Category: Interviews
තිලෝෂි ප්‍රනාන්දු
තිලෝෂි ප්‍රනාන්දු කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත්?
මාව නිර්වචනය කරන්න ඇත්තටම දන්නේ නැහැ මම. නමුත් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න කැමති කෙනෙක් කියලා කියන්න පුලුවන්.
තිලෝෂිගේ පවුලෙ විස්තර ගැන ටිකක් කතා කලොත්?
අම්මා සහ මල්ලී ඉන්නවා . දැන් මගේ Husband, පුතා, දුව එක්ක එංගලන්තයේ ජීවත් වෙනවා.
කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ?
ලියන්න පටන් ගත්තේ… ම්.. සාමාන්‍ය පෙළ කරන කාලේ වගේ මම මගෙ හොඳම මිතුරිය නිසදැස් ලියනවා බලලා ආසාවට ලියන්න ගත්තා. ඊට පස්සේ ඒක හරිම naturel දෙයක් උනා. මගේ තාත්තාගෙ පැත්තෙන් ඒක එන්න ඇති කියලා මම හිතනවා. මොකද මගේ නැන්දා ට සහ අයියට හොඳට ලියන්න පුළුවන්. මට ඒ ආභාෂය තියෙනවා කියලා මම හිතනවා . උසස් පෙළ කරන කාලේ කෙටි කතා ලියනවා. අම්මාට තමයි කියවන්න දීලා හොඳ නරක අඩු පාඩු අහ ගන්නේ. ඒ වගේම උසස් පෙළ අවසන් ව්‍යාපෘතිය සඳහා කලෙත් නිසදැස් එකතුවක් . ඉතින් එහෙම ටික ටික ලියන්න පටන් ගත්තා.
ඔබ ආඩම්බර වන ඔබ ලියා ඇති හොදම නිර්මාණය .
මම ලියපු මුල්ම ලමා කතාව “සිංහ පැංචා” ඒක ලිව්වේ මගේ පුතාගෙ පලමු වන උපන්දිනය වෙනුවෙන්.
මම හරිම කැමතියි ඒ පුංචි කතාවට.
පොඩි අයට ලියන්නේ විශේෂයක් තියෙනවද?
මම ප්‍රාථමික අංශයේ ගුරුවරියක්. කුඩා දරුවන් එක්ක වැඩ කරන්න තියන්නෙ. ගොඩක්ම කියවන්න ලැබෙන්නේ ලමා කතන්දර. ඉතින් මට කිසිම වෙහෙසක් නැතිව ලමා කතා ලියන්න ඉඩ හසර ලැබෙනවා. ඒ වගේම මගේ පුතා, දුව ඉන්න නිසාත් වෙන්න ඇති හරිම ආසාවෙන් ඒ කතා ලියනවා.
පොඩි අයට හොඳ නරක කියලා දෙන්න පුලුවන් හොඳම මාර්ගයක් තමයි ලමා කතන්දර. මේ හැම කතාවක්ම ඉතාම සරලව වගේම හොඳ පුරුදු සහ ගුණ ධර්ම දියුණු කිරීම ගැන ලියන්න මම උත්සාහ කරනවා. කතාව කියවලා, අහලා පුංචි ම හොඳ දෙයක් හරි දරුවන් එයාලගෙ ජිවිතයට එකතු කර ගනීවි
කියලා මම විශ්වාස කරනවා.
ඉදිරියේදී තිලෝෂිගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද?
ඔව් ඇත්තටම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ලමා කතන්දර පොතක් එළි දක්වන්න. මේ දවස් වල ඒ ගැන තොරතුරු එකතු කරමින් ඉන්නවා.
මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් උපදෙස් මොනවද?
උපදෙස් දෙන්න තරම් ලොකු දැනුමක් නම් නැ මට නමුත්, අපි කැමති දෙයක් ටික ටික ලියන්න කියවන්න පුරුදු උනා නම් හොඳයි. අපි අපේ කැමති අංශයන් මොනාද කියලා හඳුනාගෙන
ඒ අනුව ඊට අදාල පොත් පත් කියවන්න පටන් ගන්න පුළුවන්. තමන් කැමති දේ මූලින් ම කියවන්න ලියන්න. එක පිටුවක් දවසට කියවන්න පුරුදු උනා නම්, ක්‍රමානුකූලව කියවන්න ඉබේම පුරුදු වෙනවා. අපිට හිතෙන සහ දැනෙන දෙයක් ලියන්න පටන් ගත්තා නම් ඒකත් එහෙමයි. හරිම නිදහසක් සැනසීමක් දැනෙනවා කියවීම ලිවීම තුළින්.
පොඩි අයට කියවීමට පුරුදු කරවන්න තිලෝෂි ළඟ තියෙන tricks මොනවද?
හොඳ ප්‍රශ්නයක්. මම දැනට කරන සහ සාර්ථක උන trick එකක් කියන්නම්.
කතාව කියවද්දී ඒ චරිතයට අදාළව හඬ වෙනස් කරමින් කතාව කියලා දෙන විට ඒක හරිම රසවත් වෙනවා කුඩා දරුවන්ට. එයාල හරිම කැමැත්තෙන් සහ උනන්දුවෙන් අහන් ඉන්නවා.
ඒ වගේම අපිට පුලුවන් කතන්දරයට අදාළව එහි ඉන්න චරිත අත් මේස් සහ සමාන්‍ය මේස් යොදා ගෙන නිර්මාණය කරන්න.මේස් puppet එකක් හදා ගන්න පුළුවන්. පොඩි අයට කියලම පාට කරලා හෝ ඇස් දෙකක් කටක් මේස් එකේ අලවන්න කියලා එය තවත් විනෝදය පිරි ක්‍රියාකාරකමක් කර ගන්න පුළුවන්. අත් මේස් එකෙන් ඇඟිලි පහට එක එක චරිත අපට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. කුඩා දරුවන් හරිම ආසාවෙන් එය රස විඳිනවා නොඅනුමානයි.
අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්.:
ඇත්තටම ඒක අහම්බයක්. මට හරිම සතුටු හිතුනා එංගලන්තයේ මෙහෙම සිංහල මැගසින් එකක් දකිද්දි. ගයාන් සහෝදරයා මට මේ අවස්ථාව දීපු එක මම ගොඩක් අගය කරනවා හැම විටම. මොකද මුලින්ම කතා කරලා මැගසින් එකට ලමා පිටුවක් හදමු කියලා යෝජනා කරද්දී මම එකම එක ලමා කතාවක් විතරයි ලියලා තිබ්බේ. ඉතින් අපි මැගසින් එකට ලියන්න ආසාවෙන් එකතු උන නිසාම මට පුංචි සරල ලමා කතා ලියන්න හුරු උනා. එ හැම කතාවක්ම කියවද්දි මම පුදුම ආත්ම තෘප්තියක් ලබනවා. ඉතින් මම හිතන්නේ මගේ වාසනාවට මට අපි මැගසින් එකට එකතු වෙන්න පුළුවන් උනේ කියලා. මොකද හරිම ලස්සනට ලිපි,නවකතා ,කෙටි කතා , සහ කාලීන මාතෘකා ලියන ප්රවිණ ජ්‍යෙෂ්ඨ ලේඛකයන් ඉන්න Team එකකට එකතු වෙන්න ලැබුන එක හරිම භාග්‍යයක්.බොහොම ස්තුතියි මාව සම්බන්ධ කරගත්තාට.
හරිම ආදරෙන් සුබ පතනවා අපි මැගසින් එකට සහ ප්‍රධාන කර්තෘ ගයාන් කරුණාරත්න සොයුරාට ඉතාමත් හොඳින් අපි මැගසින් එක කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.
Chamal Lakshan – Interview
පිය නගා වනපෙත් අතර – සොයා වන සතුන් විසිතුර
විමසන සොයන තතු පරිසර
සොඳුරු යෞවන සිතකි මනහර
“ස්වභාවික පරිසරයේ සමතුලිතතාව බිඳවැටුණු දිනක මිනිසුන්ට පෘථිවියේ පැවැත්මක් නෑ” – චමල් ලක්ෂාන්
මුලින්ම අපි ඔබ ගැන කෙටි හැඳින්වීමකට යමු
මගෙ නම චමල් ලක්ෂාන්. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරලා අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ කෘෂි තාක්ෂණ පීඨයේ අවසාන වසර ශිෂ්‍යයෙක් වශයෙන් දැනට අධ්‍යාපනය ලබමින් කටයුතු කරනවා
ඔබේ පවුලේ තොරතුරු ගැන කතා කලොත්
මගේ පවුලෙ අම්මා තාත්තා මල්ලි සහ මම තමයි ඉන්නෙ. තාත්තා විශ්‍රාමික යුධ හමුදා නිළධාරියෙක්.මල්ලි තාම පාසල් අධ්‍යාපනය හදාරනවා
තරුණ වයසෙ බොහෝදෙනා නොයෙක් රැලි වලට අහු වෙලා එහෙ මෙහෙ යද්දි කොහොමද ඔබ මේ විදියට සොබාදහමට සමීප කෙනෙක් බවට පත් උනේ
ඇත්තටම ඒකට ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ මගෙ පවුල් පසුබිම කියල තමයි මම ගොඩක්ම විශ්වාස කරන්නෙ. මම පොඩි කාලෙ ඉදන්ම අපේ අම්මා සත්තුන්ට හරි ආදරෙයි. ගෙදරට මොන සතෙක් ආවත් කන්න ටිකක් නොදී නම් යවල නෑ කවදාවත්. ඉතින් ඒ කාලෙ දැකපු දේවල් එක්ක මම සත්තුන්ට සහ පරිසරයට සෑහෙන්න සමීප උනා. තරුණ වයසට එනකොට ශාක සහ සතුන් ගැන වැඩිදුර අධ්‍යනයේ යෙදෙන්න මුල් උනේ ඒ අඩිතාලම කියලයි මම හිතන්නෙ. අද වෙනකොට මගේ අධ්‍යන කටයුතු ශ්‍රී ලංකාවේ අඩු අවධානයක් යොමුවී ඇති සහ නිරන්තරයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා තර්ජනයට ලක්වී ඇති උරගයන් සංරක්ෂණය වෙනුවෙන් සිදුකරගෙන යනවා
ශ්‍රී ලංකාවේ සර්පයන් සංරක්ෂණය සඳහා නිර්මාණය කරපු “සර්පයන් ගැන දැනගනිමු ඔවුන් රැකගනිමු ” facebook group එකෙන් වෙන කාර්ය මොන වගේ එකක්ද?
නව තාක්ෂණයත් එක්ක ලෝකය ඉස්සරහට යන කාලෙක මිනිස්සුන්ට සර්පයන් ගැන පහසුවෙන්ම ඉගෙනගන්න සහ නිවසකට සර්පයෙක් පැමිණි අවස්ථාවක නොමිලේ ස්වේච්ඡාවෙන් එම සතුන් ඉවත් කරගැනීමට හැකියාව ලැබෙන ආකාරයට මේ facebook group එක දැනට අවුරුදු 6 කට උඩදි නදීක අතුකෝරල අයියා විසින් නිර්මාණය කරේ.අද වෙනකොට අපි කණ්ඩායමක් විදියට බලාපොරොත්තු උනාටත් වඩා සාර්ථක විදියට මේ කටයුත්ත කරගෙන යනවා ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ඉන්න සාමාජිකයන්ගෙ සහය ඇතුව. මේ වෙනකොට දහස් ගණනක් සතුන්ගේ ජීවත සුරක්ෂිත කරන්න අපට හැකියාව ලැබිල තියෙනවා කියන එක මතක් කරන්න ඕනෙ ඉතාම සතුටෙන්.
ඔබ විසින් දැනට පවත්වා ඇති දේශන පිළිබඳව සඳහනක් කලොත්
කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යා පීඨයේ සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සර්පයන් සහ සර්පයන්ගේ වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කම පිළිබඳව තමයි මෑතකදීම දේශනයක් සිදු කලේ. මීට අමතරව රුහුණු විශ්වවිද්‍යාලය , ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාසල් සිසුන් සහ ජනතාව දැනුවත් කිරීමේ දේශන මාලාවක් පවත්වා තිබෙනවා
ස්වභාවික පරිසරය ගැන, විශේෂයෙන්ම සර්පයන් ගැන කොහෙන්ද මෙච්චර දැනුමක් එක් රැස් කරගන්නෙ ඇත්තටම ?
මුල් කාලයේදි නම් පොත්පත් සහ අන්තර්ජාලය මූලාශ්‍ර කරගෙන තමයි තොරතුරු එක් රැස් කරන්න පටන් ගන්නෙ නමුත් මම හැමවෙලේම විශ්වාස කරන දෙයක් තමයි නිසි කලට නිසි ගුරුවරුන් සහ හොඳ මිතුරන් ලැබීම කියන දේවල් නිසා මම තෘප්තිමත් ගමනක් මේ කාලසීමාව තුල පැමිණියා කියන එක. සත්ව විද්‍යාව කියන්නෙ මේ මොහොතෙත් යාවත්කාලීන වෙන දෙයක් නිසා හැමවෙලේම ඒ දේවල් එක්ක අපිත් යාවත්කාලීන වෙන්න අවශ්‍යයි. සත්ව විද්‍යාවේ පර්යේශණ පත්‍රිකා මත වෙනස්වන දත්ත සහ නව සොයාගැනීම් පිළිබඳව නිරන්තරයෙන්ම අවධානයෙන් ඉන්න කෙනෙක්ට දැනුම එක් රැස් කරගන්න එක අමාරු දෙයක් නම් නෙමේ. මේ හැමදේම එක්ක ලංකාව පුරා වනාන්තර වල සතුන් පිළිබඳව සිදුකරගෙන යන ක්ෂේත්‍ර අධ්‍යනයන් ලොකු පිටිවහලක් උනා
ගොඩක් අය ඔබෙන් අහන ප්‍රශ්නයක් මම අහන්නම්. කොහොමද මෙච්චර ලස්සනට සත්තුන්ගෙ ඡායාරූප ගන්නෙ?
මම විශ්වාස කරන තවත් දෙයක් තමයි කැමරාවක් අතට ගත්ත හැම කෙනෙක්ටම හොඳ ඡායාරූපශිල්පියෙක් වෙන්න බෑ කියන එක.ගොඩක් අය තමන් ඡායාරූප ගන්න යොදාගන්න මෙවලමේ අඩුපාඩු ගැන හිතමින් කණගාටු වෙනවා නමුත් මම පටන් ගත්තෙ mobile photography වලින්.තමන්ට තියන දෙයින් තෘප්තිමත් විදියට වැඩකටයුතු කරොත් තව සෑහෙන්න දේවල් ඔයාලට ලැබේවි. මම ගාව තිබුණ දේවල් වලින් මම වැඩ කරන විදිය දැකපු දර්ශන රුක්මාල් අයියා මට කැමරාවක් ගෙනල්ල දුන්නෙ අන්න ඒ විදියට. සතෙක්ගෙ උනත් ඡායාරූප ගන්නකොට ඒ සත්තුන්ට හානියක් නොවෙන ආකාරයට ඡායාරූප ගන්න උත්සාහ කරොත් තමයි හැමවෙලේම හදවතින්ම සතුටු වෙන්න පුළුවන්කම ලැබෙන්නෙත්, ඒ ඡායාරූප වල ස්වභාවික ලස්සන රැඳෙන්නෙත් කියන එක කියන්න ඕනෙ දෙයක්
පරිසර සංරක්ෂණය වෙනුවෙන් අද වෙනකොට විවිධ සංවිධාන සහ පුද්ගලයන් කටයුතු කරන්න පටන් අරන් තියනවා ඒ අයට ඔබට දෙන්න පුළුවන් උපදෙස් මොනවද
සංරක්ෂණය කියන දේ හැමවෙලේම අපි කරන්න ඕනෙ අරමුණක් සහිතව සහ අවබෝධයකින් යුතුව කියන එක හැමෝටම මතක් කරන්න ඕනෙ දෙයක්.මෑතකදී රැල්ලක් විදියට ඇති වෙලා තිබ්බ මී සහ කුඹුක් පැල රෝපණය කිරීමේ රැල්ල අවිධිමත් සංරක්ෂණයට හොඳම උදාහරණයක්. උස් කඳු මුදුන් සහ හුළං කපොලු පවා අවහිර වන ආකාරයට හන්තාන ප්‍රදේශයේද සංචාරකයන් සිටවා තිබූ පරිසර පද්ධතීන්ට පවා නොගැලපෙන ශාක පසුගිය දිනවල ගලවා ඉවත් කිරීමට සිද්ධ උනේ මේ වගේ අවිධිමත් ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල නිසා. මේක ශාක වලට විතරක් නෙමේ සතුන්ටත් පොදු කාරණාවක්. පසුගිය කාලය පුරාවට ඇතැම් පුද්ගලයන් විසින් සතුන්ගේ සහ මිනිසුන්ගේ ජීවිත ගැන නොතකමින් තමන්ගේ පුද්ගලික අරමුණු සහ ප්‍රසිද්ධිය වෙනුවෙන් සර්පයන් සිය ගණන් එකම ස්ථානයකට මුදා හරින දර්ශන ප්‍රසිද්ධ මාධ්‍ය නාළිකා ඔස්සේද ප්‍රචාරය කිරීම මෙවැනිම කණගාටුදායක තත්වයක්.
තමන්ට පරිසර සංරක්ෂණයට හරවත් විදියට දායක වෙන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව දැනුම සහිත පුද්ගලයන් හෝ රජයේ ආයතන සමඟ එක්වී එවැනි කටයුතු සිදු කරනවානම් හැමවෙලේම ඒක හොඳ දෙයක්. ඒ වගේ දේවල් වලට උදව් කරන්න අපිත් හැමවෙලේම සූදානම්.
ඔබේ නමින් scientific publication එකක් හෝ field guide එකක් වගේ දෙයක් ඉක්මනට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද අපිට
අපොයි ඒ ගැනනම් දැන්ම මොකුත්ම කියන්න අමාරුයි. මම මේ ක්ෂේත්රය තුල කවදහරි යමක් කරන්න බලාපොරොත්තු වෙනවා නමුත් දැන්ම නෙමේ අපි බලමු ඉස්සරහට
මේ ගමන එන්න ඔබට ශක්තියක් වෙලා ඉන්න පිරිස ගැන මතක් කිරීමක් කලොත්.
උරගයන් සම්බන්ධව ඉගෙනගන්න ආරම්භ කරන කාලෙ ඉදන් මට ගොඩක්ම උදව් කරේ භානුක රණසිංහ නිවහල් විමුක්ති සහ අනූෂ ගයාන් අයියා ඉතින් අද වෙනකොට විවිධ ආකාරයෙන් විශාල මිතුරන් ප්‍රමාණයක් වැඩකටයුතු වෙනුවෙන් සහය වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ ලංකාවේ ප්‍රවීණ උරග සහ උභයජීවී විද්‍යාඥ සුදේෂ් බටුවිට සර්ගෙ සහය ලැබෙනවා මගේ වැඩකටයුතු වලට. ඒ වගේම බිනර සිසිරංජන අයියා දර්ශන රුක්මාල් අයියා සහ සාවින්ද වඩිමුණ අයියා photography ගැන හොඳ දැනුමක් නිරන්තරයෙන්ම ලබාදෙනවා.
අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?
මුලින්ම මට අපි magazine එකට සම්බන්ධ වෙන්න ආරාධනා කලේ ගයාන් කරුණාරත්න අයියා දැනට වසරකට වගේ ඉහතදී. මම එදා බොහොම සතුටෙන් ඒ ආරාධනාව බාර ගත්තෙ පරිසර සංරක්ෂණයේ වැදගත්කම තවදුරටත් මිනිසුන් අතරට අරන් යන්න මේක හොඳම ක්‍රමයක් නිසා.හිතුවටත් වඩා සාර්ථක ප්‍රතිචාර එක්ක අද වෙනකොට අපි magazine එක ඇවිල්ලා ඉන්න තැන ගැන නිහතමානී සතුටක් තියනව හදවතින්ම.
විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතාම හරවත් ලිපි පෙලක් සෑම මසකම පාඨකයන් වෙත සමීප කරන්න ගයාන් කරුණාරත්න අයියා ඇතුලු අපි magazine කාර්යමණ්ඩලය දරණ උත්සාහයට සුබපැතුම් එකතු කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්නවා.
වචන වලට පණ දෙන කාගෙත් හිත දිනන – SUREKHA PERERA
සුරේඛා පෙරේරා කියන්නේ කවුද ඔයාගේ වචනයෙන් කිව්වොත්
සුරේඛා පෙරේරා කියන්නෙ නිදහසට බොහොම කැමති, ජීවිතය විඳින්න කැමති, අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්.
සුරේඛා ගේ පවුලෙ විස්තර, පාසල් කාලය ටිකක් දැනගන්න කැමතියි
මගේ උපන් ගම වෙන්නෙ රාගම ප්‍රදේශයේ බටුවත්ත කියන ගම. මගෙ පවුලෙ අම්මයි තාත්තයි, මල්ලියි එක්ක තමයි මම ජීවිතේ පටන් ගන්නෙ. බටුවත්ත කණිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. පසුව ව්‍යාපාර කළමණාකාරණය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවා.
දැන් මම විවාහකයි. මගෙ සැමියාගෙ ව්‍යාපාර කටයුතු වලට සහය වෙන ගමන් මගෙ පුතුන් දෙදෙනාගෙ වැඩකටයුතුත් කරගෙන සතුටින් ඉන්නවා.
කොහොමද මෙච්චර ලස්සනට වචන ගළපන්නේ, කොයි කාලයේදීද ලියන්න පටන්ගත්තෙ
ඒක අහම්බයක්… පාසල් කාලයේදී මගෙ මිතුරෙකුගේ අභාවයක් නිසා ඇතිවුණ වේදනාව තමයි මම මුලින්ම අකුරු කලේ. එයින් පස්සෙ මම ටිකෙන් ටික කවි, නිසඳැස් ලියන්න පෙළඹුනා. ඒවා සියල්ලම මම පොතක ලියා තැබුවා මිස පත්තරයකවත් පල කෙරෙව්වෙ නෑ. ළඟම මිතුරියන්ට විතරක් අදහස් දැන ගන්න ඕනෙ නිසා රස විඳින්න දුන්නා. පාසල් කාලෙන් පස්සෙ නම් මම කවි ලිව්වේම නැති තරම්.
නමුත් මීට අවුරුදු 5 විතර කලින් මගෙ පැරණි කවි පොත් ටික මට ආයෙත් කියවන්න ලැබුනම මට හිතුනා මුහුණු පොතේ එක්තරා කවි නිසඳැස් තියෙන සමූහයකට ඒවා ඉදිරිපත් කරන්න ඕනෙ කියලා. මම මුලින්ම මගෙ පැරණි කවි එහි පල කිරීමත් එක්ක ලැබුණු ප්‍රතිචාර මත තමයි මම නැවතත් කවි ලියන්න පටන් ගත්තෙ.
මුලින් විවිධ දේ ගැන ලියන්න පටන් ගත්තත් බොහෝ දෙනාගේ ඉල්ලීම් මත ඔවුන්ගේ දුක සතුට, අත්දැකීම් අකුරු කරන්න පටන් ගත්තා. ඔවුන්ගේ හැඟීම් මගේ කරගෙන ලියන්න පටන් ගත්තා.
ඔබ ආඩම්බර වන ඔබ ලියා ඇති හොදම සටහන.
මම මුල සිටම කවි නිසඳැස් ලියූ සමූහයට ලියූ සටහනක්, 1800 ට වඩා වැඩි අතර ශෙයාර් වී තිබුනා.. ඒ වගේම පෙජ් කිහිපයකින්ම එය නැවත නැවතත් ඉදිරිපත් කර තිබුනා.
විනිශ්චය
………………
ඔබ..
තවත් අයෙකුගේ මානසික මට්ටම ගැන,
ඔවුන් විඳි දුක් පීඩා ගැන,
හරියටම නොදන්නේ නම්
ඔවුන්ව විනිශ්චය කිරීමෙන් වළකින්න..
මන්ද…
ඔබට හීනෙකින්වත්
සිතා ගත නොහැකි තරම්
දුෂ්කර කාලයක්
ඔවුන් ගෙවා දමා හෝ
ගෙවා දමමින් සිටිනවා විය හැක….
එම නිසා…
ඔබට සිතා ගැනීමටවත්
නොහැකි තරමටම
ඔබගේ විනිශ්චය
ඔවුන්ට පීඩාවක් විය හැක..
ඉදිරියේදී සුරේඛා ගේ අලුත් නිර්මාන වෙනම තැනකට ගේන්න අදහසක් නැත්ද? පොතක් එහෙම ලියන්න අදහසක්.
බොහෝ දෙනෙක් ඔය ඉල්ලීම මගෙන් කරල තියෙනවා. ඒත් මම තාමත් ඒ ගැන හිතමින් ඉන්නවා. මොකද පොතක් කරනවා නම් රස විඳින්නාට ඒකාකාරී බවකින් තොරව, හදවතට මනසට දැනෙන, හරවත් නිර්මාණයන්ගේ එකතුවක් විය යුතුමයි. ඒ නිසා ඒකට ටික කාලයක් ගත වෙයි.
අනිත් කාරණය තමයි මුහුණු පොතේ අපේ කවි රසවිඳින්නන් බොහෝ ප්‍රමාණයක් හිටියත් කවි පොතක් මිලදී අරන් කියවන්න කැමති පිරිස බොහොම අල්පයක් වීම. ඒ නිසා ආත්ම තෘප්තිය වෙනුවෙන් මිස මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම පොතක් කිරීමට නම් කිසිම අදහසක් නැහැ.
මිනිස්සුන්ට කියවීම ලිවීම තව දියුණු කරගන්න ඔයාට දෙන්න පුළුවන් ඇඩ්වයිස් එක මොකක්ද සහ අපි Magazine එකට සම්බන්ධ වීම ගැන අද දැනෙන දේ කිව්වොත්
මම හිතන්නෙ ලියන කෙනෙකුට හොඳම ආයුධය තමයි ලියන භාෂාව ගැන දැනුම එකතු කරගැනීම. ඒකට කියවීම අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. අපේ සිංහල භාෂාව හරිම ලස්සන රසවත් වචන වලින් බොහොම පොහොසත්. ඒත් අපි එයින් භාවිතා කරන්නෙ හරිම සීමිත ප්‍රමාණයක්. නමුත් කවියක් නිසඳැසක් ලියනකොට, ඕනෑම මට්ටමක දැනුම තියෙන කෙනෙකුට කියවා රසවිඳින්න පුළුවන් නම් ඒක වඩාත් හොඳයි.
අපි Magazine එකට සම්බන්ධ වීම ගැන නම් තියෙන්නෙ හරිම සතුටක්. මුලින්ම ගයාන් කරුණාරත්න සහෝදරයා මට ආරාධනා කලාම පොඩි චකිතයක්, කුතුහලයක් තිබ්බා. මොකද මට මීට කලින් ඒ වගේ අත්දැකීමක් නොතිබුණ නිසා. නමුත් මාසයෙන් මාසයට පාඨකයන් වැඩි වැඩියෙන් ‘අපි’ මැගසීනයත් එක්ක එකතු වෙනකොට ඇත්තටම ලොකු සතුටක් දැනුනා මුහුණු පොතෙන් සහ මගේ සමීපතමයින්ගෙන් ඔබ්බට තවත් පිරිසකට මගේ නිර්මාණ ගෙනයන්න හැකිවීම ගැන. ඒ වගේම පෞද්ගලිකව ලොකු ආත්ම තෘප්තියක් දැනුනා මගේ සිතුවිලි, හැඟීම් නිර්මාණයන් ඔස්සෙ පිටරට වෙසෙන අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරින් අතරට ගෙන යන්න අවස්ථාවක් ලැබීම ගැන.
ඒ වගේම හැම ක්ෂේත්රයකම ප්රවීණයන්ගේ හරවත් රසවත් ලිපි ගණනාවකින් සමන්විත වුණ අපි මැගසීනයට මටත් නිර්මාණයකින් දායක වෙන්න හැකිවීම ගැනත් මට නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ඒකට මම අපේ ප්‍රධාන කතෘ ගයාන් කරුණාරත්න සහෝදරයට හදවතින්ම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්න කැමතියි.කෙමෙන් කෙමෙන් වසර දෙකකට පියවර තබන අපි මැගසීනය, ඉදිරියටත් හරවත්, රසවත්, වටිනා දැනුම පාඨකයන් ලබා දෙමින් සාර්ථක ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
වචන සිතුවම් කරන සිතුවම් වචන කරන චරිත් විජේමාන්න
*ඇත්තටම චරිත් විජේමාන්න කියන්නේ කවුද ? ඔයාගේ වචනෙන්ම කෙටියෙන් කිව්වොත්..*
මම හිතන්නේ නෑ ඔය ප්‍රශ්නයට මට එක එල්ලේම උත්තරයක් දෙන්න පුළුවන් කියලා..මොකද කෙනෙක්ට තමන් කවුද කියලා හරියටම කියන්න බැහැ කියලයි මම විශ්වාස කරන්නේ..ඔබගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නම ඕන නිසා මම මෙහෙම කියන්නම්.. ගෙවන හැම තත්පරයකම මනස නිරවුල්ව තියාගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති, අසාධාරණය ඉදිරියේ ටිකක් වැඩිපුර කේන්ති යන කෙනෙක් කිව්වොත් මම හිතන්නේ එය ප්‍රමාණවත්.
*චරිත් ඔයාගේ විස්තර ඔයාගේ පවුලේ විස්තර ටිකක් අපි දැනගන්න කැමතියි..*
මට අතිශය සුන්දර ළමා කාලයක් ගත කරන්න වාසනාව තිබුණා. පවුලේ වැඩිමලා වුණේ මම..මටත් වඩා හොඳ ගතිගුණ තියෙන සහෝදරයෙක් මට ඉන්නවා..අම්මා තමයි පොඩි කාලේ ඉඳලා මගේ හැමදේකටම හිටියේ. උත්තරීතර අම්මාගේ ආදරය විග්රහ කරන්න භාෂාවක වචන ප්‍රමාණවත් නෑ කියලයි මම හිතන්නේ..මට මතකයි මම පුංචි කාලේ මගේ තාත්තා හරිම සැරයි..ඒ නිසා ඕනම දෙයක් මම කතා කළේ අම්මා එක්ක..හැබැයි ටිකක් කල් යනකොට මට තේරුණා තාත්තා නොහිටින්න මම කියලා කෙනෙක් නෑ කියලා..හදවතේ ආදරය හංඟගෙන තාත්තා එහෙම අපිට සැර කරලා අපිව හරි මාවතට ගත්තේ නැත්නම් අද තත්වය මීට වඩා වෙනස්.. ඒක තමයි ඇත්ත..හැමදාටම තාත්තා තමයි මගේ ජීවිතයේ වීරයා..
මගේ පාසල කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය. එහි උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් විධියට කටයුතු කළ කාලය මම හිතන්නේ මගේ පාසල් කාලයේ හොඳම කාලය. ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති පශ්චාත් උපාධිය ලබාගන්න මට හැකිවෙනවා. පෞද්ගලික බැංකුවක සේවය කරන මම වෘත්තීයෙන් බැංකුකරුවෙක්. විවාහකයි..අවුරුදු දහයක් ආදරය කළාට පස්සේ විවාහ වුණේ. දැන් විවාහ වෙලත් අවුරුදු දහයකට බොහෝම ආසන්නයි. උතුම් කාන්තාවක් මගේ බිරිඳ වෙලා ඉන්නවා.. දැන් මම තිදරු පියෙක්..මට ඉන්නවා දියණියක් සහ පුතුන් දෙදෙනෙක්.. ඉතින් පවුලක් විධියට අපි බොහොම සැහැල්ලුවෙන් සෙනෙහසින් සතුටෙන් ජීවත්වෙනවා..
*කොහොමද මේ ලියන දේවල් වලට යොමුවුණේ ? ඒ වගේම ඔබ බොහොම ලස්සනට සිතුවම් කරනවා කියලත් අපි දන්නවා. කියන්න අපිට ඒ ගැනත්..*
ඇත්තටම ගී පද රචනය, කවි, නිසඳැස්, කෙටි කතා ලියන එක දැන් මම කාලයක් තිස්සේ කරගෙන එනවා. සිතුවම් කරන එක මුලින්ම විනෝදාංශයක් විධියට කරගෙන ගියේ.. මේ හැමදේම කරනකොට පාසලේ, බැංකුවේ ගොඩක් අය මාව අගය කළා. ඒ අගය කිරීම් මට ලොකු ශක්තියක් වුණා මේ හැමදේම වැඩි දියුණු කරගන්න. දැන් දැන් ඒක මගේ ජීවිතයේ නැතුවම බැරි කොටසක් වෙලා. සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්න මට මේ දේවල් අස්වැසිල්ලක් වෙලා කිව්වොත් වඩාත්ම නිවැරදියි.
*මේ ඔක්කොම ” චරියාගේ පන්හිඳ ” නිසා නේද ? කොහොමද චරියාගේ පන්හිඳ කරළියට එන්නේ ? මොකද්ද මෙහි අරමුණ ?*
දැන් සන්නිවේදනය දියුණුයි. එහෙම බලනකොට ඇත්තටම අතීතයේ හිටපු ගී පද රචකයන්ට සහ අනෙකුත් නිර්මණකරුවන්ට හිමිවුණ අවස්ථා හරිම අල්පයි. ඒ යුගයේ හිටපු ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා වගේ සුවිශිෂ්ට නිර්මාණකරුවන් කොපමණ වෙහෙසක් මහන්සියක් වෙන්න ඇතිද ඒ තත්ත්වයට එන්න. අද එක රැයකින් කෙනෙකුට ලෝකයේම ජනප්‍රිය වෙන්න අවස්ථාව තියෙනවා. ජනප්‍රිය වෙන්න හරිම පහසුයි. ඕනම දෙයක් කරලා ජනප්‍රිය වෙන්න පුළුවන්. නමුත් රටක පුරවැසියෝ විධියට අපිට වගකීමක් තියෙනවා හරවත්, අර්ථවත් යමක් සමාජගත කරන්න. Facebook නිසා තමයි චරියාගේ පන්හිඳ කරළියට එන්නේ..චරියාගේ පන්හිඳ ජනප්‍රිය නෑ. කොහෙත්ම ජනප්‍රිය නෑ. නමුත් එය හැකිතාක් ගුණාත්මක බවින් කරගෙන යන්න මම උත්සහ කරනවා. ඒක තමයි චරියාගේ පන්හිඳේ අරමුණ.
*චරිත්.. අපිට කියන්නකෝ මේ වෙනකොට චරියාගේ පන්හිඳෙන් ලියැවුණ විශේෂිත නිර්මාණ කිහිපයක් කෙටියෙන්..*
ගීත ගැන කතා කළොත් මම මේ වෙනකොට ගීත හයක් වගේ ලියලා තියෙනවා. ඉන් කිහිපයක් අවසන් වෙලා තියෙනවා. ” එන්න දෝණියේ..” ගීතයත් ” ගිරසල ” කියන ගීතයත් මේ වනවිට youtube එකේ තියෙනවා. අනෙකුත් ගීත නුදුරු අනාගතයේදීම අවසන් වේවි කියලා විශ්වාස කරනවා. Facebook හරහා සමාජගත කළ ” ගෙදර ආදරේ “, ” අවසන් ඇමතුම ” වගේ නිර්මාණ අතිශය ජනප්‍රිය වුණා. ඒ වගේම පාරේ තොටේ යන එන මග යම් සමාජගත කළ යුතු යැයි සිතෙන යහපත් යමක් දුටු සැණින් එය Facebook සටහනක් මගින් සමාජගත කිරීම පුරුද්දක් වෙලා මට. ඒ වගේ මම ලියපු ” හොඳ හිත “, ” රෝද තුන උඩ මනුස්සකම ” , ” අරවින්ද නම් පතාක යෝධයා ” වැනි සටහන් මිනිස්සු ප්රසංශාභිමුඛව ඉතා ආදරයෙන් වැලඳගත්තා.
*කාර්යබහුල රැකියාවක් කරන අතරතුර මේ වගේ නිර්මාණකටයුතු වලට කොහොමද ඔබ කාලය වෙන්කර ගන්නේ ?*
හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ ජීවිතයේ අපි කරන හැමදේම අපිට තනියෙන් කරන්න බෑනේ. අපිට අනෙකාගේ උදව් අත්‍යාවශ්‍යයි. මගේ බිරිඳ සහ මා අතර ඇති අන්‍යොන්‍යය අවබෝධය නිසා මේ දේවල් සමබරව කරගෙන යන්න මට හැකිවෙලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි තමන් කරන නිර්මාණ තමන් රසවිඳිමින් කරනකොට කෙසේ හෝ කාලය හැදෙනවා ඒ දේවල් කරගන්න.
*මොනවද නිර්මාණ කටයුතු පැත්තෙන් ඔබට තියෙන අනාගත බලාපොරොත්තු ?*
එහෙම බලාපොරොත්තු කිහිපයක් තියෙනවා. එකක් තමයි මම කැමැත්තෙන් ඉන්නවා ලංකාවේ දැනට ඉන්න විශිෂ්ටගණයේ ගායකයෙකුට හෝ ගායිකාවකට ගීතයක් ලියලා දෙන්න. ඒ වගේම මගේ කුළුඳුල් පොත එළි දක්වන්න. කවදාහරි සිතුවම් ප්‍රදර්ශනයක් කරන්න. මේවා තමයි මගේ සිහින.
*හැකියාව තියෙන නව නිර්මාණකරුවන්ට මොකද්ද ඔබ ලබා දෙන උපදෙස ?*
උපදෙස් දෙන්න තරම් නම් මම සුදුසුයි කියලා හිතන්නේ නෑ. මොකද මේ ක්ෂේත්රය දිග්විජය කරපු දැවැන්තයෝ ඉන්නවා. එහෙම බැලුවොත් මම කියන්නේ බොහොම පොඩි කෙනෙක්. උපදෙසක් විධියට නෙවෙයි අදහසක් විධියට කිව්වොත් මෙහෙමයි. අපේ රටේ පොඩි කාලේ ඉඳන් දරුවන්ගේ හැකියාවන් හඳුනාගන්න නිසි ක්‍රමවේදයක් නැහැ. යම් රාමුවක් හදලා ඒ රාමුව ඇතුළට දරුවන් තල්ලු කරනවා මිසක් දරුවන්ගේ හැකියාවන් වලට අවස්ථාවක් නැහැ. තමන් සතු හැකියාවන් තමන්ට අවබෝධ වෙන්නෙ විවිධ කාලපරිච්ඡේදවලදි. උදාහරණයක් විධියට කිව්වොත් කෙනෙක්ට කුඩා කාලයේදී තමාට යම් දෙයකට හැකියාවක් තියෙනවා කියලා වැටහෙනකොට තව කෙනෙක්ට අවුරුදු පනහෙදි විතර ඒක වැටහෙන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. වයස නෙවෙයි වැදගත් තමන්ගේ ඇඟේ තියෙන හැකියාව කුමන හෝ මොහොතක දැනගැනීමයි වැදගත්. ඉන්පසු එය දියුණුකරන්න, එය විඳින්න. ඔබේ ඒ ආරට කැමති අය ඔබට එකතු වේවි.
*“ අපි Magazine “ එකට සම්බන්ධ වීම ගැන මොකක්ද දැනෙන අදහස ?* බලන්න මේ Magazine එකේ නම ” අපි “. එතනම ලෙංඟතුකම පටන් අරගෙන.. මම වගේ සරල සාමාන්‍ය පුංචි මනුස්සයෙක්ට මේ වගේ සුවිශේෂි Magazine එකක ලියන්න ලැබීමම මට ලොකු ගෞරවයක්, ආඩම්බරයක්. ක්ෂේත්රයේ දැවැන්තයෙක් වුණ අනීෂා ජයකොඩි සහෝදරියගේ ආරාධනාවෙන් සහ ගයාන් කරුණාරත්න සහෝදරයාගේ අනතිමානී අවසරයෙන් මට මේ අගනා අවස්ථාව හිමි වූ බව කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම ලෙංඟතු පිරිසක් “අපි” වටා එක්ව සිටින බවත් ඔවුන්ගේ කැපවීම මත ” අපි Magazine ” එක හරවත් ගුණාත්මක දේ සමාජගත කරමින් අතිශය ජනප්‍රිය බවට පත්වෙමින් තිබෙන බවත් කියන්නම ඕන. ඉදිරියටත් මම ” අපි ” සමඟ නිරන්තරව රැඳෙන අතර එහි සියලු කටයුතු සාර්ථක වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
ශෙෆීල්ඩ් නඟරයේ Street food රස මවන MADUSHA WETHTHASINGHE
මදූෂ වෙත්තසිංහ ; මේ වෙද්දි අපි දන්නේ සූපවේදියෙක් වගේම එංගලන්තයේ ජීවත් වෙන ලාංකික ව්‍යාපාරිකයෙක් විදියට. ලංකාවෙ ඉඳලා එංගලන්තෙ ආපු ගමන ගැන කිව්වොත් , පදිංචිය ආපු කාලෙ මොකටද ආවෙ කියලා?
මගේ තාත්තා හරහා තමයි මම එංගලන්තයට ආවේ. ඒ කාලේ තාත්තා වැඩ කලේ කොළඹ හිල්ටන් හෝටලයේ. ඒ වැඩ කරද්දි තාත්තට අවස්ථාවක් ලැබුනා එංගලන්තයට එන්න. මමත් ඉස්සර ඉදන්ම කැමතියි cricketer කෙනෙක් වෙන්න. ඒත් තාත්තා නිසා සූපවේදියෙක් මාර්ගයට වෙනස් වුනා.ඒනිසාම මම අවුරුදු 16දි ගල්කිස්ස මහ හෝටලයේ අවුරුද්දක කාලයක් පුහුණුවීම් සිදුකලා. ඊටපසුව තමයි මම එංගලන්තයට ආවේ.
ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත් ?
මගේ බිරිඳ මනීශා අම්ඩේකාර්. ඇය ඉන්දියානු ජාතික කාන්තාවක්. අපි දෙන්නට දුවලා තුන්දෙනෙක් ඉන්නවා.
මදූශව අපි දැනගන්නෙ එංගලන්තයේ පටන්ගත්ත ව්‍යාපාරයකින් කිව්වොත් අපි හරි. ඒ ගැන කිව්වොත්. ආරම්භ වෙන්නෙ කොහොමද සහ අද තත්ත්වය?
මම කලින් කිව්වා වගේ මම එංගලන්තයට ආවේ අවුරුදු 17දි. මම Moorside Hilton හෝටලයේ පුහුණුවෙන සූපවේදියෙක් විදියට අවුරුදු 4ක් වැඩ කලාට පසුව එහි ප්‍රධාන සූපවේදී විදියට උසස් වීම් ලැබුවා. ඒ කාලයේදි තමයි මම තීරණය කලේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න. ඒ වෙනුවෙන් මම වගේම මගේ බිරිඳත් සෑහෙන්න මහන්සි වුනා. අපි දෙන්නගේ මහන්සිය සහ මගේ පවුලේ අයගේ උනන්දුකිරීමේ ප්‍රතිපලයක් විදියට ආයුබෝවන් අවන්හල 2013 වසරේදී ග්ලොසප් නගරයේදී විව්ෘත වුනා. ඊටපස්සෙ පිළිවෙලින් Matlock -Tinsley නඟරයේත්, Sheffield – Eccelesall road වගේම 2021 වසරේ මුල් බාගයේදී කොට්ටාව නඟරයේදීත් විව්ෘත වුනා. මගේ අලුත්ම ව්‍යාප්ෘතිය වුනු Ayubowan street food bar ”, ශෙෆීල්ඩ් නඟරයේ Orchard square හීදී 23/09/2021 විව්ෘත කලා.
අනෙකුත් ව්‍යාපාර ගැන කතා කරොත්?
මම ඉස්සර Off Licence shops දෙකක් කලා ව්‍යාපාර ගැන ඉගෙන ගන්න වගේම ඒ ගැන අත්දැකීම් ලබාගන්න. ඒත් දැන් මට ඒ වෙනුවෙන් වෙන් කරන්න වෙලාවක් නෑ. දැන් ඒ ව්‍යාපාර කරගෙන යන්නෙ මගේ අම්මයි තාත්තයි.
ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද?
මුලින් නම් මම ආවේ තාත්තා කියපු නිසා. ඒ එද්දී එංගලන්තය ගැන, ඇවිත් කරන්න ඕන දේ ගැන මට කිසිම අවබෝධයක් තිබුනේ නෑ. හැබැයි කාලේ ගෙවෙද්දි, මම එංගලන්තයේ ජීවිතේට හුරු වෙද්දී මම හීන දැක්කේ මගේම ව්‍යාපාරයක් පටන්ගන්න.ඒ වෙනුවෙන් මම මහන්සි වුනා. කිසිම දෙයක් අපිට ලේසි වුනේ නෑ. එහෙම මහන්සි වුනු මමයි මගේ බිරිඳයි අද වෙද්දි අපි ඉන්න තැන ගැන සතුටු වෙනවා.
මේ තරම් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න උදව් කලේ කවුද? ඒ ගැන කිව්වොත් ?
මම හිල්ටන් හෝටලයේ ප්‍රධාන සූපවේදී විදියට වැඩ කරද්දි එහි කලමණාකරුවෙක් විදියට වැඩ කලේ Graham Pickersgill. ඒ කාලේ ඉදන් අද වෙනකම් ග්‍රෙයම් මට ලබාදෙන්නෙ පුදුමාකාර සහයෝගයක්. ඒ වගේම ආයුබෝවන් අවන්හල ආරම්භයේ සිට අද දක්වාම එහි ප්‍රධාන සූපවේදී විදියට සේවය කරන චතුරංග රත්නායකත් මගේ ජීවිතේ දුක සැප මාත් එක්ක බෙදාගන්න මගේ බිරිඳ මනීශාත් නිසා තමයි අද ආයුබෝවන් සන්නාමය මේ තරම් දුරකට අරගෙන එන්න මට පුලුවන් වුනේ. ඊට අමතරව මනීශගේ පවුලේ අයගෙනුත් මගේ පවුලේ අයගෙනුත් විශේෂයෙන්ම මගේ පොඩි නංගි මල්ශා වෙත්තසිංහගෙනුත් ලැබෙන සහයෝගය මතක් කල යුතුමයි.
එංගලන්ත පදිංචි කෙනෙක් හැටියට ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් මොනවද අපිට කරන්න පුළුවන්?
ලංකාවේ සූපවේදීන් වෙනුවෙන් එංගලන්තයේ ඉදන් කරන්න ප්‍රායෝගිකව කරන්න පුලුවන් දේවල් ඇත්තටම නෑ. ඒත් මම මට හිතෙන දේ කියන්නම්. ලංකාවේ සූපවේදීන්ට ජාත්‍යන්තර තලයට යන්න තියෙන අවස්ථා වැඩි වෙන්න නම් ලංකාවේ හෝටල් වල තියෙන වැඩ කිරීමේ පිළිවෙල වෙනස් විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඒ ලංකාවේ සූපවේදින්ගේ තාක්ෂණික දැනුම ලෝකේ අනිත් රටවල සූපවේදීන් එක්ක සසඳනකොට ටිකක් අඩුයි. ඒ දේවල් වැඩි දියුණු කරන්න පුලුවන් නම් ලංකාවේ සූපවේදීන්ට මීට වඩා ඉදිරියට එන්න පුලුවන්.
Business පැත්තට තියෙන නැඹුරුව එක්ක ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නෙ මොනවද?
මේ වෙද්දී ආයුබෝවන් නාමය අවන්හල් ජාලයක් බවට පත්කරන්න තීරණය කරලා ඉවරයි. ඒ නිසා මේ වෙද්දි අපි සැලසුම් කරනවා එංගලන්තයේ වගේම ලංකාවෙත් තවත් ආයුබෝවන් අවන්හල් විව්ෘත කරන්න. ඒ සැලසුමේ ඊළඟ කොටස විදියට ආයුබෝවන් අවන්හල් මැන්චෙස්ටර් , ලීඩ්ස් වගේම මධ්‍යම ලන්ඩනයේදීත් විව්ෘත කරන්න හිතාගෙන ඉන්නවා.
ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක් මතක් කරොත්?
මගේ ලොකු දුව අනූශා වෙත්තසිංහ ඉපදුනු දවස. එතකොට මට වයස අවුරුදු 23යි. එදා මගේ හිතට දැනුනු හැඟීම ගැන මතක් කරද්දී මට ඒ ගැන කියන්න තාමත් වචන ගලපන්න අමාරුයි. ඒ තරමටම ඒ මොහොත සුන්දරයි. ඉතින් ඒ දවස තමයි මගේ ජීවිතේ හැමදාටම ලස්සනම දවස. ඒ දවසට පසුව නම් ඉතින් ආයුබෝවන් පළමු අවන්හල ග්ලොසප් වල විව්ෘත කරපු දවස තමයි.
අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම හොඳ සඟරාවක්. එංගලන්තයේ ජීවත් වෙන ලාංකිකයන්ට තොරතුරු දැනගන්න තියෙන හොඳම විදියක්. සඟරාව පළවෙන්නේ ඔන්ලයින් නිසා ඕනම කෙනෙක්ට නිවාඩුවේ කියවන්න පුලුවන්. ඒ වගේම එංගලන්තය පුරා විසිරිලා ඉන්න ලාංකිකයන්ට තමන් ගැන කතා කරන්න ලබා දෙන අවස්ථාවට බොහොම ස්තූතියි.
ඊළඟට කාවද Nominate කරන්නෙ?
නීතීඥ තුසිත මම ඊළඟට nominate කරනවා.
ගතට වගේම සිතට වැළඳෙන රෝග සුව කරන අපේ පුංචි දොස්තරනෝනා
Dr. CHANDHI RAJAPAKSHE
1. වෛද්‍ය චන්ද්‍රිකා රාජපක්ෂ කියන්නෙ කවුද?
මම නිතරම සරලව ඉන්න කැමති වගේම ඒකට උත්සාහ කරන කෙනෙක්. අම්මට අප්පච්චිට දුවෙක්. මහත්තයාට බිරිඳ. රෝගීන් ඉදිරියේ වෛද්‍යවරියක්. ශිෂ්‍යයන් ඉදිරියේ එයාලගෙ ගුරුවරයා. යාළුවො එක්ක ඉද්දි හොඳ මිතුරියක්.මේ මොන භූමිකාව තුළ සිටියත් මගේ තියෙන හොඳගති ඒ විදිහටම තියාගන්න, නරකක් තියෙනවනම් ඒක හදාගන්න උත්සාහ කරන කෙනෙක්. මොකද අපි හැමෝම මොහොතින් මොහොත සෑම අතින්ම වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස්වීම හොඳ විදිහට වෙනස් වෙන්නයි මට ඕනි.
2. ඔබගේ පවුල් පසුබිම ගැන ටිකක් කිව්වොත්?
අම්මයි අප්පච්චියි අක්කයි මමයි තමයි පවුලෙ. තව මගේ සුරතලා ‘බබී’ත් පවුලේ සාමාජිකයෙක්. අම්මයි අප්පච්චියි ගොඩක් මහන්සි උනා අපිට උගන්වන්න. මම ගැන කිව්වොත් මම ඒ මහන්සියට එයාලට ප්‍රතිපලයක් දුන්නා. මට පොඩිකාලෙ ඉඳලා ඕනි උනේ අම්මයි අප්පච්චියි මම නිසා හිනාවෙන්න. ඉතින් මගේ ජයග්‍රහණ වලින් මම එයාලගෙ මූණට හිනාවක් දුන්නා. ඊටපස්සෙ දැන් ගැන කිව්වොත් මම වෙනම පවුලක්. මගේ හැමවැඩකටම දිරිමත්කරන්නෙක් මට හම්බුණා කිව්වොත් මම හරි. අපි දෙන්නාම අපි දෙන්නගෙ වැඩ වලට පුළුවන් උපරිමෙන් සහයෝගය දෙනවා. ඉතින් ඒ සහයෝගය මට වගේම එයාටත් ලොකු හයියක්.
3. Medical writing වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
මම Medical writing කරන්න පටන් අරන් අවුරුදු 7 ක් විතර.ඒකට යොමු උන විදිහත් ටිකක් දිගකතාවක්. ආසාව වැඩිකමටම මම ගොඩාක් මහන්සිවෙලා හොයලා Go Magazine එකේ කර්තෘතුමාව සම්බන්ධ කරගන්න ලැබුණා. ඒකට තමයි මම මුලින්ම Articles ලිව්වෙ. එතුමාව ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවෙ මතක් කරනවා. ඒ අතරෙ මම Magazine articles, Paper articles, Social media articles ගැන අධ්‍යයනයක් කරලා ඒවටත් සම්බන්ධ උනා. ඒ අතර ආපු ජීවිත අභියෝග එක්ක පොඩ්ඩක් Medical writing වලින් ඈත්වෙන්න උනත් කෙනෙක් මට අභියෝග කළා පුළුවන්නම් පත්තරේකට ලියලා පෙන්නන්න කියලා?. මම සාමාන්‍යයෙන් අභියෝග එක්ක නැගිටින කෙනෙක්. ඒ නිසාම වෙන්නැති මට මව්බිම යං එකෙන් chance එක ලැබුණ. මගෙ අතිජාත මිත්‍රයා තිවංක ගොඩක් මගපෙන්නුවා. උදවු කළා. ඔසුමිණ, සිරිකත, නවලිය, තරුණි, රැස, Ceylon Today, Sunday Observer වගෙ පුවත්පත් රාශියකට මම දායකත්වය සපයලා තියෙනවා. ඉතින් ඒ ගැන මට සතුටුයි.
4. ඔබ Herbal products (ඖෂධීය නිෂ්පාදන) ගැන වැඩකටයුතු සහ පර්යේෂණ වලට සම්බන්ධයි.ඒ ගැන කිව්වොත්?
ඔව්. ඒක මගෙ උපාධියෙන් පස්සෙ M. Sc. එක විදිහට හැදෑරිමකින් පස්සෙ තමයි සම්බන්ධ උනේ. දැන් මේ වෙනකොට Herbal products යැයි කියාගන්නා chemicals යොදාගෙන නිෂ්පාදනය කරන Cosmetics හේතුවෙන් බොහෝමයක් දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්නවා. හේතුව තමයි නිසි හැදෑරිමකින් තොරව මේ දේවල් කිරීම. ඒ වගේම ජනතාව තුළ මේ ගැන ලොකු අවබෝධයකුත් නැහැ. ඉතින් ඒ නිසා සමාජය සුවපත් කරන්න වගේම ඇත්තටම ශාකසාර නිෂ්පාදන වලින් ලැබෙන විස්මිත ප්‍රතිපල ජනතාවට ලබාදෙන්න තමයි පර්යේෂණ කටයුතු වලට සම්බන්ධ උනේ.
5. වෛද්‍යමය කටයුතු වලට අමතරව ඔබ නිතරම මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරන්නට කටයුතු කරනවා නේද?
ඒක මගේ විනෝදාංශයක් විදිහට පටන් ගත්ත දෙයක්. මට පොඩි කාලෙ ඉඳන්ම හොඳට ඇහුම්කන් දෙන පුරුද්දක් තිබුණා. ඒ නිසාම මම බාහිරව මනෝඋපදේශනය වගේම මනෝචිකිත්සනය හැදෑරුවා. ඒ සම්බන්ධ පුහුණුවීම් වලත් නියැලුණා. නිතරම හොස්පිට්ල් එකේ practical’s වලට හිටපු එකෙන් ලොකූ ප්‍රයෝජනයක් ගත්තා. ඊටපස්සෙ දැන් වෙද්දි ඒ ගැන තවත් හැදෑරීම් කරලා Motivational Speaker කෙනෙක් විදිහට වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. මම ලබාගත්ත දැනුමෙන් තවත් අයෙක්ගෙ මනසක් සුවපත් වෙනවා දකින්නයි හැමවෙලාවෙම උත්සාහ කරන්නෙ.
6. ඔබ YouTube නාලිකාවක් ආරම්භ කර තිබෙනවා. ඒ ගැන කිව්වොත්?
‘Dr. Chandhi Rajapakshe’ තමයි චැනල් එක. මේකෙ විශේෂයෙන්ම රූපලාවන්‍ය සහ සුවතාවය වගේම වෛද්‍යවිද්‍යාත්මක කරුණු සම්බන්ධ videos ගෙන එනවා. තව අලුතින්ම කතාකරන්නට ගත්තා ‘දරුපල ප්‍රමාදවීම’ කියන කාරණය ගැනත්. ඉතින්හැම දෙයක්ම ගැන සැකනැතුව දැනගන්න මාත් එක්ක Subscribe කරලා සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලනවා.
7. වෛද්‍යවරියක් විදිහට ඔබට මේ කාලෙ සමාජයට දෙන උපදෙස් මොනවාද?
මේ කාලෙ බ්ලීචිං තියෙන ක්‍රීම්වර්ග ගාලා බොහෝ තරුණියො විවිධාකාරවූ රෝගාබාධ වලට ගොදුරු වෙලා ඉන්නවා. Skin cancers පවා ඒ අතර තිබෙනවා. ඉතින් Herbal කියලා තියෙන හැමඑකම herbal නෙවෙයි. ඒවා හොඳින් තේරුම් බේරුම් කරගන්න ඉගෙන ගන්න. මොකද ඔබට අවුරුදු ගණනාවක් යනකන් මේවයෙ බලපෑම තියෙන නිසා. ඒ එක්කම Homemade කියලා පාවිච්චියට නුසුදුසු ආලඒපන වර්ග Online හරහා ගන්න අයටත් දෙයක් කියන්න කැමතියි. අපිට ඕනිම දෙයක් සති දෙකකට තුනකට වඩා preservatives නොදා තියාගන්න බෑ. ඒකෙ ක්ශුද්‍රජීවීන් වර්ධනය වෙනවා. ඔබ ඒ ආලේපනය මුහුණෙ ගාද්දි ඔබේ සම මතයි ඒ හැමදේම ගෑවෙන්න. සමහර අවස්ථා වල ඒ විදිහට ආසාදනයන්ට ලක්වෙන සම නැවත යථතත්වයට පත්කරන්නත් බැහැ. ඉතින් හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලා සිටිනවා දැන දැනම තමන් ලෙඩ වෙන්න එපා. තමන්ගෙ අතේ තියෙන මුදල් නාස්ති කරගන්නත් එපා. මේ දේවල් හරියට හොයලාබලලා තෝරාගන්න. ඕනි වෙලාවක ඔබට උදවු කරන්න සූදානම්.
8. මනෝඋපදේශිකාවක්, අභිප්‍රේරණ පුහුණුකරුවෙක් ලෙස අපේ පාඨකයන්ට අදහසක්?
දැන් දැන් ගොඩක්දෙනා හැම දේටම short cuts හොයනවා. ඒත් ජීවිතේ කියන්නෙ එහෙම short cut එකක් නෙවෙයි. පොතකට සමාන කළොත් පිටුවෙන් පිටුව පෙරළන්න ඕනි. එහෙම නැත්තන් අපි නොදැනීම තැන් තැන්වල අතරමං වෙනවා. ඉතින් තමන් නියැලිලා ඉන්න ක්ෂේත්රයට ආදරේ කරන්න. තමන්ටම කියලා Goal එකක් තියාගන්න. දිනපතා ඒ වෙනුවෙන් එක පියවරක් හරි ඉස්සරහට තබන්න. හැමවෙලාවෙම තමන්ව විශ්වාස කරන්න. කොහෙවත් තියෙන ග්‍රහලෝකයකට තමන්ගෙ ජීවිතේ බාරදෙන්න එපා. තමන් වැඩ කළොත්, තමන් දිනනවා.
9. අපි magazine එකට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස?
Medical Writing වල තවත් මම තිබ්බ ලොකූ Step එකක් තමයි මේ. මුලින්ම මම ඔයාලව දැනගත්තෙ අනීශා අක්කගෙන්. ඇය මගේ ඉතාමත් ආදරණීය සොයුරියක්. ඉන් අනතුරුව තමයි මම ඔබව අඳුනගන්නෙ. ඉතින් ඔබ මාව විශ්වාස කරලා බාරදීපු පිටුව මම හැම මාසෙම කාලෝචිත ලිපියකින් සරසන්න උත්සාහ කරනවා. මේ හරහා ලොකූ පාඨක පිරිසක් එකතුවෙලා ඉන්නවා. හැම ක්ෂේත්රයකම ඉන්න කෙනෙක්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ නිසා කියවන පාඨකයාට අපි Magazine කියන්නෙ දැනුම් උල්පතක් විදිහටයි මම දකින්නෙ.
ඉතින් ඉදිරියටත් අපි Magazine එක හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබට දැනුම එක්කරගන්නට මම ඔබට ආරාධනා කරනවා.
වේශ නිරැපණයෙන් අලුත් හැඩතල මවන අපේ රුවැත්ති- ROSHINI SULOCHANA
රෝෂිනී කියන්නෙ ඔයාගෙම වචනෙන් කිව්වොත්
සංකීර්ණ වෙන්න ඕන තැන සංකීර්ණ වෙන , අනිත් අය වගේම සාමාන්‍ය සරල මනුෂ්‍යයෙක්
ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත්
මගෙ පව්ල ඇතුලෙ ගොඩක් අය ඉන්නව , හැබැයි මම හදාගත්ත පව්ලෙ ඉන්නෙ , මගෙ ජිවිතය ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු ඇතිකරන දඟකාර දුවයි , ඒ බලාපොරොත්තු වලට හයියක් වන මහත්තයයි .
රැකියාව ගැන පොඩ්ඩක් කතා කරොත්
හරි ඔන්න ඔතනදි මට ගැලපෙන පිලිතුරක් දෙන්න අමාරුයි ,හැමෝම දන්නෙ වේශනිරැපනය කියන දේ මට රැකියාවක් කියන ඒක , වේශනිරැපනය කියන දෙය මට පුදුම ලස්සන කලාවක් , මම හරිම ආසාවෙන් කැපවීමෙන් කරන කලාවක් , ගොඩක් අවස්ථාවල මම එක්ක වැඩ කරන අය කියන්නෙ මම මුන සිතුවමක් කරනව කියල , ඉතින් ඒ නිසාම මේ කලාව මගෙ විනොදාන්ෂ්ය වෙලා තියෙන්නෙ .
මොනවගේ styles ද අපිට රෝෂිනීගෙන් දැනගන්න පුලුවන්
වේශනිරැපනය තුල තියෙන විලාසිතා බොහොමයි , Dramatics, gothic, artistic, natural, bridal , tv , makeup කියල විවිධ විලාසිතා තියෙනවා , මේ එකකට එකක් වෙනස්වන අවස්තා තියෙනවා, අපි සාමාන්‍යයෙන් කරන makeup එකක් , tv makeup එකකට or photo shoot එකකට දාන්නෙ නැහැ , .ඒ වගේ දේවල් වලදි අපි භාවිතා කරන technic එකේ ඉන්දන් products එක දක්වා වෙනස් කරන අවස්තා තියෙනවා,
මේ වෙන කොට බොහොම සුළු නිර්මාණ කොටසක් තමයි බාවිතා කරල තියෙන්නෙ , ඉදිරියට හරිම හෙමින් තව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා .
ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද
සරලව කියනවනම් මට ලොකුවට හැඟිමක් දැනෙන්නෙ නැහැ , හැබැයි මේ වගේ රටක අපිට ඉගෙන ගන්න දේවල් බොහොමයි , ඉතින් ඒ නිසා සතුටුයි , මගෙ කලාව මට තව දුරටත් මේ වගේ රටකින් ඉගෙන ගන්න පුළුවන් එක ගැන .
Beautician කෙනෙක් උනේ කොහොමද? ආපු ගමන ගැන කිව්වොත්
අයිය ප්රශ්නය ඇහුව වැරදි , මම beautician ( රැපලාවන්ය ශිල්පියෙක්) කෙනෙක් නෙවෙයි ,
මම Make up artist ( වේශනිරැපන ශිල්පියෙක් ) කෙනෙක් , මේ දෙක අතර ඇත්තටම වෙනසක් තියෙනවා , මේ දෙන්නම මේ දෙකම කරාට , මේක ෂේෂ්ත්ර දෙකක් , සරලව කියනවනම් beautician හම , පැහැය , නිය , හිසකස් , මේ බොහොමයක් දේවල් මනාව හසුරුවන කෙනෙක් ,
Makeup artist, පෙනුම , වෙනස් අකාරයකට හෝ අලුත් වේශයකට වෙනස් කරන කෙනෙක්
මට නිර්මාණය කරන්න තිබ්බ ආසාව එක්ක තමයි , මම මෙතෙන්ට අවතිර්ණ වුනේ , වෙනස් දේවල් කරන්න ඕන වුනා , out box හිතල නිර්මාන කලා , මගෙ කලාවට ආදරය කරන අය බොහොම දෙනා ඒවා ආදරයෙන් වැලඳ ගත්ත .හැමෝම මගෙ නිර්මාණයන් දකින නිසා මම ඒ සම්බන්ධව කතා නොකර ඉන්නම් .
මම ආපු ගමන ගැන නිහතමානිව ආඩම්බරයි , හැම දෙයක්ම. Products , technics , style තනියම ඉගෙන ගත්ත . ඒ වගේම ගොඩක් දෙනාට ඉගෙන්නුව ,
මගෙ දැනුම බෙදා ගත්ත , වෙන රටවල් වල සහ අපේම අනිත් makeup artist ලට පවා මම දනන් දේ මම කියල දුන්න , මට ඇත්තටම සතුටුයි .
ලංකාවේ සහ එංගලන්තයේ Makeup artist කෙනෙකුගෙ තියෙන්නෙ වෙනස්කම් ගැන කිව්වොත්
මෙහෙමයි , මම දකින දෙයක් ලන්කාව මනාලියන් හැඩ ගැන්විම ඉතා සාර්ථකව කරනවා , හැබැයි ලංකාව Avatar film එකක් වගේ දෙයක් කලොත් , එදාට මම , ඔයා ,මේ හැමෝම ලංකාවෙයි පිටරටයි වේශනිරැපනයෙ වෙනසක් නොදකියි .
Makeup artist කෙනෙක් ලෙස ඔයා ලබපු අද්දැකීම් සහ අලුතෙන් මේ ක්ශේත්‍රයට එන අයට මොනවද දෙන උපදෙස්
අත්දැකිම් හොන්ද වෙන්න පුලුවන් නරක ඒවා වෙන්න පුලුවන් , හැබැයි ඒ හැම දෙයක්ම මට ආශිර්වාදයක් , ශක්තියක් වුනා. අත්දැකීම් කියන්න තරම් සුන්දර නැහැ , ඒ නිසා නොකිය ඉමු.
අලුතින් එන අයට කියන්නේ , මුලින්ම මේ කලාවට ආදරය කරන්න , අලුත් දේවල් කරන්න , හොයන්න , experiment කරන්න , මම ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ තනියම experiments කරල , අනිත් නිර්මාණ බලන්න , inspired වෙන්න .
ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක් මතක් කරොත් සහ රෝෂිනීගෙන් අපෙ අයට මොනවගේ සහයෝගයක් ද ලබා ගන්න පුළුවන් contact කරගන්න පහසුම විදිය
මගෙ ලස්සනම දවස , මට ලැබුනෙ පුංචි කෙල්ලක් කියල nurse මගෙ පපුවට මගෙ කෙල්ලව තියපු දවස .
අපි දුවෙකුට ආසාව තිබ්බ , හැබැයි දරැව ලැබෙනකම් gender එක check කලේ නැහැ, ඉතින් ආසාවත් එක්ක ලොකුම බලාපොරොත්තුවක් ඉටුවුනු ලස්සනම දවස ඒ,
මගේ සේවාවන් ,
මම Bridal සම්බන්ධයෙන් කතා කලොත් , මම , Indian , western , Sri Lankan ( kandiyan) Jewellery වල ඉන්දන් , ඇදුම් පැලදුම් , මල් , සහ අනෙකුත් සැම කටයුත්තක් සදහාම සහය වෙන්න පුලුවන් හැකියාවක් මට තියෙනවා ,
ඒ වගේම tv , film , shoot , වැනි නිර්මානවල වේශනිරැපනයට මගෙ දැනුම බෙදාදෙන්න මම සුදානම් ,
ඔයාලට වේශනිරැපනය සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට හැකි ආකාරයෙන් සහයෝගය ලබාගන්න පුලුවන් .
මාව සම්බන්ධ කරගන්න පුලුවන්
පහත ආකාරයන්ට .
Beyond Reality- Artistic Makeup ( fb page & Instagram page)
Roshini Sulochana ( fb profile)
07453 419227 Mobile / WhatsApp
අපි Magazine එක ගැන සහ ඒකට ලියන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ.
මුලින්ම Magazine එකේ කතෘ ගයාන් අයියට ස්තුති කරන්න ඕනෙ , පිටරටක ඉනන් අපේ අනෙත් සහෝදර සහෝදරියන් ගෙ නිර්මාණය එලි දක්වන්න තෝතැන්නක් හදන එකම කරන ලොකු ආශිර්වාදයක් මේ හැමෝටම , අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් , මටම වෙනම fashion පිටුවක් වෙන් කරල , මගෙ නිර්මාණය වලට අවස්ථාවක් දෙන එකට බොහොම ස්තුති කියල මම නවතින්නම් .
විදේශීය කෑම රසගන්වන ලංකාවේ අපේ සූපවේදියා
MANOJ FERNANDO
මනෝජ් ප්‍රනාන්දු කියන්නේ ඹයාගේම වචනයෙන් කිව්වොත්
හොඳ මනුස්සයෙක් කියලා තමයි හැමෝම කියන්නේ. මම ගැන මගේ වචනයෙන් කිව්වොත් ලේසියෙන් ගේමක් අතඅරින්නෙ නැහැ, හොඳට මහන්සිවෙලා වැඩ කරන්න පුළුවන් චරිතයක් දැනට මගේ වයස අවුරුදු 53 වෙනවා. අවුරුදු තිහක chef කෙනෙක් එක්ක වුණත් හරි හරියට තරගෙට කෑම උයන්නත් පුළුවන්.වැඩ කරන තැන්වල හැමෝම මගෙන් අහන දෙයක් තමයි ඔයාට මහන්සි නැද්ද, එපා වෙන්නෙ නැද්ද කියලා තරමක් මහන්සිය තමයි. මම මහන්සි කිව්වොත් මගෙත් එක්ක වැඩ කරන එයාලත් වැටෙනවා. ඒක නිසා මගේ මහන්සිය මම ගාව හංගගෙන එයාලගේ මොරාල් එක වට්ටන්නෙ නැතුව බිඳෙන්නේ නැතුව වල කටයුතු කරගෙන යනවා.
පව්ලේ විස්තර ටිකක් කිව්වොත්
අපේ පවුලේ හතර දෙනයි අම්මයි තාත්තයි මායි අක්කයි. 2015 දි මගේ අම්මා නැති වුනා. එතකොට මම හිටියේ එංගලන්තේ. මෙහෙ ඉඳලා තමයි ඒ වැඩකටයුතු වලට ලංකාවට ගියේ. අපේ තාත්තා තාම ඉන්නවා ලංකාවේ. අක්කයි මායි එකතු වෙලා තාත්තාව හොඳින් බලාගන්නවා. පස්සේ 1994 අවුරුද්දේ ද දී මම විවාහ වෙනවා. එයාගේ නම ශ්‍යාමා dias එක ආදර සම්බන්ධතාවයක් උඩ තමයි සිද්ධවෙන්නේ. 1995 දි අපිට තව කෙනෙක් එක්කහු වෙනවා අපේ පවුලට. ඒ මගේ පුතා එයාගේ නම රශ්මික දැනට එංගලන්තයේ ඉගෙන ගන්නවා.architecture මාස්ටර් අන්තිම අවුරුද්දේ දැන් ඉන්නේ. එයා ටිකක් ප්‍රසිද්ධයි එංගලන්තයේ. මොකද හොඳ ආර්ටිස්. ඒ වගේම පත්තර වල ෆැෂන් ෂෝ වලට පොඩි කටවුට් දානවා. යාළුවන් අතර හොඳ හිත දිනාගෙන ඉන්න කෙනෙක්. ටිකක් මම වගේ තමයි. යාලුවන්ට charity වැඩවලට හරියට උදව් කරනවා. දැනට අපි තුන්දෙනාම එංගලන්තේ පුරවැසිභාවය අරගෙන මෙහෙ ජීවත් වෙනවා.
රැකියාව ගැන පොඩ්ඩක් කතා කළොත්
1989 ඉඳන් අද වනතුරු අවුරුදු තිස් දෙකක් මේ ක්ෂේත්රයේ නියැලෙනවා. මුලින්ම වැඩකලේ hotel galaxy කියලා 4* හෝටලයක් ලංකාවේ. සහයක චෙෆ් කෙනෙක් හැටියට. ඊට පස්සේ 1994 දී කොළඹ හිල්ටන් හොටෙල් එකට එකතු වෙනවා japaness restaurant එකට. 1997 දී ඩුබායිවලට යන්න චාන්ස් එකක් හම්බවුනා. metropolitan palace hotel එකේ ඕපන් ස්ටාෆ් එක හැටියට වැඩ කරන්න වාසනා ලැබුණු.2004 දී එංගලන්තයට sous chef කෙනෙක් හැටියට.grange hotels කියලා company එකක්. ඊට පස්සේ 2015 care home දෙකක chef manager හැටියට job එක් කරන්න හම්බවෙනවා .එදා ඉඳන් අද එන්න තුරු head chef කෙනෙක් හැටියට වැඩ කරනවා. එකේ වයසක අය තමයි ඉන්නේ. වයසක අයට උදව් කරගෙන ඒ අය ආස කෑම හදලා සන්තෝසෙන් තියන්ඩ තමයි මගේ බලාපොරොත්තුව. වැඩිහිටි අයත් එක්ක ලේසි නෑ . චූටි පොඩි වැරැද්දෙන් අසනීප වෙනවා. හරි ප්‍රවේශමෙන් කෑම cook කරන්න ඕනේ. මං එක ආසාවෙන් කරගෙන යනවා.
මොන වගේ කෑම ජාතිද දැනගන්න පුළුවන්
ඕනම කෑම ජාතියක් හදන්න පුළුවන්. මුලින්ම galaxy hotel එකේ ඉන්න කාලේ ලංකාවයි කෑම ජාති සහ සමහර යුරෝපීය ඇමෙරිකන් කෑම ජාති ගැන විතරයි දන්නේ.ඊට පස්සේ colombo Hilton එකට එකතු උනාට පස්සෙ ජැපනීස් කෑම ගැන දන්නවා . ඩුබායි ගියාට පස්සේ ලෝකේ තියෙන හැම කෑමක් ම ඉගෙන ගන්න පුළුවන් වුණා ඒක තමයි මගේ ජීවිතේ හෝටල් ක්ෂේත්රය හොඳම අඩිතාලම් වැටුන තැන. polynesian, african, South American, american, european, far eastern central Asia වගේ තැන්වල කෑම හදන්න ඉගෙන ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ එංගලන්තයට එනවා අර තිබුනොත් දක්ෂතාව ඔක්කොම ඔපමට්ටම් කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතා කෙටි කලක් තුළ මාව head chef හැටියට පත්වීම ලැබෙනවා. ඒ වගේම මට ටිකක් vegetable carving,fruit carving,ice carving වගේ දේවලුත් කරන්න පුළුවන්. ඒක හින්දා මට ඉස්සර ඉඳලම හැම තැනකම හොඳ ඉල්ලුමක් තිබ්බා.
ලංකාවෙන් එංගලන්තයට ආව එක ගැන මොකක්ද දැනෙන්නේ.
හොඳයි දුකයි දෙකම තියනවා. මුලින්ම හොඳ කියන්නංකො. පුතා එංගලන්ත ඉගෙන ගෙන හොඳ තැනක ඉන්නවා. ඒ වගේම මට අවස්ථාව ලැබුණා මම දන්න දේ අනිත් අයටත්, ලෝකෙට කියලා දෙන්න. දුක තමයි ලංකාවේ මිනිස්සු,නෑදෑයො දෙමාපියෝ දාලා ටිකක් දුර එන්න වුන එක ගැන. කොරොන හින්දා ටික කාලෙකින් ලංකාවට යන්න බැරි වුණා. නැත්තම් මම හැම අවුරුද්දෙම වගේ ලංකාවට ගිහිල්ලා නෑදෑ යාලුවෝ එක්ක ටිකක් ඉඳලා සෙට් වෙලා තමයි එන්නේ.
චෙෆ් කෙනෙක් උනේ කොහොමද
මේක ටිකක් අපූරු සිදුවීමක්. 1989 galaxy hotel එකේ වැඩ කරාට පස්සේ 1990 දී මම ඉතාලියට යනවා. ඒ යන්නේ මගේ අද වයිෆ් එකේ ඒ කාලේ girlfrien හින්දා එහේ අවුරුදු තුනක් විතර වැඩ කරාට පස්සේ මට වීස් එකක් හම්බ වෙනවා ඉතාලි ඉන්න. ඒක ගන්න නං ලංකාවට ගිහින් ලංකාවෙන් ඇප්ලයි කරන්න ඕනේ. ඉතිං ලංකාවට එනවා මොකක් හෝ හේතුවක් නිසා මට ඒක ගන්ඩ බැරි වෙනවා. ඊට පස්සේ දවස් කිහිපයකට පස්සේ වයිෆ් ඉතාලි අතහැරදාලා ලංකාවට එනවා. ඒකාලෙ අපිට ලංකාවේ පොඩි ග්‍රොසරි එකක් තිබ්බා. අම්මයි තාත්තයි තමයි කළේ සමහර වෙලාවට මමත් ඕකෙ ඉන්නවා. ඒත් මම වැඩිපුර ඉන්නේ වයිෆ් ලගේ ගෙදර. ඉතින් ඒකට අපේ ගෙදර ප්‍රශ්න එහෙම තිබ්බා. මේක කරන්න බැහැ දැන් බඳින්න ඕන කියලා. ඉතින් බඳින්නත් රස්සාවක් තියෙන්ඩ ඕන නේ. පස්සේ මම පත්තරය ජොබ් එකක් හොයන ගමන් මම දැක්කා දාලා තියෙනවා හිල්ටන් හොටෙල් එකට kitchen ස්ටාෆ් එක ඕනේ කියලා. ඉතින් මම ඇප්ලයි කළා. apply call කර මුල්ම ජොබ් එකත් ඒකයි එතනදි මට රස්සාව ලැබෙනවා kitchen assistan විදිහට. අර මම මුලින් කිව්වේ මම ලේසියෙන් ගේමක් අතාරින්නෑ කියලා,ඊට පස්සේ kitchen එකේ වැඩ කරගෙන ඉන්න අතරෙදි ,teppan yaki චෙෆ් කෙනෙක් අස්වෙනවා. ඒ වෙලාවේදී management එක තීරණය කරනවා මට position එක දෙන්න. එතන ටිකක් කල් වැඩ කරන්න යනකොට මට හම්බ වෙනවා ලංකා වෙන්න ප්‍රසිද්ධ ව්‍යාපාරිකය අය sports කරන ,ිටරට ප්‍රසිද්ධ අය නළු නිළියෝ එතනදි අඳුනගන්න ලැබෙනවා සමහර වෙලාවට ඒ අය dinner වලට ආවහම මාවම ඉල්ලන තත්ත්වයට පත්වුණා. අන්තිමට එතනට මාව නැති කෙනෙක් බවට පත්වුණා.
ලංකාවේ කෑම වලට මොන වගේ තැනක්ද එංගලන්තයේ තියෙන්නෙ
හොඳ තැනක් තියෙනවා. ලංකාවේ resturent ගොඩක් තියෙනවා. මොකද අපේ කෑම වල හොඳට ලුණු ඇඹුල් දැවිල්ල තියෙන නිසා පිටරට අය හරි කැමතියි. මොකද English food වල ගොඩක් වෙලාවට තියෙන්නේ ක්‍රීම් gravy fat වලින් තමයි ගොඩක් පිරිල තියෙන්නෙ. කිව්වට විශ්වාස කරයිද දන්නෙ නෑ මම වැඩ කරන care හෝම් එකේ rice and curry හැදුවා එක දවසක් ලන්ච් වලට. මාසෙකට එක දවසයි දුන්නේ.දැන් සතියට දවස් දෙකක් දෙන්න තීරණය කරා management එක මොකද ඒ අය හරි කැමති නිසා. ඉතින් තේරෙනවනෙ අපේ කෑම වල අගය
සූපවේදියකු ලෙස යා ලබපු අත්දැකීම් සහ අලුතෙන් මේ ක්ෂේත්රයට එන අයට මොනවද දෙන උපදෙස්
කරන වැඩේ හරියට කරන්න ඕනේ.ආවට ගියාට කරන්න එපා. රස්සාවට මුලින්ම ආසාවක් සහ ආදරයක් ඇති කරගන්න. කාවවත් අනුකරණය කරන්න එපා. තමන්ගේ ස්ටයිල් එක තමන් හදාගන්න. දන්නෙ නැත්තං අහල දැනගන්න. නැත්නම් අන්තර්ජාලය ඔස්සේ ගූගල් කරලා දැනගන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් හොඳට අවස්ථාව තියෙනවා ඉගෙන ගන්න.
හොටෙල් එකේ දී restaurant එකේදි cook කරනකොට එතන තියෙන්නේ ටීම් වර්ක් එකක්. ටීම් වර්ක් එක නැත්තං හරි අමාරුයි මේක කරගෙන යන්න. උයන පිහන තනි තරගයකදී තමයි තියෙන්නේ හංගලා තමන් විතරක් හිතලා වැඩ කරන්න ඕනේ තත්වයක්. ඒ නිසා සුළු වැරැද්දකින් ගොඩක් පසුබට, දුක් වෙන්න ඉඩ තියෙනවා . ඒකට හොඳ උදාහරණයක් තමයි මම වැඩ කරන තැන වයසක අය ඉන්නේ පොඩි දෙයකින් ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න අවස්ථාව තියෙනවා. මොකද මේ අපි උයන කෑම කෙලින්ම ශරීරය තුළට යන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් සෂිමි japanese අමු මාළු . උයන්නේ නෑ කෙලින්ම ආහාරයට ගන්නේ.ඒක නිසා hygin තත්ත්වය උපරිමයෙන්ම හොඳට තියාගෙන කරන්න බලන්න. ්සර නං එච්චර මේ රස්සාව ගණන් ගත්තෙ නෑ දැන් නං හොඳ ප්‍රතිචාර තියෙනවා. එංගලන්තය chef ට සලකන්නට දෙවිවරු වගේ. ඒක නිසා මේ ක්ෂේත්රය හොඳ ආර්ථිකය අතින් අවස්ථාව තියෙනවා හොඳින් වැඩ කළොත්.
ජීවිතයේ ලස්සනම දවස ගැන පොඩ්ඩක් මතක් කලොත් සහ Manoj ගෙන් අපේ අයට මොන වගේ සහයෝගයක්ද ලබාගන්න පුළුවන් Contact කරන්න පහසුම විදිය
දවස් නං ගොඩක් තියෙනවා.එකක් කිව්වොත් මට මගේ වයිෆ් මුලින් හමු උන දවස.අනිත් එක 1995 මගේ පුතා උපන් දවස. ඕන වෙලාවක මම උදව් කරන්න ලෑස්ති. මම තරමක් අවිවේකී පුද්ගලයෙක්.උදේ හයට නැගිට්ටාම ජොබ් වලට ගිහිල්ලා ගෙදර එනකොට ටිකක් රෑ වෙනවා.සමහර වෙලාවට වයිෆ් නිදි යන්නේ නෑ මම එනතුරු. මම
ගොඩක් අයට උදවු කරල තියෙනවා. මේ රක්ෂාවේ kitchen පෝර්ට ලා cooks ලා කරලා තියෙනවා cook ලා chef කරලා තියෙනවා. ලංකාවෙන් පිටරටවලට යන්න උදවු කරල තියෙනවා. තාමත් ඒ ගොල්ලන් මතක් කරනවා, කතා කරනව, සමහර වෙලාවට තෑගි එවනවා. සමහර වෙලාවට holiday ගියාම පිටරටවල නවතින තැන්වල මගෙත් එක්ක හිටපු අය ඉන්නවා මම පුහුණු කළ අය ඉන්නව ඉතින් මට හරි සන්තෝසයි. හොඳම විදිය තමයි මාව contact කරන්න තියෙන email එකක් දාන එක. මොකද මොබයිල් එකට කතා කලාම මට සමහරක් වෙලාවට ෆෝන් එක ගන්න බැරි වෙයි. එංගලන්තයයි ලංකාවේ අතර පැය හතරක පහක වෙනසක් තියෙනවා. ඉතින් මේ හේතුන් උඩ හොඳම දේ තමයි ඊමේල් එකක් දාන එක. මගේ ඊ මේල් එඩ්රස් එක , stillmanoj@hotmail.co.uk
අපි magazine එකට ලියන්න ලැබීම සහ ඒක ගැන මොනවද හිතෙන්නේ
අපි magazine එකට ලියන්න ලැබීම ඇත්තටම සන්තෝෂයක්. මීට අවුරුදු හමාරට විතර කලින් ගයාන් කරුණාරත්න මගෙන් ඇහුවා මෙහෙම දෙයක් කරනවා පොඩි support එකක් හෝ සහභාගිත්වයක් කරන්න පුළුවන්ද කියලා. මම ඒක භාරගතා. ඇත්තටම එක චැලෙන්ජ් එකක් මොකද මගේ වඩාත් එක්ක කාර්යබහුලත්වයත් එක්ක ඒත් වැඩේ සාර්තකයි. අපි හැම මාසෙකම අද වෙනතුරු කරගෙන යනවා. මම තමයි food column එක කවර් කළේ.තාමත් ලියනවා අනාගතයටත් එහෙමයි. ම දන්න දේ මොනාහරි කියලා දුන්න තමයි උත්සාහ කළේ. මම දන්නෑ ඒක කොතරම් දුරට සාර්ථකද කියලා. මම උත්සාහයක් ගත්තා දන්න දේ ලෝකයට කියලා දෙන්න. මේ magazine එක දිනෙන් දින වැඩි වෙනවා ප්‍රසිද්ධ වෙනවා ඉස්සර හිටිය ප්‍රමාණය නෙමෙයි දැන් ඉන්නේ. නව මුහුණුවරකින් දිනෙන් දින නිර්මාණය වෙනවා. ඉතින් ඇත්තටම සන්තෝසයි අපි magazine එකත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. මම ප්‍රාර්ථනා කරනවා දිනෙන් දිනම දියුණු වෙලා මුළු ලෝකයක් අතරම ජනප්‍රිය වෙන්න කියලා.
බොහොම ස්තූතියි
එංගලන්තය SURREY ප්‍රාන්තයේ දේශපාලන ලාංකීය හඩ
BUDDHI WEERASINGHE
1) ලංකාවෙ ඉඳලා එංගලන්තෙ ආපු ගමන ගැන කිව්වොත් , පදිංචිය ආපු කාලෙ මොකටද ආවෙ කියලා
මම එංගලන්තයේ පදිංචියට ආවෙ 2005 වසරේ.. ඒ Highly Skilled Migration Program (HSMP) එක යටතේ..
2) ඔයාගෙ පවුලෙ විස්තර ටිකක් කිව්වොත්
මම විවාහ වෙලා ඉන්නේ අනෝමා ජයවිර විරසිංහ සමග. ඇය ගණකාධිකාරිනියක් ලෙස රැකියාව කරනවා . අපිට පුතාල තුන්දෙනෙක් ඉන්නවා, ජනිදු ,පසිදු සහ හසිදු.. ලොකු පුතාල දෙන්නා Kingston Tiffin Boys School එකේ ඉගන ගන්නේ. චුටි පුතා පලමු වසරේ.
මට මල්ලි කෙනෙක් සහ නංගි කෙනෙක් ඉන්නවා. මල්ලි සහ ඔහුගෙ පවුලේ අයත් නංගි සහ ඇයගේ පවුල අයත් ජිවත් වෙන්නේ යුරෝපයේමයි
3) රැකියාව ගැන කිව්වොත්
මම වෘත්තියෙන් වරලත් අලෙවිකරැවෙක්. ජර්මනියේ Wünsche Group සමාගමි සමුහයේ , Duo Fashion GmBH ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂක (interim )ලෙස රැකියා කරනවා. මම කලමානකරන උපදේශකයෙකු ලෙස ලංකාවට සමිබන්ධ වායාපෘති කිපයකත් වැඩ කරනවා රැකියාවට අමතරව .
4) බුද්ධි කියන්නෙ දේශපාලන පසුබිමකින් එන කෙනෙක් ද? දේශපාලනයට අවතීර්ණ වෙන්න කොහොමද? කොයිකාලෙද ?
මට එහෙම දේශපාලන පවුල් පසුබිමක් තිබුනේ නැ. නමුත් මගේ බාප්පා 1977 සිට ගනන්වල එක්සත් ජාතික පක්ශයේ බල මංඩල ලේකමි ලෙසත්, මගේ ලොකු නැන්දා ශාකා සබාපතිනයක් ලෙසත් කටයුතු කර තිබුනා. 1989 ජනාධිපතිවරන කාලයේ මම පාසලේ 9 වසරේ.. ලොකු නැන්දා ඒ කාලෙ කිුයාකාරිව දේශපාලනය කලා..ඇය සමග මම රැස්විමි වලට ගියා මතකයි. එක් අවස්තාවක හිටපු ජනපති ආර් පේුමදාස මැතිතුමා පැමින රැස්විමක මම කතා කලා මතකයි. ඒක තමයි මගේ පලමු දේශපාලන කතාව. ඉන් පසුව හිටපු නිති හා බන්ධනාගාර පුතිසංස්කරන අමාත්‍ය මහේන ගුණසේකර මැතිතුමාගෙ ආශිර්වාදයෙන් එකසත් ජාතික පක්ෂ සමාවාදි ශිශ්ය පෙරමුනේ මිනුවන්ගොඩ ආසන පුධාන ශිෂ්‍ය සංවිධායක ධුරයට පත්වුනා 1990 වසරේ. මම තමයි ලංකාවේ ලාබාලම ශිෂ්‍ය සංවිධායක වුනේ.මට අවුරැදු 15 එතකොට. මම සමවාදි සිසු පෙරමුන 1994 දක්වා ඉතා සාර්තකව මෙහෙය වුවා. 1997 දි මම ලංකාවෙ ලාබාලම අපේක්ෂකු ලෙස එක්සත් ජාතික පන්ෂයෙන් මිනුවන්ගොඩ පුාදේශිය සබා මැතිවරණයට ඉදිරිපත් වුනා. ජන්ද 2580 ලබාගත් නමුත් ආසනයක් දිනා ගැනිමට නොහැකි වුනා..
චන්දයෙන් පසු පක්ෂ පුතිසංවිධාන වලට දායක වු නමුත් , අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු නිසා මම ලංකාවෙ දේශපාලන කටයුතු වලින් ඉවත් වුනා.
5) ලංකාවෙන් එංගලන්තෙට ආපු එක ගැන අද දැනෙන්නෙ කොහොමද
හරිම සතුටක් දැනෙනවා.උපන් බිමට වගේම මම එංගලන්තය ට ආදරෙයි. මම රැකියා කටයුතු නිසා ලෝකේ විවිධ රටවල් වල පුදගලයින් සමග කටයුතු කරල තියෙනවා . ඉංගිසි ජාතිකයින් හරිම සුහදශිලියි. මට කිසිම දිනෙක කිසිම වෙනසක් දැනිල නැහැ . අපිව කවදාවත් වෙනස් කමකට ලක්වෙලා නැ. අපෙ අසල්වාසින්, ගමිවැසිවන් ඉතා මිත්ර්ශිලියි. ඉතින් මෙබිමත් මගේ මවිබිම හා සමානයි..
ඒ වගේම මට සතුටුයි මට ජිවිතය ජයගන්න උදවි කල, අමිමා,තාත්තා, මගේ චුටි නැන්ද,ලොකු නැන්ද, කොලඹ තර්ස්ටන් විද්‍යාලයේ හිටපු විදුහල්පති සහ පලාත් අධ්‍යාපන අධ්යක්ශ විමල් ගුනරත්න මැතිදුන් , අපවත් වි විදාල මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අතිපුජනිය කෙවිටියාගල ආනන්ද නායක හිමියන් සහ කොස්සිනේ විතානාරචිචි සියා සහ ආචිචි ඇතුළු මගේ ගුරුවරුන් සහ නැදැයන්ගේ මා ගැන තැබු බලාපොරොත්තු ඉටු කරන්න මට හැකිවිම ගැන.
6) Sunbury and Halliford, surrey ප්‍රාන්තයේ කවුන්සලයට තරග වදින්න ආපු අදහස සහ ක්‍රියාත්මක උනේ කොහොමද?
මම 2010 සිටම කොන්සවේටිව් පක්ෂයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. මම එම පක්ශයේ Heathfield හිත්ෆිල්ඩි ශාකාවෙ දේශාපාලන උප සබාපති ලෙස කටයුතු කරන කාලෙි -2017 පාලත් පාලන මැතිවරණ ට රිචිමන්ඩි පාලාත් පාලන ආයතනය (London Borough of Richmond Upon Thames) ට තරග කලා. නමුත් දිනිමට බැරි වුනා. ඉන්පසු. අපි 2018 හැලිෆඩි වල පදිංචියට ආවා.. 2019 දි මම කොන්ස්වර්ටිවි පක්ශයේ සන්බරි ශාකාවෙ දේශපාලන උප සභාපති ලෙස පත්වුනා. 2019 පැවැති පලාත් පාලන ආයතනය (Spelthorne Borough Council) මැතිවරණට ඉදිරිපත් වුනත් ජය ගන්න බැරි වුනා. නමුත් මම දිගටම පක්ශයේ කටයුතු කලා. කොන්සවේටිව් පක්ශයේ Spelethrone ආසන බල මංඩලයේ නිලධාරිවරයෙකු ලෙසත් පත්වුනා.. හිටපු මන්ත්‍රි Tim Evans මහතාගේ ඉල්ලිම පරිදි සහ අභ්යන්ත්ර පක්ෂ ජන්ද විමසිමක් (Primary) මම Lower Sunbury සහ Halliford කොටිඨාශයෙන් Surrey ප්‍රාන්ත මැතිවරණ ට මෙ වසරේ මැයි මාසයේ ඉදිරිපත් ජය ගත්තා. මගේ පුතිවාදිය වුනෙි Spelthorne Borough Council හි වර්තමාන නායකයා. මම ඔහුව පරදවා ජය ගත්තා..
7) එංගලන්ත පදිංචි ලංකාවෙ කෙනෙක් හැටියට ලබපු දේශපාලන ජයග්‍රහණය ගැන දැනෙන්නෙ කොහොමද?
මට හරිම ආත්ම තෘප්තියක් දැනෙනවා. කුඩා කාලයේ සිට මගේ හිතෙ තිබුන අරමුනක් මම ලගා කර ගත්තා කියල සියුමි සතුටක් ලැබෙනවා. මගේ ආසන බල මංඩල සබාපති Mike Brennan, ශාකා සබාපති Tim Evans ඇතුලු සාමාජිකයන් සහ එංගලන්තයේ ශෙපර්ටන්, හවුන්ස්ලෝ, Feltham හැමිප්ටන් , Cheam , Bracknell සහ මිල්ටන් කින්ස් වල මගේ මිතුරන් විශල ලෙස උදවි කලා..ඉතින් විශාල පිරිසකගේ සහය ලැබිම ගැනත් මට හරිම සතුටයි.
8)ලංකාවේ දේශපාලනය සහ එංගලන්තයේ ඔබ දකින වෙනස ගැන කතාකරොත්, ලංකාවේ දේශපාලන හරි දිශානතියකට ගමන් කරනවද?
වසර දහයකට වඩා මෙ රටෙ කියාකාරි දේශපාලනය කල නිසාත්, අටක් මම ලංකාවෙ දේශපාලනය කල නිසාත්, එංගලන්තය සිටින අතරතුරැ එක්සත් ජාතික පක්ශයට සමිබන්ධව කටයුතු කල නිසාත් මට දෙරටෙ පක්ෂ දේශපානයත් රටෙ දේශපාලනයත් ගැන හොද අවබෝධයක් තිබෙනවා. සංසාන්ධනාත්මකව හිතුවොත්, ලංකවෙ පක්ශ දේශපානයත් (පුධාන පක්ශ) සහ දේශපාලන කුමය තාමත් තිබෙන්නේ ඉතාම පුාතමික අවධියේ. පවුල් වාදය මත ගොඩ නැගුන,ජාතික පුතිපත්ති සැලසුම් කරනය සහ කිුයාත්මක කිරිම ගැන තැකිමක් නොකරන , තරැන දේශාපාලඣන්ට පක්ශවල නායකත්ව අවස්තා නොදෙන කුමයක තමයි ලංකොව තිබෙන්නෙි. මගේ මතය නමි ලංකාවෙි චන්ද දායකයන්ගේ අයිතිය සහ යුතුකමි දැනුවත් කිරිමත් , තරැන සහ උගත් බුද්ධිමත් අය පවතින දේශපාලන කුමය ගැන මිට වඩා විචාරශිලිව සිතිමත් විචාරශිලිව සිතිමත් , කටයුතු කිරිමත් අත්‍යාවශ්‍යයි.
9) ජීවිතයෙ ලස්සනම දවස ගැන පොඩ්ඩක් මතක් කරොත් සහ බුද්ධිගෙන් අපෙ අයට මොනවගේ සහයෝගයක් ද ලබා ගන්න පුළුවන් contact කරගන්න පහසුම විදිය
මගේ ජිවිතයෙි හැම දවසක්ම සතුටුම දවසක් ලෙස දකින්නයි මම කැමතියි.. අපෙ ලොකු පුතා ජනිදු මෙලව උපන් දවස තමයි මගේ පෞද්ගලික ජිවිතයේ සතුටු ම දවසයි. ඒ කුලදුලේ අනෝමත් මමත් දෙමාපියන් වු නිසා.
මම කැමැතියි ගංකාවෙ තරැන ව්යසාකයින්ට උපදේශනය සහ තරැන දේශපාලනඣනට මගේ දැනුම සල පලපුරැද්ද බෙදා ගන්න. මාව සමිබ්න්ධ කරගන්න පුලුවන් මගේ email එක හරහා
Buddhi.weerasinghe@surrey.gov.uk
10) අපි Magazine එක ගැන මොකද හිතෙන්නෙ
‘අපි ‘ digital සගරාව මම ආසාවෙන් කියවන්න පටන් ගත්තා . ඩිජිටිල්කරනය තුල ‘අපි’ සගරාව යමි විප්ලවය ක් කරමින් සිටින බවයි මට හිතෙන්නේ.
ඊළඟට කාවද Nominate කරන්නෙ
Stop child Cruelty ආයතනයේ සභාපතිනය සහ ලමා අයිතිවාසිකම් පිලිබද කිුයාකාරින
දොස්තර තුෂ් විකුමනායක මැතිනිය.