සත් පත්තිනි මැණියන්

මාතරං පත්තිනිං වන්දේ

සර්ව සත්ව ශිවංකරං

දදතාං සතතං මය්‍යහං

ආරෝග්‍යං රක්ෂණං බලම්

          පෙබරවාරි මාසේ කියන්නේ මාතලේට නමි එක්තරා සුවිශේෂී මාසයක්.. එ මාතලේ නඟරය පුරාම අමුතුම අලංකාරයක් ගන්නා උත්සවයක් නිසා…. එ තමයි ශ්‍රී මුත්තුමාරි අමිමාන් කොවිලේ වාර්ෂික තේරු උත්සවය.. නම එහෙම උනාට මාතලේ අපි නමි කියන්නේ පත්තිනි දේවාලේ කියලා….  මාතලේ පුරවරයට විශේෂ මාසයක් නිසාම මම හිතුවා මෙි මුත්තුමාරි අමිමාන් කොවිල ගැනත් සත්පත්තිනි මැණියන් ගැනත් විස්තර ටිකක් අපි මැගසින් එක ඔස්සේ මෙවර ඔයාලට අරන් එන්න…

           මම බෞද්ධයෙක් උනත් මෙි තේරු උත්සවයට හරිම ආසයි… මම පුංචි කාලේ ඉදන්ම දකින අලංකාර උත්සවයක් තමයි මෙි උත්සවය.. ඇත්තටම එකත් එක්තරා වාසනාවක් , පත්තිනි දේව ප්‍රතිමාව පමණක් නොවෙයි තවත් දේව ප්‍රතිමා මෙි තේරු උත්සවයෙන් නඟරයේ විදි පුරා සංචාරය කරන තේරු කරත්ත වල තැන්පත් කරලා තියනවා.. එ හැම තේරු කරත්තයක්ම බෞද්ධයෙක් උන මමත් භක්තියෙන් “හරෝ හරා” ඇදලා තියන බව කියන්නේ ආඩමිබරයෙන්.. එ මොහොතේ හිතට දැනෙන සිතුවිලි නමි පුදුමාකාරයි… ඉතිං මෙවරත් මං එ සදහා සහාබාගි වෙනවා…

          හින්දු දහමේදී දෙවඟනන්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයක්. ලක්ෂ්මි, සරස්වතී, දුර්ගා දේවීයන් පිළිවෙළින් ධනය, අධ්‍යාපනය, ශක්තිය ගෙන දෙන බවට විශ්වාස කරනවා වගේම කරුණාව දයාව ඉස්මතු කරන පත්තිනි මෑණියන් මඟින් මාතෘත්වය පිළිබිඹු කරන අන්දම හදුනාගන්න පුළුවන්….

      ඉන්දියාවේ වැසියෝ පත්තිනි මෑණියන්ට කමාච්චි, කාන්චි යන නමි වගේම මදුරාසියේදී මීනාච්චි නමින්, කාසි ප්‍රදේශයේදී විශාලච්චි නමින් හඳුන්වනවා……. මෙහිදී පත්තිනි මෑණියන් විශේෂයෙන් පතිවෘත්තා මෑණියන් ලෙස හඳුන්වනු ලබන අතර, ස්වාමි භක්තියෙන් වැඩුණු පවිත්‍රතත්වය උතුම් ලෙස ආරක්ෂා කළ දෙවඟනක වන ඇය නමස්කාර කිරීමෙන් කාන්තාවෝ යහපතත් ශාන්තියත් බලාපොරොත්තු වෙනවා…..

       ඉතිං පත්තිනි මැණියන් ගැන කතා වස්තුව ඔයාලා දැනටමත් අහලා ඇතිනේ……. පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිබද මත කීපයක් සමාජයේ පවතිනවා…. තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වෙනවා… දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන් වෙනවා.

       ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වන අතර ඇය සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා සැමියා සොයා එන විට ඔහු මරා දැමු පුවත සැලවී දැඩි ශෝකයට පත්වන ඇය සිය වම් පියයුර කඩා පොළොවේ ගසා තමන්ගේ පතිවෘතා බලයෙන් මුළු මධුරාපුරයම ගිනි ගනීවා කියමින් ශාප කර තිබෙනවා…. පෙර ආත්මයේ ධ්‍යාන ලත් යෝගි වරියක වු ඇයගේ මේ සාපය නිසා පඬි නුවර ගිනිබත් වෙලා පඬි රජු මිය යනවා..

       එම ශාප කිරිමේ දී දරුවන්, ගැබිනියන්, සතුන් බේරාදෙන ලෙස ප්‍රාර්ථනාවක් ද කල බවත් සදහන්…. ඒ අනුව මධුරාපුරයම ගිනි ගන්නා විට දී රජු විසින් කන්නගිගෙන් මෙම ගින්න නිවා දමන ලෙස ඉල්ලීමක් කළ බව සඳහන් වෙනවා… නැවුම් එළදෙනකුගේ නැවුම් කිරි ගෙන කිරි උතුරවා මුළු මධුරාපුරයේ ම ඉසීම හේතුවෙන් ගින්න මැඩ පැවැත් වූ බවත් මෙි කතාවල සදහන්…. නව නිවසකට යෑමේ දී කිරි ඉතිරවීම, නිවසකට මුල් ගලක් තබන විට දී කිරි ඉතිරවීම, නව අවුරුදු උදාව ලබන විටදි කිරි ඉතිරවීම අදටත් අපේ රටෙි පැවැත්වෙන්නේත් එ නිසාම විය හැකියි….

  ඉතිං පත්තිනි මෑණියන්ගේ උපත මෙහෙම සිදුවු අතර පසුව තිසරන සරණ ගොස් ඇති බවත් බුද්ධත්වය සඳහා පිරිමි ආතමයක් ප්‍රාර්ථනා කරමින් තමා වෙතට එන අයට සෙත සලසන බවත් සඳහන් වෙනවා….. බොහො අය පත්තිනි මැණියන්ගෙ මෙි කතාව අසා ඇතුවාට සැක නැ… එ නිසයි කතාව මම මෙහි කෙටියෙන් සදහන් කලේ….

         මෙම දේවිය සත්වාරයක්‌ උපන් නිසා සත් පත්තිනි ලෙසත්, දොළොස්‌ වාරයක්‌ උපන් හෙයින් දොළොස්‌ පත්තිනි ලෙසටත් හැදින්වෙනවා….. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හතක් තිබෙන්නේ එ නිසයි…. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව ද පැරණි ජන කතාවලින් කියැවෙනවා…

      දමිළ ජනයාත් සිංහල ජනයාත් පත්තිනි මැණියන්ට පුද පුජා පවත්වන විදි වෙනස්.. දියණියක් මල්වරවු විට බෞද්ධ අය නමි මුල්න්ම කරන්නේ පත්තිනි මැණියන්ට බාර වෙලා පඩුරක් අයින් කරන එක… වැඩිවියට පත්වු දියණියව තුන් මසකින් පළතුරු වටිටියක් හො වෙනත් දෙයක් රැගෙන පත්තිනි දේවාලයට පැමිණෙන බවට බාර වෙන්නේ මල්වර නැකතේ දොස් පත්තිනි දේව ආරක්ෂාවෙන් දුරු වන බවට ඇති විස්වාසයක් නිසා… එ වගේම තමයි දියණියක් මල්වරවු විට ඇය මාතෘත්වයට සුදුසු නිසාම ඇයට ඇතිවන අපල උපද්‍රවයන් පමණක් නෙවෙයි අමනුෂ්‍ය බලපෑමි පවා පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාවෙන් දුරුවී ඇය මවක් වන තෙක්ම පත්තිනි මැණියන්ගෙ ආරක්ෂාව දෙමව්පියන් අපේක්ෂා කරනවා… එ නිසාමයි දරුවෙකු පිලිසිදගත් මොහොතේ පටන් දරුවා බිහිවන තුරුත් පත්තිනි මැණියන්ට පඩුරක් වෙන් කර බාරහාර වෙන්නේ…

     පත්තනි මෑණියන් වෙනුවෙන් අපේ රටෙි ප්‍රධාන දේවාලය වන්නේ නවගමුව පත්තිනි දේවාලය…….  මෙි දේවාලයට අමතරව ලංකාවේ විවිධ වු ස්ථානවල පත්තිනි දේවාල දැකිය හැකියි……  පත්තිනි මෑණියන් ගැන සඳහන් කරන විට දී ක්‍රි.ව 02 වැනි සියවසේ මෙරට රජ කළ ගජබා රජතුමා දකුණු ඉන්දියාවට ගොස් තම පියා වු වංකනාශීක තිස්ස රජුගේ කාලයේ දී දකුණු ඉන්දියාවේ රජකළ කරිකාලන් නමැති නපුරු රජෙක් මෙරටට පැමිණ මෙරටින් වහලුන් ලෙස රැගෙන ගිය මිනිසුන් 12000ත් එම පිරිසට හිලව් ලෙස තවත් 12000ක පිරිසකුත් සමඟ මෙරටට එන ගමනේ දී එවකට එරට රජකළ සෙන්ගුත්තවාන් රජ පිරිනැමූ පත්තිනි දෙවියන්ගේ පා සළඹ ද වෙනත් දෙවිවරුන්ගේ රන් ආභරණ ද රැගෙන පැමිණිය බව ඉතිහාසයේ සඳහන් වෙනවා….

මෙම පුවත පූජාවලිය, පැරකුම්බා සිරිත, වැනි මෙරට ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයන් හි සඳහන් වෙනවා….

    ලංකාවෙි පත්තිනි දේවාල ⁣තවත් බොහොමයක් තිබෙනවා…. එත් ඓතිහාසික මාතලේ පුරවරයේ සුන්දර කඳුවළල්කට මැදිව ඉදි කර ඇති ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයටත් හිමි වන්නේ නමි සුවිශේෂ ස්ථානයක්….. අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක්…. පත්තිනි මැණියන් වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා……

          මේ කෝවිල පත්තිනි දෙවියන් වෙනුවෙන් නිර්මාණය කරන්න හේතුවුණු යම් නිමිත්තක් තියෙනවා…… එ කියන්නේ මෙි කොවිල මාතලේ පුරවරයෙ ඉදිකරන්නත් අතීත කතාවක් තියනවා…. දැනට වසර 200කට වගේ කලින්, ඒ කියන්නේ කෝවිල නිර්මාණය කරන්න කලින් මේ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහක් ලග දවසක් ඉතාම ලස්සන ඇඳුමෙන් සැරසුණු පුංචි ගැහැණු ළමයෙක් ඉඳලා තියෙනවා…. පහුවෙනිදා උදේ බලනකොට මේ ළමයාගේ ඇඳුන් එහෙමත් හොඳටම පරණ වෙලා නිකං හිඟන ගැහැණු දරුවෙක් වගේ පෙනුමක් තමයි තිබිලා තියෙන්නේ…..

          මේ ප්‍රදේශයේ ඉඳලා තියෙනවා නල්ලමුත්තු කියලා ඉතාමත් භක්තිවන්ත දෙමළ කෙනෙක්….. මේ කෙනා මේ ගැහැණු දරුවාව ඔය කියන ලස්සනට සහ වැරහැලි ඇඳගෙන ඉන්න දවස් දෙකේම දැකලා තියෙනවා….. දවසක් නල්ලමුත්තු හීනෙන් පත්තිනි දේවියව දැක ඇති බවත් , පත්තිනි දේවිය නල්ලමුත්තුට එදා ඒ කෝවිල තියෙන භූමියේ කොහොඹ ගහ ලග ඉන්නවා දැක්ක ගැහැණු ළමයා තමන් බවත් පවසා ඇති බවයි කොවිලේ ඉතිහාස කතාවෙි සදහන් වෙන්නේ……. ඒ භූමිය ශුද්ද භූමියක්, ඒ නිසා එතන පත්තිනි දේවිය වෙනුවෙන් කෝවිලක් හදවන්නැයි පවසා ඇති බවත් සදහන්…..

          මේ කාලේ වෙනකොට මේ ප්‍රදේශයේ හිටපු දෙමළ ජනතාව සහ වෙළඳම් කරන්න ආව දකුණු ඉන්දීය දෙමළ ජනතාව මේ කෝවිල හදන්න දායක වෙලා තියෙනවා මේ කතාව ප්‍රසිද්ධ වුණාට පස්සේ….. කලින් මේ ස්ථානය වෙල් යායක් විදියට තමයි තිබිලා තියෙන්නේ….. ඒත් ඊට පස්සේ 1852 වසරේ තමයි මේ ඉඩම හිමි අය මේ කෝවිලට මේ ඉඩම පවරලා දීලා තියෙන්නේ…. කෝවිල ඉදිකරලා තියෙන්නේ 1874 වසරේ….. තාමත් අර කියන කොහොඹ ගහේ කඳ කොටස දේවාලය ඇතුලේ තියනවා… ගිය කෙනෙක්ට දකින්න පුළුවන්…..

         අද වෙනකොට කෝවිලේ පෙනුම ගැන බලනකොට විශේෂයෙන්ම කැපිලා පෙන්නේ කෝවිලේ තියෙන සුවිශාල ගෝ පුරය….. මේ ගෝපුරය අඩි 108ක් උස වෙනවා…… ඒවගේම තමයි කුඩා කුඩා පිළිම 1008ක් මේ ගෝපුරයේ අන්තර්ගත වෙනවා….. දැනට ලංකාවේ තියෙන උසම ගෝපුර වලින් එකක් කියලා තමයි මේ කෝවිලේ ගෝ පුරය හඳුන්වන්නේ….. මේ ගෝපුරය නිර්මාණය කරන්න දායක වෙලා තියෙන්නේ දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පී නාගලිංගම් සහ ඔහුගේ පුත් රාමනාදන් කියන මූර්ති ශිල්පීන් දෙදෙනා . මේ දෙදෙනාට 100ක පමණ පිරිසක් උදවු උපකාර කරලා තියෙන බවයි සදහන් වෙන්නේ මේ කටයුත්ත සම්පූර්ණ කරන්න…..

         2007 වසරේ තමයි කෝවිලේ ගෝපුරයේ වැඩ කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තියෙන්නේ….. ඒ වෙනකොට මේ නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 150ක් පමණ වියදම් වෙලා තියෙනවා….. මේ ගෝපුරය නිර්මාණය කරලා සායම් වලින් පින්තාරු කිරීමට කේරලීය ශිල්පීන් සහ ශ්‍රී ලාංකික ශිල්පීන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙන බවයි සදහන්…

        මෙි තමයි මාතලේ ශ්‍රි මුත්තුමාරි අමිමාන් කොවිල ගැන ගැන මට හොයාගන්න පුළුවන් උන දේවල්… කොවිල වගේම වාර්ෂිකව පවත්වන මෙි අලංකාර උත්සවය බලන්න ඔයාලත් එන්න…. තේරු කරත්ත විදි සංචාරය කරන විට ගොඩක් අය භාරහාර වෙනවා.. ආගමි බෙිද පසෙකලා මෙි උත්සවයට හැමොම සහාබාගි වෙන්නේ එ තරමට කොවිල ගැන ඇති විස්වාසය නිසා.. කොටින්ම මාතලේ පුරවරයට කිසිදු කරදරයක් නොවන්නෙත් පත්තිනි දේවාලය නිසා කියලා සියළු ජනයා විස්වාස කරනව….. එ තරමි සත්‍යක් මෙි දේවාලය කෙරෙහි බැදි තිබෙනවා….. එ නිසාමයි වාර්ෂික තේරු මංගල්‍යය දවසට මුළු මාතලේ නඟරයම එකම හිස් ගොඩක් බවට පත් වන්නේ… මංමාවත් පවා අතුරු සිදුරු නැතුව මහා ජනතාවගෙන් පිරි යන්නේ එ අසිරිය නිසාමයි..

        එන්න දවසක පෙබරවාරි මාසෙක තේරු දවසට හැබැයි රෑට… එ අලංකාර ලස්සන පෙරහැර දකින්න වගේම තේරු කරත්තයක් ඇදලා දෙවියන්ගෙ ආශිර්වාදය ලබා ගන්න….. ඔබ සැමට සත්පත්තිනි දේවි පිහිටයි

නිසංසලා රණසිංහ

සුනියමි දෙවියන් නොහොත් ගමිභාර දෙවියෝ

පස්වාන් දහසකට ආවඩා ආයු බෝ වේවා… ආයු බෝ වේවා…. ආයු බෝ වේවා….

ශිව මස්තු නමෝ රාමා

කන්ද සේනා සමාගමා

වඩිග තන්ත්‍ර මණි කන්ඨ

ඔඩිඩී මංගල නමෝ නමං

අග්නී කන්දන්ච හස්තේන

හස්තේන වඩිග කර්ගිතේ

මුඛෙින විෂ කේශකේ

ශිර්ශේ පංච කේශකේ

උදරේ නාග බන්දාමී

නීලෝත්තුරග වාහනං

සුනියමි දේවතා නාම

මයිහං ත පාදතේ නමං

        ඉතිං ඔන්න අද මං අපි මැගසින් එක ඔස්සේ ඔයාලට අරන් ආවෙි දේව පුරාණ කතාවක්…… ඉතිං දෙවියන් කිවුවාම සමහර අයගේ හිත් වල ඇති වෙන්නේ පුදුමාකාර ගෞරවයක්… තවත් සමහර අය නමි ගණන් නොගන්නා තරමි…. කෙසේ උවත් ඉන්නවා කියනා තිස්තුන්කොටියක් දෙවිවරුන් අතරින් අද මම ඔයාලට කියන මෙි දෙවියන් ගැන මගේ හිතෙත් තියෙන්නේ ලොකු බක්තියක්…. එ තමයි සිද්ධ සුනියමි දිව්‍යරාජයා, එහෙමත් නැත්තමි ගමිභාර දෙවියන්

සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ කතා තිබෙනවා… මේ දෙවියන්, වසඟපුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක්‌ ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසයෙන් මෙලොවට පහළ වූ බවත් සඳහන් වෙනවා.. ජනප්‍රවාද කතාවල එහෙමයි… එ වගේම විස්වාස කල හැකි රසවත්ම කතාවකුත් තියනවා..

මිනිසුන්ගෙ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇති මෙි දෙවියන් යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙනු ලබන බවයි සඳහන් වන්නේ. සූනියම් දෙවියන්, අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ ද සහිත දෙවි කෙනක්‌ බව කිව යුතුයි…

සූනියම් දෙවියෝ, රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම් බිම් වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණක්.. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් මිනිසුන් තුළ දැඩි විශ්වාසයක්‌ පවතිනවා….

භයංකාර පෙනුමකට හිමිකම කියන සූනියම් දෙවියන් නීල වර්ණ ශරීරයකින්ද, හිස පැළදි සුදු ජටාවකින්ද, දිවියකුගේ සමින් නිර්මිත සළුවකින්ද සැරැසී සිටීනවා…. සුදු අශ්වයා වාහනය කරගත් සූනියම් දෙවියන්ගේ කරේ නාගයන්ගෙන් සෑදුණු නාග මාලයක් හා මුඛයේ සපාගෙන සිටින නාගයෙක්ද සිටිනවා… එසේම දෙඋර මත කරවලුන් සිව් දෙනා බැගින්ද, දෙඅතේ කරවලුන් අට දෙනෙක්ද වෙළාගෙන සිටිනවා වගේම ඉණේ කොට නාගයන් කිහිපදෙනකුද වෙළාගෙන සිටිනවා….

මේ සියලු නාගයන්ට අතිරේකව දෙපතුල ළඟද නාගයෙක් සිටිනවා… ලේ පොළඟුන් දහතුන් දෙනෙක් සිරුර පුරා සිටිනවා වගේම, හිස සිට දෙපතුල දක්වාම දිග නාගයන් දෙදෙනෙක්ද සිටිනවා…. භයංකාර රාක්‍ෂ මුහුණකින් යුතු සූනියම් දෙවියන්ගේ හිස හැඩපළු 13කින් යුතුයි.. සුරතේ තියුණු වඩිග කඩුවකින්ද, වමතේ ගිනිගෙන දැවෙන කබලක්ද දරා සිටින සූනියම් දෙවියන් සූකරාකාර පාද යුගලකටද හිමිකම් කියනවා.

නාමයන් රැසකින් හඳුන්වනු ලබන සූනියම් දෙවියෝ මතු බුදු බව පතන දෙවි කෙනෙක් බවයි සදහන් වෙන්නේ.. සූනියම් දෙවියෝ ප්‍රාදේශීයව විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබනවා… කබලෑමුත්තා, කබලෑ දෙවියන්, කබලෑ අප්පච්චී, ගම්භාර සුද්ධ සූනියම්, ගම්බාරු මුත්තා, සුද්ධ සූනියම්, වඩිග සූනියම්, ඔඬිඩි වඩිග සූනියම්, ඔඬිඩියා, ඔඬිඩි මස්සිනා, ඔඬිඩි දේවතාවා, ඔඬිඩි යකා හා ගම්බාර දෙවියන් ලෙසයි හදුන්වන්නේ…

     ඉතිං උන්නාන්සේ ගැන තව විස්තර කියනවා නමි සූනියමි දෙවියන්ද විෂ්ණු කරගම දැඩිමුණ්ඩ ආදි දෙවිවරුන් මෙන් ගෞරවය ලබන දෙවි කෙනෙක්.. සූනියමි දෙවියන් කතරගම දෙවියන්ගෙ සෙමිපති ලෙසද , දැඩිමුණ්ඩ දෙවියන්ගෙ අධිකාරමි ලෙසද , එම පොත්ගුල් සතරේ භාරකරු ලෙසද,  උපුල්වන් දෙවියන්ගෙ පණිවිඩකරු ලෙසද කටයුතු කරන බවයි ජනප්‍රවාද වල සදහන් වෙන්නේ…

      සුනියමි දෙවියන්ගෙ බලය තේජස ශක්තිය විශේෂිතයි.. අන් දෙවිවරුන් වගේ නොවෙයි උන්වහන්සේගේ ආඩමිබර ගතිය වැඩියි.. අන් අයට පහන් දැල්විමට පෙර සුනියමි දෙවියන්ට පහන් දැල්වීම මන්ත්‍රවෙිදීන්ගේ සිරිතක්… එ ඇයි කියනවා නමි උන් වහන්සේ කිසිවෙකුට දෙවනි විමට අකමැති නිසා… එ වගේමයි සුවදට කැමති දෙවතාවුන් වහන්සේ කෙනෙක්.. අවෙිලාවෙි පිචිච මල් සුවද අපේ නාසයට දැනෙන විට අපේ පරණ ගැමියන් පවසනවා එ තමයි සුනියමි දෙවියන් වඩිනා බවට ⁣දන්වන පෙර ලකුණු බව….

     එ වගේමයි සුබ දේට සූනියමි දෙවියන් ලෙසද, අසුබ දෙයට ඔඬ්ඩි යක්ෂයා ලෙසින් ස්වරූපය වෙනස් කරගන්නා බව සදහන්….. ගුප්ත කර්ම කටයුතු වලදි උන්වහන්සේ නොමැතිව වින කැපිම කල නොහැකි බවයි මන්ත්‍ර කරුවන් පවසන්නේ.. අදුරු ආරක්ෂාව වගේම ආතුරයන්ගේ ආරක්ෂාව උන්වහන්සේ සතු බැවින් ගුප්ත කර්ම කල නොහැකි බවයි පැවසෙන්නේ.. එ නිසාම උන්වහන්සේට ඇත්තේ විශේෂ තැනක්…

     අද වන විට ලංකාවෙි වැඩිම පිරිසක් පුද පුජා කරන දෙවියන් සුනියමි දෙවියන් බව රහසක් නොවෙයි.. ඉස්සර අපේ ගෙදරත් සුනියමි දෙවියන්ට පහනක් පත්තු කල බවක් ආචිචි අමිමා මට ⁣පැවසූවා…. මන්ත්‍ර විද්‍යාව දන්නා අයෙක් වෙි නමි ඔහු හො ඇය සුනියමි දෙවියන්ගෙ එක මන්ත්‍රයක් හො කට පාඩමි කරගෙන සිටින බව රහසක් නෙවෙයි.. එයින්ම උන්වහන්සෙගේ තේජස පිහිට කෙතරමිදැයි වටහා ගත හැකි බවයි පවසන්නේ…

       සුනියමි දෙවිදුන්ගේ බැල්ම ආකර්ෂණය ඇති මන්ත්‍ර රාශියක් තියනවා…. නිල් හත, නිල් විසි එක, නවනීලය, මහීපාලය, අංගාරුඪය, සිවපාදය, ඔඩිඩිකුමාර බන්ධනය, නාඟවෛයිරොඬිය, ඔඩිඩිප්‍රලය, සුනියමි දේවශාන්තිය, සුනියමි දැහැන,  සුනියමි බන්ධනය, හන්තු දැහැන, නමාමි දැහැන, මල් යහන් ප්‍රලය,  භාවිතා කරන මන්‍ත්‍ර නාම කිපයක් මට විස්තර සොයා යෑමෙිදි දැනගත හැකිවුවා….

තවද මන්ත්‍ර ස්තොත්‍ර මල් යහන් කවි විශාල ප්‍රමාණයක් තිබෙනවා….

ඉතිං දැන් තමයි හොදම කතාව මං කියන්න හදන්නේ.. සුනියමි දෙවියන්ගෙ තවත් කතාවක්… කෙටියෙන් කියන්නමි…

     පුරාවෘත වල කියන විදිහට ඈත අතීතයේ ඉන්දියාවෙි වඩිග කියන දේශයේ වඩිග කියලා රජ කෙනෙක් රජකමි කරන කාලෙක සිද්ධ උන දෙයක් මෙි.. එ රජතුමාගේ බිසවගේ නම යවුදගිරි.. ඉතිං මෙි යවුදගිරි බිසව ගොඩක් ලස්සනයිලු. දවසක් අහසේ ගමන් කරන මහේශාක්‍ය දෙවි⁣ කෙනෙක් මෙි බිසවගේ ලස්සනට වශි වෙලා, බිසවගේ ඇගට ආවෙිස වෙලා.. දෙවියො ආවෙිස උන නිසා බිසවට සිහි නැති වෙලා… සිහි නැතුව ඉන්න බිසවව සනීප කරගන්න රජතුමා සෘෂිවරු ගෙන්නලා මන්ත්‍ර මතුරලා දෙවියට සිහිය අරගෙන… ඉට පස්සේ තමයි දෙවියට දරුවෙක් ලැබෙන්න ඉන්න බව දැනගෙන තියෙන්නේ.. කතාවෙි කියන විදිහට දේවියට ඇඹුල් ජාති කන්න දොලදුකක් ඇවිත් එවත් සංසිදවලා.. එත් තවත් දොලදුකක් ඇවිත්, එ තමයි රත්තරන් වලින් සැරසිලා සර්පයන් ඇගේ ඔිතාගෙන නුවර වටෙි ඇවිදින්න ඇතිවුන ආසාව… හැබැයි රජතුමා නමි මෙිකට කැමති වෙලා නැ. රජතුමා නියොග කරලා දේවියව මරන්න.. නමුත් දේවිය ඉල්ලීමක් කරලා දරුවා ⁣ලැබෙන තුරු ජිවිතේ නැති කරන්න එපා කියලා.. එකට රජතුමා කැමති වෙලා

කොහොම හරි දරුවා ඉපදිලා වසර දහයක් ගියාට පස්සේ මෙි වඩිග කුමාරයා කැලේ ඇවිදින්න ගිහින්. එ යද්දි කැලේ හිටිය විස සර්පයන්ගේ දල කඩලා එ විස උරා බිලා. දල කඩපු සර්පයන්ව ඇඟ වටෙි ඔිතාගෙන… නයි , පොලොංගු , කරවලයො ඇගේ ඔිතාගෙන, ටික ටික විස ශරිරයට ඇතුල් වෙද්දි මෙි කුමාරයා යක්ෂ අවතාරයක් බවට පත්වෙලා… ඉතිං මුලින්ම මෙි යක්ෂ අවතාරය යන්නේ වඩිග දේශයට. එ ගිහින් වඩිග රජතුමා ඇතිලු මුලු  නුවරම වනසන්නේ මිනිස්සු මරා දාලා..

මිනිස්සු මර මර ආහාරයට ගත් මෙි වඩිග යක්ෂයා තමන්ගේ සේනාව වැඩි කරගන්න අමතක කරන්නේ නැ. වෙසමුනි රජු මුනගැහෙනන ගිහින් එතනත් දොරට පයින් ගහලා කලබල කරලා තමයි වෙස්මුනිගෙන් වරමි ගන්නේ. එ මොහොතේ වෙසමුනි අහලා තියනවා   ” මෙච්චර ලොකු සද්ද දාලා වැඩ පෙන්නන හෙතුව මොකද” කියලා. එතකොට යකා කියලා තියනවා වඩිග දේසේ වඩිග රජාට දාව යවුදගිරි බිසවගේ කුසේ ඉපදුණ ඔඩිඩි වඩිග සිද්ධ සුනියමි යක්ෂයා මමයි මට නරලොව මිනිමස් කන්නට වරමි ඔින ” කියලා . පස්සේ එ වරම වෙසමුනි දුන්නා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා..

එ වගේම තමන්ගේ සේනාව වැඩි කරගන්න මහාකෙල නාගරාජයාගෙ දල හතරේ දූවරුන් හතර දෙනාව සේනාවට එකතු කරගන්නවා.. එ තමයි තකරී, මකරී, යාමී, යමදූතී… තව යක්ෂණියො අට දෙනෙක් එකතු කරගන්නවා. එ තමයි අයිලක්කණ්ඩි, මයිලක්කණ්ඩි, වචක්කණ්ඩි, තොටක්කණ්ඩි, අසේනි, විසේනි, කාලරත්ති, තස්මාදේවි කියන අට දෙනා.. තව තවුතිසාවෙන් දෙවියන් බිය ගන්වලා එහෙනුත් සේනාවට එකතු කරගන්නවා සිරටිටා, වාරටිටා, ගොරාටිටා කියන දෙවිවරුන් තිදෙනා. මෙි සේනාවත් එක්ක මහාපොළවට ඇවිත් විශාලා මහානුවර ගමි නියන්ගමි වල ඉන්න මිනිස්සු මරලා මිණි මස් කනවා. ළදරුවො පවා අතුරුදහන් වෙනවා.

ගමෙි අයට තව දුරටත් මෙික බලන් ඉන්න බැරි නිසා මන්ත්‍ර ගුරුකමි දන්න තෙලිඟු රටෙන් අති දක්ෂ යකදුරෙක් ගෙන්නලා යකාව බන්ධනය කරන්න මන්තර අලුතින් හදනවා.. මෙි මන්තර හද හද පුස්කොල පොත් වල ලියද්දී යකදුරා අතින් මන්ත්‍ර ලක්ෂ ගාණක් ලියැවිලා, මෙි මන්ත්‍ර ජප කර කර අදාල ගුරුකමි කරද්දි සුනියමි යකා මෙි පුස්කොල පොතට ඇදිලා ඇවිත්. පස්සේ රත්තරන් නුලකින් මෙි පොත තද කරලා ගැට ගහලා මුහුදට දාලා තියනවා..

මෙි පුස්කොල පොත පා වෙලා ලංකාවෙි දකුණු වෙරළට තමයි එන්නේ…  සුනියමි යකා ලංකාවට එන්නෙත් එ විදිහට.. මාතර ප්‍රදේශයේ පුද්ගලයෙක්ට තමයි මෙි පොත හමුවෙන්නේ.දෙවියන් හිනෙන් එ පුද්ගලයාට කියලා තියනවා මෙි පුස්කොල පොත විවෘත කරන්න එපා කියලා.. එ හින්දා එ පුද්ගලයා පොත විවෘත නොකර රහාසේ තියා ගන්නවා. නමුත් දෙවුන්දරට වන්දනාවෙි එන කුලියාපිටිය කියන ගමෙි උපාස කෙනෙක් ගැන හිත පැහැදිලා පුස්කොල පොත එ උපාසක මහාත්තයාට දෙනවා පරිස්සමෙන් ආරක්ෂා කරන්න කියලා. ⁣පුස්කොල පොත දිග නොහරින බවට පොරොන්දු කරගත් පසු මෙි පුද්ගලයා උපාසක මහාත්තයාට පොත දෙනවා. උපාසක මහාත්තයා මෙි පොත අරන් ගිහින් පරිස්සමට පෙටිටගමකට දාලා වහලා තිබුණත් එ පැත්තේ හොරෙක්ට මෙි පොත ගැන දැනගන්න ලැබෙනවා.. ඉතිං හොරා නිකමි ඉන්නේ නැ. පොත හොරකමි කරලා පොත විවෘත කරනවා.. මොකද හොරා හිතන්නේ එක මහා බලගතු මන්ත්‍ර තියන මන්ත්‍ර පොතක් කියලා.

සුනියමි යක්ෂයා බන්ධනයෙන් නිදහස් වෙද්දි දෙවිවරුන් ඝොසා කරලා ” කඹ ලා හිර කරනු , කඹ ලා හිර කරනු ” කියලා. එත් යකා එලියට ගිහින් ඉවරයි. විශාලා මහානුවර විනාස කරා වගේම මෙි යකා ලංකාවෙි කුලියාපිටිය පැත්තේ මිනිස්සු මරාලා කන්න පටන් ගත්තේ මිනිස් ජිවිත භීතියෙන් ඇලලි යද්දි.  වාසනාවක වගේ එ පැත්තේ හිටපු දෙවියන්ගෙන් වරමි ගත්ත සිල්වත් මන්තර සාස්තර දන්න රාජපද්ම මුදියන්සේ කියලා උපාසක මහත්තයෙක් ඔහුගේ දේව වරම උපයොගි කරගෙන පත්තිනි දෙවියන්ට කන්නලව් කරනවා… පස්සේ පත්තිනි මැණියන් මෙි උපාසක මහාත්තයාට කියනවා නවගුණ මන්ත්‍රයෙන් ලක්ෂ වාරයක් ජිවමි කරපු නවගුණ වැල් හත් පටක් ලබා දෙන්න කියලා,

ලක්ෂ හත් පාරක් මතුරපු මෙි නවගුණ වැල් හත්පොට උපාසක මහාත්තයා ලබා දෙනවා පත්තිනි මැණියන්ට… පත්තිනි මැණියන් අමාරුවෙන් අහසට පැනලා මෙි සුනියමි යකාගේ බෙල්ලට නවගුණ වැල් හත්පට දානවා..  එත් එ හත්පොටෙන් හතර පොටක් යකා කඩා දානවා. එත් තුන් පොටක් ඉතිරි වෙනවා.. පස්සේ රාජපද්ම මුදියන්සේ උපාසක මහත්තයා ඇතුළු පිරිසක් යකාව මතුරපු කඹ වලින් බන්ධනය කරලා හිර කරනවා. එදා ඉදන් තමයි එ ප්‍රදේශය කඹලෑව කියලා ප්‍රසිද්ධ වෙන්නේ..

    පත්තිනි මැණියො මෙි යකාගේ බලය දැකලා තීරණය කරනවා දේව වරමක් දෙන්න. නැවතත් කිසිම දවසක මිනීමස් නොකන බවට පොරොන්දු කරගත්තාට පස්සේ පත්තිනි මැණියො සුනියමි යකාට දේව වරමක් දිලා කියනවා සුනියමි විදිහට අරක්ගෙන දොළ පිදේනි ගන්න , ලෙඩිඩු සුවපත් කරන්න, ආතුරයින්ට වැහෙන යක්ෂ දෝෂ දුරු කරන්න, සෑම මන්ත්‍රයකටම අරක්ගෙන ඉන්න කියලා….

මෙන්න මෙහෙමයි සුනියමි දෙවියන් ලංකාවෙි දේවත්වයට පත් වෙන්නේ.. එදා වැටුණු තැන කඹලෑව ( කබල්ලෑව) කියන ප්‍රදේශය තමයි එතුමාට කැපඋන ප්‍රධාන තැන.. තව ඔරු⁣ගොඩවත්ත ලුනාව සුනියමි දේවාලයත් එහෙම තැනක් කියලා විස්තර හොයද්දි මට මගේ මිත්‍රයෙක් පැවසුවා.. එ වගේම තමයි ඔඩිසි සිද්ධ සුනියම එනකොට විස ඝොර සර්පයෝ පිරිවරාගෙන එන බවත් කියනවා. එ තරමි එ පෙණුම බියකරු බවයි ඔහු මට පැවසුවෙි..

A picture containing text

Description automatically generated

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්‌ම ගියේ කන්ථක නම් අශ්වයා රැගෙන බව අපි කවුරුත් දන්නවා.. කන්ථක අශ්වය ලය පැලිලා මිය යැමෙන් පසු සූනියම් දෙවියන්ගෙ නාමයෙන් දේවත්වයක්‌ ලබා පුද සත්කාර ලබන බව පැරණි දේවකතාවල සඳහන් වෙනවා. සූනියම් දෙවියන් ගමන් බිමන් යැමට සිය වාහනය ලෙස තෝරාගෙන ඇත්තේද සුදු අශ්වයෙක්.. මේ නිසා අශ්වයන්ට සූනියම් දෙවියන්ගේ බැල්ම ඇති බව මිනිසුන්ගෙ විස්වාසය… අශ්වයන් හට ගසා ඇති ලාඩම් ඉබේ හැලී ගිය පසු ඒවා රැගෙන පිරිසුදු කොට ජීවම්කර නිවෙස්වල, ව්‍යාපාරික ස්‌ථානවල ඉදිරිපස එල්ලන්නේ එ නිසයි. මේ එල්ලීමෙන් ඇස්‌වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදාවී සූනියම් දේවතාවුන්ගේ ආරක්‌ෂාව ලැබෙන බවට ඇති විශ්වාසය නිසාමයි…..

සූනියම් දෙවියන්ට පින් දෙන ගාථාව

නානාවණ්ණෝ මහා තේජෝ

ඕදාතහය වාහනෝ

ගාම සංචාරකෝ දේවෝ

ඉමං පුඤ්ඤානුමෝදතෝ

නිසංසලා රණසිංහ

ජීවිතාවර්ජනය

අද වන විට ලංකාවේ ප්‍රධාන මාතෘකාව අයිස්. මොනවද මේ අයිස්? ලොව ප්‍රබල වූ මත්ද්‍රව්‍යයක්. කුඩා දරුවන්ගේ සිට මිනිස් ජීවිත ගැහැනු පිරිමි භේදයකින් තොරව බිලිගන්නා මත් රකුසා. මෙය පාසල් වල දැන් දැන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව අපට අසන්නට ලැබෙනවා. වැඩි කාලයක් යන්නට මත්තෙන් ජීවිත මුළුමනින් විනාශ කර දමන්නට අයිස් වලට පුළුවන්. මේ මත්ද්‍රව්‍ය වලට දවසින් දෙකෙන් ඇබ්බැහි වන්නට විශේෂම හේතුව වන්නේ ඒ තුළ අන්තර්ගත වී ඇති රසායනික සංයෝගය බව සොයාගෙන ඇත.

මගේ පෞද්ගලික අදහස නම් අයිස් පිළිබඳව විද්‍යුත් මාධ්‍ය තුළ  නිතර නිතර සිදුකරන ප්‍රචාරණය තුළින් වයස අවුරුදු 10 – 18 ත් අතර ළමයින් හා තරුණ තරුණියන් හට එය වරක් හෝ භාවිත කර බැලීමට පෙළඹවීමක් ඒ තුළින් ඇති වන බවයි. එබැවින් අයිස් පමණක් නොව සියලු මත්ද්‍රව්‍ය අප රටින් තුරන් කිරීමට මාධ්‍යයට ලොකු මෙහෙවරක් කළ හැකියි.

දිනෙන් දින වැඩි වන මේ මත්ද්‍රව්‍ය පිළිබඳ කතා කළත් එය රට තුළට පැමිණෙන්නේ කෙසේද යන්න සොයා බැලුවත් ඒ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග අප රට තුළ ගන්නා බවක් නම් අපට පෙනෙන්නට නැහැ. වටලනු ලබන මත්ද්‍රව්‍ය ඇත්තටම විනාස කරනවද? කාලයක් යද්දි නැවත එය වෙළඳපොළට ම පැමිණෙනවාද? මේ පිළිබඳ අපට ඇත්තේ ලොකු ප්‍රශ්නාර්ථයකි.

මේ වන විට අප රටේ ප්‍රධාන මාතෘකාවට සම්බන්ධ කතාබහක නියැලෙන්න ටයි මේ සූදානම. මත් වතුරට ඇබ්බැහි වී එයින් මිදුණු පුද්ගලයෙකු වසර 38 පුරා නොබී එය පවත්වාගෙන යන්නේ කෙසේද? ඇබ්බැහි වීමෙන් මිදීමට ඇත්තටම හැකිද? යන ප්‍රශ්න වලට ඔහු අපට පිළිතුරු සපයනු ඇත. ඔහුගේ නිර්ණාමිකත්වය රැක ගැනීම සඳහාත්, සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යාමේ පහසුව සඳහාත් මා ඔහුට ජෝර්ජ් ලෙස ආමන්ත්‍රණය කරමි.

ජීවිතාවර්ජනය .. ඇබ්බැහි වීමෙන් මිදුණු ජීවිත වල පසු විපරම..

1. ජෝර්ජ් මහත්තයාගෙ වයස කීයද? ගම කියන්න කැමතිනම්.

මගේ වයස දැන් අවුරුදු 71 

ගම කොළඹ 

2. මොනවටද ඇඩික්ට් වෙලා හිටියෙ?

මත්පැන් , කසිප්පු

කොච්චර කල් ඉදලා ද? කොහොමද එක වුනේ

මම පාසල් ගියේ කොළඹ ප්‍රසිද්ධ පෙළේ පාසලකට.  පාසලේදී තරුණ ගුරුවරුන් කිහිප දෙනෙකු සමග පාසල් කාල වේලාවෙන් පස්සේ මත්පැන් පානය කරලා ප්‍රින්සිපල්ට අහුවෙලා මාවත් ගුරුවරුන් වත් පාසලෙන් ඉවත් කළා. මේ සිද්ධිය වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර. මගේ අම්මා මට අවවාද කරලා මාව හෝටල් ශේස්ත්‍රයට යොමු කලා. ඒ කාලේ ලංකාවේ සංචාරක හෝටල් හැදෙමින්,  සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් තිබුණු කාලයක්. මෙය මගේ ජීවිතේට ලොකු අවස්ථාවක් වුණත් ඒ සුදු මහත්වරු නෝනලා හවස 7 , 8 වෙද්දි කාලා පාන්දර 2, 3 වෙනකන් මත්පැන් තොල ගානවා මම දැක්කා. ඒ ජීවිතය ට මම ආස කලා. රස්සාවට ගිය මම රෑ වෙද්දි සුදු මහත්තුරු එක්ක බොන්න පටන් ගත්තා. ඒ අය ශොට් එකක් දානකොට මටත් අරගෙන දුන්නා. හතර පස් දෙනෙක් බොද්දි මට ඒ හැමෝගෙන්ම ශොට් එක ගානේ ලැබුණා. එතකොට තේරෙනවනෙ ඒ අයට වඩා මම මත් වෙලා පිස්සු නටන්න ගත්තා. මේ නිසා මට මගේ පළමු රැකියාව අහිමි වුණා. ඔය වගේ සංචාරක හෝටල් දහයක විතර මම වැඩ කළා. හැමතැනින්ම මගේ බීමත්කම නිසා රැකියාව අහිමි වුණා. තරු පහේ හෝටල් වලින් බොන්න පටන් ගත්ත මම අවසානයේ කස්සිප්පු පොලවල් වලට යන්න පටන් ගත්තා. අතේ සල්ලි නැති වෙනකොට හොරකමට පුරුදු වුනා. මම අවුරුදු 22 දි විවාහ වුණා. අවුරුදු 25 වෙනකොට වෙනකොට මට දරුවෝ තුන් දෙනෙක් හිටියා. මගේ දරුවොත් එක්ක මගේ බිරිඳ ගොඩක් දුක් වින්දා. මට වයස අවුරුදු තිස් 31 වෙනකොට මගේ බිරිඳ මාව දාලා ගියා. මගේ අම්මයි තාත්තයි සහෝදර සහෝදරියොයි මාව ප්‍රතික්ෂේප කළා. යාලුවෝ මං එනකොටත් මූ මාර ඇණයක් කියලා මාව කොන් කළා. මට අවසානයට ඉතුරු වුනේ මං විතරයි.

3. ඔබ පුනරුත්ථාපනය වුන කෙනෙක් නෙවෙයි. ඒ ගැන අපිට විස්තර කරන්න.

ඔව් මං පුනරුත්ථාපනය වුණේ නැහැ. මට බොන්න සල්ලි නැති වෙනකොට මම ගෙදර බඩු විකුනුවා. අහල පහල අය මගින් ඇයි ඇහුවහම , මම කිව්වේ Wife දරුවෝ නැතුව මේ බඩුවලින් ඇති වැඩක් තියෙනවද කියලා. මගේ මේ වැඩේ දැකලා හිතවත් කෙනෙක් මාව නිර්නාමික මත්ලෝලීන් ගේ රැස්වීමකට එක්කගෙන ගියා. එතන හිටිය හැමෝම ඇබ්බැහි වීමි වල සිට එයින් මිදුණු අය. ඒ අය අත්දැකීමක් බෙදා ගන්නකොට මට දැනුනේ මගේ ජීවිත කතාව කියනවා වගේ. මොකද ඒ අයටත් මට වගේම කතාවක් තිබුණා. නමුත් ඒ අය ඒ වෙනකොට ලබපු නිදහස සතුට දැක්කහම මටත් ඒ නිදහස සතුට ලබන්න ලොකු ආසාවක් ඇති වුණා. මොකද ඒ වෙනකොට මට හැමදේම නැති වෙලා. මත්පැන් මත්ද්‍රව්‍ය නවත්තන්න ලේසියි.  අමාරුයි. නොබී දවස දවස ජීවත් වෙන්න මට ශක්තියක් වුනේ මං වගේම අත්දැකීමක සිටි අයයි. අදටත් මේ වයසක මට නොබී ඉන්න මේ නිර්ණාමික මත්ලෝලීන් ගේ සංසදය උදව් කරනවා. ඒ වගේම මාත් ඇතුළු එම කණ්ඩායම ඇබ්බැහි වී සිටින අයට එයින් මිදීමට අත දෙනවා.

4. මතින් තොර වෙන එක තනියම කරන්න පුලුවන්ද?

බැහැ. ඒකට ශාරීරික මානසික හා අධ්‍යාත්මික සුවය ඉතා වැදගත්. ඒ වගේම පවුලේ සාමාජිකයින්ගෙන් ලැබෙන සහාය හා පිළිගැනීමත් හරිම වැදගත්.

5.මේ ඇබ්බැහි වීමත් එක්ක ඔයාට අහිමි වුණ දේවල් මොනවාද?

ජීවිතයේ ඇරෙන්න හැමදේම නැති වුණා. තනි උනා,  බිරිඳ දරුවන් දෙමව්පියන්. ගෙදර පිළිගැනීම නැති වුණා, රැකියාව නැති වුණා.

6 මේ අහිමි වුන දේවල් නැවත ළගා කරගන්න ඔයා මොනාද කලේ?

කලින් කිව්වා වගේ AA එකේ සහයෝගයත් එක්ක මං අතින් සිදුවන වැරදි මං පිළිගත්තා. මගේ දුර්වලකම තේරුම් ගත්තා. මං නිසා අනිත් අයට වුණු අපහසුතාවයන් ගැන අවංකවම දුක් වුණා. මේ නිසා මට නැවත පිළිගැනීමක් ලැබුණා. නැතිවුණු දේවල් නැවත ලඟා කරගන්න අධිෂ්ඨානයක් ඇති වුණා.

7. ඔයාගේ ඒ අඳුරු කාල පරිච්ඡේදය තුළ ඔයාගෙන් අන් අයට වුන අපහසුතා මොනවද?

ගොඩක් දේවල් වුනා. ආර්ථික අපහසුතා වලට මුහුණ දෙන්න සිදුවුණා. බිරිඳ දරුවො ලොකු මානසික පීඩාවන්ට මුහුණ දුන්නා. සමාජයෙන් කොන් වුණා.මං නිසා ලැජ්ජාවට පත්වුණා.

8. මත්පැන් මත්ද්‍රව්‍ය ගැන ඔයාගේ දැන් අදහස මොන වගේද? 

මිනිස් ජීවිත විනාශ කරන දෙයක්. ජීවිතය විඳින්න ඕන කාලේ විඳවන්න වෙන දෙයක්.

9. ඔයා ලබපු අලුත් ජීවිතේ ගැන මොනාද හිතෙන්නේ? 

පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. හැමදේම නැති වෙච්ච මං ව්‍යාපාරයක් කරනවා.  දැන් නං මගේ අම්මා තාත්තා ජීවතුන් අතර නැහැ.  මං ඇබ්බැහිවීමෙන් මිදුනාම ඒ අයට පුදුම සතුටක් දැනුණා. මට පුදුම විදියට විදිහට ආදරය කරන්න පටන් ගත්තා. මගෙ බිරිඳ මගෙන් වෙන්වුනත් අදටත් මට කතා කරනවා.  මගේ දරුවෝ මං ගැන හොයලා බලනවා. මේ ලඟදි මට ඔපරේශන් එකක් කලා. ඒකට වියදම් කළේ මගේ පුතා. අපි අතර අතරේ ලොකු බැඳීමක් දැන් තියෙනවා. මේ ටිකම ඇති දැන් මට සතුටු වෙන්න.

10. තරුණ පරපුරට ඔබට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද? 

නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදයට සම්බන්ධව වැඩ කරන කෙනෙක් හැටියට කිසිම විටෙක මම කාටවත් බොන්න එපා කියන්නැහැ. මොකද සමාජයේ කොටස් තුනක් ඉන්නවා. 

* බොන්නෙම නැති අය

* සමාජශීලී  මත්ලෝලීන්

* මතට ඇබ්බැහිවූවන්

තමන්ගේ පමණ ඉක්මවා බොන අය තමයි ඇබ්බැහිවුවන් වෙන්නේ. ඊට පස්සේ ඒ අයට, පවුලේ අයට විවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධවෙනවා. මේ අය සමහර විට විවිධ හේතූන් නිසා මතට ඇබ්බැහිවූවන් වෙන්න පුළුවන්.  ආර්ථික ප්‍රශ්න, සම්බන්ධතා බිඳවැටීම් උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ට ඇහුම්කන් දෙන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් සමග කතා කරන්න. ඇබ්බැහිවීම් වලින් ඇත්තටම මිදෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ශාරීරික මානසික හා අධ්‍යාත්මික ශක්තිමත්භාවයයි. ඇබ්බැහිවීම ක සිටිනවානම්, එහෙම කෙනෙක්, ඒ අයට සමීපතමයෙක්, එහෙමත් නැත්තං ඔබේ පවුලේ කෙනෙක් මිතුරෙක් මිතුරියක් මත්පැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටිනවා නම් ,ඔවුන්ට ඇත්තටම ඉන් මිදීමට අවශ්‍ය නම් ” අනේ මට මේක නවත්ත ගන්න බැහැ” කියලා හිතන්න එපා. ඔබට පුළුවන්.. ඔව් ඔබට එය නවත්වන්න පුළුවන්. නිර්නාමික මත්ලෝලීන් ගේ සංසදය සහෝදරත්වයේ දෑත් ඔබ වෙත දිගු කරනවා ඔබ එයින් මුදවා ගැනීමට සහාය වන්නට. 

අවබෝධයෙන් අවධානයෙන් සතුටින් ජීවත් වෙන්න.

ස්තුතියි

පියුමි සිල්වා

මගේ හිතට ආව සිතුවිල්ලක

මගේ හිතට ආව සිතුවිල්ලක ප්‍රතිපලයක් විදියට තමයි  ” අපි magazine ”  එලිදැක්වෙන්නෙ . 

එහි නමේම තියෙනවා සමුහිකත්වය කියන ආකල්පය. මට හිතුනත් .. මගේ නෙමෙයි, “අපේ” කියන හැගීම. අන්න ඒ “අපි” කියන හදවතට කතා කරන වචනෙත් එක්ක ආරම්භ වුණ අපි සගරාවට අවුරුදු තුනක් දැන්.තෙවැනි අවුරුද්ද සමරන  මේ වෙලාවෙ මුලින්ම ආදරයෙන් මතක් කරන්න ඕනෙ චන්දන සහ චමින්ද මගේ සහෝදර මිතුරන් දෙදෙනාව. මගේ සිතුවිල්ලට පනක් දෙන්න ඒ දෙදෙනාගෙන් ලැබුනු නොමසුරු සහය අපරිමිතයි.

එතනින් ගත්ත ආරම්භය මේ වෙනකොට අවුරුදු තුනක දුර ගමනක් අරන් එන්න කොහෙත්ම පුලුවන්කමක් නැතිවෙන්න තිබුනා, මාත් එක්ක දිගටම හෙවනක් වගේ සඟරාව තමන්ගෙම දෙයක් වගේ ආදරයෙන් හොයලා බලලා අඩුපාඩු හදාගෙන, අලුත් අදහස් එක්ක ඉන්න මගේම සහෝදර සහෝදරියන් වගේ ඉන්න අපි ටීම් එක. පුරා අවුරුදු තුනක්ම මා සමඟ හිටිය සහ ඒ වගේම , අලුතින් එකතුවුනු අපි ටීම් එකේ හැමෝවම මේ වෙලාවේදි ආදරෙන් මතක් කරනවා.

මට හැමදාම ඕන වුණේ  පිට රට ඉන්න ලංකාවෙ අය එකම තැනකට එකතු කරන්න ක්‍රමයක්. මේ ගෙවුන අවුරුදු තුනේදී අපි ටීම් එකට ඒ දේ හිතුවටත් වඩා සාර්තකත්වයකට යන්න පුලුවන් වුණා  කියලා හිතනවා. 

රටවල් ගනනාවකින් ලැබෙන ප්‍රතිචාරත් එක්ක හිතට දැනෙන සතුටත් එක්ක මේ වැඩේ අපි ටීම් එකට ලස්සනට කරගෙන යන්න පුලුවන් වෙලා තියෙනවා. තව දෙයක් ගොඩක් ආඩම්බරෙන් කියන්න ඕන. ඒ තමයි මගේ කතෘ මන්ඩලය. අපි සඟරාව වර්ණවත් සහ හරවත් කරන අපි කතෘ මන්ඩලය ඒ ඒ ලියන විෂයන්වල ප්‍රවීනයන් වීම මට තියෙන ලොකුම ආඩම්බරයක්. 

ඒ අයගෙ දැනුම අපි අතරෙ කිසිම පැකිලීමකින් තොරව බෙදාගන්න හරිම ආසාවකින් බලගෙන ඉන්නවා . 

ඉදිරි වසරෙත් අලුත් ලිපි සහ මාධ්‍ය කරනයේ තවත් එක් සංදිස්ථානයක් සලකුනු කිරීමට බලපොරොත්තුවෙන් සිටිනවා. නව ආරෙකින් ,නවමු අත්දැකීම් එකතුවක් සමඟින් තවත් අවුරුද්දක් අපි සඟරාව ඔබ අතට පත්කරන බලාපොරොත්තුවත් එක්ක, අපි සඟරාව සමග එකතු වෙන්න කියල ආදරයෙන් ආරාධනා කරනවා. 

ස්තූතියි !

මම,

ගයාන් කරුණාරත්න.

ජීවිතාවර්ජනය

උණහපුළුවාට උගේ පැටියා මැණිකක් ලු, වියවහරෙ අපිට කියනවා ඇහෙන්නේ එහෙමයි. ඉතින් තමන් දරුවකු පිළිසිඳගත් දා සිට මෙලොව එළිය දකිනතුරු අම්මා තම දරුවව ගොඩක් පරිස්සම් කරනවා. තමන් ආස කරන කෑම බීම පවා වෙනස් කරනවා. අඳින පළඳින විදිහ ටිකය් කාලයකට වෙනස් කරනවා. හිතින් දරුවා කුස දරාගෙන පරිස්සම් කරන අම්මා, නාදුනන ලෝකෙට දරුවා ආවහම   කොච්චර නම් පරිස්සම් කරනවද.. ඒත් විසකුරු දේ වලින් පිරුණු ලෝකය දරුවන්ව ඩැහැ ගන්න විවිධ විදිහට බලාගෙන ඉන්නවා. අම්මා නොදැනුවත්වම සමහර දරුවෝ වැරදි පාරවල් වලට වැටෙනවා. එසේ වැරැද්දට යොමුවන දරුවන් යහළුවන්ගෙන්, නෑදෑයන්ගෙන්, සමාජයෙන් කොපමණ ප්‍රතික්ෂේපයන්ට ලක්වුවත් හැමදාමත් වගේ තනි නොකරන එකම කෙනා අම්මා විතරයි. ඉතින් මත් රකුසාට බිලි වූ තරුණයෙකු එයින් මුදවා ගැනීමට අනික කැපකිරීම් කල  දිරිය මවකගේ කතාවයි මේ. මතට ඇබ්බැහි වූවන්ගේ ආදරණීයයන් කල කැපකිරීම් නොවන්නට තරුණ වටිනා ජීවිත සමාජයට පිළිලයක් වී අකාලේ මිය යන්නට තිබිණි. එහෙත් ඔවුන් නැවත සමාජගත කරන්නට වෙහෙස වූවන්ට වචනයෙන් හෝ වටිනාකමක් එක් කරන්නට ගත් උත්සාහයකි මේ.

අද අපත් සමග එකතු වන මව රීටා නමින් හඳුන්වමු.

1. අම්මා ගැන අපිට පොඩි හැඳින්වීමක් කරන්න.

මගේ නම රීටා. ගම්පළාත ජාඇල. මගේ මහත්තයා 2006 නැති වුණා. පුතා විතරයි මට දැන් ඉන්නෙ.

2. අම්මා ,පුතා ගැන අපිට විස්තර ටිකක් කියන්න

පුතාගේ නම දුමින්ද . වයස අවුරුදු 35 යි. එයා හොඳ රස්සාවක් කළා. තාත්තටයි මටයි හොදට සැලකුවා.  කසාදයක් බැඳපු දවසට මට මෙහෙම උදව් කරන්න බැරි වෙයිනෙ කියලා මට වළලු දෙකකුයි තාත්තා  ට බ්‍රේස්ලට් එකකුයි අරගෙන දුන්නා. හරිම හොඳ දරුවෙක් එයා. වටේ පිටේ අයත් එකත් හරි සමගියෙන් හිටියා.  කොහොම ඇබ්බැහි වුනාද කියලා හිතාගන්න බැහැ. තාත්තා නැතිවුණා  ට පස්සේ තමයි මේ හැම දෙයක්ම උනේ.

3. පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තේ කොහොමද?

කිසිම වෙනසක් ගෙදරදි තිබුණේ නැහැ. උදේට වැඩට ගිහිල්ලා හවසට ගෙදර එනවා.  සල්ලි දින එක ටික ටික අඩු උනා. මම ඒත් ඇහුවහම  යාලුවෙකුට හදිස්සියකට දුන්නා වගේ උත්තර තමයි මට ලැබුනෙ. පස්සේ පස්සේ අහල පහල අය මට කිව්වා පුතා මොනාහරි පාවිච්චි කරනවා හොයලා බලන්න කියලා. ඒත් කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.  දවසක් වැඩ ඇරිලා එනකොට මෙයා ඇක්සිඩන්ට් වුණා. සති තුනක් විතර ඉස්පිරිතාලෙ ඉන්න වුණා. ඉස්පිරිතාලෙන් මෙඩිකල් දුන්නේ නැහැ. ඒ හින්ද රස්සාවෙන් අස් කරල තිබුණා. ඒත් එයා නිකං නිකන් හිටියේ නැහැ. මේසන් වැඩ කරන්න පටන් ගත්තා. ඒත් කලින් වගේ පුතා අතේ සල්ලි ගැවසුණේ නැහැ.  ඊට පස්සේ නිතර නිතර මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා. සල්ලි නැහැ කියනකොටත් අනේ අම්මෙ දෙන්නකෝ මට ඉන්න බැහැ කියලා කිය කියා කරදර කරන්න ගත්තා. පස්සේ මං කෙලින්ම ඇහුවා එයාගෙන් පුතේ ඔයා මොන හරි හොඳ නැති දෙයක් පාවිච්චි කරනවද කියලා. එයා ඔව් කියලා පිළිගත්තා. එයා ඒකට ඇබ්බැහි වෙලා තියෙන්නේ වැඩට යන කාලේ. වැඩට යන කාලේ සල්ලි අඩු වෙලා තියෙන්නේ යාළුවන්ටත් එක්ක මෙයා වියදම් කරලා.

4. දුමින්දව පුනරුත්ථාපනයට යොමු කළේ කොහොමද?

පුතා මට ගෙදරදි කිසිම විදියකින් කරදරයක් කළේ නැහැ. ගහලා බැනලා නැහැ. ඒත් ගෙදර බඩු නැතිවෙන්න ගත්තා. මේ දේවල් නෑදෑයන්ට  ආරංචි වෙලා අපිව පවුලෙන් ඈත් කළා. අපේ පවුල්වල කිසිම කෙනෙක් මෙහෙම දේවල් කරලා නෑ කියලා. මම හැමදාම අඬඅඬා දෙවියන්ගෙන් ඉල්ලුවා මගේ දරුවෝ දරුවා  බේරලා දෙන්න . ඔය අතරේ මට කිහිප කිහිපදෙනෙක් කිව්වා පුනරුත්ථාපනය කරන මේ තැන ගැන. මේ කාලේ වෙනකොට පුතාටත් ඕනවෙලා තිබුණා මේ ඇබ්බැහි වීමෙන් මිදෙන්න. ඉතින් එයාගෙ කැමැත්ත ඇතිව මම එයාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කළා. ඒ වෙනකොට එතනට දෙන්න තරම් මුදල් මා ළඟ තිබුණෙ නැහැ. ඒත් මගේ හිතවත් අය මට උදව් කළා.

5. පුනරුත්ථාපනය උන කාල සීමාව ගැන විස්තර ටිකක් කියන්න.

පුතා අවුරුද්දක කාලයක් වන පුනරුත්ථාපනය වුණා. ඒ කාලෙදි එයාව බලන්න නියමිත දවස් වලට මං නොවරදවාම ගියා. එයා දැන් පුනරුත්ථාපනය වෙලා අවුරුදු තුනක් වෙනවා. ඒත් එයාව තාම ගෙදර ගෙනාවේ නැහැ. අපිට ගමට ගිහින් ඉන්න සුදුසු තත්ත්වයක් නැහැ. මිනිස්සු තාමත් කුඩුකාරයා කියලා හංවඩු ගහනවා. ඒ අවට හැමතැනම මත්ද්‍රව්‍ය. ඉතින් බොහොම දුක් විඳලා බේරගත්ත දරුවව ආයෙත් එතෙන්ට ගෙනියන්න මට බයයි. මමත් දැන් අවුරුදු එක හමාරක ඉඳලා පුතා ඉන්න මධ්‍යස්ථානයට ම ඇවිල්ලා ඒ අයට උදවු කරගෙන පුතත් එක්කම ඉන්නවා. පුතා ඒ මධ්‍යස්ථායෙ කාර්ය මන්ඩලේ සේවය කරනවා.

6. කොච්චර කාලයක් ඔතන ඉන්න බලාපොරොත්තු වෙනවාද?

පුතාව  පිළිවෙලක් කරලා වෙන ගම් පළාතක ට යවන්න කන් මේ මධ්‍යස්ථානයට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඉතිං මට සැනසිල්ලෙ තාත්තා ගිය තැනට යන්න පුලුවන්. එළියට යනවට වඩා මෙතන හරිම ආරක්ෂිතයි. අපි දෙන්නම දැන් හරි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.

7. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුන අයගේ ආදරණීයයන්ට අම්මට මොනවද කියන්න තියෙන්නේ.

පුතේ, තාත්තත් නැතුව මගේ දරුවාව බේරගන්න මං ගොඩක් දුක්වින්දා. ශාරීරිකව නෙමෙයි මානසිකව. කියන්න කෙනෙක් නැහැ කතා කරන්න කෙනෙක් නැහැ. නෑදෑයො බලන්නෙවත් නැහැ. පුදුම අසරණකමක් දැනුනේ. ඒත් අම්මෙක් විදිහට මට මගේ දරුවා අතාරින්න බැහැනෙ. මගේ අතපසුවීමකින් වෙන්නත් ඇති එයාට එහෙම වෙන්න ඇත්තෙ. තාත්තත් නැතුව ඉන්නකොට එයට තනිකමක් දැනෙන්න ඇති. යාලුවොත් එක්ක එකතු වෙන්න ඇති. එයාලා කරන දේවල් කරන්න ඇති.

මම දෙමව්පියන්ගෙන් විශේෂයෙන් ඉල්ලනවා දරුවන්ට තව තවත් ලං වෙන්න. හැමදේම දෙන ආදරේට වඩා ඒ අය වෙනුවෙන් කාලය වැය කරන්න. දරුවන්ට ඇහුම්කන් දෙන්න. ඔවුන් ආදරයෙන් පිළිගන්න. ඔවුන්ගේ වැරදි වලට සමාව දුන් ව කියන්න. නිතරම තමන් අදහන දෙවියන් බුදුන් ගෙන් ආරක්ෂාව ඉල්ලන.  ඒ පිළිගැනීමත් එක්ක ඒ අයට තමන් ගැන විශ්වාසයක් ඇති වෙයි. ඒ තුළින් ඔවුන්ට නැවත මතට ඇබ්බැහි වීමට හිතක් ඇති නොවෙයි.  එතකොට තමන්ගේ කඳුළු, කැප කිරීම් වලට, වටිනාකමක් එක් කරන්නට දරුවන්ට ආසාවක් ඇතිවෙයි. ඒ වගේම  දෙමාපියන් දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්න. විනාඩි කිහිපයක් ඇති දරුවෝ විනාස වෙන්න. ඉතින් දෙයක් වෙලා දුක් වෙනවට වඩා ඒ දේවල් නොවෙන්න වග බලාගන්න.

ස්තුතියි

පියුමි සිල්වා

හදිස්සි වෙන්න එපා..

(ආකර්ෂණයයි , ප්‍රේමයයි , විවාහයයි )

උදේට නැගිටිනවා , කනවා , බොනවා , ඔෆිස් යනවා , ජීවිතේ ලොකු වෙනසක් නැතුව හැමදාම පුරුදු විදිහටම ගෙවිලා යනවා නේද ?

කිසිම  වෙනසක් නැහැ, හරිම ඒකාකාරියි  කියල හිතුනට ,

අවුද්දකට දෙකකට කලින් හිටපු ඔයයි අද , මේ මොහොතේ ඉන්න ඔයයි එක සමානමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ,  

දවස සාමාන්‍ය විදිහට ගෙවුනට  පස්ස හැරිලා බලද්දී අපිටත් නොදැනී අපි ගොඩක්  වෙනස් වෙලා , අපේ ජීවිත වෙනස් වෙලා , එදා  කැමති දේවල් වලට අද අකමැති වෙලා , එදා අකමැති දේවල් වලට අද කැමති වෙලා ,සමහර දේවල් ඇයි කලේ කියලා දුක හිතෙනවා වගේම තවත් සමහර දේවල් නොකළේ ඇයි කියලා පසුතැවෙනවා , කවදා කොහොම වෙනස් උනාද කියලා නොදන්නවා උනාට කාලයත් එක්ක අපිටත් නොදැනී  අපි වෙනස් වෙලා ..

 ජීවිතේ හැටි එහෙම තමයි ඒකට ,අත්දැකීම් , පළපුරුද්ද , පරිණතවීම , අවබෝධය , වයස ඔය මොකක් හරි  ඔයා කැමති වචනයක් දාගන්න .

මේ කතාවත් ඒ වගේ ,

යන්තන් අවුරුදු 14 ක් 15ක් වෙලා  ජීවිතේට පය තියනකොට අපිට ඉතින් අමුතු අමුතු හැඟීම් දැනෙන්න ගන්නවා , ජෙල් නාපු කොණ්ඩයක් , ඝනකම් රැවුලක් , ගිටාර් එකක් ගහන  අත්දෙකක් , වල ගැහෙන කම්මුලක් දැක්කත් ඇති කොල්ලෙක්ට හිත යන්න , කොල්ලොත් එහෙමයි , දත් ටිකක් , හිනාවක් , එක බැල්මක් ඇති කෙල්ලෙකුට හිත යන්න , ඉතින් ඒ වෙලේ ඉඳලා තමන් තමයි සත්‍ය ප්‍රේම භුංග රාජයා කියලා හිතලා තමයි අපි හැසිරෙන්නේ , ඔය අතරේ ශාරුක් කාන් ගේ රොමැන්ටික් මූවි එකක් බලපු ගමන් අර CRUSH එක කැලේ , එදා ඉඳන් ඉතින් ශාරුක් කාන් තමයි සිහින කුමාරයා , තව දවසකින් දෙකකින් ගමේ සංගීතේ බලන්න ගිහින් ඒකෙ KEY  BOARD ගහපු කොන්ඩ කුරුල්ලා දැක්ක ගමන් ශාරුක් කානුත් පට ගාල   DIVORCE, ඔහොම කී දෙනෙකුට කියල  crush වෙලා ඇතිද ?  

සමහරු ඕකට  ආදරේ ආදරේ කියලා හිතාගෙන රැවටුනාට ඒ  ආදරේ නෙමෙයි ඒකට කියන්නෙ  ආකර්ෂණය , 

දැනෙන වෙලාවට පපුව සිදුරු කරගෙන ගියාට , ආකර්ෂණය කියන්නේ හරිම තාවකාලික හැඟීමක් විතරයි .ඒක ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් වෙනුවෙන් ඇති වෙන්න පුළුවන් වගේම ඕනෑම මොහොතක නැති වෙලා ශුන්‍ය වෙලා යන්නත් පුළුවන් , ආකර්ෂණය ආදරය කියලා හිතාගෙන ප්‍රේම සම්බන්ධයක් දක්වා දුරදිග ගිහින් සැනසුන සෙට් එකට වඩා වැනසුණ සෙට් එක තමයි වැඩි .

එතකොට මොකද්ද ඔය ආදරේ කියන්නේ ?? චන්දන ලියනආරච්චිත් ඕක  සෑහෙන්න හොයලා තිබ්බා , අන්තිමට , එනමුදු ප්‍රේමය

කිමැයි කියා හඳුනා ගත් කිසි කෙනෙකු නැති ..කියල හිත හදාගත්තා ..

ආදරේ කියන්නේ ආකර්ෂණයට එහා ගියපු හරි  අමුතු එකක් , ආකර්ෂණය දැනෙන්න මූණ,හිනාව , කතාව වගේ එක එක හේතු තිබ්බට ආදරේ දැනෙන්න එහෙම හේතු නැහැ , දත් නැති , ඇස් පෙන්නේ නැති , කෙනෙක් ගැන  උනත් ආදරේ කියන දේ දැනෙන්නේ පුළුවන්, දැන් කාලේ ඉන්න ගොබිලෝ , මාව බැන්දේ නැත්තම් මරනවා , ගිනි තියනවා , විනාශ කරනවා , කියලා ලතෝනි දුන්නට ආදරේ කියන්නේ තණ්හාවෙන්  බදා ගන්න එකට නම්  නෙමෙයි , අනිත් පාර්ශවය කැමති උනත් , අකමැති උනත් , ලැබුනත් නොලැබුනත් , ඒ කෙනා කෙරෙහි ඇතිවන පහන් හැඟීම , ඒ කෙනාගේ සතුට දිහා බලාගෙන සතුටු වෙන එක තමයි මම දන්න විදිහට  ආදරේ කියන්නේ , 

එතකොට විවාහය , 

එහෙන් මෙහෙන් වයර් ඇදලා අපි  විවාහය කියන එක ප්‍රේමය එක්ක සම්බන්ධ කරන්න හැදුවට , ඒ දෙකේ ඒ හැටි ලොකුම ලොකු  සම්බන්ධයක් නැහැ , ගොඩක් වෙලාවට  විවාහය කියන්නේ ප්‍රේමයේ මළගෙදර , ආදරේ උපරිමයට ගිහින් බැඳලා ,බැන්ද දවසේ ඉඳන් ප්‍රේම කරනවා වෙනුවට ගොඩක් උන් කරන්නේ කා කොටා ගෙන වයිර කරන එක , 

ප්‍රේමය ලොකු කරගෙන කසාද බැන්දට ඇත්තටම කසාද ජීවිතේට ප්‍රේමය විතරක් තිබිලා මදි , අවබෝධය , කැපවීම , ඉවසීම , දරාගැනීම මේ ඔක්කොම ටික  ඕන , ඒ ඔක්කොටම වැඩියෙන් යථා ස්වභාවයට එකඟ වෙන්න පුළුවන් වෙන්න ඕනේ , යාලු වෙලා ඉන්න කාලේ පෙරුම් පුරලා හම්බෙන්න එන කොට තියන හොඳම ඇඳුම ඇඳගෙන ගෙදර තියන ඔක්කොම සුවඳ ගාගෙන රැස් විහිදගෙන හිටියට , එක ගෙදර ජීවත් වෙනකොට දත් නොමැදපු , කොන්ඩේ  ගෙඩියක් බැඳගත්ත , රැවුල කපපු නැති ආදරේ දකිනකොට , අප්පිරියා හිතෙනවනම් , තරහ එනවනම් අපෝ මන් ආදරේ කලේ මූටද කියල හිතෙනවනම් ඒ කියන්නේ එකිනෙකාගේ යථා  ස්වභාවය දරාගන්න බැරි නම් ඒ විවාහය එකෙන්ම ෆේල් , ආදරේ ආදරේ කියලා අනිත් හැමදේම සතේකට වත් ගණන් නොගෙන  බැඳගත්තට මාසෙකින් දෙකකින් කසාදෙ කියන එකේ තියන අර  අමුතු මොරාල් එකේ උපයෝගිතාවය හීන වෙලා , ගෙවල් දොරවල් , කාර් බාර් , සල්ලි , රත්තරන් බඩු ඉස්සරහට එනවා , කොටින්ම කිව්වොත් අපේ දෙමව්පියෝ ගහපු ගේම ටම ම අපිටත් enter වෙන්න  වෙනවා , පාරේ බස් එකේ යන්න පුරුදු නැතිම  කෙනෙක් ආදරේ නිසා ෆුට් බයිසිකලයක් වත් නැති කෙනෙක්ව බැන්දා කියන්නකෝ , ටික දවසකින් එක්කෝ කෙල්ල තීරණය කරනවා බස් එකේ යනවද  නැත්තම් එපා වෙලා කොල්ලව දාලා ආයේ ගෙදර යනවද කියල  , කෙල්ලගේ කොන්ඩෙ දිග හින්දා හම සුදු හින්දා ආදරේ කරලා උයන්න බැරිනම්  බඩගින්නේ ඉමු කියලා බැඳගත්ත්ට දවස් දෙක තුනක් ගියාම කොන්ඩෙ දැක්කා කියලා බඩ පිරෙන්නේ නැහැ කියලා තේරුනාම එක්කෝ ගෑණිට උයන්න ඉගනගන්න කියලා රණ්ඩු වෙනවා  වෙනවා නැත්තම් පිටින් කන්න පුරුදු වෙනවා ,එහෙමත් නැත්තම් බඩගින්න දරාගන්න හුරුවෙන්න වෙනවා , ඉතින් ඔය සාස්තරේ දන්නැති තැන් වල   ආදරේ පැදුරටත් නොකියා හොරෙන්ම යනවා , යනවා කිව්වට හිමින් යනවා නෙමෙයි දුවනවා …

අන්න ඒ නිසා තමයි කියන්නේ විවාහය කියන්නෙ ප්‍රේමය කියන කෑල්ල  විතරක්ම  නෙමෙයි කියලා ,

ආදරේ මේක , ආකර්ෂණය මේක , විවාහය මේක කියල  පොත් ලියලා කිව්වත් කිරි කජු කෙල්ලෝ කොල්ලන්ට ආදරේ , ආකර්ෂණය , විවාහය කියන්නේ එකක් නෙමෙයි තුනක් කියලා තේරෙන්නේ නැහැ , ඕකුන් ඒක තේරුම් ගන්න උත්සහ කරන්නෙත් නැහැ , මොකද අම්මා තාත්තාගෙන් කාලා බීලා ලව් කරන කාලේ වෙන බරපතල වැඩ මුකුත්  නැහැනේ , ඒ නිසා උන් ජීවිතේ කියල හිතන්නෙ  උන්ට දැනෙන දේ විතරයි , හැබැයි වයසින් මුහුකුරා ගිහින් අත්දැකීම් ලබලා ජීවිතේ ටික දුරක් යනකොට , තමන්ම හම්බකරලා ජීවිතේ කියන ගේම් එකට එන්ටර් උනහම තමයි නියම ආදරය ආකර්ෂණය කියන දෙක වෙන් කරලා අඳුරගෙන  විවාහ වෙන්න ඕනේ කොයි වගේ කෙනෙක්වද කියලා හරියටම තේරෙන්න පටන්  ගන්නේ , 

අන්න ඒ නිසා තමයි , විවාහ වෙන්න වයසක් නැහැ කියල කියන්නේ , තමන්ට ජීවිතේ හරියට දැනෙන්නේ 25  දීද 30 දීද 50 දීද එදාට තමයි විවාහ වෙන්න ඕනේ , එතන ආදරේ තිබුනොත් ඒක ගොඩක් ලේසියි වගේම  පහසුයි , හැබැයි ආදරේ තිබිලා අනිත් හැමදේම නැත්තම් ඒක අමාරුයි , ආදරේ නැතුව අනිත් හැමදේම තිබ්බත් ඒත් ඉතින් ලේසි නැහැ ,

ඔන්න ඕක හරියටම තේරුම් බේරුම් ගන්න පුළුවන් වෙන්නේ අඩුම ගානේ ජීවිතේ දශක දෙක හමාරක්වත් ගියාට පස්සේ තමයි , ඒක නිසා තමයි , 18 ට වැඩි අයට කසාද බඳින්න නීතියෙන් අවසර තිබ්බත් ඒ වයසෙන්  කසාද බඳින එක මෝඩකමක් කියලා කියන්නේ ,

මොකද අවුරුදු 18 දී 20දී අතින් අල්ලාගෙන තුරුල් කරගෙන ඉන්න එක තමයි ආදරේ කියලා හිතුවට  ඇත්තම තත්වේ තේරෙන්න තව ටිකක් කල් යනවා , ඒත් ඒ වෙනකොට පොතක අත්සන් කරලා නීතියට කොටු වෙලා ඉවරයි නම් ඉතින් සොරිම තමයි , ඒ කියන්නේ බොහෝ විට  ජීවිතේ පැටලිලා ඉවරයි ..

ආකර්ෂණය කියන්නේ එකක් , ආදරය කියන්නේ වෙන එකක් , විවාහය කියන්නේ වෙනම එකක් , ඔය තුන එකයි කියල ඔයාට හිතුනට , ඔය තුනේ වෙනස හරියට තිතටම තේරෙන්න නම් ඔයා ජීවිතේ දශක දෙකක් වත් ඉවර කරන්නම ඕනේ , ඒ නිසා ඉක්මනට පවුල් වෙලා ජීවිතේ  අවුල් කරගන්න  හදිස්සි වෙන්න එපා , 

බැඳෙන්න කලින් ,  බඳින්න කලින් , තවත් තව තවත් හිතන්න , ඉක්මනට බැඳෙන ඒවා හරිම ඉක්මනට බිඳෙනවා ඒකයි ..

පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියලා කිව්වට  ජීවිතේ හරිම තැන අහුවෙන්නෙ කොහොමත් ටිකක් පහුවෙලා,එතකන් අහු නොවී ඉන්න එක තමයි වෙන්න ඕනේ ..

Anisha

බ්‍රිතාන්‍යයේ කුලී ගෙවල් ගැටළුව

බ්‍රිතාන්‍යයට එහෙම නැත්තම් එංගලන්තයට මෑතකදී සංක්‍රමණය උනු ශ්‍රි ලාංකිකයන් ඇතුළු විශාල පිරිසකට මෑත කාලයේදී මුහුණ දෙන්න වෙන ලොකු ගැටළුවක් තමයි කුලී නිවසක් එහෙම නැත්තම් කාමරයක්, ඇනෙක්සියක් හොයා ගන්න බැරුව සිදුවන අපහසුතාවය. එක පැත්තකින් මේ වෙනකොට එංගලන්තයේ විශාල කුලි නිවාස හිඟයක් තියනවා. ඒ වගේම අනික් පැත්තෙන් නිවාස කුලියත් ඉතා ඉහළ අගයකින් වැඩි වෙමින් යනවා.

මේ ගැන මම විස්තර ටිකක් ලියන්න හිතුවේ මේ කාලේ ලංකාවෙනුත් ලොකු පිරිසක් එක්සත් රාජධානියට එනවා. ඒ වගේම ඒ අයත් මේ කුලී නිවාස ගැටළුවට ඉතා බරපතල විදියට මූණ දෙනවා. බ්‍රිතාන්‍යය මාධ්‍ය දා බ්‍රිතාන්‍යය රජය මේ කුලී නිවාස ගැටළුව ගැන මොනවද කියලා තියෙන්නේ කියලා හොයද්දි දැන ගත්ත ප්‍රධාන කාරණා දෙකක් තමයි එක පැත්තකින් ඉතා වේගයෙන් කුලී නිවාස සඳහා වන ඉල්ලුම වැඩි වෙනවා වගේම අනික් පැත්තෙන් කුලියට දීම සඳහා තියන නිවාසත් අඩු වෙමින් යනවා.

කුලියට දීම සඳහා වන නිවාස අඩුවීමට ලොකුම හේතුවක් තමයි එංගලන්තයේ මේ වන විට තියන ආර්ථික අර්බුදය. ඒ එක්කම රටේ පොලී මට්ටම් ඉතා වේගයෙන් ඉහළ යන නිසා නිවාස ණය (Mortgage) පොලියත් දරා ගන්න බැරි විදියට ඉහළ යනවා. ඒ නිසා කුලියට දීම සඳහාම නිවාස මිලදී ගන්නන් එහෙම නැත්තම් ආයෝජකයන් නිවාස වල ආයෝජනය කරන්න මැලිකමක් දක්වනවා. ඔවුන්ට නිවාස ම්ලදී ගෙන කුලියට දීමෙන් ලාබ ලබන්න බැරි තැනට ආවම ඔවුන් ඒ මත සිදුකර ආයෝජන නතර වීමෙන් කුලියට දීම සඳහා වන නිවාස හිඟයක් ඇති වෙලා තියනවා.

අනික් පැත්තෙන් කොහොමත් ඉල්ලුම වැඩිවෙනකොට මිළ ඉහළ යනවා. කුලී නිවාස මිළ ඉහළ යන්න ඒකත් හේතුවක්. ඒ වගේම අධිකව ලෙස ඉහළ ගිය විදුලිය හා ගෑස් බිල් නිසාත් කුලී නිවාස හිමියන් නිවාස කුලී කිහිප වරක්ම ඉහළ දමන්න තීරණය කරා. කොහොම උනත් රජයේ අවධානය මේ වෙත යොමු උන නිසා අළුත් චාන්සලර්වරයා තමන්ගේ කුඩා අයවැය මගින් වසරකට නිවාස කුලී ඉහළ දැමිය හැකි සීමාව 7% දක්වා සීමා කලා.

ඒ අතර ලන්ඩන් නගරාධිපතිවරයාගේ අවධානයත් මේ නිවාස කුලී ඉහළ යාම කෙරෙහි යොමුවෙලා තියනවා . ඔහු කියන්නේ වසර දෙකක් තුල ලන්ඩන් නගරයේ සාමාන්‍ය මාසික නිවාස කුලිය පවුම් 200කින් පමණ ඉහළ ගිහින් තියනවා කියලා. ඔහු ඒ සඳහා ඉහළම මිළ සීමාවක් පනවන්න අදහස් කරගෙන සිටිනවා කියලා කියන අතරෙම ඒ සඳහා බ්‍රිතාන්‍යය රජයේ අවසරයත් බලාපොරොත්තු වෙනවා.

කුලී නිවාස හිඟය සඳහා බලපාපු අනික් ප්‍රධාන හේතුව තමයි ඉල්ලුම ඉහළ යාම.බ්‍රිතාන්‍යය ඉතිහාසයේ වසරක් තුල සිදුවූ වැඩිම ශුද්ධ සංක්‍රමණ වාරතා වෙන්නේ පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ වසර තුල. එය සංඛ්‍යාත්මකව 504,000. ඒ කියන්නේ අළුතින් බ්‍රිතාන්‍යයට මිනිස්සු ලක්ෂ 5කටත් වඩා වසරක් තුල ඇවිල්ලා තියනවා. ඒ අතරේ පකිස්තාන යුක්රේන සරණාගතයන් වගේම ශිෂ්‍යන් විදියට මේ රටට ආපු විශාල පිරිසකුත් ඉන්නවා. 

එම වසර තුල Student වීසා මත ආපු ප්‍රමාණය 277,000. මේ හැමෝම කුලී ගෙවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විදේශීය ශිෂ්‍යන් අතර ජනප්‍රිය විශ්ව විද්‍යාල කිහිපයක් අවට තමයි මේ තදබදය වැඩියෙන්ම ඇති වෙන්න. ඉල්ලුම වැඩිවීමත් සැපයුම අඩුවීමත් එකම කාලයකදී සිද්ධ වීම නිසා කුලී නිවාස ගැටළුව නිවාස අර්බුදයක් බවට පත්වෙලා තියනවා. මේකට විසඳුමක් ලෙස වසරකට නව නිවාස ලක්ෂ 3ක් ඉදිකරන්න බ්‍රිතාන්‍යය රජයේ එලක්කයක් තිබුනත් ඒ ඉලක්කයත් මෙ දක්වා සාර්ථක කරගන්න රජය අසමත්.

Thilan jayasekara

සාලිස් වසරක සාඩම්බර අභිමානයයෙන්

මහා බ්‍රිතාන්‍ය සිසාරා නොයෙක් පෙදෙස් වල විසූ ආදි ආනන්දීයන් එක රොදකට එක් කරමින්  1982 වස⁣රේදී ලන්ඩන් නුවරදී “එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය”පිහිටුවා ගන්නා ලදි. තමන් ශිල්පීය ඥානය ලද අනඳ මැණියන් ඉහලින් ඔසවා තබමින් අවශ්‍ය මොහොතක ඇයට සවියක් වන්නට මෙන්ම තමන් අනඳ බිමෙන් ලත් දෙයට වැඩි යමක් අනඳ බිමට පාතබන අළුත් පරම්පරාව වෙනුවෙන් ලබා දීම මුලික අරමුණ කරගෙන මෙම සංවිධානය පිහිටුවා ගන්නා ලදී. එසේම එක්සත් රාජධානිය තුල වෙසෙන ආදි ආනන්දීයන්ගේ සහෝදරත්වයේ බැදීම වැඩි කිරීම මෙන්ම ඔවුන්ගේ ශුභ සාධනයද අපට අනන්‍යවු අපේ දේ මහා බ්‍රිතාන්‍ය තුල රැකගැනීමද

මෙහි තවත් අරමුණක් විය.

කේ.ජි.ආර්.ඩබ්ලියු ධර්මවර්ධන සහ වෛද්‍ය ජීවා සිරිවර්ධන දෙපල මුලාරම්භක සභාපතිවරැන් වු මෙම සංගමය අද වන විට සභාපතිවරැන් තිස්තුන්දෙදෙනෙකු යටතේ කල කාර්යයන් බොහෝය.මෙහි වත්මන් සභාපතිවරයා වන්නේ දිමුත් ජයවීර මහතායි. එදා මෙදාතුර ආනන්දය වෙනුවෙන් මෙන්ම මව්බිමට උදව් අවැසි හැම මොහොතකම ඒ වෙනුවෙන්ද එක්සත් රාජධානියේ ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමය පෙරට පැමිණ තිබේ. එසේම මහා බ්‍රිතාන්‍යය තුල ආගමික සංස්කෘතික හා සාමාජීය වශයෙන් අපගේ අනන්‍යතාව පෙරට ගෙන එමින් පවත්වන්නට යෙදුණු නොයෙක් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ආදරයට පත්ව තිබේ.

1988 වසර ආදි ආනන්දීයන්ට සුවිශේෂ වසරක් විය. වෛද්‍ය නාරද විජේතිලකයන්ගේ මුලිකත්වයෙන් පටන් ගන්නා ලද සිංහල අවුරුදු උත්සවය ඉන් පලමුවැන්නයි. එය එක්සත් රාජධානිය තුල එදා මෙදා තුර නොකඩවා පැවත්වෙන පැරණිතම අවුරුදු උත්සවය ලෙස සැලකේ.ආනන්දීයන්ටම සීමා නොවී බ්‍රිතාන්‍යයේ තුල වෙසෙන සියලු ලාංකිකයන්ටම තම පැරනි මතකයන් අවධි කිරීමට එය ඉටු කර ඇත්තේ ඉතා මහගු කාර්යයකි. විටෙක සහෝදර පාසල්ද සම්බන්ධ කරගනිමින් ඔවුන්ටද මග පෙන්වීමට සමත්වීම අගය කල යුත්තකි.

දෙවැන්න වන්නේ ජි.සි.පෙරේරා මහතාගේ මුලිකත්වයෙන් සහෝදර රාජකීය , ශාන්ත තෝමස්,ශාන්ත පීතර , ශාන්ත අන්තෝනි ,ත්‍රිත්ව ආදි ශිෂ්‍ය සංගම් එකතු කරගනිමින් පිහිටුවා ගන්නා ලද ක්‍රිකට් සැණකෙළියයි.Festival Of Cricket (FOC) අදටද ශ්‍රී ලාංකිකයන් වැඩිම ප්‍රමාණයක් එකට එක්රොක් වන උත්සවය බවට පත්ව තිබේ. අද වනවිට මෙම මහා පාසල් ක්‍රිකට් ක්‍රිඩා සැණකෙළියට පාසල් ආදි ශිෂ්‍ය සංගම් 33ක් පමණ එකතුවී සිටින අතර මෑතක සිට කාන්තා පාසල් සදහාද  ක්‍රිකටි තරගාවලියක්ද පවත්වන්නට කටයුතු යොදා තිබේ.සැණෙකලියෙන් ලැබෙන ආදායම පාසල් ආදි ශිෂ්‍ය සංගම් අතරේ මෙන්ම මහරගම පිලිකා රෝහල වැනි පුණ්‍ය ආයතන වෙතද ලබා දෙමින් තිබේ.

එසේම ආදී ආනන්දීය ශිෂ්‍ය සංගමය එංගලන්තයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ කළා රසාස්වාදනය සදහා ලාංකික කළාකරැවන් සංගීතවේදීන් මහා බ්‍රිතාන්‍යයට ගෙන්වා ප්‍රමිතියකින් යුක්තව ඒවා සංවිධානය කිරීම පසුගිය කාලය පුරාවට සිදුකොට තිබේ.

එක්සත් රාජධානීය ආදි ආනන්දීය ශිෂ්‍ය සංගමයේ වසරේ දින පොතේ ප්‍රධානතම අංගය වන්නේ ඕල්කට්තුමා ප්‍රධාන ආදී කතෘවරුන් සිහිකිරීම උදෙසා සිදුකරනු ලබන දානමය පිංකමයි. එය සෑම වසරේම ලංඩන් බෞද්ධ විහාරස්ථානයේදි නාහිමියන්වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ ආශිර්වාදය සමගින් සිදුකරනු ලබයි. එසේම විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව රන් ආලේපනය කිරීමේ අරමුදලට මෙන්ම මෑතකදී සම්පුර්ණ කල විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ අරමුදල වෙනුවෙන්ද ආනන්දීයන් සැලකියයුතු ආධාරයන් ලබාදී තිබේ.

මෙම සංගමයේ දායකත්ව දශක හතරකට ආසන්න කාලායක් පුරාවට පාසල් මෑණියන්ට පමණක් නොව ශ්‍රී ලංකා මැණියන් වෙතද අවැසි මොහොතේදී  ලබා දී තිබේ. යුද්ධය පැවැති කාලයේදී ආභාධිත රණවිරුවන් වෙනුවෙන් ඇරබී “අප වෙනුවෙන් අප” අරමුදල වෙනුවෙන්ද සුනාමි ව්‍යසනයේදී මෙන්ම  කොවිඩ් 19 ජනාධිපති අරමුදල වෙනුවෙන් විශාල මුදල් ආධාරයන් ලබාදී තිබේ. එසේම  හෝමාගම කොවිඩ් රෝහල වෙනුවෙන් විශාල පිරිවැයක් දරා එයට අවශ්‍ය  Mindray uMEC 10 HDU monitors යන්ත්‍ර  3ක් ලබාදීමටද කරාපිටිය රෝහල සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම අත්‍යවශ්‍ය බෙහෙත් ලබාදීමටද කටයුතු කරනලදී.

මේ සෑම කටයුත්තකදීම ආදි ශිෂ්‍ය සංගමයත් ආදි ආනන්දීයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් මෙන්ම හිතවතුන්ගෙන්ද විශාල සහයෝගයක් ලැබී තිබේ. ආනන්දය යනු තවත් එක පාසලක් පමණක් නොවනවා සේම එක්සත් රාජධානියේ ආනන්ද ආදි ශිෂ්‍ය සංගමයද තවද එක් සංගමයක් පමණක් නොවන බව පෙනීයයි. උගත් පාසලට පමණක් නොව උපන් දේශයටද ණයනැති තම පාසලේ  මෙන්ම තම රටේ උන්නතිය සදහාද දශක හතරක්  තිස්සේ ඉතා සක්‍රීයව පවතින සංගමයකි මෙය. මෙම සියලු සත්ක්‍රියාවන් ආනන්දයටත්, රටදැයටත් තව චිරාත් කාලයක් කිරීමට හැකිවේවා යනු සැමගේ පැතුමයි.