නාගයා

නාගයා/ නයා

spectacled cobra / Indian cobra

Naja naja (Linnaeus, 1758)

හඳුනා ගැනීම

මොවුන්ගේ දේහය දිගු, පෘෂ්ඨිමත්, සිලින්ඩරාකාර ශරීරයක් වන අතර කැපී පෙනෙන ගෙලක් සහිත මධ්‍යම

ප්‍රමාණයේ පැතලි හිසක් සහ ගෙල ප්‍රදේශයේ ඇති පෙනය විශේෂ ලක්ෂණයකි. පෙනය හකුලාගෙන සිටින

විට ගෙල ප්‍රදේශය වඩාත් පැතලිව සහ පළල්ව දිස්වේ. මධ්‍යම ප්‍රමාණයේ ඇස් සහ තරමක් විශාල විවෘත

නාස් විවර දක්නට ලැබේ.

වර්ණය සහ පෙනයේ සලකුණු බොහෝ සෙයින් වෙනස් විය හැක. බොහෝවිට ශරීරය කළු හෝ තද දුඹුරු

පැහැති වන අතර ඉතා සිහින්, සුදු පැහැති හරස් ඉරි තනිව හෝ යුගල වශයෙන් පිහිටයි. පෙනයේ ඇතුල් පැත්තේ

(උදරීයව ) සුදු පළල් දාරයකින් වටවූ කළු පුල්ලි දෙකක්ද, පිටුපස (පෘෂ්ඨීයව ) කළු දාරයකින් වට වූ සුදු පැහැති

'ප' සලකුණක්ද ඇත. මෙම පෘෂ්ඨීය සළකුණ ත්‍රිකෝණයක හැඩයට පැවති නිදර්ශකයක් පේරාදෙණිය

ප්‍රදේශයෙන් හමුවි ඇත. නමුත් ඉතා කලාතුරකින් ඇතැම් සතුන්ගේ මෙම සලකුණ පැහැදිලිව නොපිහිටන අතර

ගැහැණු හෝ පිරිමි සතුන්ගේ මෙහි විවිධත්වයක් නොපෙන්වයි. පෙනය කරගෙන සිටින විට. එහි සම සුදු

පැහැයට දිස්වන අතර, කොරල එකිනෙකින් වෙන්වී. වෙන වෙනම දිස්වේ. උගුර ප්‍රදේශයේ තද පැහැති හරස්

පටි දක්නට ලැබේ. ඇලි (albino) නයින්ද හමුවේ. දිග උපතේදී මි.මි. 200 – 300, වැඩුණු සතුන් මි.මි. 1000-

1500ක් පමණ වේ.

මොවුන්ගේ හැසිරීම ප්‍රධාන වශයෙන් දිවාචර නමුත් රාත්‍රි කාලයේදීද සැරිසරනු දැකිය හැක. රාත්‍රියේදී

වඩාත් ක්‍රියාශීලී බව ඇතැමුන් දක්වා ඇත. භෞමිය වුවද, තරමක් දුරට ගස් නැගීමට සහ පිහිනීමට හැක. ජලය

ආශ්‍රිත ස්ථාන වලට වැඩි කැමැත්තක් දක්වයි. වියළි කාළයක් හුඹස් සහ ගුල් තුළද, වැසි සමයන්හි වැඩි

කාලයක් කුඩා ගස් පඳුරු මතද ගතකරයි. ඉතා ක්‍රියාශීලි සර්පයෙකු වන අතර කලබල වූ විට බොහොමයක්

අවස්ථාවන්හිදී පලායෑමට තැත් කරයි. එසේ නොහැකි වූ විට පෙනය කර, පිඹින ශබ්දයක් පිට කරමින් අනතුරු

අඟවයි. ඉන්පසුව දෂ්ඨ කිරීමට පෙළඹේ. පෙනය කිරීමෙදී සිරුරෙන් 1/3ක පමණ කොටසක් ඉහළට එසවිය හැකි

අතර එම උසට සමාන විශ්කම්භයක් ඇති වෘත්තයක් ඇතුළත ඇති වස්තුවකට දෂ්ක කළ හැක. පැටවුන් සහ

නොවැඩුනු සතුන් වඩාත් ක්‍රියාශීලිය. ප්‍රචණ්ඩය. ප්‍රජනන සමයේදී ආලිංගන රංගත සිදු කරයි. වරකට බිජු

5 – 45ක් පමණ දමා ගැහැණු සතා මාස දෙකක් පමණ වන තෙක් ඒවා ආරක්ෂා කිරීම සිදු කරයි. ගැහැණු සතුන්

කිහිප දෙනෙකු එකම ස්ථානයක බිජුලෑමද (communal nesting) වාර්තා වේ .

මොවුන් ආහාර වශයෙන් මියන්, ගෙම්බන්, කටුස්සන්, වෙනත් සර්පයින් සහ බිත්තර මෙන්ම කුරුල්ලන්. ඇතැම් විට

ස්වජාති භක්ෂනය පෙන්වයි. තිත් පොළොඟුන් ගිල දැමු අවස්ථා කිහිපයක්ම වාර්තා වේ.

උග්‍ර විෂ සහිත සර්ප විශේෂයක් වන මොවුන හට ප්‍රොටෙරො‍ෙග්ලයිපස් (Proteroglyphous) වර්ගයේ විෂ

දළ පිහිටයි. විෂ ප්‍රධාන වශයෙන් ස්නායු පද්ධතිය (විශේෂයෙන් ස්වසන ක්‍රියාවලිය) සහ රුධිර පද්ධතිය

අඩපණ කිරීමට බලපායි.

ස්ථානීය රෝග ලක්ෂණ – දෂ්ඨ කරනු ලැබූ ස්ථානයේ අධික වේදනාව, දෘෂ්ඨිනය සිදුවූ ගාත්‍රය හෝ අවයවය

ඉදිමීම, දෂ්ඨ කළ ස්ථානයේ සිට පිටතට පටක මිය ගොස් කුණුවීම (Necrosis). ශාරීරික රෝග ලක්ෂණ –

ඇසිපිය කඩා වැටීම (ptosis) ආශ්වාස හා ප්‍රශ්වාස කිරීමට අපහසුව වමනයට ඒම සිහි නැතිවීම හා කම්පනය.

නිසි ප්‍රතිකාර ලබා නොදුනහොත් රෝගියා මරණයට පත්විය හැක. මොවුන් ඉතා ඉහළ කඳුකරයේ හැර

දිවයිනේ වෙනත් සියළු ප්‍රදේශවල පරිසර පද්ධති රැසක සුල බව හමුවේ. මිනිස් ජනාවාස, කුඹුරු සහ වෙනත්

වගාබිම් ආශ්‍රිතවද සුලබය.

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන්

Sri Lanka Tree Nymph (Idea Iasonia)

ඔන්න මේ අවුරුද්දේ හය වෙනි මාසෙත් ආවා.ගිය වතාවේ කලාපයෙන් ඔයාලට Pieridae  කුලයේ සමනලයේගේ වතගොත ගෙනාවා වගේම මේ පාර කලාපයෙන් Nymphalidae කුලයේ ඉන්න ලස්සන සමනල් විශේෂයක විස්තර අරන් ආවා. අපි බලමු ඒ කවුද කියලා.

Ceylon Tree Nymph නැත්තන් Sri Lanka Tree Nymph Idea iasonia යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වනවා. ශ්‍රි ලංකාවේ හමුවෙන සමනල් විශේෂ අතරින් තුන වැනියට විශාල සමනල් විශේෂය කිවහොත් නිවැරදි. මෙම සමනල විශේෂයේ භාහිර පෙනුම විස්තර කලොත් සුදු පැහැති පසුබිමේ කලු පැහැ සලකුනු දැකගත හැක. සාමාන්‍යයෙන් තෙත් කලාපයේ හමුවන විශේෂ ශරීර ප්‍රමාණයෙන් කුඩා වන අතර කදුකර හා වියලි කලාපයේ හමු වන විශේෂ විශාල වේ. මොවුන්ගේ විශේෂම ලක්ෂණය නම් මොවුන් ශ්‍රි ලංකාවට ආවෙනික විශේෂයක් වේ. වර්ශය පුරාම දැකගත හැකි මොවුන් තෙත් කලාපය පුරාම ව්‍යප්තව සිටී. ඒ හැරුණු විට ලංකවේ වියලි හා අතරමැදි කලාප වල ගංගා අසබඩ ද මොවුන්ගේ ව්‍යාප්තිය දැක ගත හැකි වේ. 

මෙම සමනල් විශේෂයට ඉතාමත් දුර්වල පියාසැරියක් ඇති අතර ඔවුන් එක තැන කැරනෙමින් පියාසර කරන අයුරු දැකගත හැකිය. නමුත් ප්‍රජනන සමයේදිත් හා බිජුලෑම සදහා පහල ස්ථරයට පැමිණේ. ගැහැණු සතුන් බිත්තර දැමිමේදි පත්‍රයේ යටි පැත්තේ පොලොවට සමාන්තරව දමයි. ඔවුන්ගේ දැළඹුවා කලු, සුදු හා රතු පැහැයෙන් දිස්වෙන වේ.

අළු රදනකයා 

Common wolf snake 

අළු රදනකයා 

Lycodon aulicus (Linnaeus, 1758)

Forma typica morph

ශ්‍රී ලංකාවේ හමුවන රදනකයන් 6 අතුරින් දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් සහිත රදනක විශේෂයක් ලෙස අළු රදනකයා හැඳින්විය හැකි අතර මොවුන් උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ වර්ණ රටා අනුකරණය / mimicking කරන්නාවූ කිසිම විෂක් රහිත නිර්විෂ සර්ප විශේෂයකි. මොවුන් රූපීය ලක්ෂණ ඔස්සේ කරවැලුන්ට සමාන වූවත් අනන්‍ය වූ දේහ ලක්ෂණ කිහිපයකින් සාමාන්‍ය අයෙකුට වූවද පහසුවෙන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී..

* කැපී පෙනෙන පෙයාර්ස් හැඩැති හිස

බොහෝවිට උග්‍ර විෂ සහිත කරවැලුන්ගේ පැහැදිලි ගෙලක් හඳුනාගැනීමට අපහසු වන නමුත් අළු රදනකයාගේ හිස පෙයාර්ස් ගෙඩියක හැඩයෙන් පැහැදිලිව ගෙලෙන් වෙන් වී දිස්වෙනු දැකගත හැකි වේ.

* දේහ කොරළ වල ස්වභාවය

අළු රදනකයාගේ සහ කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරල සුමට වූවත් කරවැලුන්ගේ පෘෂ්ඨීය කොරළ වල ඇති ඉතාම විශේෂ ලක්ෂණය වන්නේ කෂේ කොරළ වල ස්වභාවය ශඩාස්‍රාකාර වීමයි. බැලූ බැල්මට කරවැලෙකුගේ කොඳු නාරටිය ඔස්සේ අටපට්ටම් හැඩැති අනෙක් දේහ කොරළ වලට වඩා විශාල වූ කැපීපෙනෙන කොරළ පේලියක් ඉතා හොඳින් දැකගත හැකි වේ.

එමෙන්ම ඔබ සර්පයන් පිළිබඳව වැඩිදුරටත් අධ්‍යනය කරන්නෙක් නම් කරවැලුන්ගේ සහ රදනකයන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරල ප්‍රමාණය සහ කරවැලුන්ගේ මධ්‍ය දේහයේ හරස් කොරළ ප්‍රමාණයෙහි පවතින්නාවූ වෙනස අනුවද මොවුන් වෙන් කොට හඳුනාගැනීමට හැකියාව පවතී.

අළු රදනකයන්ගේ පෞච්ච උදරීය කොරළ / subcaudal scales බෙදුනු ස්වභාවයක් ගන්නා අතර කරවැලුන්ගේ නොබෙදුණු පෞච්ච උදරීය කොරළ වින්‍යාසයක් දැකගත හැකි වේ.

* දේහයේ හැඩය

අළු රදනකයන්ගේ දේහයේ හැඩය කරවැලුන්ගේ තරම් දිගු නොවන අතරම සිලින්ඩරාකාර දේහය උදරීයව තරමක් පළල් වී  දේහයේ අපර කොටසට යන විටදී ක්‍රමයෙන් සිහින්ව යන නමුත් කරවැලුන්ගේ දේහය හිසේ සිට දේහයේ අපර කොටස දක්වාම ඒකාරී සිලින්ඩරාකාර බවකින් යුක්ත වී වල්ගය කොටසේදී පමණක් තරමක් සිහින් ස්වභාවයක් පෙන්නුම් කරනු ලබයි.

වර්ණය

අළු රදනකයන්ගේ වර්ණ ප්‍රභේද කිහිපයක්ම හඳුනාගත හැක.

• Forma typica morph – මෙම වර්ණ ප්‍රභේදයේ හරස් පටි අපැහැදිලි දාරයකින් සීමා වන අතර දේහයේ හරස් පටි 35 ක් හෝ ඊට වඩා දැකගත  හැකි වේ. උදරීය පැත්තට ආසන්න වන විටදී මෙම හරස් පටි දෙකට බෙදී ත්‍රිකෝණාකාර ලෙස දක්නට ලැබෙන අතර පෙයාර්ස් හැඩැති හිස වෙන් වන ගෙල ප්‍රදේශයේ පැහැදිලි සුදු පැහැති කොලරයක් වැනි පටියක් දක්නට ලැබේ.

• Oligozonatus morph – මෙම වර්ණ ප්‍රභේධය ඉහළ කඳුකර ප්‍රදේශ වල සුලභ බව දක්වා තිබුනද සබරගමුව පලාත තුලද යම් ව්‍යාප්තියක් සහිත බව මගේ මතයයි. මෙම වර්ණ ප්‍රභේධයේ සුදු පැහැති හරස් පටි කිහිපයක් පමණක් පවතින අතර හරස් පටි වල පැහැදිලි දාරයක් සහිත වේ.

• Unicolour morph – මෙම වර්ණ ප්‍රභේදයේ සුදු පැහැති හරස් පටි කිසිවක් නොපිහිටන අතර පෘෂ්ඨීයව ඒකාකාර පැහැයක් සහිත වේ. මොවුන්ගේ තොල් සුදු පැහැති වන බව දක්වා තිබුණද තොල් වල පැහැයද දේහයේ පැහැයට සමාන සතුන් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද වාර්තා වී ඇත.

හැසිරීම් රටා 

මොවුන් ප්‍රධාන වශයෙන් නිශාචර සර්පයන් වූවද දිවා කාලයේද සංචරණය කරන අවස්ථා හමුවේ. භෞමික සර්ප විශේෂයක් වූවද ඉතා හොඳින් ගස් මත නැඟීමේ හැකියාව පවතී.  ප්‍රධාන ආහාරය ලෙස හූනන් දැක්විය හැක. මීට අමතරව කටුස්සන් කුඩා මීයන් වැනි සතුන්ද ආහාර ලෙස ගනී. වෙනත් කුඩා සර්ප විශේෂද ආහාර වශයෙන් ගන්නා අවස්ථා ද වාර්තා වී ඇත.

බොහෝවිට මිනිස් ජනාවාස ආශ්‍රිතව ව්‍යාප්තිය ඉහල වීමට හේතුව වන්නේ මොවුන්ගේ ගොදුරු නිවෙස් ආශ්‍රිතව සුලභ වීම නිසාවෙන් වන අතරම නිවෙස් වල ඇති කපරාරු නොකල රළු පෘෂ්ඨ ඔස්සේ ඉතා හොඳින් ඉහළට නැඟීමේ හැකියාව මොවුන්ට පවතී.

නිර්විෂ සර්පයෙක් වූවද බොහෝ අවස්ථා වලදී මොවුන් හපකෑමට පෙළඹෙන සර්ප විශේෂයක් වන නිසාවෙන් නිදහස් අතින් මොවුන් හැසිරවීමේදී කල්පනාකාරී විය යුත්තේ මොවුන්ගේ පවතින රදනක දත් වලින් තියුණු ලෙස තුවාලයක් සිදු වන ලෙස හපාකෑමට හැකියාව සහිත හෙයින් බව මතක තබාගත යුතු වේ.

මොවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර 3 – 11 ක් පමණ [ශ්‍රීලංකාවේ සර්පයන් ආචාර්ය රුචිර සෝමවීර] දමන බව වාර්තා වේ. මොවුන් බියට පත්වූ අවස්ථා වලදී වේගවත්ව පලා යාමට උත්සාහ කලද එසේ නොහැකි අවස්ථා වලදී ගුලිවී හිස සඟවාගැනීමට උත්සාහ දරයි. 

සටහන සහ ඡායාරූප – චමල් ලක්ෂාන් ජයවීර

Paper Quilling Art

ශතවර්ෂ ගණනාවක පෙර ඉජිප්තුවෙහි (Egypt) පේපර් කුයිලින් නිර්මාණ කලාව දක්නට ලැබි ඇති බව කියවෙනවා. ඉන්පසුව ක්‍රමක් ක්‍රමයෙන්  ප්‍රංශය සහ ඉතාලිය වැනි යුරෝපීය (Europe) රටවලත් මෙම කලාව ප්‍රචලිත වි තිබෙනවා. පේපර් කුයිලින් නිර්මාණය කලාව මේ වනවිට ලෝකයේ විවිධ රටවල කාන්තාවන්ගේ විනෝදාංශයක් මෙන්ම, මුදල් ඉපයිමේ මාර්ගයක් ලෙසත් ලොව පුරා වඩාත් දියුණුවෙමින් පවතිනවා.

කඩදාසි කොළ තීරු භාවිතා කර විවිධ හැඩතලයන් නිමවා කලාත්මක නිර්මාණකරණය පේපර් කුයිලින් කලාව (Paper quilling art) ලෙස හදුන්වා දෙන්න පුලුවනි.

පිටු සලකුණු, සුභ පැතුම් පත්, කාන්තා ආභරණ, බිත්ති සැරසිලි වැනි පේපර් කුයිලින් කලාව භාවිතා කර සාදා ගන්නා අලංකාර නිර්මාණ වෙළදපොලෙහි අද වන විට බහුලව දක්නට ලැබේ.

කුයිලින් නිර්මාණ කලාවේදී අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය වන්නේ කඩදාසි කොළ තීරුයි. කඩදාසි කොළ තීරු නිර්මාණයට අවශ්‍ය වන පරිදි  විවිධ ප්‍රමාණයන්ගෙන් යොදා ගත හැකිය. කඩදාසි කොළතීරු අවශ්‍ය ප්‍රමාණවලට පහසුවෙන් කපා ගැනිම සදහා පේපර් ශ්‍රෙඩර් (Shredder) එකක් භාවිතා කර ගත හැකිය. එමෙන්ම 1mm සිට විවිධ ප්‍රමාණයන්ගේ සහ වර්ණයන්ගේ කඩදාසි කොළ තීරු ඔබට වෙළදපොලෙන් මිලදි ගැනිමේ හැකියාවද තිබේ. 5mm කොළ තිරු මෙම නිර්මාණ සදහා බහුලවම භාවිතා කර ගනී.

මෙසේ ඔබට අවශ්‍ය වර්ණයන් සහ ප්‍රමාණයන් තෝර ගත් පසු කඩදාසි තීරු ඔතා ගැනීම සඳහා ස්ලොටට් කුයිලින් ටූල් (Slotted quilling tool) එක භාවිතා කර ගත හැකිය.

කුයිලින් හැඩතල සාදා ගැනිම සදහා ස්ලොටට් කුයිලින් ටූල් එකෙහි මිට කොටසෙන් අල්ලා ගෙන කොළ තිරුව ඉදිකටුව වැනි කොටසෙහි අග කොටසට ඇතුල් කර කොළය අල්ලාගෙන තද කරකවමින් හොඳින් ඔතා ගත යුතුය. කුයිලින් නිර්මාණ සදහා භාවිතා කරන මූලික හැඩතල කිපයක් ඇත. එම මුලික හැඩතල පහත රුපසටහනෙහි දැක්වේ.

කොළ තීරු භාවිතයෙන් සාදා ගන්නා හැඩතල ඔබට අවශ්‍ය නිර්මාණයට අනුකූලව අත්කම් නිර්මාණ සදහා භාවිතා කරන ගම් වර්ගයක් ‍යොදාගෙන ඝන කොළයක අලවා ගත යුතුය. ඔබ තෝරා ගන්නා නිර්මාණය අනුව ඝන කොළයේ ප්‍රමාණය තීරණය කල යුතුය. නිර්මාණයට ගැළපෙන පරිදි විවිධ වර්ණයන්ගෙන් මෙම ඝන කොළ වෙළදපොලෙන් මිලදි ගැනීමට පුලුවන.

වර්ණ කඩදාසි කොළ තීරු සහ ස්ලොටට් කුයිලින් ටූල් මෙන්ම පේපර් කුයිලින් කලාව භාවිතා කර නිර්මාණකරනයේදී අවශ්‍ය වන දේවල් පහත දැක්වේ.

•කොළ තීරු(Quilling paper strips)

•ස්ලොටට් කුයිලින් ටූල් (Slotted quilling tool)

•කුයිලින් නීඩල් (Quilling needle)

•ටුවිසර් (Tweezer)

•කුයිලින් මෝල්ඩ් (Quilling Mould)

•අත්කම් නිර්මාණ සදහා භාවිතා කරන ගම් වර්ගයක්

•ඝන කොළ (Hard board)

•පැන්සලක්

•කතුරක්

පේපර් කුයිලින් කලාව යොදා ගනිමින් කල විවිධ නිර්මාණය කිපයක් මෙම ලිපියෙහි ඔබට දක්නට පුලුවන. 

මෙම නිර්මාණ කිරීමේදී වැඩිදුර විස්තර දැන ගැනීමට සහ නිර්මාණ ඇනවුම් කිරීමට අවශ්‍ය නම් අපට ලියන්න.

Email: amas.homemade@gmail.com

Sri Lanka Birdwing

Papilionidae කුලයට අයත් වන Troides darsius  වශයෙන් හදුන්වන සියොත් වැන්න හෙවත් Sri Lanka Birdwing වර්ශය පුරා ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන අතර පහතරට තෙත් කලාපයේ වැඩි වශයෙන් ව්‍යාප්තව සිටි. ශ්‍රී ලංකාවේ සිටින විශාලතම සමනල විශේෂය වන අතර පියාපත් 130-170 mm පමණ දිගින් යුක්ත වේ. මෙම සමනල විශේෂය ලංකාවට ආවේණික විශේෂයක් වෙත්ම ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා ද වෙයි.

මොවුන් හදුනා ගැනීමේදි පිරිමි සතුන්ගේ පිටිපස තටුව (hind wing) යට පැත්තෙහි (verso) කලු පැහැති පසුබිමේ කහ පැහැති තරමක් දිගු තද කහ පැහැති පැල්ලම් දැක ගත හැකිය. සාමාන්‍ය පිරිමි සතෙකුගේ මෙම කහ පැහැති පැල්ලම් 6 ක් පමණ පිහිටයි. 

ගැහැණු සතුන්ගේ පිටුපස තටුවෙහි යටි පැත්ත තරමක් දුරට ලා පැහැයක් ගන්නා අතර පිරිමි සතුන්ට වඩා ගැහැණු සතුන්ගේ මෙම පැල්ලම් කුඩා වේ. තවද, ගැහැණු සතුන්ගේ අපර දාරයට වන්නට කහ පැහැති සලකුණු දිස්වේ. මොවුන්ගේ ගැහැණු සමනලුන්ගේ පමණක් ඉදිරිපස තටුවේ (fore wing) නහර මත සුදු පැහැ දාර දැක ගත හැකි වේ. 

මෙම විශේෂයේ උරස ප්‍රදේශය රතු පැහැති කලාපයත් දිසු වේ. එම රතු පැහැති කලාපය මගින් ඔවුන් පෙන්නුම් කරනුයේ ඔවුන් විෂ සහිත බවකි. Troides darsius  විශේෂයේ ව්‍යාප්තිය පැහැදිලි ලෙස සදහන් කලහොත් ශ්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපයේ වැසි වනාන්තර ආශ්‍රිත මෙන්ම වියළි කලාප වල ගෙවතු සහ ලදු කැලෑ ආශ්‍රිත ව දක්නට ලැබේ.සප්සද ශාකයේ (Aristolochia indica) බිත්තර දමන අතර වරකට එක් බිත්තරයක් දමන විශේෂයක් වේ. සාමාන්‍යයෙන් බිත්තර සතියක් ඇතුලත පුපුරා කීටයන් එලියට පැමිණේ. බිත්තරය රතු කහ පැහැයක් ගන්නා අතර එය 0.5mm පමණ වේ. මොවුන්ගේ කීටයා සාමාන්‍යයෙන් කලු පැහැයක් ගන්නා අතර කීට අවස්තා 5ක් යටතේ වර්ධනය වේ. මොවුන්ගේ කෝෂ කහ පැහැති වේ. ඉතාමත් අලංකාර සමනල විශේෂයක් වන සියොත් වැන්නා පරිසරයේ ඇති අලංකාරය ද තවත් වැඩි කරයි.