24-05-06

බඹරකිරිඇල්ල / Solo

මෙි තමයි මගේ ජිවිතේ පළවෙනි වතාවට හෙල්ලෙන පාළමකට ගොඩවු දවස….රිවස්ටන් තනිව ගිහින් එන ගමනේ තවත් එක සොදුරු ගමනාන්තයක් තමයි බඹරකිරිඇල්ල…

දකින්න ආසාවක් වගේම අසා ඇති දේවල් නිසා හිතට චකිතයක් ඇතිවු දිය ඇල්ලක්…

කොහොම හරි මට එ සුන්දර දිය කොමලියගෙත් සුන්දරත්වය දකින්න හැකියාව ලැබුණා.. 

බඹරකිරිඇල්ල පිහිටා තිබෙන්නේ රත්තොට සිට 6kmක් දුරින්, රිවස්ටන් යන පාරේ.. මාර්ගය අද්දරම නිසා පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුන්දර දිය ඇල්ලක්..

ප්‍රධාන පාරේ සිට 200mක පමණ කෙටි ගමණකින් ඇල්ලට යන්න පුළුවන්.. කොටස් තුනකින් සමන්විත මෙි ඇල්ලේ සුන්දරත්වය වඩාත්ම වැඩි වර්ෂාව ඇති කාලයට…. මෙි ඇල්ලේ සුසුන්දරත්වය වැඩි වන්නේ දෙවනි ඇල්ල හරහා වැටි ඇති හෙල්ලෙන ලී පාළම නිසා.. 

වර්ෂාව වැඩි කාලෙට මෙි දිය කොමලිය නමි බොහොම ප්‍රචණ්ඬ බවයි මට දැනගන්න ලැබුණේ.. එ කාලෙට දිය ඇල්ලේ දෙවනි ඇල්ලෙන් කඩා හැලෙන දිය දහරාවෙි ජල බිදිති ඇල්ල හරහා ඇති පැද්දෙන පාළම තෙක් වි⁣හිදෙන බවයි එ අසල කඩයේ නැන්දා මට පැවසුවෙි.. 

කෙසේ වෙතත් මෙි ඇල්ලට බඹරකිරිඇල්ල ලෙස නම පටබැදුනු ආකාරය නමි කිසිවෙක් දන්නේ නෑ.. නමුත් ඔවුන් නමි පවසන්නේ වර්ෂව වැඩි කාලයට ඇල්ලේ දිය දහර විසිරි යන ආකාර නිසා බඹරු ඇවිස්සි ඇති සේ දිස් වෙන නිසාම එ නම යෙදෙන්නට ඇති බවයි…

එ වගේම තමයි රත්තොට , වෙිරගම ගමි වලට පානිය ජලය සපයන්නේ මෙි බඹරකිරිඇල්ලෙන්…

චිනයේ ආධාර යටතේ එරටෙන් පැමිණ දික්කුඹුර ප්‍රදේශයේ විශාල ටැංකි දෙකකට ඇල්ලේ ජලය රැගෙන යනවා… එ ජලය තමයි එ අවට ප්‍රදේශ වල පානීය ජල අවශ්‍යතා සපුරන්නේ…. සුදු ගඟ පොශනය කරන තවත් දිය දහාරවක් ලෙස බඹරකිරිඇල්ල සියළු අවශ්‍යතා සපුරා දෙමින් ගලා බසිනවා නිහඬව කිසිත් නොදන්නා ආකාරයට…

මං එහෙම පැවසුවෙි ඇල්ල කොයිතරමි සුන්දර උවත් ඇල්ල ගැන ඇති කතා නමි සුන්දර නැති නිසා..

මෙි වතුර තටාක තුනම ගැඹුරින් වැඩියි.. එ නිසා එහි බැස දිය නෑම මෙි වන විට තහනමි වගේම ඇල්ල අසල මත්පැන් පානයත් තහනමි.. දැනටමත් මිනිස් ජිවිත පනහකට වඩා බිලි අරන් ඇති බවයි ගමිමු කීපදෙනෙක්ම මා හට පැවසුවෙි.. එ හැම ජිවිතයක්ම අරගෙන මෙි ඇල්ල එ කිසිම දෙයක් නොදන්නා ගාණට සුන්දරව ගලා බහිනවා…

කාලෙකට ඉහතදි මෙහි දිය නෑමට දුන්නත් දැන් නමි කිසිවෙක්ට මෙි තටාක තුලට බසින්න ඉඩ දෙන්නේ නෑ.. එ පෙරට වඩා දැන් මෙහි අනතුරුදායක බව වැඩි නිසා.. 

එයට හෙතුව  2012 වර්ෂයේ නිකොලොය වත්තේ මහා නාය යෑම… එ නායයෑමෙි ප්‍රතිපලයෙන් මෙි ඇල්ලේ තටාක තරමක් ගොඩවෙලා ගසාගෙන පැමිණි ගල් වලින්, එ ගල් වලින් තටාක ගොඩවිම නිසා අවදානමි වැඩියි.. යමි අයෙක් දියට බැස දිය නැමට උත්සාහ කලොත් යමි විදිහකින් ගැඹුරු තටාක ඇතුලේ ඇති ගල්පර තුල හිරවිමට ඇති ඉඩකඩ වැඩි බවයි පැවසුවෙි.. එ නිසාම කිසිවෙකුට එහි දිය නෑමට නමි අවසරයක් නෑ…

නායයෑමෙන් පහලට ගසාගෙන පැමිණි විසාල ගලක් දෙවන දිය ඇල්ලේ වතුර තටාකය මත අදටත් දැකගත හැකියි… මට නමි මෙි ඇල්ලේ සුන්දරත්වයට වඩා දැණුනේ අමුතු ගුප්ත බවක්.. සමහරවිට එ ජිවිත ගණනක් මෙි ස්ථානයේ අහිමිවි ගිය නිසාම වෙන්න ඇති…. එ නිසාම මම බොහො වෙිලාවක් නමි එහි රැදුණේ නෑ,

ඉතිං බඹරකිරිඇල්ල සොයා තනිව මම ගිය ගමනේ බොහො දේවල් අසා දැනගත්තා… වැඩිපුරම 2012 ඇතිවු නායයෑම් විස්තර…

රිවස්ටන් යන ඔයාලත් මෙි දිය ඇල්ල බලන්න යන්න අමතක කරන්න එපා.. එ වගේම කිසිම විටකත් දිය ඇල්ලට බැස දිය නෑමට නොයා ඉන්න වගබලා ගන්න… දිය ගැඹුරුයි ගල් ලිස්සන සුලුයි.. ඔබෙි පුංචි අතපසුවිමක් ඇති ජිවිතෙන් වන්දි ගෙවන්න….යන්න එ සුන්දර දිය කොමලිය දැකබලාගෙන පරිස්සමෙන් නැවත එන්න….

නිසංසලා රණසිංහ

24-05-05

සැබෑ සතුට සොයා ..

සතුට පැහැදිලිවම තෝරා ගැනීමක් මට අනුව නම්. එහෙම කියන්න පෞද්ගලික අත්දැකීම් වගේම එදිනෙදා ඇස ගැටුණු, කන වැකුණු යම් යම් සිදුවීමුත් හේතු කාරණා වෙනවා.

සතුට මිලදී ගතයුතු දෙයක්ම නෙමෙයි නේද? ඇත්තටම හිතලා බැලුවොත්?? අපි යම් යම් දේවල් මිලදීගෙනත් සතුටු වෙනවා තමයි. ඇත්ත. එතනින් ටිකක් එහාට ගිහින් බැලුවොත්?? 

නිදාගන්න ඇඳට අලුත් ඇතිරිලි, කොට්ට උර ටික දමලා ලස්සනට පිළිසකර කරලා ලබන සතුට,කටට රසට කෑම ටිකක් හදලා ආදරණීයයන්ට ඒක පිළිගන්වලා ලබන සතුට, ලස්සන කුරුල්ලෙක්, ගහක්, කොලක් දැකලා ලබන සතුට, ගීතයකින්, පින්තාරුවකින්, ඩිජිටල් සිත්තමකින් ලබන සතුට, කරදර, ප්‍රශ්න එක දෙක එක්ක උනත් තවත් කෙනෙක්ගේ සතුටට හේතුවක් වීමේ සතුට, තාමත් මම ජීවත් වෙනවා කියන සතුට….

ඇත්තටම හිතලා බැලුවොත් කිසියම් රෝගයකින් පෙළෙන කෙනෙකුට උනත් මේ කියන විදියට සතුටින් ඉන්න හේතුවක් හොයා ගන්න පුලුවන් නේද?  අඩුම තරමේ මේ දුක අදක හෙටක ඉවරයක් වෙයි කියලා හරි?

කියන තරම් නම් ලේසි නෑ. ඇත්ත. මේ මොහොතේ ජීවත් වෙලා ඊළඟ මොහොතට යමු. ගෙනියන්න උවමනා නෑ මුකුත්. එහෙම ගෙනියන්නත් බෑනෙ. පැහැදිලි හෝ අපහැදිලි හිත තමයි මට දැනෙන විදියට නම්, මාව පාලනය කරන්නේ. ඉතින් ඒ සිතිවිලි තුළින් සතුටක පණිවිඩය , සංවේදනය,  මගේ පංචස්කන්ධයට මොළය හරහා සංඥා මගින් ලබා දීමට වග බලාගත යුත්තේ මමමයි කියලයි දැනෙන්නේ. 

කෙනෙක්ට හිතෙන්න පුලුවන්, වේගයෙන් වැඩිවන වියදම් වලට අමාරුවෙන් ගලපගන්න හදන ආදායමක්, ගෙවා නිමකල යුතු ණය බරක්, දරුවන්, දෙමව්පියන්, සහෝදරයන් වෙනුවෙන් ඉටුකල යුතු යුතුකම් ගොන්නක් හමුවේ හැම මොහොතකම සතුටින් ඉන්න එක ඇත්තටම කරන්න පුලුවන්ද කියලා.. ඒක තීරණය වෙන්නේ තමන් ඒ දේවල් වලට මොනතරම් අවංකව, පෙර සූදානමක් ඇතිව සහ ආදරණීයව මුහුණ දෙන්නට සූදානම්ද යන කාරණාවන් මත නොවේද? අභියෝග අපි හැමෝටම තියනවා, අඩු වැඩි වශයෙන්. සතුටින් ඒ දේවල් බාර ගමු. සාර්ථක වෙමු.  

එහෙම බැලුවහම ගත වෙන හැම තත්පරයකම සතුටට හේතුවක් හොයා ගන්න පුලුවන් නේද? අනවශ්‍ය බන්ධන වලින් ඈත් උන, නිවැරැදි තෝරා ගැනීම තමයි කළ යුත්තේ.. බාහිර පරිසරය මගේ පාලනයෙන් එහාට ගිය දෙයක් තමයි. ඒත් මගේ හිත මට නතු කරගන්න පුලුවන් නම්, සතුටේ අංකුර මම හොඳින් හඳුනා ගන්නේ නම්, මට දැන් විඳින්න තියෙන සතුටෙත්, හෙට දවසේ මගේ සිනහවෙත් තීරකයා වෙන්නේ මමම තමයි. 

සතුටින් ඉමු

දිමුතු සේනාදි

බඹර වසන්තේ

බඹර වසන්තේ

යතසෝමා (1997), Blendings (1997), අනුරාගතේ අනන්තය (2000), සඳ යහනට

(2000), කළු සුදු මල් (2000), එක මලක තෙති (2006), අපි මැතරන්තන නෑ

(2014), ශ්‍රී වික්‍රම (2023) ගිණි සිළු (උසාවි නිතයෝගයක් නිසාතවන් ප්‍රදර්ශනය

වාරණය වුණි) ආදී ජනාකර්ෂණීය තමන්ම විචාරක සම්භාවනාවට ොත්‍ර වූ

සිනමාපටයන් රාශියක් ශ්‍රී ලාාංතක්ය සිනමා වංශකතාවට ධායාද කරනු ලැබූ

ප්‍රවීණ තිරපිටෙේ රචකතයකු අදයයක්ෂකවරතයකු තමන්ම නිෂ්පාදකවරයයකුද

වන තමාහාන් නියාස්මහතා විසින් අදයයක්ෂණය කරනු ලැබූ නවතම

සිනමාපටය වන්තන් ” බඹර වසන්තේ ” සිනමාපටයයි.

වයයෝවෘද්ධ ධනවේ තේ වතු හිමිකරුවකු වූ ක්ිෆර්ඩ් නැමැත්තාතේ රූමේ

දියණිය වන ඉෂාරාව මැර කන්ඩායමක් විසින් පැහැරගැනීතේ සිද්ධියකින්

සිනමාපටතේ ධාවනය ඇරතඹන අතර ඇය යක්න්රයකාටගත් සිද්ීන් සහ ඒවාතේ

නිර්ඩිත පුද්ගලයන් ඇසුරුයකාටයගන සිනමාෙටය ඉදිරියට ධාවනය තේ.

හුස්මකින් ඇරඹී හුස්මකින් නිමවන යකටිකාලීන මිනිස් ජීවිතය තුළ තෘෂ්ණාව

නැතයහාත් ආසක්ත භාවය නැමැති පාරයභෞතික යයදවුයම් කාර්‍යභාරය සිනමා

පටය තුළින් මැනවින් විග්‍රහ කිරීමට තිර පිටපත් රචකයා සහ සිනමාකරුවා සමර්ථ

වී ඇති බැව් එය අවදානයයන් නරඹා යටියපළ කියවාගන්නා කා හට වුවද

ප්‍රතයක්ෂ වනවා යනාඅනුමානය.

සිනමාපටයේ ප්‍රදාන රංගන ශිල්පීන් විසින් මිනිස් චිත්ත සංතානය තුළ

නිරන්තරයයන් හටගන්නා වූ අතිශය සියුම් සංකීර්ණ භාවාත්මික ප්‍රකාශනයන්

වඩාත් තාත්වික අයුරින් යගනහැර පෑම සිනමාපටය රාමුගත වන ආකයානය තුළ

ඉහත සඳහන් කරන ලද යටියපළ වඩාත් යහාඳින් සන්නියව්දනය කිරීමට මහත්

රුකුලක් වී ඇති බැව් පැහැදිලිව යපනීයයි.

මීට අමතරව සිනමාපටයේ අතියර්ඛ රංගන ශිල්පීන් විසින්ද චිත්‍රපටය තුළ ඉදිරිපත්

කරන්නා වූ යථාර්ථවාී රංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ රංගන

ශිල්පීන්යේ භාවාත්මික ප්‍රකාශනය සමඟින් මැනවින් අතිච්චාදනය වී ඇති බවද

සිතිය හැක.

රංගන ධායකත්වය

චන්න තෙතර්ඩරා

ගතේෂා තෙතර්ඩරා

ජගේ ගලප්ෙේති

චංචලා වර්ණසූරිය

බුද්ධික ජයරත්න

තනාෂා හතරසිාංහ

නන්දන යහට්ටටිආරච්චි

තටඩී විදයාලංකාර

අරුණ රූෙසිාංහ

චරක තුෂිර

කුමාර තිලකරේන

සුනිල් තහ්රේ

ජීවක සේෙේ

දිල්කි ියනතේ

නිලුපුල් තනේතිකුමාර

අජන්ත පුෂ්පකුමාර

තරක්ස්තකාඩිප්පිි

උොි කීර්ඩතිතස්න

කැමරාකරණය,

කලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්‍රාදාන සංර

චකයන් අතර පවත්නා මනා පෑහීම යේක්ෂක මන තුළ

උද්යව්ගකාරී එල්පබගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් යනාවළහා කිවයුතුය.

සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන

යතක් දාවනය වන මියුරු භාවාත්මික පසුබිම් සංගීතයත් සිනමාපටතේ කථා

යත්මාව සමඟින් අපූර්ව යලස ඒකාත්මික වීම යේක්ෂකයා හා සිනමාපටය

අතයර් හටගන්නා සියුම් සන්නියව්දනය වඩාත් ත්‍රීව කරන බව ප්‍රකාශ කිරීමට

කැමැත්යතමි.

ගීතරචකයන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇති අයනයෝනය අවයබෝධය

හා සුසංයයෝගය උක්ත කාරණාවට මං සැලසූ

බව සිනමාපටය අවදානයයන් රසවින්දනය කරන්නා වූ කා හට වුවද

යහාඳින් අවතබෝධවන්නට ඇති බව යනාඅනුමානය.

නිෂ්පාදන ධූරාවලිය

නිෂ්පාදනය | ටී. ටී. නත්ෂ්

අදයක්ෂණය | තමාහන් නියාස්

කතාව, තදබස්සහ තිර රචනය | ජගේ ගලප්පත්ති

කැමරා අදයයක්ෂණය | තක්. ඩී. දයානන්ද

සහය කැමරාකරණය | හර්ඩෂණ කරුණාතිලක

අතිතර්ඩඛ කැමරාකරණය | යාො විතේබණ්ඩාර

සංගීත අදයයක්ෂණය | නීල් වර්ණකුලසූරිය

බඹර වසන්තේ ගීතතේ සාංගීත අදයයක්ෂණය | ෆර්ඩහාන් ශාන්

ගීත රචනය සහ කලා අධයක්ෂණය | මල්ලවතගදර සුනිල් ආනන්ද

සහය කලා අදයයක්ෂණය | නීල් රවින්ර, ප්‍රීප් ලාංකා, ප්‍රතබෝධ යස්නාරත්න සහ.

ධනංජය අලහතකෝන්

අංග රචනය | ගයනි සතරසිාංහ

සහය අාංග රචනය | සජිේ මධුරාංග

වර්ණ සංයයෝජනය | ආනන්ද බන්ඩාර

සංස්කරණය | අනුර බන්ඩාර

ශබ්ද සාංකලනය සහ තදබස්ෙටිගතකිරීම | සුසන්ත ධර්ඩමප්‍රිය

5.1 ශබ්ද සාංකලනය | සාංගීතා

නිෂ්පාදන කලමනාකරණය | මිේ ප්‍රසන්ත සහ ලිේ ගලප්පත්ති

සහය අධයක්ෂණය | සුතනේ රසාාංග

සටන් අදයයක්ෂණය | තටඩී විදයාලංකාර

නර්ඩතන අදයයක්ෂණය | ශා තෙතර්ඩරා

විතශ්ෂ දෘශය ප්‍රතයෝග | වික්‍රම දීගල්ල

මාදයය සම්බන්ීකරණය | ඇන්ටන් තේ. ෆර්නෑන්ු

ගීත ගායනය | උතර්ඩෂා රවිහාරි, මාරිතයෝ ආනන්ද, සුරාංග ද සිල්වා, අිලා

නදීශානි, නීල් වර්ණකුලසූරිය සහ ජගේ ගලප්පත්ති

” බඹර වසන්තේ ” සිනමාපටය අධයක්ෂණයතකාට පුරා දශකයන් හතක්

ඉක්මවූ යහලවුඩ් සිනමා වංශකතායව් තවමේ සක්‍රියව නිර්මාණකරණතේ නියුතු

තමාහන් නියාස්නම් නිහතමානී යසාඳුරු කලාශිල්පියා හට

යහලවුඩයේ ීප්තිමත් යහටක් අයප්ක්ෂා කරන්නා වූ සුවහසක් යද්ශීය හා වියද්ශීය

සිනමායලෝලීන්යේ මනයදාළ පිනවීමටත් බුද්දිය අවධි කිරීමටත් මතු

අනාගතයේීද ඉඩ ප්‍රස්ථාව උදායව්වායි එක සිතින් පතන්යනි…

සැකසුම | හිරාන් ගමතේ

ලොකු වැඩ වලට පාර කපන පුංචි කතාවලට ඉඩක්

“අම්මේ, තාත්තේ.. මම අද..” කියලා කියන්න පටන් ගන්න හදපු පුංචි කතාවක් ,මොනම හේතුවකටවත්, “පස්සෙ අහන්නම් පුතේ.. මේ වැඩ ටික ඉවර වෙලා..” කියන පොරොන්දුව පිට කල් දාන්න එපා. කාර්‍යබහුලයි තමයි. වගකීම් යුතුකම් තියෙනවත් තමයි. සමහර වෙලාවට ගෙදර වැඩ කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් වෙන්නේ ඔයාගෙ අත් දෙකෙන් වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් භාරදූර රැකියාවක ඔයා නියැලෙනවා වෙන්න පුලුවන්. 

ඒ කොහොම උනත්, දරුවෙක්ට සවන්දෙන පොඩි කාලය ඇතුලේ ලොකු දෙයක් එයා තුළ නිර්මාණය වෙනවා. අපි එයාට වචන වලින්, මුහුණේ ඉරියව් වලින්, ඇස් දෙකෙන් දෙන ප්‍රතිචාර මත, එයාගේ තාර්කික හැකියාව, විශ්ලේෂණ හැකියාව, ඉදිරිපත් කිරීමේ හැකියාව, තොරතුරු ගවේෂණයට ඇති ආශාව, ආත්ම විශ්වාසය, තවත් කෙනෙක්ගේ අදහසකට ගෞරවාන්විතව එකඟ වීමට හෝ විරුද්ධ වීමට ඇති සංයමය වගේ ජීවත් වීමට අතිශය උපකාරී කුසලතා බිහිවීම තීරණය වෙනවා. පතින් පොතින් සහ එයා යෙදෙන සමහර ක්‍රියාකාරකම් තුලිනුත් මේ කාර්යයට යම් දායකත්වයක් ලැබුණත්, අපේ සන්නිවේදනය ඒ හැමදේටම ඉදිරියෙන් ඉන්නවා. 

මට ඉන්නේ අවුරුදු 10ක දුවක්. “පුතේ මං මේක ඉවර කරලා ටක් ගාලා එන්නම්. අපි නිදහසේ කතා කරමුකො” කියලා එයාව හරවලා යවපු අවස්ථා මට දැන් මතක් වෙනවා. කියන්න බැරි තරම් බරයි මගෙ හිත..එහෙම හරවලා යවපු දාට, ආපහු ඒ කතාවටම මම මුලපිරුවත්, ඒ වෙලාවේ තිබුණ කුතුහලය, උත්තේජනය එයාගෙ මූණෙ දැකගන්න පුලුවන් උනේ නෑ. මැලවුණු මලක් ගානට තමයි එදාට ඉන්නේ. එහෙම දාට එයාගෙ හැසිරීමේ යම් වෙනස්කම් මම දැක්කා. පොඩි කේන්ති, මැසිවිලි, පැමිණිලි එදාට වැඩියි. හැබැයි මම එයාට ඇහුම්කන් දුන්න හැම දවසකම එයා උද්‍යෝගිමත්. 

මම තේරුම් ගත්ත සහ අත්දැකපු දෙයක් මේ බෙදා ගන්නේ. අපි හැම කෙනාටම දවසක් තුළ කළ යුතු සහ කළ හැකි වැඩ කොටසක් තියනවා. මේ දෙක අතරේ හොඳ ගැලපීමක් හදාගන්නයි උවමනා. එතකොට දරුවන්ගේ පුංචි කතා අහන්න, ඒ ලෝකට යන්න දුවන කෝච්ච් අල්ලන්න වෙන්නෙ නෑ කියලා අත්දැකීමෙන් ඉගෙන ගත්තා. 

ජීවිතේ ඉලක්ක තියෙන්න ඕනේ. ඒවා පවුලක් විදියට ජය ගන්නත් ඕනේ. වඩාත්ම වැදගත් කියලා මට අද දැනෙන්නේ, එදාට ඒ ජයග්‍රහණ විඳින්න හොඳ පරිසරයක් අපි වටා තියෙන්නත් ඕනේ කියන එකයි. අම්මා, තාත්තා, දරුවන් එකිනෙකා තේරුම්ගත්ත, එකිනෙකාට වටිනාකම් දෙන, ආදරය ආශ්වාස ප්‍රාශ්වාස වෙන අවකාශයක් හැම ගෙදරකම තියෙන්න ඕනේ. 

කොහොමත් දරුවන් කියන්නේ අපි ගෙන්නවා ගත්ත අය, එයාලගෙ උවමනාවට ආපු අය නෙවෙයි. අහාර පාන වලින්, දැනුමෙන්, සාරධර්ම වලින් පෝෂණය කරනවා හා සමානව තමා අයිති පරිසරය පිළිබඳ හොඳ සංවේදනයක් ඇති කිරීමත් අම්මා කෙනෙක්ගේත් තාත්තා කෙනෙක්ගේත් එක හා සමාන වගකීමක් කියලා දැනෙනවා. ඉතින් මේක එක්තරා ආකාරයක දීර්ගකාලීන ව්‍යාපෘතියක්. හිමින් හිමින්, ආදරෙන් පටන් ගත්තම ඉස්සරහට ලේසී.

දිමුතු

Lihiniya Restaurant

ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍රයෙන් එංගලන්තයේ සුද්දන්ව පිනවන ලිහිණියා..

ලංකාවෙන් දුරස් වෙලා අපි ගෙවන මේ ජීවිත වල අපිට මතක් වෙන අපේ

ආදරණීයතමයන් අතරෙ තව එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ කාලෙ අපි

අපේ බඩ පිරෙන්න කාපු රසම රස බත් පිගානෙ, අපේ අම්මාගේ ආදරෙත් දාලා

එදා ඒ රසට සුවදට පාටට කාපු ලංකාවෙ කෑම පිගානෙ මතක් වෙනකොට

අදටත් ඔබේ කටට කෙළ උනනවා ඇති, ලංකාවෙ කෑම නං ඉතිං කාලා

තියෙන කෙනෙක් ආයෙ හොයන් ඇවිත් කන එක සැකයක් නැති

කාරනාවක්නේ, හැබැයි එංගලන්තේ වගේ ලුණු ඇඹුල්, මිරිස් තුනපන

අදුරන්නෙවත් නැති රටක ගමේ රසට අපේ කෑම හරිම ආකර්ෂණීය විදියට

පිළිගන්වමින් ශ්‍රී ලාංකේය අපූරු කෑම වට්ටෝරු ඉංග්‍රීසි ජාතිකයන් අතර

අතිශය ජනප්‍රිය කරන්නට සමත් වුන දශක තුනක ඉතිහාසයකට උරුමකම්

කියන එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකේය සිනහව තේමාව කරගනිමින්

පවත්වාගෙන යන ලන්ඩනයේ ක්‍රික්ල්වුඩ් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ තිබෙන ලිහිණියා

රෙස්ටුරන්ට් පිළිබදව සුහද කතාබහක යෙදෙන්න අපි තීරණය කරා.

කවුද මේ ශ්‍රී ලාංකේය අපේ සූප ශාස්ත්‍රයෙන් එංගලන්තෙ සුද්දන්ව පිනවන

ලිහිණියා ?

මම ලසිත ජෝතිරත්න. ලංකාවෙ කිරුළපනේ තමයි මගේ ළමා කාලය ගත

වෙන්නේ, කොළඹ මහානාම විද්‍යාලයේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ. අසූවේ

මුල් භාගයේ මගේ දෙමව්පියො මාව මගේ බාප්පා, නැන්දලා ගාව නවත්තලා

රැකියා කරන්න මේ රටට එනවා. නිවාඩුවක් ලැබෙන වෙලාවට නිතර ආව

ගියත් මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදෙනකන්ම ජීවත් වුණේ ලංකාවෙ.

1992 තමයි මම වැඩිදුර අධ්‍යාපන කටයුතුත් ස්ථිර පදිංචියටත් මේ රටට

එන්නෙ, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ රැකියා කිහිපයක්ම කරා. මට

අක්කා කෙනෙක් ඉන්නවා , අක්කා ලංකාවෙ. මේ රටේ මගේ දරුවො

හතරදෙනත් බිරිදත් එක්ක ව්‍යාපාර කටයුතු ත් කරගෙන සතුටින් ජීවත්

වෙනවා.

ලිහිණියා රෙස්ටුරන්ට් එකේ ආරම්භය ගැන අපි මතක් කරොත්?

මගේ තාත්තා උපාලි ජෝතිරත්න, අම්මා මීපාලි ජෝතිරත්න, මුලින්ම වෙනත්

තැන් වල රැකිවා කරත් පසු කාලීනව ලිහිණියා නමින් මේ ව්‍යාපාරය ආරම්භ

කරලා තියෙනවා.

අපේ අම්මා මුලින්ම පොඩි සුපර් මාර්කට් එකක් විදියට තමයි මේ ව්‍යාපාරය

ආරම්භ කරලා තියෙන්නේ, ලංකාවෙ කෑම ඒ වගේම පත්තර ගන්නත්

ලංකාවෙ බොහෝ පිරිසක් එතනට එකතු වෙලා තියෙනවා. කාලය ගතවෙද්දි

මගේ දෙමව්පියන් ලිහිණියා රෙස්ටුරන්ට් එක පටන් ගන්න තීරණය කරනවා.

ශ්‍රී ලාංකිකයන් ඇවිත් කෑම රසවිදලා යනවා වගේම අපේ සංස්කෘතික ආහාර ,

ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාරය විදේශිකයන් අතර ප්‍රචලිත කරන එක

තමයි එයාලගේ අරමුණ වෙලා තියෙන්නෙ.

දෙමව්පියන් ආරම්භ කරපු මේ ව්‍යාපාරය දැං ඔබ අතට පත් වෙලා තිබෙනවා,

ඔබේ අරමුණු ගැන කතා කරොත්?

මට මේ ව්‍යාපාරය දෙමව්පියන් භාර දෙන්නේ 2023 දෙසැම්බර් මාසයේ.මගේ

අරමුණ වෙන්නෙත් මගේ දෙමව්පියන්ගේ වගේම අපේ ශ්‍රී ලාංකික කෑම

විදේශිකයන්ට හදුන්වා දෙන එක වගේම ලංකාවෙන් ඈත් වෙලා මෙහෙ ජීවත්

වෙන ශ්‍රී ලාංකික අපේ පිරිසට ඇවිත් කෑම රසවිදලා යන්න අවස්ථාව සළස්වන

එක. ලංකාවෙ සංචාරය කරපු බොහෝ විදේශිකයන් ලංකාවෙ කෑම

හොයාගෙන අපේ අවන්හලට එනවා. අපි සෑම සෙනසුරාදා දිනකම මැටි භාජන

වල පිළිගන්වන බුෆේ එකක් තියෙනවා. අපේ සංස්කෘතික කෑම තමයි එදාට

තියෙන්නෙ. ලාංකිකයින් වගේම විදේශිකයින් දෙපිරිසම මේ බුෆේ එක හරිම

කැමැත්තෙන් රස විදිනවා. විදේශිකයින් ට එය වෙනස්ම අත්දැකීමක් වගේම

අපේ ලාංකිකයින් ට එය විශේෂ අත්දැකීමක්.

ලිහිණියා රෙස්ටුරන්ට් කාර්ය මණ්ඩලය ගැන අපි මතක් කරොත්?

දැනට ලංකාවෙ හතර දෙනෙක් මාත් එක්ක වැඩ කරනවා. මගේ බිරිඳත් පුතත්

මාත් එක්ක මේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා, මගේ

දෙමව්පියො ආරම්භ කරපු ව්‍යාපාරය මම පවත්වගෙන යනවා දෙවනි

පරම්පරාව නියෝජනය කරමින් ඒ වගේම තුන් වෙනි පරම්පරාව විදියට මගේ

පුතා මේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්න එක මට ලොකු සතුටක් ඒ

වගේම ලොකු ශක්තියක්.

ව්‍යාපාරයේ ඉදිරි සැළසුම් මොනවගේද?

මේ රෙස්ටුරන්ට් එක තවත් දියුණු කරන්න වගේම තවත් ශාඛාවක් පටන්

ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම තව කිහිප දෙනෙක් කාර්ය

මණ්ඩලයට එකතු කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ අවට ජීවත්

වෙන රැකියාවක් හොයන කැමැත්තක් තියෙන අයට අපිත් එක්ක කතා කරලා

එකතු වෙන්න අවස්ථාවක් තියෙනවා.

අවසාන වතාවට අපි මැගසින් එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?

ඇත්තටම අද මේ ලංකාවෙ හැමෝම එකතුවෙලා පවත්වගෙන යන අපි

මැගසින් එක ගැන ඇත්තටම අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඉස්සර

තාක්ෂණය අද වගේ දියුණු නැති කාලෙ අපේ තාත්තයි අම්මයි තමයි ලංකාවෙ

පත්තර අපේ වෙළෙඳසැල හරහා බෙදාහැරියේ. ඊට අමතරව නිව්ස් ලංකා,

ලංකා විත්ති , වොයිස් ඔෆ් ලංකා වගේ එංගලන්තයේදී ශ්‍රී ලාංකිකයින්

වෙනුවෙන් නිර්මාණය කරපු පත්තරත් ඔවුන් බෙදා හැරලා තියෙනවා.ඒ කාලෙ

තිබුණ සියලුම පන්සල් වලට සෑම සතියකම පත්තර බෙදාහැරලා තියෙනවා.අද

තත්වෙ ගොඩක් වෙනස්. තාක්ෂණය දියුණු වෙලා තියෙන නිසා මේ වගේ

දේවල් සංවිධානය කරගෙන ලංකාවෙ හැමෝම එක තැනකට එකතු කරලා

තියෙන එක ගොඩක් වටිනවා. අපිටත් සම්බන්ධ වෙලා උදව් කරන්න පුළුවන්

නං අපිත් හරිම සතුටුයි. රෙස්ටුරන්ට් එකට දාලා මැගසින් එක ප්‍රමෝට් කරන්න

අපේ අය අතරට යවන්න පුළුවන් නං අපි ඕනිම වෙලාවක සූදානම්. ඇත්තටම

අගේ කරන්න ඕනි සේවාවක් ඔයාලා එකතු වෙලා කරන්නෙ.

කේෂි රාජපක්ෂ

Sajini Rajapakshe

මුලින්ම කියන්න සජිනි අමන්දා රාජපක්ෂ කියන්නේ කොහොම කෙනෙක්ද? ඔයාගෙම වචනයෙන් කෙටියෙන් කිවුවොත්,

හරිම සරල, පොළොවේ ඉන්න චරිතයක් කිව්වොත් හරි. ඕනෑම කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන්න කැමති, බොහොම ආදරණිය නිහතමානී කෙනෙක්. ඒවගේම මම ගොඩක් සංවේදී පුද්ගලයෙක්.

සජිනිගෙ පවුලේ විස්තර ගැන කිව්වොත්,

මම හැදුනේ වැඩුණේ පිටකෝට්ටේ.  මම පවුලේ එකම දරුවා, ඒ නිසා අම්මා ,තාත්තා, ආච්චි එක්ක ගොඩක් ලඟින් හිටියේ.  මමයි මගේ හස්බන්ඩ් දැන් ඉන්නේ කැන්බරා වල පදිංචි වෙලා. මගේ පවුලේ හැමෝම මට ලියන්න ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා.  මට මේ ලිපි ලියන්න මාව ලස්සන ස්ථාන වලට එක්කගෙන යන්නේ,මම ලියන හැමදෙයක්ම මුලින්ම කියවල හරි වැරදි සහ අදහස් දෙන්නේ මගේ ගෙදර අය.

ඔබගේ අධ්‍යාපන පසුබිම ගැන මතක් කලොත්,

මම කුඩා කල අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකාවේ. දෙවනුව මම උසස් පෙළ දක්වාම පාසල් ගියේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයට. මම එහිදී අධ්‍යාපනයට අමතරව නිවේදන, ඡායාරූපකරණය වගේ විවිධ කටයුතු වල නිරත උනා.  මගේ පාසල් මම ඉතාමත් ආදරයෙන් මතක් කරනවා, මොකද මට බොහෝ කලා කටයුතු වලට යොමුවෙන්නට ඉන් ලොකු පන්නරයක් ලැබුනා.  ඉන්පසු මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන්, බ්‍රිතාන්‍යයේ ශෙෆීල්ඩ් හැලම් විශ්වවිද්‍යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ චාර්ල්ස් ස්ටර්ට් විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධීන් හැදෑරුවා.

කොහොමද මෙච්චර ලස්සනට වචන ගලපන්නේ, කොයි කාලේද ලියන්න පටන් ගන්නේ?

මම කුඩා කාලයේ ඉඳන්ම නිදහසේ හැදී වැඩෙන්න , ලද දෙයින් සතුටු වෙන්න, අනිත් මනුස්සයෙක් එක්ක තරඟ  නොකර ජිවිතේ ගෙනියන්න, සල්ලි වලට වඩා මනුස්සකම් වල ඇති වටිනාකම, මිනිස්සු විතරක් නෙමෙයි මේ මහා පොළොවේ ඉන්න හැම ජීවියෙක්ටම මේ සොබා දහම අයිති කියල මට අම්මයි තාත්තයි දන්න දා ඉඳන් කියලා දුන්නා. මන් හිතන්නේ ඒ ආභාෂය නිසා මම හැම ජීවී අජීවී දෙයක් දිහාම හරිම කාරුණිකව හිතන්න පුරුදු වුණා. මම චුටි කාලේ තනියම හැදුන නිසා මගේ කාලය ගෙවන්න විවිධ කලාවට හුරු දේවල් කලා. සාහිත්‍ය රසවින්දා. එක රාමුවකට කොටු නොවී මම විවිධ පොත් කියෙව්වා. ඒ වගේ දේවල් ගොඩක එකතුවක් මට ලියන්න හුරු කළා කියල මන් හිතනවා. මට මතක විදිහට මම  තනියෙන් වචන ගලපලා කවියක් ලිව්වා එක වසරේදී.

සජිනි aesthetic style එකට ලියන කෙනෙක් කිව්වොත් මම නිවැරදියි ?කොහොමද ලිවීමට හුරු වුණේ ?

ඔව් ඒක නිවැරදියි. මම හිතන්නේ මට ඒක ඉබේම එන දෙයක්. මම කලින් කිව්වා වගේ මම හැමදෙයක්ම රසවිඳිනවා,මට ලස්සන කඳු වැටියක් දැක්කම මනසේ ඇඳෙන්නේ හයිඩිගේ කතාන්දරය. මම පොතක් කියවනවාටත් වඩා ඒ පිටු අතරින් එන සුවඳට මම හරිම ආසයි.  ඒවගේම ගොඩක් පොත පත කියවල, සංගීතයට ඇහුම්කන් දීල මගේ මනසේ ඇඳ ගත්ත මතකයන් ගොඩක් තියනවා. සමහර පොත් කියවනකොට මම ඒ චරිත වලට ගිහින් ඒ රසය උපරියෙන්ම ලබාගන්නවා. නෝබට් අයගමගේ සාහිත්‍යවේදියාණන්ගේ ‘කාල නදී ගලා බසී’ කෘතියේ, කාල නදියේ සුන්දරත්වය අත්විඳිමින් පාරු පදින සාදිරිස් ගේ ජීවිතය ඒ වගේ මතකයක්.  මම පාසල් කාලයේ ඉඳන්ම කලාත්මක ඡායාරූපකරණයට ගොඩක් කැමතියි. මගේ තාත්තාගේ අභාෂයෙන් තමයි මම ඒකට යොමුවුණේ. ඉතින් හැම ගමනාන්තයක් අවසානයේම මන් ගාව ලස්සන ඡායරූප ගොන්නක් එකතු වෙනවා. ඒක මට ගොඩක් උදව් කරනවා මේ ශෛලියට ලිවීම් කටයුතු කරන්න.  ඒ වගේම මගේ අම්මාට ලස්සන නිසඳැස්,කවි ලියන්න පුළුවන්, ඇය සාහිත්‍ය රසවින්දනයට හරිම කැමතියි. මේ සියලු දේවල් මගේ ලිවීමේ ශෛලියට රුකුලක් කිව්වොත් හරි.

ඔබ ලියා ඇති ලිපි අතරින් අමතක නොවන අත්දැකීමක් පසුබිම් වුණ ලිපි එහෙමත් ලියවෙන්න ඇති නේද , එහෙම සිදුවීමක් මතක් කලොත් ?

ඔව්, මම ඕස්ට්‍රෙලියාවේ මොන්බල්ක් කියන ප්‍රදේශය ගැන ලිපියක් ලිව්වා. එය අතිශය කඳුකර ගම්මානයක්. එහිදී එක ගෙදරක මිදුලේ පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයට සමාන අනුරුවක් තිබුනා. අපිට ඒ දසුන තවමත් විශ්වාස කරන්නට බැහැ. එච්චරටම ලස්සනයි. ඉතින් ඕස්ට්‍රේලියාව වගේ රටක කන්දක් මුදුනක , විහාරයක් වත් පිහිටලා නැති තැනක ඒ වගේ දෙයක් දකින්න ලැබුන එක අමතක නොවන අත්දැකීමක්.

හැඟීම් සහ සිදුවීම් විස්තර කිරීම, කියවන අපිට හරිම තාත්විකව දැනෙනවා. .. සජිනි නරකද පොතක් ලිව්වොත්?

බොහොම ස්තුතියි ඒ ඇගයීමට. පුංචි කාලේ ඉඳන්ම පොතක් ලියන්න මගේ හීනයක් තියනවා. ඒත් මං හිතනවා මම තව පොත් පත් කියවන්න ඕන , තවත් අත්දැකීම් 

 ලබාගන්න ඕන කියලා පොතක් ලියන්න කලින්. ඉතින් කවදා හරි මම පොතක් අනිවාර්යෙන්ම ලියයි.

අවසන් වශයෙන් අපි Magazine එකට සමිබන්ද වීම ගැන ඔබේ අදහස?

මට අපි Magazine එකට සම්බන්ධ වෙන්න අවස්තාව ලබා දුන්නේ තිලෝ අක්කා. මම ඇයට බෙහෙවින් ස්තුතියි කරනවා මගේ එක Facebook පෝස්ට් එකක් දැකලා මේ දක්වා ලිපි ලියන්න මාව දිරි ගැන්නුවාට. ඒවගේම මට හරිම සතුටුයි මගේ සිතුවිලි වචන වලට පෙරලලා මුළු ලෝකෙටම පෙන්නන්න අපි Magazine හරහා  හැකිවෙන එකට. පොතක් ලියන හීනයට ලඟා වෙන්න මට මේක බෙහෙවින්ම ශක්තියක්. ගයාන් අයියාටත් ගොඩක් ස්තුතියි.

බ්‍රිස්ටල් පන්සල

එතෙරට තෙලා අතොරක් නැතිෙ දුෙන ජීවිෙ ෙලට තේ තෙො දමන්තන් සසරක් බෙත් ඔබ අප

ලබා ඇති තේ ජීවිෙය සසර ෙමතන් ෙෙත් එක් නැෙතුමක් පමණක් කර තනාෙන්නටත් මින්

එතෙර ෙන්නට තෙර දරන මිනිස්සුන්ට අනුකේපා දයාතෙන් යුතුෙ ෙත් පුංචි උත්සාහයක්

දැෙැන්ෙ ෙෘක්ෂයක් තස්ස දළුලමින් ෙැතෙන සමයක ුෙහසක් තබාදු ලක්ෙැසියන්ට තසෙන

තදන එුංෙලන්ෙතේ බ්‍රිස්සටල් පන්සල ෙැන අසා දැනෙන්නටත් ඔබට හදුන්ො තදමින් දේ ුෙද

දිතේ පැමිණ තේ පහස විදින්නට ඇරයුේ කරන්නටත් බලාතපාතරාත්තුතෙන් ලියමි.

ශීෙ ඍතුතේ ෙෙත් එක් සන්දයාෙක බ්‍රිස්සටල් පන්සලට තොෙෙැදුණු අපි පන්සතල් තලාකු

ස්සොමීන්ෙහන්තස්ස ෙන අධ්‍යාපනතේදී පැල්ෙත්තත් ධ්‍ේමානන්ද ස්සොමීන්ෙහන්තස්ස සමෙ තේ

කොබහට මුල පිරුතේ ුපහන් සිතිනි.

• අෙසරයි අතේ ස්සොමීන් ෙහන්ස අපි මුලින්ම ඔබ ෙහන්තස්ස ෙැන හදුන්ො දුන්තනාත්?

මම පැල්ෙත්තත් ධ්‍ේමානන්ද , පුංචි කාතල ඉදන් මහණ තෙන්න හිතත් තිබුණ කැමැත්ෙත්

එක්ක ෙයස අවුරුදු දහතයදි මම තමාණරාෙල පැල්ෙත්තත් පන්සතල් මහණ තෙනො.මම

ඉපදිලා මාස තුනක් ෙෙතෙන ෙැන මතේ ොත්ො ජීවිතෙන් සමු ෙන්නො. මතේ අේමටත්

ඇස්ස තේන්තන් නෑ. ජීවිතත් අෙසාන කාතල තෙද්දදි මතේ අේමත් තමතහණින් ෙහන්තස්ස

තකතනක්. අවුරුදු 12 විෙර තෙනතකාට මම තකාළඹ තබල්ලන්විල මහා විහාරයට ආො. එෙන

ඉන්න ෙමන් නුතේතොෙ ුභද්‍රාරාම පිරිතෙතන් අධ්‍යාපනය හදාරලා තකාළඹ විශ්ෙ

විදයාලතේ අධ්‍යාපන තේදී උපාධිය හැදෑරුො,මතේ මුල්ම පත්ීේ මට ලැතබනො අල්ෙම

ජාතික පාසලට, ඒ ෙකොනුතේ මම ෙැෙහිදිය රත්මලාන අත්තිටිතේ පන්සතල් තලාකු

ස්සොමීන්ෙහන්තස්සතේ අසනීප ෙත්ෙයත් එක්ක ඒ පන්සතල් දහස්ස ොනක් දරුතො අධ්‍යාපනය

ලබප දහේ පාසතල් ෙැෙකටයුතු ෙල භාරකාරත්ෙය ලැබුතේ මට, ඉතිුං අල්ෙම ජාතික

පාසලට අත්තිටිතේ ඉදන් ඉොම දුෂ්කර ෙමනක් තිබුණ නිසා මම පුකාලීනෙ ෙල්ිස්සස

ලලිත් ඇතුලත්මුදලි පාසලට මාරුීමක් හදාතෙන තමතහට එනකන් මම ඒ පාසතල් සිුංහල

,බුද්දධ්‍ ධ්‍ර්මය ,තබෞද්දධ්‍ ශිෂ්ඨාචාරය ෙතේ විෂයන් ඉෙැන්ීේ කටයුතු ෙල නියැලුනා. ඊට

පස්සතස්ස ෙමයි මම ෙැඩිදුර අධ්‍යාපනයට තමතහට එන්තන.

• අතේ ස්සොමීන්ෙහන්ස බ්‍රිස්සටල් පන්සලට තිතයන්තන් තකායි ෙතේ ඉතිහාසයයක්ද?

මම බ්‍රිස්සටල් ෙලට එන්තන් 2011 ෙර්ෂතේ උපල් මහත්ෙයාතෙ මෙ තපන්ීමත් එක්ක. ිසිම

තකතනක් දැනතෙන ආෙ ෙමනක් තනතමයි තේ ෙමන.මම මුලින්ම තේ රටට ආෙ ෙමන්ම මට

උදේ කතේ ුදු ජාතිකතයක්. එයාතෙ තෙදර මාෙ එක්කතෙන ගිහිුං මට තොෙක් උදේ කතල් ඒ

ුදු ජාතික මහත්මයා.පන්සලක් පටන් ෙන්න අරමුණක් මතේ හිතත් තිබුතණ නෑ, මුලින්ම මට

ලුංකාතෙ තකතනක්ට මුණෙැහුතේ හර්ෂ මහත්ෙය, ඔහුතේ දැන හැදුණුේකේ එක්ක මට

ෙසන්ෙ මහත්ෙයා මුණෙැතහනො. ඒ මහත්ෙය මට තයෝජනාෙක් කලා පන්සලක් පටන් ෙමු

ියලා.ඊට පස්සතස්ස මමත් කල්පනා කරනො ලුංකාතෙ තබාතහෝ පිරිසක් තමතහ ඉන්න

නිසාතෙන් ඒ අය තෙනුතෙන් පන්සලක් ආරේභ කරන්න.

• ඒ කාතල තෙද්දදි ලුංකාතෙ පවුල් කීයක් විෙර ඔබ ෙහන්තස්ස ෙටා රැස්ස තෙලා හිටියද තේ

කර්ෙෙයයට ශක්තියක් තෙන්න?

පවුල් තිස්ස පහක් හෙලිහක් විෙර එකතු තෙලා හිටියා ඒ තෙද්දදි. කුලියට ෙත්ෙ ෙැනක ෙමයි

පන්සල මුලින්ම ආරේභ වුතේ. විතශ්ෂතයන් මෙක් කරන්න ඕනි අපිත් එක්ක අදටත් අතේ

උදේෙට අතේ ළෙ නැෙතිලා ඉන්න ුදු ජාතික පිලිේ ෙමයි ඒ කාතලත් අපිට තලාකු හයියක්

වුතේ.

• එදා ඒ විදියට ආරේභ වුන පන්සල අද තෙනකන් විකාශනය වුන විදිය අපි මෙක් කතරාත්?

එෙනින් පස්සතස්ස මම දහේ පාසල් කරන්න පටන් ෙත්ො.දහේ පාසල් හයක් පටන් ෙත්ො

කාඩිෆ්ස්සවින්ෙන් තරඩින් ේතලාස්සටර් සවුත් හැේටන් බ්‍රිස්සටල් ෙතේ ප්‍රතද්දශ ෙල. ඒ හැම

පැත්ෙකට ම මම සති අන්ෙතේ ගියා තේන් එතක්. උදාහරණයක් විදියට මම පාන්දර හෙරට

පන්සතලන් යන්තන්. ඒ දෙස්ස ෙල සති අන්ෙයට ඒ තෙලාෙට බස්ස නෑ.හැෙැේම ොනක් පයින්

ගිහිුං ෙමයි බස්ස එකක් තහායා ෙන්තන, දහේ පාසල් කරලා රෑ තදාලහට විෙර ෙමයි පන්සලට

එන්තන. ඒ ෙතේ දෙස්ස ෙලට දාතන ෙන්තනත් බස්ස එතක්. ඔය ෙතේ ඉතිහාසයක් තිබුණා. අද

තේ ෙතේ ෙැනකට පන්සල තොෙනැගිලා තිතයන්තන ශ්‍රී ලාුංික තබෞද්දධ්‍ අතේ දායක තනෝනා

මහත්ෙයා ලා නිසා. තේ රතේ රජතයන් අපට තේ ෙතේ තද්දෙල් ෙලට ිසිම සහතයෝෙයක් උදේ

උපකාර බලාතපාතරාත්තු තෙන්න බෑ. මුල් කාලතේ අපි තේ රජයට කවුන්සිල් ටැක්ස්ස පො

තෙවුො. දැුං ඒ තද්දෙල් නිදහස්ස කර ෙන්න අපිට අෙස්සථාෙ ලැබුණා, තේ ඉන්න පන්සල අපිට

ලබා ෙන්න ෙැනට තලාකුම ශක්තියක් වුතන් අතේ දායක පිරිස. ඉතිුං ඒ අය තෙනුතෙන්

නිෙැරදි මාර්ෙය තපන්ෙන්නට අපි කැපතෙලා ඉන්නො.

• පන්සතල් ෙැෙෙසන අතනකුත් ස්සොමීන්ෙහන්තස්සලා ෙැන මෙක් කතරාත් අතේ

ස්සොමීන්ෙහන්ස?

මාත් එක්ක ෙෙත් ස්සොමීන්ෙහන්තස්සලා තදනමක් තේ පන්සතල් ෙැෙ ොසය කරනො.තේ ිසිම

තකතනක් මතේ නෑදෑ හිෙමිතුරුකේ ෙලින් පන්සලට ආෙ අය තනතමයි.

මම ප්‍රධ්‍ාන ෙශතයන්ම තේ ස්සොමීන්ෙහන්තස්සලාතේ ආකල්ප ෙලට ෙැඩි අෙධ්‍ානයක් ලබා

තදමින් යහපත් ආකල්ප ෙලින් යුතු නිසයි පන්සලට සේබන්ධ්‍ කර ෙත්තත්. තකාළඹ විශ්ෙ

විදයාලතේ උපාධිය හදාරප ශාස්සරතේදී තමාණරාෙල ුතේධ්‍ හමුදුරුතොත් ශාස්සරතේදී

හීන්බුන්තන් ුනන්ද හාමුදුරුතොත් අද මතේ සෑම සියලු කටයුත්ෙකටම මතේ ශක්තිය තෙලා

ඉන්නො.

• ඔබ ෙහන්තස්සලා එකතු තෙලා දැුං තෙද්දදි පන්සතලන් සුංවිධ්‍ානය තෙන තොෙක්

ෙැෙසටහන් තිතයනො. අපි ඒ තද්දෙල් මෙක් කතළාත් අතේ ස්සොමීන්ෙහන්ස?

විතශ්ෂතයන් අපි අතේ ෙැඩි අෙධ්‍ානයක් තදන්තන් කුො දරුෙන්ට.කලින් මම දහේ පාසල්

කරන්න ගිය සෑම ප්‍රතද්දශයකම දරුෙන්ෙ පන්සලට එකතු කරතෙන දහේ පාසල

පැෙැත්තෙනො. තේ අයට දින තෙලාෙන් තෙන් කරලා දීල තිතයනො. තේ තෙද්දදි ප්‍රතද්දශ

ෙණනාෙක දායකතයා අපිත් එක්ක සේබන්ධ්‍ තෙලා පුංචි දරුෙන්ෙ තේ තද්දෙල් ෙලට ඉොමත්

උනන්දුතෙන් සේබන්ධ්‍ කරනො. හැම සති අන්ෙතේම තපාඩි දරුෙන්ට තෙනම ෙැෙසටහන්

පැෙැත්තෙනො, බුද්දධ්‍ ධ්‍ර්මය උෙන්ෙනො behavior chart එකක් ලකුණු කරමින් ඒ අයතේ

යහපත් ආකල්ප ෙර්ධ්‍න ෙැෙසටහනක් කරනො, ෙැඩිහිටියන්ටත් දරුෙන්ටත් තෙනම භාෙනා

ෙැෙසටහන් ධ්‍ර්ම සාකච්ඡා බුද්දධ්‍ ෙන්දනා ආදිය පැෙැත්තෙනො. මාසික තපෝය ෙැෙසටහන

සෑම මාසයකම තදෙනි ඉරිදා දිනයන්තේ උදෑසන 10 ඉදන් සෙස 4 තෙනකන් පැෙැත්තෙනො,

zoom ොක්ෂණයත් සමෙ හැතමෝම එකතු කරතෙන සෑම සිකුරාදා දිනයකම ධ්‍ර්ම සාකච්ඡා

පැෙැත්තෙනො. මහන්ී වුනත් අතේ දායකයන් තෙනුතෙන් අනුකේපාතෙන් ෙැඹුරු දහේ

කරුණු සාකච්ඡා කරන්න නෙ ොක්ෂණය උපතයෝගී කර ෙනිමින් slides නිර්මාණය කර්මින්

ඉො ෙැඹුරු දහේ කරුණු සරලෙ තත්රුේ කරන්නට උත්සාහ කරනො.

• අෙසාන ෙශතයන් ඔබ ෙහන්තස්ස ඇතුළු අතනකුත් ස්සොමීන්ෙහන්තස්සලාතේ

බලාතපාතරාත්තු තමානෙතේද මෙක් කතළාත්?

තේ රටට සුංක්‍රමණය ෙන තබාතහෝ ෙරුණ පිරිස තේ සසර ෙමතන් අෙධ්‍ානම ෙැන ෙැඩි

අෙතබෝධ්‍යක් නැති පිරිසක්. අත්දැකීේ ෙලින් පරිනෙ තෙද්දදි තේ අයට යථාර්ථය මුණ

ෙැතහනො. එදාට ඔවුන් ප්‍රමාද බෙ ඔවුන්ට ෙැටතහනො. අතේ එකම බලාතපාතරාත්තුෙ කුසල්

සිත් ඇත්තෙෝ දිතනන් දින බිහිීමයි. ධ්‍ර්ම සන්නිතේදනයත් එක්ක කාර්යබහුල තෙලා බෙ

ඇත්ෙ. ෙරමක මහන්සියක් දැනුනත් ඔයාලා ෙතේම කර්මය ියන තද්ද අපිටත් තපාදු තදයක්.

පින් දහේ ඔබ අපි සෑමතදනාම කරන්න ඕනි. එක මනුස්සසතයක්ට එක තමාතහාෙකට හරි

කුසල සිෙක් ඇති කරන එකයි මතේ අරමුණ. ඒ තෙනුතෙන් මම දිො රෑ තනාබලා

තෙතහතසනො.

තෙන ිසිම බලාතපාතරාත්තුෙක් අපිට නෑ. ගිහි පිුංෙතුන්තෙන් අපි ඊට ෙො තෙන ිසිම

තදයක් බලාතපාතරාත්තු තෙන් නෑ. හාමුදුරුතෙෝ තකතනක් විදියට මතේ රාජකාරිය

තොෙනැගිලි හදාෙන්න එකෙත් පන්සල් නෙත්තු කරන එකෙත් තනතමයි.බිල්ඩින්

ෙණනාෙක් අයිති තකතනක් වුනත් එක ඇදකතන නිදා ෙන්තන්. මතේ යුතුකම මිනිස්සුන්තේ

සිත් ුෙපත් කරන එක. තේ රතේ ඉන්න තබාතහෝ පිරිස ජීවිතත් තොෙනො ෙන්න තලාකු

සටනක තයතදන පිරිසක්, ඒ අයතෙන් අපිට ිසිම තදයක් බලාතපාතරාත්තු තෙන්න බෑ. අපිට

අෙශය ඒ විොබර ජීවිෙය දහේ ඔුතෙන් ුෙපත් කරන එක. ඊට අමෙරෙ අතේ විතශ්ෂ

අෙධ්‍ානය කුො දරුෙන්ට. දරුෙන්තේ ජීවිෙ අධ්‍යාත්මීය අතින් තලාකු ආෙධ්‍ානමක. තේ

දරුෙන්ට දෙසක ආෙේබතරන් අපි Buddhist ියන්න පළුෙන් ආකල්පමය දියුණුෙක් අත් කර

තදන එකයි අතේ අරමුණ. තේ රතේ බහුෙරයක් ළමයි ඒතිස්ස ලා තෙද්දදි යහපත් අේමා

ොත්ෙතෙ යුතුකමක් තිතයනො ෙමන්තේ දරුෙට නිෙැරදි මාර්තෙෝපතද්දශනයක් ලබා තදන

ෙැනකට තයාමු කරන්න. බුදු හාමුදුරුතෙෝ god ියලා හිෙන් ඉන්න දරුතො අපිට තොෙක්

මුණෙැහිලා තිතයනො.ෙයස අවුරුදු දහ තුන දාහෙර තෙද්දදි මහ සමාතජට එකතු තෙන දරුො

ඉොම අනාරක්ිෙ ෙටපිටාෙකයි ජීෙත් තෙන්තන්. තේ කාල ීමාතේදී ඒ අයතේ ආකල්ප ෙලට

බාධ්‍ා කරන්න පළුෙන් කමක් අපට නෑ. එෙතකාට ඔබත් අපිත් ප්‍රමාද ෙැඩී. කුො කාලතේම

පන්සතල් රැකෙරණයත් එක්ක හැතදන ෙැතෙන දරුො මෙ තොතහාතරන් උෙට එන තනළුම

ොතේ තේ විෂමාකාර සමාජතයන් හරි ෙැරැද්දද තෙෝරා ෙනිමින් ගුණ ුෙදත් සමෙ ඉහළට

විකසිෙ තේවි. එයයි අතේ පැතුම.

WIS

WIS සිය ජයග්‍රාහී වසර 15 සමරයි* 

මිනිස්සු එකතු වෙලා කරල තියෙන වැඩ ගැන ඉතිහාසය පුරා අපි ඕන තරම් අහල තියෙනවා. අද වන විට ලෝකය මෙච්චර දියුනු වෙලා තියෙන්නෙත් ඒ වගෙ කට්ටිය කරපු ලොකු ලොකු වැඩ නිසා තමයි. අද අපි කතා කරන්න යන්නෙත් ඒවගේ ලොකු වැඩක් අවුරුදු පහළොවක් තිස්සේ කරගෙන යන අපේම ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙක් පිළිබදවයි.  

WIS කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ ගොඩක් අය දන්න සන්නාමයක් එහෙමත් නැත්තම් Brand එකක්. ඒ Brand එක පිටිපස්සේ තියෙන අවුරුදු 15ක විශිෂ්ට සාර්ථකත්වයක කතාව ගැන අපි අද කතා කරමු. 

Wijay, Ifthi සහ Suneth කියන යාළුවෝ තුන්දෙනාගෙ එකතුවත් එක්ක තමයි WIS කියන ආයතනය Business එකක් විදියට මුලින්ම UK වල පටන් ගන්නෙ. ඒ තුන්දෙනාම වෘත්තීය accountants ලා. ඒ කාලේ වෙනකොට accounting වගේ field එකක් ඇතුලේ අලුතෙන් දෙයක් හොයාගෙන තමන්ටම කියල ස්ථාවරයක් හදාගන්නවා වගේම Quality service එකක් මේ Field එකට එකතු කරන්නේ කොහොමද කියන එක මේ තුන්දෙනාටම තිබුන ලොකු උවමනාවක්. හැබැයි අලුත් දෙයක් පටන් ගන්න හිතනකොට අපිට වැඩිය කල්පනා නොවෙන දෙයක් තමයි Market Gap එක. ඒ වෙනකොටත් Accountancy වගේ Field එකකට ලෝකයේ ලොකු Demand එකක් තිබ්බා, ඒත් ඒ Demand එකට ගැලපෙන Supply එකක් Industry එකේ තිබ්බද කියන එක ප්‍රශ්නයක්. කොහොම උනත් මේ තුන්දෙනා එකතු වෙලා තමන් දන්න දේ එක තැනකට ගෙනල්ල අලුත් වැඩක් කරන්න ඕනේ කියන එක තේරුම් ගත්තා. ඒ මීට අවුරුදු 15කට කලින්. ඒ වෙනකොට Wijay,Ifthi සහ Suneth තුන්දෙනාම ලොකු ආයතන වල හොද salary එකකට වැඩකරමින් තමයි හිටියෙ. අලුත් දෙයක් පටන් ගන්නකොට තියෙන අනිත් ලොකුම ප්‍රශ්නෙ තමයි අවදානම, එහෙම නැත්තම් Risk එක. හැබැයි අර අපි කලින් කතා කලා වගේ industry එකේ තිබ්බ Demand නියම විදියට දැනගෙන හිටපු නිසා ඒකටම ගැලපෙන හරිම Business Opportunity එක තෝරගන්න ඔවුන්ට වැඩිය අමාරු උනේ නෑ. කිසිම බයක් නැතුව තමන් කර කර හිටපු රස්සාවලින් සහ ඒ ආයතන වලින් අයින් වෙලා ගොඩාක් කල් හිතේ තිබ්බ Business එක පටන් ගන්න ඔනේ කියන විශ්වාසයේ ප්‍රතිඵලයක් විදියට තමයි WIS ආයතනය බිහි වෙන්නේ. එයාලා මුලින්ම මේ Industry එකට ආවේ contractor accountants ලා විදියට. දවසින් දවස තමන් දන්න දේ උවමනාවෙන් සහ කැපවීමෙන් තමන්ගේ Clients ලට ලැබැන්න සලස්සපු නිසා ආයතනය ටිකෙන් ටික වැඩි දියුනු උනා, ඒ වගෙම Client Base එකත් වැඩි උනා. WIS පටන් ගන්නකොට වැඩියෙන්ම එයාලත් එක්ක එකතු උනේ IT Companies. තමන්ට company එක ඇතුලෙ කරගන්න බැරි උන Accounting Related ගොඩක් දේවල් ඔවුන් WIS හරහා ඉතා සාර්ථකව සහ ලේසියෙන් ඒ වගේම නිවැරදිව කරගත්තා. කාලයත් එක්ක තමයි Business එක ගැන Clients ල අතර ලොකු විශ්වාසයක් ඇතිවෙන්නෙ. අපි හැමෝම දන්නවනේ Gossip කියන ඒවා කොච්චර ඉක්මනට හැමතැනම පැතිරෙනවද කියලා. ඒ විදියටම WIS ගැනත් Industry එකේ ලොකුවට පැතිරෙන්න පටන් ගත්තා, ඒ තමන්ට ලැබෙන වැඩේ ඉතා නිවැරදිව, ඉක්මනින් සහ මිත්‍රශීලීව තමන්ගෙ සේවාදායකයන්ට සපයපු නිසා. Business එකකට Free of Charge ගන්න පුලුවන් හොදම Advertising Tool එක තමයි Simple word of Mouth කියන්නේ, ඉතිං මෙයාලා ඒක හරිම විදියට තමන්ගෙ සහ තමන්ගෙ Clients ලගෙ සුබසිද්ධිය වෙනුවෙන්  පාවිච්චි කලා. 

තමන්ටම කියල වහලක් තියෙන එකෙ වටිනාකම කොච්චර ද කියල අපි හැමෝම දන්නවා, විශේෂයෙන්ම වෙනත් රටක ජීවත් වෙන අපි ඒ ගැන අනිත් අයටත් වඩා සැලකිලිමත්. 2015 වසරේදී WIS ආයතනය ඒ අවශ්‍යතාව තෙරුම් අරගෙන Mortgage Services තමන්ගේ Business එකට අලුතෙන් එකතු කරගත්තා. ඒ සමගම තමන්ගේ Clients ලට කලින් තිබුනාටත් වැඩි Range එකක ඉතා උසස් සේවයක් කරන්න ඔවුන්ට ඉඩක් ලැබුනා. මේ සමගම WIS UK ආයතනයට අනුබද්ධව වැඩකරන්න ශ්‍රී ලංකාවේ ආයතනයක් පටන් අරන් තිබුනා කොළඹ දෙහිවල ප්‍රදේශයේ. අති දක්ෂ ශ්‍රී ලාංකික පිරිසක් ඒ ආයතනයේ වැඩ කරපු අතර විශේෂයෙන් Accounting Field එකේ තමන්ගේ අධ්‍යාපනය කරගෙන හිටපු ගොඩාක් තරුණ තරුණියන්ට WIS ආයතනයත් එක්ක එකතු වෙන්න ඒකෙන් වාසනාව ලැබුනා වගේම Industry experience ලබා ගන්න ගමන්ම තමන්ගේ විෂයානුබද්ධ උසස් අධ්‍යාපනය කරගෙන යන්නත් එයාලට අවස්ථාව උදා උනා. අද  වෙනකොට WIS ආයතනය යටතේ සේවකයන් 60කට අධික පිරිසක් UK සහ ශ්‍රී ලංකාවේ සේවය කරනවා වගේම කලින් තිබුනාටත් වඩා උසස් තත්වයේ සේවාවක් තමන්ගේ Clients ලට ලබා දෙමින් දිනෙන් ව්‍යාපාරයක් විදියට වැඩි දියුණු වෙමින් පවතිනවා. ඒකට හොදම උදාහරණය තමයි පසු ගිය අවුරුද්දේ ඔවුන් වෙනුවෙන් ලැබුනු විශේෂ සම්මානය. What mortgage සම්මාන උළෙලේදී වසරේ හොදම Mortgage Broker සම්මානය ලබා ගන්න ඔවුන්ට අවස්ථාව හිමි උනේ අතිදක්ෂ සේවාවක් අවුරුදු පහළොවක් පුරාවට තමන්ව විශ්වාස කරලා තමන් එක්ක ඉන්න පාරිභෝගිකයන්ට ලබා දුන්න නිසා. තව දුරටත් කියනවා නම් Financial Accounts, Mortgages, Wealth and pension planning වගේ සේවාවන් රැසක් එකම ස්ථානයකින් ලබාගැනීමට පුලුවන්කම තිබීම නිසා සියළුම පාරිභෝගිකයන්ට කිසිම ගැටළුවක් නැතුව  තමන්ගේ වැඩ කටයුතු අඩු කාලයකින් සහ අඩු වියදමකින් විශ්වාසදායි විදියට කරගන්නත් WIS අවස්ථාව උදා කරල දීලා තියෙනවා.

සම්මානනීය ආයතනයක් වෙන WIS ආයතනය මීට මාස කිහිපයකට පෙර තමන්ගෙ අලුත්ම Branch එක UK Surrey වල විවෘත කරා. අලුත් විදියට හිතමින්,කාලයත් එක්ක වෙනස් වෙන Economy එකත් එක්ක යාවත්කාලීන වෙමින්  තමන් එක්ක වැඩ කටයුතු කරන සියළුම සේවාදායකයන්ට දවසින් දවස උසස් වෙන සේවාවක් දෙන WIS ආයතනය ඉදිරියටත් Accountancy Field එකේ ලොකු වෙනසක් ලෝකය පුරා කරයි කියන එක විවාදයක් නැතුව අපිට පිලිගන්න පුලුවන් දෙයක් වගේම ශ්‍රීලංකා වාසීන් විදියට අපිට ගොඩක් ආඩම්බර වෙන්න පුලුවන් කාරනයක්.

අමන්ද්‍යා උත්පලි

පහුගිය කාලයේදි අපට අහන්න සහ දකින්න ලැබුන ගීත අතර “රැජිනට ඇන්දා” නම් වු වෙනස්ම ආරයක ගීයක් ලංකාව පුරා මෙන්ම ලෝකය පුරා වෙසෙන ශ්‍රී ලාංකිය ප්‍රේක්ෂකයන්ගේ ආකාර්ශණය සහ ආදරය ඉතා ඉහලින් දිනා ගන්නට සමත් වුනා. මෙම ගීතයෙහි හඩ පෞර්ෂය, පද පේළි, සංගීතය මෙන්ම රූප රචනයද ඉතාමත් සුවිශේෂිවිම ගීතයෙහි ජනප්‍රියත්වයට හේතු පාදක වුවා කියා නිතර්කයෙන්ම අපට කිව හැකිය. අප කාගෙත් සිත් සොරාගත් මෙම ගීතයෙහි හිමිකාරිය පිළිබදව විපරම් කල විට දැන ගන්නට ලැබුනේ ඇය ලාංකික ප්‍රේක්ෂක ආදරය දිනාගත් දක්ෂ රංගන ශිල්පියෙකු වු ගිරිරාජ් කෞෂල්‍යය මහතාගේ දෙටු දියණිය බව සහ සහන් රන්වල මහතාගෙන් කාලයක් තිස්සේ ගුරුහරුකම් ලබන රන්වල බලකායේ සමාජිකවක් බවයි. ගායනට, නර්තනයට මෙන්ම රංගනයට ඇය අති දක්ෂ බව පහුගිය වකවානුවේදි පුංචි තිරයෙහි ජනප්‍රිය වු නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය තුලින් මනාවට පිළිඹිබු වුනා. මෙවර අපි Magazine හරහා රැජිනට ඇන්දා ගයන නන්දා නම් වු අති දක්ෂ සකල කලාවෙන් පරිපූර්ණ වු ශිල්පිනියක් වන අමන්ද්‍යා උත්පලි සමග සොදුරු කතා බහක යෙදෙන්නයි අපගේ සුදානම…

(1) අමන්ද්‍යා, මොනවාද මේ දවස්වල තොරතුරු?

පහුගිය දවස්වල මම ඉතාම කාර්යබහුල වුනා. පෙබරවාරි මාසයේ 24 වෙනිදා Waters edge හෝටල් පරිශ්‍රයේදි “රැජිනට ඇන්දා Live on stage” නමින් මගේ පළමුවෙනි ඒක පුද්ගල ගීත ප්‍රසංගය ඉතා සාර්ථකව පැවැත්වුනා. එමෙන්ම මෙම දිනවල අනෙකුත් ප්‍රසංග සදහා ගීත ගායනයෙන් සම්බන්ධ  වෙනවා.

(2)”රැජිනට ඇන්දා වේදිකාවට” ඔබේ පළමු ප්‍රසංගය පහුගිය දිනෙක ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් අති සාර්ථක ලෙස නිමාවට පත්වුනා. ප්‍රසංගයේ තතු පිළිබදව කියමුද?

දැනට ලංකාවේ පැවැත්වෙන ප්‍රසංගවලට වඩා වෙනස් වු සෞන්දර්යාත්මක අත්දැකිමක් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන පරමාර්ථයෙන් “රැජිනට ඇන්දා Live on stage” ප්‍රසංගය බිහි වෙනවා. ශාස්ත්‍රිය ගීත, පැරණි ගීත, බටහිර ආරයේ ගීත, නාට්‍යය ගීත, නැටුම්, බෙර වාදන, ජන ගී සහ හින්දි තනු නාදමාලාවන් සහිත ගීත ඇතුලත් සංගිතයේ විවිධ පැතිකඩ පෙන්නුම් කල ඒක පුද්ගල ගීත ප්‍රසංගයකට එහා ගියපු විශේෂයෙන්ම මම ප්‍රාසාංගික ශිල්පිනියන් වශයෙන් ප්‍රේක්ෂකයන්ට සමීපව වන්නට දැරු උත්සාහය ප්‍රේක්ෂකාගාරය පිරි යමින් අති සාර්ථක වුනා කිවුවොත් නිවැරැදියි.

රැජිනට ඇන්දා ගීතය පදනම් කරගෙන ලංකාවේ බොහෝ අය මාව ශිල්පිනියක් විදියට හදුනා ගන්නවා. එම ගීතයට ආදරය කරන ප්‍රේක්ෂක පිරිස මගේ ඒක පුද්ගල ප්‍රසංගයක් නැරඹීමට පැමිණිම මට ඉමහත් සතුටක්. ප්‍රසංග සදහා යුග ගීත ගායනයෙන් රොඩ්නි වර්ණකුල මහතා සහ උදේෂ් ඉන්දුල අයියා සම්බන්ධ වුනා. එමෙන්ම සම්භාව්‍ය ඝණයේ සාම්ප්‍රදායික ප්‍රසංගයකට එහා ගියපු පවුලේ සියලුම දෙනා සතුටු වෙන ආකාරයේ ප්‍රාසාංගික ඇත්දැකිමක් ප්‍රේක්ෂකයන්ට ලබා දිමේ අරමුණින් ජනයි ප්‍රියයි දෙපල පූරක දෙපළ වශයෙන්ද මෙම ප්‍රසංගයට එකතු කර ගත්තා. නිර්මාණාත්මක අධක්ෂණයෙන් මගේ තාත්තා ගිරිරාජ් කෞෂල්‍ය මහතා, මගේ ගුරුතුමා සහන් රන්වල මහතා සහ මගේ සැමියා සාරංග කලුගලගේ යන තිදෙනා ප්‍රසංගයේ සියලුම බර කරට ගෙන විශාල දායකත්වයක් ලබා දුන්නා.

(3) “රැජිනට ඇන්දා” ගීතය ඔබව මෙතෙක් දුරක් ගෙන යයි කියලා ඔබ හිතුවාද?

රැජිනට ඇන්දා ගීතය නිර්මාණය කරද්දි ලොකු කුඩා වයස් භේදයකින් තොරව මෙතරම් ජනාප්‍රසාදයක් ලැබෙයි සහ ප්‍රේක්ෂකයන් මෙතරම් වැලද ගනි, ආදරය කරයි කියලා මම හිතුවේ නැහැ. මෙම ගීතය ජන ගී නාද මාලා ඔස්සේ නිර්මාණය වු නාට්‍යයානුසාරි ගීතයක්විම මෙතරම් ජනප්‍රියවිමට ප්‍රධානම හේතුව වෙන්න ඇති කියලා මම හිතනවා. මෙම ගීතය එලි දක්වන කාලයේදි තිබුන ගීත අනුව මෙවැනි ගීතයක් නිර්මාණය කිරිම ඇත්තටම අභියෝගයක් වුනා නමුත් මෙම නිර්මාණය සදහා දායක වුන සියලුම දෙනාට එම අභියෝගය ගනිමින් වෙනස් විදියේ නිර්මාණයක් බිහි කිරිමට අවශ්‍ය වුනා. ඉතින් අපි හිතුවටත් වඩා, හිතා ගන්න බැරි ආකාරයට ලංකාවේ මෙන්ම විවිධ රටවල්වල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලබා ගන්න ඒ කරපු වෙනස් නිර්මාණයට හැකි වුනා. පහුගිය කාලයේ පැවැති රියලිටි තරග කිහිපයකම තරගකරුවන් මෙම ගීතය තරගය සදහා ඉදිරිපත් කිරිමට තොරා ගැනිමත් විශේෂත්වයක් වුනා.

(4) ඔබේ අලුත්ම ගීත නිර්මාණය පිළිබදව විස්තර කියමුද?

“තාත්තා” නමින් උමා අසේනි ශිල්පිනියගේ තාත්තගේ උපන්දිනය වෙනුවෙන් ඇය අතින් ලියවුන හිතට දැනෙන වචන ටිකට විදු කහපොලආරච්චි මහතාගේ සංගීතය මුසු කෙරුන ගීතයක් Youtube අවකාශය ඔස්සේ මෙම වර්ෂයේ මුලදි මම එලි දැක්වුවා. මගේ කටහඩට ඇයගේ තාත්තා කැමතිවිම සහ මගෙයි තාත්තයි අතර තියන සම්බන්ධතාවයට සමාන සම්බන්ධතාවයක් ඇයයි ඇයගේ තාත්තගෙයි අතර පැවතිම වැනි හේතු මත මට අහඹු ලෙස මෙම ගීතය ගායනා කරන්න අවස්ථාව ලැබුනා. අහපු රස විදපු අයගෙන් ඉතා විශාල ප්‍රතිචාර ලැබෙනවා.

(5) ප්‍රේක්ෂක සිත්තුල ඉතා අපූරු මතක එක්කල අපට සිටින අති දක්ෂ කලා ශිල්පයෙකු වන ගිරිරාජ් කෞෂල්‍යය ඔබේ පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබදව ප්‍රේක්ෂක අපි කෙටියෙන් දැන ගන්න කැමතියි.

දැනට අවුරුදු දෙකහමාරක විතර කාලයක් තිස්සේ තාත්තා අසනිපය සදහා ප්‍රතිකාර ලබනවා. පහුගිය කාලයේදි ප්‍රතිෂක්තිකරණය අඩුවිම හේතුවෙන් නැවත අසනීප තත්වයක් ඇති වුනා. ඔහු මේ වනවිට ඒ සදහා ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

(6) ඔබගේ කලා ගමනට ඔබේ පවුලෙන්, ඔබේ ආදරණීය ස්වාමියාගෙන් ඒවගේම ඔබ වටා සිටිනපිරිසගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

කුඩා කාලයේ ඉදන්ම අම්මයි තාත්තයි මගේ ගීත ගායන හැකියාව අදුන ගෙන මාව ඒ සදහා යොමු කරමින් වැඩිදුර අධාපනය ලබා දුන්නා. කලා කටයුතු වෙනුවෙන් යොමුවිම නිසා තාත්තා කාර්යබහුලවිම නිසා විශේෂයෙන්ම අම්මා මගේ අධාපනය කටයුතු සදහා ඉතා ඉහල සහයෝගයක් ලබා දුන්නා. දැන් මගේ සැමියාගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගයේ මූලික අදහස මට ලබා දෙමින් සහ ප්‍රසංගයේ සම්පූර්ණ වැඩ කටයුතු කළමනාකරණය කරමින් ඔහු මට විශාල සහයෝගයක් දුන්නා. කලා ශිල්පිනියක් විදියට මගේ කලා ගමනට ඔහුගෙන් ලැබෙන සහයෝගය ලොකු ශක්තියක් කිවුවොත් මම නිවැරදියි. තවත් සුවිශේෂි පුද්ගලයන් දෙදෙනෙකු වශයෙන් සහන් රන්වල ගුරුතුමා සහ ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා හදුන්වන්න පුලුවන්. කථිකත්වය, පෞර්ෂත්වය ගොඩ නගා ගැනිම, පිරිසක් ඉදිරියේදි ගීතයක් නර්තනයක් ඉදිපත් කිරිම වැනි සියලුම දේවල් රන්වල බලකාය සමග සම්බන්ධ වෙමින් සහන් රන්වල ගුරුතුමාගේ ගුරුහරුකම් ලබමින් මගේ ජිවිතයට එකතු කර ගන්න මම වාසනාවන්ත වුනා. ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතා නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය හරහා ටෙලිනාට්‍යය රංගනයට මාව සම්බන්ධ කර ගනිමින් රංගන ශිල්පිනියක් වශයෙන් විවරණ ලබන්නට මට අවස්ථාව සලසා දෙනවා. මගේ ජිවිතයේ ශක්තියක් වුන මෙම සියලු දෙනාට ස්තුතිවන්ත වන්නට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.

(7) රන්වල බලකාය සමග ඔබගේ බැදිම පිළිබදව සහ බලකාය සමග සම්බන්ධවිමට බලාපොරොත්තු වන පිරිසට බලකාය ගැන විස්තර ටිකක් කියමුද?

මම රන්වල පදනමට සම්බන්ධ වුනේ 2007 වර්ෂයේදි ඉන්පසු 2011 වර්ෂයේ සිට රන්වල බලකායේ සාමාජිකාවක් විදියට කටයුතු කරනවා. මගේ ජිවිතය වෙනස් මානයකට ගෙනගිය සංදිස්ථානයක් ලෙස රන්වල බලකාය සමග සම්බන්ධවිම හදුන්වන්න පුලුවන්.

සහන් රන්වල ගුරුතුමා බලකාය තුල හදාරන සියලුම සිසු සිසුවියන්ගේ වර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙමින් නිරන්තරයෙන්ම වැඩ කරයුතු කරනවා. රන්වල බලකාය සමග සම්බන්ධ විමෙන් දරුවෙක්ට තමන්ගේ ජිවිතය යහපත් අතට හරවා ගන්න, දැනුම එකතු කර ගන්න, කණ්ඩායමක් විදියට වැඩ කරන්න ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. විදේශ රටවල්වල වෙසෙන දරු දැරියන් වෙනුවෙන් පැවත්වෙන පාඨමාලාවන් පිළිබද තොරතුරු රන්වල බලකායෙහි ලංකාeපාසල (lankaeschool.com) වෙබි පිටුව මගින් ලබා ගන්න පුලුවන්.

(8)ඔබව ඉදිරියේදි ප්‍රේක්ෂක අපට දකින්නට ලැබෙන කලා කටයුතු මොනවාද?

රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගයත් සමග ලංකාවේ විවිධ පැතිවලින් සහ විදේශීය රටවල්වලින් මට විශාල ආරාධනා ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් ඉදිරියේදි රැජිනට ඇන්දා Live on stage ප්‍රසංගය ලංකාව පුරා වගේම ලෝකය පුරාත් අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

පහුගිය අවුරුදුවල වගේම රන්වල බලකාය සමග ජන ගීය අරන් ලෝකය පුරා යන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ජය ප්‍රකාශ් සිවගුරුනාදන් මහතාගේ ටෙලිනාට්‍යය හරහා මගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබේවි.

ඉදිරියේදි එලි දැක්විමට නියමිත මගේ ගීත රසවිදින්න සියලුම දෙනාට ආරාධනා කරනවා. 


අමා නාකන්දලගේ