලිපියේ සදහන් වූ අනෙක් නම මගේ නම වූ අතර සිරිල් යන අම්මාගේ කවුරුන්දැයි යන ප්‍රශ්නය මගේ හිත පුරා නැගෙන්නට විය.

‘ඔය ලියුම මට අහුවුනේ අම්මාගේ ඩයරිය අස්සේ තිබිලා. එයා එදා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා. සිරිල් කියන්නේ අම්මා එක්ක එකට ඉස්කෝලෙ වැඩ කරපු ස‍ර් කෙනෙක්… ඔය ලියුම අහුවුනු ලැජ්ජාවට තමයි අම්මා නිදිපෙති බීලා මැරුනේ…

මගේ ලෝකය එක තැන කරකැවෙන්නට විය.. අප්පච්චී කියන කිසිවක් අසන්නට තරම් මානසික මට්ටමක මා නොවීය.

‘ ඒ දවස් වල අනුලා බදින්න උන්නේ දොස්තර මහත්තයෙක්.. ඒ කසාදේ නවත්තලා අනුලා මාව බැන්දේ උඹලෑ අත්තම්මගේ ඉල්ලීමට. උඹ උස්මහත් වෙද්දී උඹව බලන්න කෙනෙක් නැති නිසා..මාව බැදලා ගෙදර ආව අනුලා උඹ හින්දම තව දරුවෙක් ගැන හිතුවෙ නෑ පුතේ. උඹ බුද්ධාගමට එක සැරයක් රචනාවක් ලියලා තිබුනා මහාප්‍රජාපතී ගෝතමී දේවිය ගැන. ඒකේ හරි වර්ණනාව තිබුනා එතුමිය ගැන. ඒත් ගෙදර උන්නු ප්‍රජාපතී දේවියට උඹ සැලකුවේ පාරේ ඉන්න බැල්ලියෙකුට වගේ…

ඉකිගසා අඩමින් අප්පච්චී කියද්දී මම කන්දෙක දෑතින්ම වසා ගත්තෙමි.

‘ඇයි මට මේවා නොකිව්වේ අප්පච්චී?

‘අනුලම තමයි කිව්වේ අක්කා ගැන උඹත් එක්ක කිව්වොත් අම්මට වෛර බදීවි කියලා. මැරුණු කෙනෙක්ට වෛර බදින එක පාපයක් හැටියටයි අනුලා දැක්කේ.. උඹේ අම්මා අහන්න ඕනි කුණු බැනුම් ඔක්කොම අනුලා ඇහුවේ උඹට වගේම උඹේ අම්මටත් තිබුනු ආදරේට. අනික පුතේ….

එක හුස්මට කියාගෙන ගොස් අප්පච්චී මොහොතකට කතාව නැවැත්තූවේය. මම ඉගි ගසා හඬමින් ඔහු දෙස බලාගෙන උන්නෙමි.

‘ඒ ගෑණි ජීවත්ව ඉද්දි මෙහෙම කතාවක් කිව්වා නම් උඹ අහයිද?

මට තව දුරටත් එතැනට වී හිදින්නට බැරි ගතියක් විය. මම එහෙමම වත්තපහළට දිව ආවේ නිවසේ සෑම තැනකම අනුලම්මාගේ රූපය මට මැවි මැවී පෙනෙන්නට වූ බැවිනි. හිතේ හැටියට කොස්ගහ මුලට වී හැඩූ මම අතේ ගුලි වී තිබුනු ලියුම දිඟහැරියෙමි. මේ ඇය මා විවාහ වූ දින රනුකගේ අතට දුන් ලිපියකි.

‘ආදරණීය ගයාත්‍රී,

අද ඔයාගේ ජීවිතේ ලස්සනම දවස. මම හරි ආසාවෙන් ඔයා දිහා බලාගෙන උන්නේ. ඔයාට වගේ මාලහතක් දාන්න මම පිං නොකලත් මගේ රූපය මම අද ඔයාගෙන් දැක්කා. පුතේ මේ ලියුම ඔයාට ලැබෙන්නෙ කවදාහරි මම මැරුණු දවසකට. එදාට අප්පච්චි ඔයා නොදන්න කතාවක් කියයි. මගේ පුතා කවදාවත් අම්මට වෛර කරන්න එපා. අම්මා නොකරපු යුතුකම් ඔක්කොම මම මගේ පුතාට ඉෂ්ඨ කරලා තියෙනවා. මගේ රත්තරන් බඩු හැම එකක්ම වගේම ඔයාගෙ කිරිඅත්තා මට දුන්නු හැම ඉඩමක්ම මම පවරලා තියෙන්නෙ ඔයාගෙ නමට. ඒ හැම ඔප්පුවක්ම අප්පච්චි ඔයාගෙ අතට දේවි.. මගේ අතින් ඔයාට වරදක් වුනා නම් මට සමාවෙන්න. මම කවදාවත් පවුල් කඩපු ගෑණියෙක් නෙවෙයි පුතේ..

මීට,

ඔයාගෙම පුංචි අම්මා,

අනුලා…

මගේ ලෝකය මා වටාම කරකැවෙන්නට විය. ගෙවුනු අවුරුදු විසි ගාන පුරාවටම මා උන්නේ මොන තරම් මුලාවකදැයි මගේ හිත මගෙන් අසන්නට විය. මට මම ගැනම පිළිකුළක් දැනෙන්නට විය. සිදු වූ සියල්ලම ගැන පසුතැවුනත් දැන් මට අනුලම්මා ලැබෙන්නේ නැත. මම මොනතරම් පව්කාරියකදැයි මගේ හිත මටම කෑගසා බනින්නට විය.

මම යලිත් ඒ අකුරු දෙස බැලුවෙමි. වෙනදා නොදුටු අහිංසක, අව්‍යාජ බවක් ඒ අකුරු තුල සැඟවී තිබුනි. මම ඒ ලිපිය මගේ පපුවටම තදකරගත්තෙමි.

‘මට සමාවෙන්න පුංචි අම්මේ.. හැම ආත්මෙම මගේ පුංචි අම්මා නෙවෙයි මගේ අම්මාම වෙලා ඉපදෙන්න!

මම කෑගසා හඩමින් කීවෙමි.

තක්ෂිලා ඒකනායක.

ඔබ රස්සාව කරන්න ජීවත් වෙන කෙනෙක් ද?

උදේට ඔබ අවදි වෙන්නෙ සතුටින් ද? මෙහෙම ඇහුවොත් කීයෙන් කී දෙනාද සතුටුයි කියන්නෙ. උදෑසන අවදිවීම වගේම රැකියාවට යෑමත් හොඩක් දෙනෙක්ට කරදරයක්. හරිම අකමැත්තෙන් කරන දේවල්. නමුත් ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නිසා අකමැත්තෙන් හෝ රැකියාවට යනවා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්.

ඇය මගේ යෙහෙළියක්. විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන, හොඳ වැටුපක් ගන්නා ඇය රැකියාව කරන්න පටන් ගත් දා සිට සතුටකින් ඉන්නවා මම දැක නැහැ. දිනක් අපි කතා කරමින් සිටිද්දී ඇය මගෙන් මෙසේ විමසුවා.

“ඔයා කැමැත්තෙන් ද ඔය ජොබ් එක කරන්නෙ?”

“ඔව්” මගේ පිළිතුර වුණා. මම කිසිඳු අයෙක්ගෙන් රැකියාව, විවාහය, දරුවො, පවුල ගැන ප්‍රශ්න නොකරන කෙනෙක්. ඒ නිසා ඇගේ රැකියාව ගැන මම විමසුවේ නැහැ. නමුත් ඇය මෙසේ කතාවට මුල පිරුවා.

“අනේ එහෙමද? මට නම් දැන් එපා වෙලා තියෙන්නෙ මේ රස්සාව. කිසිම ගෝ එකක් නැහැ. වෙලාවකට අයින් වෙන්නත් හිතෙනවා. ඒත් ඉතින් ජොබ් එකක් ඕනිනේ. ඒ නිසා ඉතින් ඉන්නවා”

ඇය සහ මම කුඩා කළ සිට ඉතා හොඳ මිතුරියන්. ඇය කුඩා කළ සිටම කැමති වුණේ ක්‍රියේටිව් දේවල් වලට. ඇයට ලස්සනට මහන්නත් පුළුවන්. මගේ උපන්දින වලටත් ඇගේ අතින් මැසූ කොට්ට උර, ටේබල් මැට්ස් පවා මට දී තිබෙනවා. නමුත් සාමාන්‍ය පෙළින් පස්සෙ ඇයට සිදු වුණේ ඇගේ දෙමව්පියන් කැමති දෙයක් උසස් පෙළට කරන්නට. ඉතින් ඇයට ඇගේ නිර්මාණශීලී හැකියාව මග හැරුණා.

“ඔයා දන්නවනෙ මම ඒ කාලෙ ඉඳලම ඩිසයිනින් වලට එහෙම කැමතියි. ඒ වගෙ ජොබ් එකක්වත් කරන්න තිබ්බනම්..” ඇය සුසුම් හෙළුවාය.

“ඉතින් ඔය ජොබ් එක කරන ගමන් ඔයාට ඩිසයිනින් වගෙ දේවල් කරන්නත් පුලුවන්නෙ”

“ඒ කොහොම ද? දවසම මෙතන වැඩ කළාම ඇගට හරිම මහන්සියි. තව දෙයක් කරන්න බෑ”

“ඔයා ට්‍රයි කරලා බැලුවද?”

ඇය කල්පනා කරන්නට විය. ඇයත් සමග කතාවෙන් මට පැහැදිලි වුණේ ඇයට මේ ඩිසයිනින් පැත්තට යොමු වීමට ඉතා දැඩි කැමැත්තක් ඇති බවයි. ඇයට ඇගේ රස්සාව එක්ක වෙලාව කළමණාකරණය කරගන්නට තේරුමක් නැති බවක් තිබුණා.

නමුත් ඔබ විශ්වාස කරනවද? ඇය අද ඇගේම ඩිසයින් කළ ඇඳුම් තිබෙන Online Store එකක හිමිකාරියක්. ඇය අදටත් අපේ එදා හමුවීම ගැන සතුටු වෙනවා. මොකද ඇය එයින් නව පණක් ලැබුවා. තමන්ගෙ සහජ හැකියාවෙන් තමන්ගෙම බිස්නස් ව්කක් පටන් ගන්න ඇයට හැකි උනා.

ඔබත් කරන රැකියාවට කැමැත්තක් නැටි කෙනෙක් ද? පොඩ්ඩක් හිතලා බලන්න. ඔබ ඇත්තටම දක්ෂ දේවල් මොනවද කියලා? කොටින්ම කිව්වොත් ඔබේ Hobby එක (විනෝදාංශය) ඔබේ රැකියාව වුණොත්? ඔබ කැමතියි නේද? අපි හැමෝම එහෙම තමයි. අපේ හිතට සතුට සැනසුම දෙන දේ අපි හරි ආසාවෙන් කරනවා. ඔබත් ඔබේ Hobby එක රැකියාව කරගන්නට හීන දකිමින් වෙමින් රැකියාවක නියැලෙන කෙනෙක් නම් දැන්ම දුක්වෙන එක නවත්තන්න. ඒත් සමග පොඩියට හෝ ඔබේ ව්නෝදාංශය හෙවත් ඔබ කැමති දෙය කරන්නට පටන් ගන්න. කාලයක් යද්දි ඔබට වැටහේවි, එය ඔබ ජීවිතේ ගත්ත නිවැරදිම තීරණයක් කියලා.

තව දෙයක්, ඔබට යමක් කරන්නට ඕනි නම් කවුරුවත් වෙනම ම වෙලාවක් බන්දේසියක තියලා ගෙනත් දෙන්නෑ. ඔබේ දෛනික ක්‍රියාවලීන් තුළින්ම ඔබ, ඔබට කාලය සොයා ගත යුතුයි. දෙයක් බැරි වෙන්නෙ, ඔබ ඔබට ‘බැහැ’ කියලා හිතුවොත් පමණයි. ඔබ ඔබව දිශ්වාස කරලා, මට පුළුවන් කියලා හිතුවොත් අනිවාර්‍යෙන් ම ‘ඔබට පුළුවන්’.

ඉතින් ඔබත් ඉගෙන ගත්ත දේම රැකියාවට කරලා එපා වෙලා ඉන්න කෙනෙක් නම් මේ ලිපිය ගොඩක් වැදගත්. Educational qualifications වලින් හිමිවෙන රැකියාව කරලා හෙම්බත් වෙලානම්, අදම ඔබ දක්ෂ දෙය පටන් ගන්න. ඔබේ හිත සතුටින් එහි නියැලෙන නිසාම, ඉක්මනින් ම ඔබට සාර්ථකත්වයට යන්නත් පුළුවන්. අනිත් අය කරන කරන ජොබ් කරන්නට හීන මවන්නත් එපා. ඔබේ දක්ෂතා වලින් ඔබගේ මාර්ගය තෝරා ගන්න. ඔබ ඔබම වන්න. ඔබත් ඔබේ Hobby එක, Job එක කරගන්න!

Dr. චන්දි රාජපක්ෂ

අවසන් ඇමතුම

‘පුතේ පපුව රිදෙනවා’ කිව් පසුව    මෙමා

‘තාත්තා පරිස්සමක් නෑනේ’ කිව්වා   පුතා

අද නම් පුතේ වැඩිපුර මට රිදෙයි    කියා

කීවත් පුතු පයිසෙට මායිම් නොකර  ගියා

ඇස් දෙක මගෙ උණු කඳුළින් ඉනුව  නියා

කඳුළු පිසින්න දිනිතිය දැන් නොමැති නිසා

තනිව පාළුවෙන් යහනක ඉන්න        නිසා

මගේ මතකෙ අතීතෙටම රැගෙන      ගියා

පුතු ඉපදුන දිනවල මට නින්දක් කොහිද

නිතර බලන්නේ පුතු මගෙ    අසනීපෙන්ද

ගෙට ගොඩ වන්නේ අහලා පුතු   කෑවාද

පුතු නළවන්න කෙතරම් ගී පද     කීවාද

ලොව හොඳම දේ දෙන්නට පුතුට  මගේ

වෙහෙසුනෙමි රෑ එළිවෙනකම්ම   වගේ

සතපහ නැති දිනට දුක තද කරන් හිතේ

වතුර ඩිංඟක් බී නින්දට ගියා        පුතේ

හොඳම පාසලක් අකුරට නුඹට  පුතේ

හැමට වඩා ඕන වුණේ මටයි     පුතේ

සල්ලි තිබ්බෙ නෑ මට යහමින්ම අතේ

ණයත් වෙලා ඒකත් මං කළා     පුතේ

අතේ පයේ පොඩි සීරිමක් වුණත්  නුඹේ

කලබල වෙලා දුක ගත්තෙත් පියා නුඹේ

කහවණු නැතත් බිම්බිසාරටම    වගේ

හැම සැප දුන්නා අඩුවක් නැතිව  අගේ

විභාග සැම පුතු ඉහළින් සමත්   වුණා

රැකියාවත් පුතු මහිමෙට හිමිම   වුණා

ඩිංග ඩිංග කරදඬු උස් මහත්     වුණා

ආඩම්බරෙන් මගෙ හදවත සතුටු වුණා

පුතුගෙ විවාහෙට සල්ලිත් ඕන    නිසා

ඉසිඹු ලැබුවා මම පස් වසරක්ම තියා

ගම් හතටම හොඳහැටි මඟුල්   කියා

පුතු තුට දැක මගෙ දුක සැඟව   ගියා

මතකයේ ගිලී යහනේ මා දැන් වැතිර

පපු රිදුමේ වැඩි වේගෙන එයි    නිතර

දුරකථනෙන් පුතු හට ඇමතුව   අතර

‘මීටිමක ඉන්නේ’ එපාලු කතාව නිතර

පුත නුඹ පියාට කතා බැරිය අදින් මතු

හුස්ම මගේ හිරවීගෙන එනවා     පුතු

අවසන් වරට වදනක් ඇත කිවම යුතු

අජාසත් සේ පසුතැවිලි නොවන්    පුතු

________________________ච | රි | යා_______

ප:ලි:   රැකියාව, මිල මුදල් හෝ වෙන යම් භෞතික වස්තූන් ඉදිරියේ වහල් නොවී දිවියේ උත්තරීතරම වස්තූව වන දෙමාපියන්ට දැක්විය යුතු සෙනෙහස, ආදරය, රැකවරණය නොඅඩුව ලබා දීමට වග බලා ගන්න. නැතහොත් නිසැකවම දිනෙක ඔබ පසුතැවිලි වනු ඇත

Google Keep

කොහොමද ඔයාලට අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත්ම විදියකට හැඩ ගැහෙන ගමන් අලුත් දෙයක් ඉගෙන ගමුද .? ඔන්න වෙනදා වගෙම මම ඔයාලට අලුත් දෙයක් අරගෙන ආවා.අදත් කියලා දෙන්න යන්නෙ ඔයාලා ගොඩක් අය නොදන්න නමුත් ඔයාලට ප්‍රයෝජනවත් වන Google Service එකක් පිලිබදව..

ඉතින් මේ කතාව Google Travel කියන Service එක සහ ඒකේ වැඩ කටයුතු සිද්ද වෙන ආකාරය.

ගොඩක් වෙලාවට ඔයලා trip එකක් යන්න plan කරණ හෝ කරපු කෙනෙක්නම් ඔයාලා Google එකේ ඒකට අදාල විස්තර search කරපු කෙනෙක්නම් සමහර විටක මේ Service එක හමුවෙන්න ඇති.

මේ Google Travel ගැන සරලවම කිව්වොත් පරිශීලකයන්ට සංචාර වෙන් කරවා ගැනීමට, ගමන් මාර්ග කළමනාකරණය කිරීමට ඉඩ සලසන යෙදුමකි.2016 Silicon Valley Giant හිදී මෙය සේවාවක් ලෙස හදුන්වා දෙන ලදී.මීට පෙරදී Google Trip ලෙස අසා තිබුනේත් මෙම service එකමයි.

Google Travel එකෙන් මොනවද කරන්න පුලුවන්.

හොදයි අපි දැන් මෙහි සරල පැහැදිලි කිරීමක් දැන ගත්තනේ.ඉතින් අපි බලමු මෙයින් ඉටු වෙන සේවාවන් මොනවද කියලා..

ඔබ නොසැලකිලිමත් ලෙස Search කරන්නේ නම් හෝ ඔබට යාමට අවශ්‍ය ස්ථානය දැන සිටියත්, Google Travel සමඟින් ගුවන් ගමන් සෙවීම පහසුය. ඔබට ඔබගේ සෙවුමේ සංචාර කොපමණ කාලයක් පැවතිය යුතුද යන්න සැකසීම සමඟින් ඔබට පහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය දිනයන් වෙනස් කළ හැක.

ගුවන් ගමන් සොයන විට, ඔබට පරාමිති කිහිපයක් භාවිතා කර ඔබගේ සෙවුම කැමති පරිදි සිදු කළ හැක. මේවාට ඇතුළත් වන්නේ:

1.ඔබ භාවිතා කිරීමට කැමති ගුවන් තොටුපල සම්බන්ධ කිරීම

2.ගමනේ සියලුම ගමන් සඳහා ඔබට ගමන් කිරීමට අවශ්‍ය දවසේ වේලාව

3.ඔබට පියාසර කිරීමට අවශ්‍ය ගුවන් සමාගම්

මේ විතරක් නෙමේ..ඔයාලට ගමන් මලු දීමනාව (baggage allowance) සහ තවත් දේ මත පදනම්ව ගුවන් ගමන් සෙවිය හැක.

ගුවන් ගමන් වලට අමතරව, ඔබට හෝටල්වල මිල ගණන් ද පරීක්ෂා කළ හැකිය. මෙය සිදු කිරීම සඳහා, හෝටල් මිල ගණන් වෙත ගොස් “What you’ll pay” මගින් කළ හැකි වේ..

ඔබේ ආශ්වාදය සදහා සහ විවිධ චාරිකා මත සෙවුම් කළ හැකි වේ.

බොහෝ පුද්ගලයින් සඳහා, ඔවුන්ගේ සංචාරයේ සෑම කොටසක්ම වෙන්කරවා ගැනීම ඔවුන්ගේ අවශ්‍යතා සඳහා වඩා හොඳින් රිසිකරණය කිරීමට උපකාරී වේ. ඔබ මෙම පුද්ගලයන්ගෙන් කෙනෙක් නම්, ඔබගේ සෙවුම් ප්‍රතිඵල ඔබගේ ඉල්ලීම් වලට වඩාත් ගැලපෙන බව සහතික කර ගැනීමට Google Travel ඔබට විකල්ප කිහිපයක් වෙනස් කිරීමට ඉඩ ලබා දෙන බව නිසාම ගැනීමට ඔබ සතුටු වනු ඇත.

ඔබගේ විස්තර එකතු කිරීමේ හැකියාව

ඔබ ඔබගේ සංචාරය සැලසුම් කිරීමට සූදානම් වූ පසු, ඔබට අවසාන ගමන් විස්තරය නිර්මාණය කිරීමට Google Travel භාවිතා කළ හැක. ඔබ නව ගමනක් ආරම්භ කරන විට, ඔබට එයට බොහෝ දේ එකතු කළ හැකිය.ඔබගේ ගුවන් ගමන්වල සිට ඔබ කෑමට කැමති ස්ථාන දක්වා සියලූම විස්තරද එකතු කල හැකියි.

ඔබ Google Travel හරහා ඔබගේ ගුවන් ගමන් සහ නවාතැන් වෙන්කරවා ගන්නේ නම්, ඔබගේ තහවුරු කිරීම් ඔබගේ ගමන් විස්තරයට එකතු වේ.

ඔබගේ සැලසුම් එකතු කිරීමට අමතරව, ඔබගේ ගමනාන්තය පිළිබඳව ඔබව දැනුවත් කිරීමටද ඔබට මෙම කොටස භාවිතා කළ හැක. ඔබ සංචාරය කිරීමට අදහස් කරන වසරේ කාලය සඳහා සාමාන්‍ය උෂ්ණත්වය සමඟින් Google ඔබට නිතර අසන ප්‍රශ්න පෙන්වයි.

නවාතැන් වෙන් කිරීමේ හැකියාව.

ඇත්ත වශයෙන්ම, ඔබට කොහේ හරි සංචාරයක් සැලසුමක් තනිවම කිරීම අපහසු වන නිසාම මේ සේවාව ඉතාමත් පහසුවේ.ගුවන් ගමන් මෙන්ම, ඔබට Google සංචාරක අතුරුමුහුණත හරහා හෝටල් වෙන්කරවා ගත හැක.

හෝටල් සොයන විට, ඔබට ඔබගේ සෙවුම මිල සහ සංචාරයේ කොපමණ පිරිසක් සිටීද යන්න මත පදනම්ව Filter කළ හැක. ඔබ වෙනත් හෝටල් වෙළඳ නාමවලට ​​වඩා කැමති නම්, ඔබට පෙන්වීමට ඔබ කැමති විකල්ප සඳහා පමණක් තෝරාගත හැක.

ඔබට ඔබේ හෝටල් search කිරීම Filter කළ හැකි වෙනත් ක්‍රමවලට ඇතුළත් වන්නේ:

  • දීමනා
  • නොමිලේ Wi-Fi සහ ළමා හිතකාමී වැනි පහසුකම්
  • හෝටලයේ පන්තිය/තරු ශ්‍රේණිගත කිරීම

ඔබට නේවාසිකාගාර සහ ගෙස්ට් හවුස් වෙන්කරවා ගැනීමටද මෙම විශේෂාංගය භාවිතා කළ හැක. ඔබේ නවාතැන් වෙන්කරවා ගැනීම ආරම්භ කිරීමට, ඔබට Hotel එකේ website වෙත යාමට අවශ්‍ය වනු ඇත. ඔබ එහි සිටින විට, ඔබට අවශ්‍ය යැයි හැඟෙන පරිදි කැමති දෙයක් තෝරා ගැනීම කළ හැක.

දේපල බදු ගැනීම.

ඔබ හෝටලයක නවාතැන් ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ නම්, ඔබට Google Travel හරහා පුද්ගලික නිවාඩු කුලී සොයා ගත හැක. ඔබට විකල්ප කිහිපයක් පෙනෙනු ඇත,:

Apartment

Guest House

කුටි(Cottage)

Hotel මෙන්ම ඔබට අවශ්‍ය පහසුකම්, ඔබේ මිල පරාසය සහ තවත් දේ මත පදනම්ව ඔබට තෝරා ගැනීම කළ හැක.

ඉතින් මේ වගේ තවත් විශේෂාංග රාෂියක් මෙම සේවාව ඔස්සේ ඔබට ලබා ගත හැකි අතර තවත් සේවාවන් රැසක් මෙහි ඇත.ඉතින් අදට අපි මෙතනින් සමුගන්නවා..තවත් කොටසක් අරගෙන ආයේ ඉක්මනින්ම හමු වෙනකම් ඔයාලට සුබම සුබ නව වසරක් වේවා..!

(BSc Honors. In Computer Science, Social Media Strategists,Dip in HRM,Dip in Finance Management, Dip in Production Management, Dip in Sales Management )

076 2209299

www.dilshanmanujaya.com

වචන වලට පණ දෙන කාගෙත් හිත දිනන

SUREKHA PERERA

සුරේඛා පෙරේරා කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත්

සුරේඛා පෙරේරා කියන්නෙ නිදහසට බොහොම කැමති, ජීවිතය විඳින්න කැමති, අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්.

සුරේඛා ගේ  පවුලෙ විස්තර, පාසල් කාලය ටිකක් දැනගන්න කැමතියි

 මගේ උපන් ගම වෙන්නෙ රාගම ප්‍රදේශයේ බටුවත්ත කියන ගම. මගෙ පවුලෙ අම්මයි තාත්තයි, මල්ලියි එක්ක තමයි මම ජීවිතේ පටන් ගන්නෙ. බටුවත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. පසුව ව්‍යාපාර කළමණාකාරණය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා.

දැන් මම විවාහකයි. මගෙ සැමියාගෙ ව්‍යාපාර කටයුතු වලට සහය වෙන ගමන් මගෙ පුතුන් දෙදෙනාගෙ වැඩකටයුතුත් කරගෙන සතුටින් ඉන්නවා.

කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ

ඒක අහම්බයක්… පාසල් කාලයේදී මගෙ මිතුරෙකුගේ අභාවයක් නිසා ඇතිවුණ වේදනාව තමයි මම මුලින්ම අකුරු කලේ. එයින් පස්සෙ මම ටිකෙන් ටික කවි, නිසඳැස් ලියන්න පෙළඹුනා. ඒවා සියල්ලම මම පොතක ලියා තැබුවා මිස පත්තරයකවත් පල කෙරෙව්වෙ නෑ. ළඟම මිතුරියන්ට විතරක් අදහස් දැන ගන්න ඕනෙ නිසා රස විඳින්න දුන්නා. පාසල් කාලෙන් පස්සෙ  නම් මම කවි ලිව්වේම නැති තරම්.

නමුත් මීට අවුරුදු 5 විතර කලින් මගෙ පැරණි කවි පොත් ටික මට ආයෙත් කියවන්න ලැබුනම මට හිතුනා මුහුණු පොතේ එක්තරා කවි නිසඳැස් තියෙන සමූහයකට ඒවා ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. මම මුලින්ම මගෙ පැරණි කවි එහි පල කිරීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර මත තමයි මම නැවතත් කවි ලියන්න පටන් ගත්තෙ.

මුලින් විවිධ දේ ගැන ලියන්න පටන් ගත්තත් බොහෝ දෙනාගේ ඉල්ලීම් මත ඔවුන්ගේ දුක සතුට, අත්දැකීම් අකුරු කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ හැඟීම් මගේ කරගෙන ලියන්න පටන් ගත්තා.

ඔබ ආඩම්බර වන  ඔබ ලියා ඇති හොදම සටහන.

මම මුල සිටම කවි නිසඳැස් ලියූ සමූහයට ලියූ සටහනක්, 1800 ට වඩා වැඩි අතර ශෙයාර් වී තිබුනා.. ඒ වගේම පෙජ් කිහිපයකින්ම එය නැවත නැවතත් ඉදිරිපත් කර තිබුනා.

විනිශ්චය

………………

ඔබ..

තවත් අයෙකුගේ මානසික මට්ටම ගැන,

ඔවුන් විඳි දුක් පීඩා ගැන,

හරියටම නොදන්නේ නම්

ඔවුන්ව විනිශ්චය කිරීමෙන් වළකින්න..

මන්ද…

ඔබට හීනෙකින්වත්

සිතා ගත නොහැකි තරම්

දුෂ්කර කාලයක්

ඔවුන් ගෙවා දමා හෝ

ගෙවා දමමින් සිටිනවා විය හැක….

එම නිසා…

ඔබට සිතා ගැනීමටවත්

නොහැකි තරමටම

ඔබගේ විනිශ්චය

ඔවුන්ට පීඩාවක් විය හැක..

ඉදිරියේදී සුරේඛා ගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද? පොතක් එහෙම ලියන්න අදහසක්.

බොහෝ දෙනෙක් ඔය ඉල්ලීම මගෙන් කරල තියෙනවා. ඒත් මම තාමත් ඒ ගැන හිතමින් ඉන්නවා. මොකද පොතක් කරනවා නම් රස විඳින්නාට ඒකාකාරී බවකින් තොරව, හදවතට මනසට දැනෙන, හරවත් නිර්මාණයන්ගේ එකතුවක් විය යුතුමයි. ඒ නිසා ඒකට ටික කාලයක් ගත වෙයි.

අනිත් කාරණය තමයි මුහුණු පොතේ අපේ කවි රසවිඳින්නන් බොහෝ ප්‍රමාණයක් හිටියත් කවි පොතක් මිලදී අරන් කියවන්න කැමති පිරිස බොහොම අල්පයක් වීම. ඒ නිසා ආත්ම තෘප්තිය වෙනුවෙන්  මිස මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම පොතක් කිරීමට නම් කිසිම අදහසක් නැහැ.

මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද සහ අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්

 මම හිතන්නෙ ලියන කෙනෙකුට හොඳම ආයුධය තමයි ලියන භාෂාව ගැන දැනුම එකතු කරගැනීම. ඒකට කියවීම අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. අපේ සිංහල භාෂාව හරිම ලස්සන රසවත් වචන වලින් බොහොම පොහොසත්. ඒත් අපි එයින් භාවිතා කරන්නෙ හරිම සීමිත ප්‍රමාණයක්. නමුත් කවියක් නිසඳැසක් ලියනකොට, ඕනෑම මට්ටමක දැනුම තියෙන කෙනෙකුට කියවා රසවිඳින්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.

අපි Magazine  එකට සම්බන්ධ වීම ගැන නම් තියෙන්නෙ හරිම සතුටක්. මුලින්ම ගයාන් කරුණාරත්න සහෝදරයා මට ආරාධනා කලාම පොඩි චකිතයක්, කුතුහලයක් තිබ්බා. මොකද මට මීට කලින් ඒ වගේ අත්දැකීමක් නොතිබුණ නිසා. නමුත් මාසයෙන් මාසයට පාඨකයන් වැඩි වැඩියෙන් ‘අපි’ මැගසීනයත් එක්ක එකතු වෙනකොට ඇත්තටම ලොකු සතුටක් දැනුනා මුහුණු පොතෙන් සහ මගේ සමීපතමයින්ගෙන් ඔබ්බට තවත් පිරිසකට මගේ නිර්මාණ ගෙනයන්න හැකිවීම ගැන. ඒ වගේම පෞද්ගලිකව ලොකු ආත්ම තෘප්තියක් දැනුනා මගේ සිතුවිලි, හැඟීම් නිර්මාණයන් ඔස්සෙ පිටරට වෙසෙන අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරින් අතරට ගෙන යන්න අවස්ථාවක් ලැබීම ගැන.

ඒ වගේම හැම ක්ෂේත්‍රයකම ප්‍රවීණයන්ගේ හරවත් රසවත් ලිපි ගණනාවකින් සමන්විත වුණ අපි මැගසීනයට මටත් නිර්මාණයකින් දායක වෙන්න හැකිවීම ගැනත් මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒකට මම අපේ ප්‍රධාන කතෘ ගයාන් කරුණාරත්න සහෝදරයට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි.

කෙමෙන් කෙමෙන් වසර දෙකකට පියවර තබන අපි මැගසීනය, ඉදිරියටත් හරවත්, රසවත්, වටිනා දැනුම පාඨකයන් ලබා දෙමින් සාර්ථක ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

Mexican Chicken Empanadas

අවශ්‍ය ද්‍රව්‍ය

ඩෝ එක සාදා ගැනීමට

පිටි කෝප්ප දෙකහමාරක්

 පොඩියට කැට කපාගත් සීතල butter කෝප්පයක් ලුණු මේස හැඳි එකක් බිත්තරයක්

 සීතල වතුර කෝප්ප භාගයක්

බැන්ද ගැනීමද තෙල් ටිකක්

ෆිල්න් එකට අවශ්‍ය ද්‍රව්‍ය

තෙල් මේ කෑලි තුනක් තක්කාලි පේස්ට් මේස හැන්දක්

 තම්බාගත් චිකන් breast දෙකක් සිහින්ව ඉරාගත්

පොඩියට කොටු කපාගත් මධ්‍යම ප්‍රමාණයේ ලූනු ගෙඩියක්

 පොඩියට කොටු කපාගත් තක්කාලි ගෙඩියක්

පොඩි කොටු කපාගත් බෙල් පෙපර් ගෙඩියක්

 විනාකිරි හැන්දක් මේස හැන්දක්

cricket stock කෝප්පයක්

 චීස් කෝප්ප භාගයක් greater

අඩෝ එක සාදා ගැනීම සඳහා මුලින්ම මික්සින් බෝල් එකක් ගෙන එයට පිටි සහය ලුණු කලං කරගන්න ඊට පසු කපාගත් බට ටික දමා හොඳින් කලවම් කරගන්න ඒ අතරතුර වතුර කෝප්පයට විනාකිරි හැඳ දමා බිත්තර ද කඩා දමා හොදින් ගසාගන්න පිටි මිශ්‍රණය ගෙන එයට බිත්තර මිශ්‍ර මේ එකතුකර dvd එකක් එන ආකාරයට හොඳින් සකසාගන්න ඉන්පසු ඔබ සාදාගත් අඩෝ එක ගිහින් ක්‍රීම් එකකින් වසා එක පැයක් පමණ තිබෙන්නට හරින්න

මිශ්‍රණ සාදා ගැනීම සඳහා පෑන් එකක් ගෙන එයට තෙල් ටික දමා විනාඩියක් පමණ ගතවූ පසු එයට කපාගත් මිරිස් ලූණු සහ තක්කාලි දමා ටිකක් තෙම්පරාදු කරගන්න ඉන්පසු එයට තක්කාලි පීස් සහ චිකන් ස්ටොක් එක දමා තවත් විනාඩි දෙක තුනක් පිසගන්න ඊට පස්සේ ඔබ කලින් සකසා ගත් විසූ කුකුළු මස් ටෙක් එකතුකර තවත් නෑනෙ 5ක් පමණ දෙපැත්ත දමා පිසෙන ට හරින්න ඊට පස්සේ කින් නිවෙන්නට තබන්න ඊට පසු සාදාගත් ගෝ එක එළියට ගෙන රෝලර් පින් එකක ආධාරයෙන් හොඳින් සමතලා කර මිල මීටර් එකක් පමණ වනතුරු තුනී කරගන්න ඊට පස්සේ ඔබට අවශ්‍ය ප්‍රමාණයට අඟල් හතරකට හෝ හයකට රවුම් ආකාරයට කපා ගන්න මෙය බොහෝ දුරට ලංකාවේ පැටිස් වලට සමාන ඒත් ඊට පසු කපාගත් රවුම් මැදට සාදාගත් චිකන් මිශ්‍රණය හැන්දකින් තබා එයට චීස් ටිකක් උඩින් ඉස ගන්න ඉන්පසු එය අඩු සඳහා ආකාරයට නවා ගෑවත් පුවක් ආධාරයෙන් seul කරගන්න මේ අතරතුර තෙල් ටික ලස්සනට තබා හොඳට රතු තෙලේ විනාඩි දෙක තුනක් දෙපැත්ත දමා බැදගන්න මෙය ස්පාඤ්ඤයේ සහ south american රටවල් වල ඉතා ප්‍රසිද්ධ ආහාරයකි

Lemon Pudding Cake

අවශ්‍ය ද්‍රව්‍ය:

බිත්තර 3

කිරි 250 ml

Lemon zest තේ හැඳි 1

Lemon යුෂ 100 ml

බටර් 50g

සීනි 200g

පිටි 50g

වැනිලා තේ හැඳි 1

සාදන ක්‍රමය:

– කුඩා custard cups 8 ක් බටර් තවරා සකස් කරගන්න. Oven එක සෙල්සියස් අංශක 170 ට  (non fan) කලින් රත් කර ගන්න.

– custard cups 8 තබා bake කිරීමට  අඟල් 12″x9″ බේකින් ටින් එකක් හෝ බේකින් ඩිෂ් එකක් සූදානම් කර ගන්න.

– බටර්, සීනි, lemon zest භාජනයකට දමා hand mixer එකක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කර ගන්න.

– ඉන් පසුව ලෙමන් යුෂ, බිත්තර කහ මද, පිටි, කිරි සහ වැනිලා කලින් සකසා ගත් මිශ්‍රණයට ටිකෙන් ටික දමා හොඳින් whisk කරන්න.

– බිත්තර  සුදු මද ඝණ මිශ්‍රණයක් වන තුරු hand mixer එකක් ආධාරයෙන් හොඳින් ගසා ගන්න.

– මෙම සුදු මද මිශ්‍රණය කලින් සකසා ගත් මිශ්‍රණයට දමා spatula එකක් ආධාරයෙන් සෙමින් මිශ්‍ර කරගන්න. (Folding method)

– දැන් මිශ්‍රණය කුඩා custard cups වලට වත් කරගන්න. එම custard cups අඟල් 12″x9″ බේකින් ටින් එකේ එකිනෙකට නොගෑවෙන ලෙස තබන්න. ඉන්පසුව උතුරාගත් වතුර custard cups තුලට නොයන ලෙස,  බේකින් ටින් එකට සෙමින්  වත් කරගන්න.

-කලින් රත් කරගත් oven එකේ විනාඩි 45-50 බේක් කරගන්න.

– මෙම lemon පුඩිම උණුවෙන් මෙන්ම සීතල වූ පසුවද පිලිගැන්විය හැකිය. තවත් රස කර ගැනීමට whipped cream හෝ berries වර්ගයක් එකතු කරන්න.

Anushka Nanayakkara

 (Diploma in Cake Decorating. RL Clement Cake School, Sri Lanka)

Back cover

නිවා දමනු මැන එළිය

හැඩිව ගිය මගේ හිත

නුඹ නොදකිනා පිණිස….

දිනෙක හමාවී සැඩ සුළඟ

හැඩිව ගිය මගේ හිත

කළ එළිය වනු පිණිස….

එදින විත් දල්වනු එළිය

කිසිත් නැති මගේ හිත

නුඹට දැක ගනු පිණිස…

එතෙක් ඉවසනු මැනව

දකින තුරු හිස් මසිත

නුඹේ සැනසුම පිණිස…

සුරේඛා