2024-Feb-26

චාල්ස් රජුගේ පිළිකාව සහ එක්සත් රාජධානියේ මහජන සෞඛ්‍ය 

බ්‍රිතාන්‍යයේ III වන චාල්ස් රජතුමාට පිළිකාවක් වැලඳී ඇති බව වාර්තා වීමත් සමඟ එක්සත් රාජධානියේ ජනතාව මහත් කැළඹීමට පත් උනා. පිළිකාව පිළිබඳව ජනතාව තුල පවතින අසුභ අදහස් සහ අත්දැකීම් එක්ක මේ පුවත බ්‍රිතාන්‍යයේ ජනතාවට මෙන්ම ලොව පුරා වෙසෙන රාජකීය පවුලට ආදරය කරන හැමෝටමත් ඉතා කණගාටුවක් ඇති කරන සිදුවීමක් උනා.

රජතුමා ගැන පමණක් නොව බ්‍රිතාන්‍යය රාජකීය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු පිලිබඳවම පසුගිය දින වල කණගාටුදායක පුවත් අසන්න ලැබුනි. ඒ අතරින් පළමු පුවත ලෙස කේට් කුමරිය බරපතල සැත්කමකට මුහුණ දුන් බවත් ඒ හේතුවෙන් ඇය මාස කිහිපයක් රාජකාරි වලින් බැහැරව විවේක ලබන බවත් බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබුනා. එදිනම පස්වරුවේ බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කරමින් III වන චාල්ස් රජතුමන් “පුරස්ථි ග්‍රන්ති විශාල වීමේ” රෝගයකට ප්‍රතිකාර ලැබීමට නියමිත බැවින් සති කිහිපයක් නිළ රාජකාරි වලින් ඉවත් වන බව ප්‍රකාශ කලා. තවත් දින කිහිපයකට පසුව යෝර්ක් හී ආදිපාදවර සාරා කුමරියට දෙවන වරටත් පිළිකාවක් වැලඳී ඇති බව බ්‍රිතාන්‍යයේ මාධ්‍ය රැසක් වාර්තා පලකර තිබුනා.

ඒ සියළු සිදුවීම් වලින් අනතුරුව චාල්ස් රජතුමාටද පිළිකාවක් වැලඳී ඇති බව බකිංහැම් මාලිගය නිවේදනයක් නිකුත් කර තිබූ අතර ලියුම්කරු මෙම සටහන තබන අවස්ථාව වන විටත් එය කුමන වර්ගයේ පිළිකාවක්ද යන්න හෝ එය කුමන මට්ටමේ පවතීද යන්න අනාවරණය කර නොතිබූ අතර රජතුමන් පිළිකාව සඳහා අවශ්‍ය මූලික ප්‍රතිකාර ආරම්භ කර තිබුනි. කෙසේ වෙතත් රජු තමන් සුව වීම පිලිබඳව බලාපොරොත්තුවෙන් සහ ධනාත්මකව සිටින බව ප්‍රකාශ කර තිබූ අතර වෛද්‍ය උපදෙස් ලැබෙන්නේ නම් මිස ව්‍යවස්ථාපිත රාජකාරි පවා සිදුකරගෙන යාමට අදහස් කරගෙන සිටින බව නිවේදනය කර තිබුනි.

රජුගේ රෝගී තත්වය අනාවරණය වීමත් සමඟ බ්‍රිතාන්‍යයේ පිළිකා රෝගය පිළිබඳව නැවත කතාබහක් ඇතිවී ඇති අතර රජුගේ රෝගී තත්වය පිලිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව දැනුවත් කිරීමේ බලාපොරොත්තුව වී ඇත්තේද අවධානම් සහිත පුද්ගලයන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී පිළිකා පිලිබඳව පරික්ෂා කරගැනීමට උනන්දු කිරීම වේ. සාමාන්‍යයෙන් රජුගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳව අනාවරණය නොකරන අතර එහෙත් චාල්ස් රජතුමා නිතරම සිය සෞඛ්‍ය ගැටළු පිලිබඳව මහජනයාට දැනුම් දෙමින් ජනතාව සෞඛ්‍ය පරික්ෂාවන් හා ප්‍රථිකාර කෙරෙහි උනන්දු කරවීමට කටයුතු කරයි.

බ්‍රිතාන්‍යය රජයේ සෞඛ්‍ය සේවයේ දත්තයක්ට අනුව එරට ජනගහනයෙන් සෑම පුද්ගලයන් දෙදෙනෙකුගෙන්ම එක් අයෙක් සිය ජීවිත කාලය තුලදී පිළිකාවට මුහුණ දිය හැකි වේ. NHS වෙබ් අඩවියට අනුව මේ වන විට බ්‍රිතාන්‍යයේ පිළිකා වර්ග 200 කි පමණ හඳුනාගෙන ඇති අතර ඒ අතරින් වඩාත් සුලභ ඒවා ලෙස පියයුරු, පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය සහ බඩවැල් ආශ්‍රිත පිළිකා හඳුනාගෙන ඇත.

රජුගේ පුරස්ථි ග්‍රන්ති විශාල විමේ රෝගයට ප්‍රතිකාර කරන අතර තුර සිදුකල පරීක්ෂණ වල ප්‍රථිපලයක් ලෙස ඔහුට වැලඳී ඇති පිළිකා තත්වය හඳුනා ගෙන ඇති අතර බ්‍රිතාන්‍යයේදී බොහෝ පිළිකා රෝගීන් හඳුනා ගන්නේ එසේ වෙනත් රෝගයක් සඳහා ප්‍රථිකාර කරන අතරතුරදී වීම විශේෂත්වයක් වේ. එලෙස වෙනත් ප්‍රථිකාර මැද හඳුනා ගන්නා රෝගීන් සංඛාව මුළු පිළිකා රෝගීන්ගෙන් පහෙන් එකක් පමණ වේ. පසුගිය මාස 12ට පමණක් වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර කරන අතර තුර හඳුනා ගත් රෝගීන්ගේ සංඛාව 66,000 පමණ වේ.

තත්වය එසේ උවද බ්‍රිතාන්‍යයේදී පිළිකාවක් වැලඳී ඇතැයි හඳුනාගන්නා මහජනතාව මුහුණ දෙන තත්වය රජු මුහුණ දෙන තත්වයට වඩා වෙනස් වේ. චාල්ස් රජුගේ රෝගය සඳහා හඳුනාගත් වහාම ප්‍රථිකාර ආරම්භ කලද සාමාන්‍ය ජනතාවට සැලකිය යුතු කාලයක් ප්‍රථිකාර ලැබීම සඳහා බලා සිටීමට සිදුවේ. පිළිකාවක් හඳුනා ගන්නා රෝගියෙකුට දින 62 ක් ඇතුලත ප්‍රථිකාර ආරම්භ කිරීම NHS හී ඉලක්කය උවද පසුගිය වසරේ පිළිකා ලෙස හඳුනාගත් සෑම රෝගීන් හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් ඊට වඩා වැඩි දින ගණනක් ප්‍රථිකාර ලැබීම සඳහා පොරොත්තු ලේඛන වල කල්ගත කර ඇත.

පසුගිය දශකයක පමණ කාලය තුළ පොරොත්තු ලේඛන වල ගතකරන කාලය ක්‍රමයෙන් දිගු වී ඇත. එයට හේතුව ලෙස සෞඛ්‍ය සේවක හිඟය, උපකරණ හිඟය සහ රජය ප්‍රමාණවත් ලෙස ඒ වෙත දිගුකාලීනව ආයෝජනය නොකිරීම වැනි දෑ දැක්විය හැක. උදාහරණයක් ලෙස ජර්මනියට සාපේක්ෂව බ්‍රිතාන්‍යයේ පවතින පිළිකා හඳුනා ගත හැකි ස්කෑන් යන්ත්‍ර සංඛාව හතර ගුණයකින් අඩුය. මේ හේතුවෙන් බ්‍රිතාන්‍යයේදී උවද එකම රෝගයක්  සම්බන්ධයෙන් උවත් මහජනතාව මුහුණ දෙන තත්වය රජු මුහුණ දෙන තත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වේ.

තිලාන් ජයසේකර 

Vision

ඔයාගෙ Vision එක මොකද්ද ?

කියලා අපේ තරුණ පරම්පරාවෙන්,නිකමට ඇහුවොත් බහුතරයක්‌ ළඟ උත්තර නැහැ.🤔

තාරුණ්‍යට ඔන්න මෙන්න කියන පාසල් යන දරුවෙකුගෙන් ඇහුවොත් වැඩිහිටියෙක් උනහම මොකද කරන්න කැමති කියලා තාමත් බහුතරයකගේ උත්තර අර කටට එන පළියට ඔහේ කියවන , දොස්තර , ගුරු , ඉංජිනේරු , තනතුරු විතරයි .ඊට පස්සේ උසස් පෙළ ඉවර උන තරුණයෙක්ගෙන් ඔය ප්‍රශ්නෙම ඇහුවොත් කෝස් එකක් කරනවා පස්සේ ජොබ් එකක් හොයාගන්නවා ඕකයි උත්තරේ .

උත්තරේ විතරක් නෙමෙයි අන්තිමට විස්තරේ වෙන්නෙත් ඕකම තමයි.

අන්න ඒක නිසා තමයි එක දවසට සිය ගානක් ව්‍යාපාර අළුතෙන් ලියාපදිංචි වෙනකොට ඒ වගේ දෙතුන් ගුණයක් වැහිලා යන්නේ.හේතුව නිවැරදි vision එකක් එහෙමත් නැත්තම් දැක්මක් නැති කම. 😔

තාරුණ්‍යය එළිපත්තට එනකොටම කෙනෙකුට ජීවිත අරමුණක් තියෙන්න ඕනේ , තමන් අවුරුදු 20 කින් ලඟා කලයුතු දේ , අවුරුදු 30කින් ලඟා කල යුතු දේ ගැන දැක්මක් තියෙන්න ඕනේ , 

ඒ මූලික අරමුණු වලට අඩියෙන් අඩිය යන හැටි ගැන  ප්ලෑන් එකක් ඔළුවේ තියෙන්න ඕනේ , 

සමහරවිට යම් යම් කාරණා නිසා , ක්‍රමවේදය අතරමගදී වෙනස් කරන්න වෙයි ,මොකද අපි හිතන පතන හැමදේම ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නැහැ.

හැබැයි vision එකයි flexibility එකයි තියන කෙනෙකුට තමන්ගේ අවසාන අරමුණට යනව කියන එක මහ කජ්ජක් නෙමෙයි.

එහෙම තමන්ටම කියලා vision එකක් නැතුව,අල්ලපු ගෙදර කෙනා සුපර් ස්ටාර් ගිහින් ජීවිතේ ගොඩ දා ගත්තා කියලා බැරි බැරි ගාතේ ඔයත් සින්දු කියන්න පටන් ගත්තොත් ඒකෙන් වෙන්නෙ  සමාජයට විහිළුවක් වෙන එක විතරයි , නැන්දගේ දුව , සැලුන් එකක් දැම්මා කියලා ඔයත් සැලුන් එකක්ම දාන්න ඕනෙ කියලා නීතියක් නැහැ , අරයා මෙයා කරන දේවල් අද දැකලා පට ගාලා කිසිම අරමුණක් දැක්මක් නැතුව ඔයත් හෙට ඒක කරන්න පටන් ගත්තට කවදාවත් , ජීවිතේ දිනන්න බැහැ , රැල්ලට යන මිනිස්සු හරි ඉක්මනට ආයෙත් වැල්ලට ගොඩ ගහනවා , ඒ නිසා කරන්නන් වාලේ ජීවිතේට අරමුණු එකතු කර ගැනීම කියන්නේ තනිකරම විහින්  නාස්ති වීමක් විතරමයි , 

හැමදේටම කලින් තමන්ව ඇනලයිස් කරන්න , තමන්ට පුළුවන් දේවල් , තමන්ගේ හැකියා , දක්ෂතා , කැමැත්ත තේරුම් ගන්න , ඒත් එක්කම තමන් ළඟ තියන ශක්තීන් එක්ක ලෝකෙ තියන අලුත්ම ත්‍රෙන්ඩ් එක්ක ජීවිතේට වෙනස්ම අරමුණක් එකතු කරගන්න , ඒ අරමුණට අඩියෙන් අඩිය යන විදිහ ප්ලෑන් කරන්න , ඒ ගැන වැඩිපුර ඉගනගන්න , දැනුම එකතු කරගන්න , අත්දැකීම් හොයාගන්න ,හතු පිපෙන වේගෙන්ම පරවෙනවා , ඒ නිසා හදිස්සි වෙන්න එපා , අරමුණ පැහැදිලියි නම් , දැනුමෙන් හැකියාවෙන් ඔබ සන්නද්ධ නම් , ඔබට නිවැරදි දැක්මක් තියනවනම් , ආත්මවිශ්වාසයයි උවමනාවයි තියනවනම් හිමින් හිමින් හරි ගමන යන්න පටන් ගන්න , ඔබට දවසක නොවැරදීම ඔබේ දැක්ම දකින්න ලබෙනාවමයි .

දියුණු රටවල , පාසල් විශ්වවිද්‍යාලවල අනිත් විෂයයන් වගේම , ජීවිතේ දැක්ම ප්ලෑන් කරගන්න විදිහත් රටේ අනාගත පරම්පරාවට උගන්වනවා , ඉතින් අපේ දරුවෝ උපාධිය ඉවරවෙලා , රජයෙන් ඉල්ල ඉල්ලා   පිටකොටුවෙ පිකටින් කරන වෙලාවෙ අවුරුදු 18 , 19 වෙච්ච පිටරට දරුවෝ නාසා එකට උපදෙස් දෙනවා , තනියම රොකට් හදනවා , අලුත් app හොයාගන්නවා , නව නිර්මාණ , නව ව්‍යාපාර නිර්මාණ කරනවා , රොබෝ වරු හදනවා , ඒ වෙනසට හේතුව ආර්ථික හයිය විතරක්ම නෙමෙයි ,

ඒ අය ජීවිතේ අහුවෙන අහුවෙන් කොන් වලින් අල්ලගන්නේ නැහැ , පොඩි කාලෙම ජීවිතේට දැක්මක් ප්ලෑන් එකක් හදාගෙන ඒ ඔස්සේ ගමන් කරනවා .

යන්න පාරක් නැති අපේ තරුණ පරම්පරාව අහුවෙන අහුවෙන් තැන්වල නවතිනවා , දවසයි දෙකයි ආයෙත් අලුත් දෙයක් කරන්න ගන්නවා , ඒක බැහැ කියලා හිතුන ගමන් වෙන දෙයක් පටන් ගන්නවා , ඒකත් එපා උනහම වෙන අලුත් දෙයක් කරන්න ගන්නවා .අන්තිමට ජීවිතේ බාගයක් විතර ගිහින් කියලා තෙරුනහම වෙන කාගෙ හරි අරමුණු වල ඉත්තෝ වෙලා කාගේ හරි ළඟ මාස් පඩියට වැඩ කරන්න පටන් ගන්නවා .ඔන්න ඕකයි වෙන්නෙ ..

”අළුත් අළුත් දේ නොනගන ජාතිය නොනැගෙත් ” කියලා කියන්නෙ දවසින් දවස අලුත් අලුත් දේවල් කරන්න කියන එක නෙමෙයි , කවුරුවත් නොකරපු සීමාවන් වලින් හිතලා නිවැරදිව ප්ලෑන් කරලා දැක්මක් ඇතුව නව්‍යතා වලට නොයන ජාතිය දිනන්නේ නැහැ කියන එකයි .

රටේ අනාගතය බාරගන්න ඉන්න තරුණ පරම්පරාවට දැක්මක් තිබ්බොත් විතරයි රටට දැක්මක් තියෙන්නෙ , රටට දැක්මක් තිබ්බොත් විතරයි ඊළඟ පරම්පරාවට අරමුණක් තියෙන්නෙ , අරමුණක් නැති ජාතියක් කියන්නෙ හරියට මැටි ගොඩක් වගේ , හැමෝම ඇවිත්  හිතේ හැටියට මිරික මිරික තමන්ට ඕන දෙයක් හදාගන්න පටන් ගන්නවා , ඒකෙන් වෙන්නෙ රටම ජාතියම වැඩකට නැතිඇල්මැරුණු පඹයෝ ගානට වැටෙන එක විතරයි .දැන් වෙලා තියෙන්නෙත් ඒකම තමයි.

අද කෙසේ වෙතත් හෙට දවසේ වෙනසක් වෙන්න හරි,

පුද්ගලයෙක් , ගමක් , රටක් , ජාතියක් විදිහට කොන්දක් ඇතුව නැගිටින්න නම් , මුලින්ම තරුණ පරම්පාරව නියෝජනය කරන හැමෝම තමාට අවේණික වුන නිවැරදි දැක්මක් , අරමුණක් , විෂන් එකක් හදාගන්න ඕනේ, වෙන වෙන බහුබූත පාසේ නොයා ඒ දැක්ම පස්සෙ හඹාගෙන යන්න ඕනේ.

ඔබ‍ට ඔබ වෙනුවෙන් දැක්මක් නිර්මාණය කරගන්න බැරිවෙන තාක් වෙනත් අය ඔබව පාවිච්චි කරගන්න එක නවත්තන්න වෙන්නෙ නැහැ,

දැක්මක් තියන මිනිස්සු ලාබෙට විකිනෙන්නේ නැහැ, නිවැරදි දැක්මක් තියන මිනිස්සු ජීවිතය තමන්ගේ හීන නිර්මාණය කරනවා මිසක් අනුන්ගේ හීන වල ඉත්තෝ වෙන්නෙත් නැහැ.

ඔබ ඇල්මැරුණු පඹයෙක් නොවී  දැක්මක් තියන මිනිසෙක් උන දවසට ලංකාව තව දුරටත් දියුණු වෙමින් පවතින රටක් වෙන එකක්  නැහැ.

අනීෂා ජයකොඩි

NALIKA JAYATHILAKE

ආයුර්වේදයෙන් රෝග නිවාරණයට මග කියනා අපේ වෙදැදුරුතුමිය – NALIKA JAYATHILAKE

• ඔබේ නම, ගම, පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

මම නාලිකා හංසිනී ජයතිලක. ගම අනුරාධපුර. මට ඉන්නවා හරිම ආදරණීය පවුලක්. පවුලේ අම්මා, අප්පච්චි, අයියලා දෙන්නා සහ මම. 

• මේ දවස්වල මොකද කරන්නෙ?

මේ දවස්වල මම ඉන්නෙ දකුණු කොරියාවෙ. මම සහ මගෙ සැමියා උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙලා ඉන්නෙ. ඊට අමතරව මාර්ගගත ක්‍රමයෙන් ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාදීමත් (online consultation), සමාජ මාධ්‍ය ඔස්සේ ආයුර්වේදය සම්බන්ධ දැනුම සමාජගත කිරීමත් තමයි විශේෂයෙන්ම කරන්නෙ.

• ආයුර්වේද වෛද්‍යවරියක් දක්වා ඔබ පැමිණි ගමන්මග ගැන විස්තර කලොත්?

මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොලඹ දේවි බාලිකා විද්‍යාලයට ඇතුලත් වෙන්න ලැබීම මට ලැබුණ ලොකු භාග්‍යයක්. ඒවගේම උසස් පෙල විභාගය ජීව විද්‍යා අංශයෙන් සමත් වෙලා, කොලඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයට ඇතුලත් වීමෙන් පසුව ආයුර්වේද වෛද්‍ය හා ශල්‍යවේදී උපාධිය ලබාගෙන, ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට සේවය කරන්න මට අවස්ථාව ලැබෙනවා.

• වෛද්‍යවරියක් විදිහට ඔබේ වෘත්තිමය ජීවිතය ගැන කතා කලොත්?

මම මුලින්ම රැකියාව කරන්නෙ පෞද්ගලික අංශයේ. ආයුර්වේද ප්‍රතිකාර බලාපොරොත්තුවෙන් ලංකාවට පැමිණෙන විදේශීය සේවාලාභීන්ට ප්‍රතිකාර හා විශේෂඥ උපදෙස් ලබාදෙන වෛද්‍යවරියක් විදියට. විදේශිකයන්ට  ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිලිබඳ ඔවුන් දැරූ ධනාත්මක ආකල්ප මගේ ප්‍රතිකාර වල මේදක්වා සාර්ථකත්වයට විශාල රුකුලක් උන බව කියන්නම ඕන. ඉන්පස්සෙ මම රාජ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය නිලධාරිනියක් ලෙස සේවය කිරීමෙන් පසුව ස්ථානභාර වෛද්‍යවරියක් ලෙසත් සේවය කලා. ඊට අමතරව මගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය මගිනුත් රෝගී ප්‍රතිකාර කටයුතු සිදු කලා. රෝගීන්ගේ ජීවිත වලට සුවයක් ලබා දීම කියන කාරණාව ඇතුලෙ  

මම මගේ වෘත්තීය ජීවිතය ගැන ඉතාම තෘප්තිමත්.

• එතරම් තෘප්තියකින් මේ වෛද්‍ය වෘත්තියේ නිරතවීමට විශේෂ හේතුවක් තියනවා ද?

අපි ඉගෙනගත්ත සංස්කෘත ශ්ලෝක පාඨයක් තියනවා. ඒකෙ සිංහල තේරුම මේ ප්‍රශ්නෙට උත්තරයක් කියලා මම හිතනවා. ඒ ශ්ලෝකයට අනුව,

“වෛද්‍ය කර්මය තැනකදී පින් ද, තැනකදී මිතුරුබව ද, කිසි තැනකදී වස්තුව ද, කිසි තැනකදී කීර්තිය ද, කිසි තැනකදී කර්මාභ්‍යාසය ද ගෙන දේ. එහෙයින් එය කිසි විටෙකත් නිශ්ඵල නොවේ.”

ඉතිං ඒ විදිහට මට මගේ වෘත්තිය ගැන තෘප්තිමත්  වෙන්න විශේෂ හේතු ගොඩක් තියනවා.

• ඔබේ උසස් අධ්‍යාපන කටයුතු සිදුවෙන්නෙ කොහොමද?

මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයයේ රෝහල් කලමණාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරලා තියෙනවා. මේ දවස්වල දකුණු කොරියාවෙ ජාතික විශ්වවිද්‍යාලයක පෝෂණවේදය සම්බන්ධව උපාධි පාඨමාලාවක් හදාරමින් ඉන්නවා. 

• විවිධ වෛද්‍ය ක්ෂේත්‍ර තුල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇති විශේෂ වැදගත්කම ගැන ඔබ මොකද හිතන්නෙ?

වචනාර්ථයෙන් ආයුර්වේදය කියන්නෙ ආයුෂ පිලිබඳ වූ විද්‍යාව. නීරෝගී පුද්ගලයන් රෝගී බවින් ආරක්ෂා කිරීමත්, රෝගී පුද්ගලයන් රෝගී බවින් මුදවා ගැනීමත් අරමුණු කරගනිමින් ස්වභාවික පරිසරයේ ද්‍රව්‍ය ඖෂධ ලෙසට යොදා ගනිමින්  ප්‍රතිකාර සිදු කරන වෛද්‍ය ක්‍රමයක්. අවුරුදු 5000කට වඩා පැරණි ඉතිහාසයක් පවතින වෛද්‍ය ක්‍රමයක් වුණත් අදටත් චිකිත්සා ප්‍රයෝග ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබා දෙන, බටහිර රටවල පවා විශාල ඉල්ලුමක් පවතින, වටිනා දරශනයක් සහිත විද්‍යාත්මක ඉගැන්වීමක්. ඒ නිසා වර්තමාන ලෝකයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගොඩක් උසස් තැනක තියනවා. 

• ඔබ අදහස් කරන්නෙ වර්තමානයේදී ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවීමේ වැඩි නැඹුරුතාවක් තියනවා කියන එකද?

ඇත්තටම ඔව්. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පැහැදිලි කල නොහැකි ඇතැම් රෝග තත්වයන් ආයුර්වේද සංකල්ප තුලින් පහසුවෙන් පැහැදිලි කල හැකි වීමත්, චිකිත්සා මූලධර්ම බොහෝ රෝග අවස්ථාවන් සඳහා වර්තමානයේ පවා  ප්‍රයෝග කල හැකි වීමත් ආයුර්වේදයේ වර්තමාන සාර්ථකත්වයට හේතුවක් වෙලා තියනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී ආයුර්වේද වගේම බටහිර වෛද්‍ය විද්‍යා මූලධර්මත් හදාරන්න අවස්ථාව ලැබෙන නිසා උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ඉතාම සාර්ථක ලෙස රෝග ප්‍රතිකාර වල යෙදී සිටිනවා. ඒ වගේම පුද්ගල සෞඛ්‍ය සංරක්ෂණය සඳහා රෝග වලින් වැළකීමට ආයුර්වේද ඖෂධ භාවිතය නවීන ලෝකයේ වැඩි නැඹුරුතාවයක් තියෙනවා. 

• ආයුර්වේද ප්‍රතිකාර සඳහා වර්තමාන තරුණ පරපුරේ යොමුවීම මොන වගේද?

 කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක වර්තමානයේ තරුණ පරපුර බොහෝ අයහපත් සෞඛ්‍යය පුරුදු අනුගමනය කරන්න පෙළඹිලා තියෙනවා.ඒ වගේම නිසි ව්‍යායාම නොමතිවීම හා මානසික ආතතිය හේතුවෙන් නොයෙක් බෝ නොවන රෝග තරුණ වයසේදීම වැළඳීම නිසා දීර්ඝකාලීන බටහිර ඖෂධ ලබා ගැනීම වෙනුවට ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් මුල් අවස්ථාවේදීම රෝග සුව කර ගැනීමට උත්සහ දැරීම තරුණ පරපුර අතර දකින්නට ලැබෙනවා. අද සමාජය තුල නොයෙකුත් රෝගාබාධ වයස් භේදයකින් තොරව වැළඳීමේ හැකියාව තියෙන නිසා රෝග වැළඳීමට පෙර රෝග වලක්වා ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවීම වර්තමානයේ සිදුවිය යුක්තක්.

• සමාජ මාධ්‍ය වලට සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරියක් විදිහට සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම මගින් රෝගාබාධ පිලිබඳ සමාජය දැනුවත් කිරීමට සමාජ මාධ්‍ය යොදාගැනීම සිදුකලයුත්තේ කෙසේද?

රටක දියුණුව මිනුම් කරණ නිර්ණායක අතර සෞඛ්‍ය නිර්ණායක ඉදිරියෙන්ම තියෙනවා. එමනිසා සෞඛ්‍ය අධ්‍යාපනය අතිශය වැදගත්.

රෝග පිලිබඳ දැනුවත් වීම වගේම, නොයෙකුත් වෛද්‍ය ක්‍රම සතු ප්‍රතිකාර විධි පිලිබඳ දැනුවත් වීමෙන් පසු වෛද්‍යවරයකු හමුවී තමාට අවශ්‍ය ප්‍රතිකාර රෝගියා විසින්ම තෝරා ගැනීම බොහෝ දියුණු රටවල සිදුවන ක්‍රමවේදයක්. වෛද්‍යවරු රෝගීන්ට නිවැරදි සෞඛ්‍යය අධ්‍යාපනය ලබාදීම අතිශය වැදගත්වන්නේ ඒ නිසා. විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වෛද්‍ය කතිකාවත් ඇති කිරීම නිසා වර්තමානයේ පුද්ගල සෞඛ්‍ය අධ්‍යාපනය නගා සිටුවීමට ලොකු පහසුවක් ඇති වෙලා තියෙනවා.  පුද්ගලිකව මම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ රෝග තත්ත්වයන් සඳහා ආයුර්වේද ප්‍රතිකාර පිලිබඳව වගේම රෝග ඇතිවීම වළක්වා ගැනීමට අදාලව දැනුවත් කිරීම් කරමින් වෛද්‍යවරියක් ලෙස සමාජ කාර්‍යභාරයක් සිදුකරනවා.

• වෛද්‍යවරියක ලෙස ගෙවන ජීවිතය කාර්‍යබහුල නැද්ද?

ඇත්තෙන්ම දැනට විදෙස් ගතවෙලා ඉන්න නිසා පවුලෙන්, යහළුවන්ගෙන්, නෑදෑයන්ගෙන් ඈත්වෙලා ගෙවන ජීවිතය ටිකක් විතර ඒකාකාරියි. ඒ වගේම අධ්‍යාපන කටයුතු නිසා ටිකක් කාර්‍යබහුලයි. නමුත් සියලු දේ මනාව කලමණාකරණය කරගෙන මානසික ආතතිය දරාගැනීමට පුලුවන් මට්ටමක රඳවා ගන්න තමයි හැමවෙලේම උත්සහ ගන්නෙ.

• මානසික ආතතිය අවම කර ගන්න ඔබ මොන වගේ දේවල් ද අනුගමනය කරන්නේ?

නිරෝගීව ඉන්න නම් මානසික නීරෝගීබාවයත් අතිශයින්ම වැදගත්. පුලුවන් හැමවෙලාවෙම ඒකාකාරී බවෙන් මිදෙන්න වගේම මාව සතුටු කරන්න වෙලාවක් හොයාගන්න උත්සහ කරන කෙනෙක් මම. ඉතින් ලස්සන තැන්වල ඇවිදින එක මගේ විනෝදාංශ වලින් එකක්. පරිසරයේ ලස්සන දකින්න වගේම තවත් කෙනෙක්ට ඒ ලස්සන අත්දැකීම් එක් කරන්න තියෙන උවමනාව හින්දම Travel with Doc කියන YouTube නාලිකාව මමත් මගේ සැමියාත් නිර්මාණය කරපු අපේ විවේක කාලය හරවත් දෙයකට වෙන්කරපු අලුත් වැඩක්.

• නාලිකා කියන්නෙ මොනවගේ චරිතයක්ද?

කලින් කිව්වා වගේම වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒවගේම ආදරණීය දුවක්, ආදරණීය නැගණියක්, ආදරණීය බිරිඳක්, ආදරණීය යෙහෙළියක්, හිතවතියක්.

ජීවිතය දිහා ආදරෙන් බලන සරල කාන්තාවක්.

• අපි මැගසින් එකත් එක්ක සම්බන්ධ වීම හා මැගසින් එක ගැන හිතෙන දේ කිව්වොත්..

මට අපි මැගසින් කියන විද්‍යුත් සඟරාවේ ලේඛිකාවක් ලෙස ලිපි ලිවීමට ආරාධනාවක් ලැබෙන්නෙ මගේ මිතුරෙක් වන ප්‍රසංග මදුසංක මාර්ගයෙන්. මේ විද්‍යුත් සඟරාවේ විශේෂත්වයක් මම දකිනවා. එක් එක් ක්ශේත්‍රයන් වල අත්දැකීම් ඇති අයවලුන් විවිධ රටවල ජීවත් වුණත් එකම අරමුණකට ගෙනවිත් ගයාන්ගේ නිවැරදි නායකත්වය හා මඟ පෙන්වීම් අවසානයේ රසවත්, හරවත් e-magazine එකක් විදියට ප්‍රේක්ෂකයන් අතරට පත්වෙනවා. කියවීම මිනිසුන්ගෙන් ඈත් වෙලා තියන වර්තමාන සමාජයට කියවීමේ අත්දැකීම නවීන තාක්ෂණය ඔස්සේ ලබාදෙන්න අපි මැගසින් කණ්ඩායම සැබැවින්ම අගය කල යුතු ලොකු උත්සාහයක් දරනවා.

පුරා වසරකට අධික කාලයක් අපි මැගසින් කණ්ඩායම සමඟ එක්ව වැඩ කරන්නට ලැබීම පිලිබඳව පුද්ගලිකව මම ගොඩක් සතුටු වෙනවා වගේම අපි මැගසින් කණ්ඩායම කණ්ඩායම් හැඟීමෙන් වසර හතරක් පුරාවට සිදුකරන සමාජ සත්කාරය අගය කල යුතුම දෙයක්. අවසාන වශයෙන් මම අපි මැගසින් වෙනුවෙන් හදවතින්ම සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම දිගටම අපි මැගසින් එකත් එක්ක රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙනවා.

Suraj Mapa

වැටුණු තැන් සහ පැරදුණු තැන් වලින් පාඩම් ඉගෙන ගෙන මගේ ගමන පුරුදු පරිදි නිදහසේ හෙමින් සීරුවේ යන්න බලාපොරොත්තු වෙනවා.

පුංචි තිරයෙහි අති සාර්ථක ලෙස විකාශනය වු ඕලූ, පුජා වැනි ටෙලිනාට්‍යය තුලින් ප්‍රේක්ෂක සිත් තුල අමතක නොවන මතක සටහන් එකතු කල ඔහු රිදි තිරයද සාර්ථකව ස්පර්ශ කල දක්ෂ රංගන ශිල්පයෙකු වනවා. ලතින් ඇමරිකානු නර්තනය සම්ප්‍රදාය සහ උඩරට නර්තන සම්ප්‍රදාය ඉතා හොදින් ප්‍රගුණ කල ඔහු විවිධ නර්තනය තරග නියෝජනය කර ජයග්‍රහණය ලබන්නට වාසනාවන්ත වුනා. විලාසිතා නිරූපණයට මෙන්ම නොනිමි වැනි උසස් ඝණයේ නිර්මාණය අධක්ෂණයටද ඔහු උපන් හපනෙකු ලෙස හදුන්වා දිය හැකිය. තවද ව්‍යාපාර කලමනාකාරණය පිළිබදව දැනුමින් පෝසත් වු ඔහුට වර්තමානයේ Elsa සහ Veer සන්නාම තුලින් ව්‍යාපාර ක්ශේත්‍රයට සාර්ථකව එලබෙන්නට හැකි වුනා. මෙකි වතගොත තවත් දැන ගන්නට සුරාජ් මාපා නම් වු දශක ගණනාවක පුංචි තිරයේ ප්‍රේමවන්තයාව සමග කෙරුණු සාකච්ඡාව කියවන්නට අපි Magazine පාඨක ඔබටයි මේ ආරාධනය…

1)සුරාජ්, 2024 අලුත් අවුරුද්දේ අලුත් විස්තර මොනවද?

Covid වසංගතය සහ රටේ ආර්ථික අස්ථාවරත්වය වැනි විවිධ හේතුන් නිසා පහුගිය අවුරුදු කිහිපයේදි සැලසුමකට අනුකූලව වැඩ කිරිමේ හැකියාවක් තිබුනේ නැහැ නමුත් 2024 වසර සැලසුමකට අනුව
වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම වසරේදි මගේ මීලග ටෙලිනාට්‍යය අධක්ෂණය සදහා සුදානම් වෙනවා. දැනට රංගන දායකත්වය ලබා දෙන සුසුම් රස්තියාදුවක්, සර්කස්කාරයෝ සහ උන්මාදිනි
ටෙලිනාට්‍යය තුන සදහා මෙම දිනවල රූපගත කිරිම්වලට සහභාගි වෙනවා. ඉදිරියේදි විදේශ සංචාර කිහිපයක් සදහා කාලය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. එමෙන්ම නර්තන ප්‍රසංගයක් පැවැත්විමට වැඩ කටයුතු සැලසුම් කරගෙන යනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරගත් ආකාරයට සාර්ථකව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

2)මෙම දිනවල පුංචි තිරයෙහි අති සාර්ථකව විකාශනය වන සුසුම් රස්තියාදුවක්, සර්කස්කාරයෝ සහ උන්මාදිනි ටෙලිනාට්‍යය ත්‍රිත්වය පිළිබදව ඔබේ අදහස සහ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබදව කියමුද?

මම සාමාන්‍යයෙන් ලැබෙන හැම නිර්මාණයම භාර ගන්න පුද්ගලයෙක් නෙවෙයි. නිර්මාණයක් භාර ගැනිමේදි පිටපත් රචනය, අධක්ෂණය, ‍නිර්මාණයෙන් සමාජයට දෙන පණිවිඩය, අභියෝගාත්මක චරිත තුලින් ලැබෙන ආත්ම තෘප්තිය වැනි කරුණු පිළිබදව විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා.

උන්මාදිනි ටෙලිනාට්‍යයෙහි මම පෙනි සිටින්නේ ඉතාම අඩු කොටස් ප්‍රමාණයක වුවත් එම චරිතය මුලු නාට්‍යය පුරාම දිවෙනවා. එම චරිතය තුල වෙනස් වු ආකාරයේ චරිත රග දක්වන්නට මට අවස්ථාව ලැබෙනවා. එමෙන්ම සුසුම් රස්තියාදුවක් සහ සර්කස්කාරයෝ ටෙලිනාට්‍යය ද්ව්ත්වයත් මම ඉතාමත් කැමැත්තෙන් භාර ගත් අපූරු පිටපත් රචනයන් සහිත, දක්ෂ කලාකරුවන් රංගන දායකත්වය ලබා දෙන, අති දක්ෂ අධක්ෂකවරුන් දෙපලක් විසින් නිර්මාණය කරන, සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙන ටෙලිනාට්‍යය ලෙස හදුන්වන්න පුලුවන්. මෙම ටෙලිනාට්‍යය ත්‍රිත්වයම සදහාම මා වටා එකතුවෙලා ඉන්න මට ආදරය කරන බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම ඉහල ප්‍රතිචාර ලැබෙනවා.

3)ප්‍රේක්ෂක ජනදරය ඉතා ඉහලින් දිනු නොනිමි ටෙලිනාට්‍යයෙන් පසුව අධක්ෂණකවරයෙකු හැටියට ඔබේ ඊලග පියවර කුමක්ද?

කුඩා දරුවන් සම්බන්ධයෙන් වැඩිහිටියන්ට වැදගත් වු පණිවිඩයක් ලබා දෙන්න උත්සාහ කරන මගේ මීලග ටෙලිනාට්‍යය සදහා මෙම දිනවල පිටපත සුදානම් වෙමින් පවතිනවා. පිටපත සම්පුර්ණ වුවාට පසු රූපගත කිරිම් පිළිබදව සැලසුම් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙම ටෙලිනාට්‍යය විශේෂ වෙනස් විදියේ අත්දැකිමක් ලබා දෙන්න පුලුවන් නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා.

4)සුරාජ්ගේ වැඩි කැමැත්ත රංගනයටද, නර්තනයටද, අධක්ෂණයටද?

මෙම අංශ තුනටම මම එක ලෙස ගරු කරනවා සහ ආදරය කරනවා. රංගනය තුලින් ජිවිතය සහ සමාජය පිළිබදව, නර්තනය තුලින් ස්භාවධර්මයෙහි රිද්මය පිළිබදව මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එමෙන්ම
අධක්ෂණය කියන්නේ හොයාගෙන යන දෙයක් කියලා මම හිතනවා. ඉතින් එක අංශයකට කොටු නොවි හැකි අයුරින් සියලු අංශ ඉදිරියේදි නියෝජනය කරමින් ප්‍රේක්ෂක රසවින්දනය වෙනුවෙන් අර්ථවත් නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

5)සුරාජ් ඔබ ප්‍රේක්ෂක සිත් දිනාගත් කලා කලාකරුවෙකු මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයකුද වෙනවා. ඔබේ ඇගළුම් ව්‍යාපාර කටයුතු පිළිබදව කියමුද?

මම පොඩිකාලේ ඉදලාම විලාසිතා සදහා වැඩි කැමත්තක් දක්වනවා. විලාසිතා නිරූපණ ශිල්පයෙකු වශයෙන් කාලයක් විවිධ සන්නාම නියෝජනය කලා. Elsa සහ veer සන්නාම දෙක යටතේ පිරිමි සහ කාන්තා ඇගළුම් ODEL ආයතනය සදහා මම නිෂ්පාදනය කරනවා. මෙම සන්නාම දෙක ඉදිරියේදි පියවරින් පියවර ඉදිරියට ගොඩ නගා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම ඉදිරියේදි කෘෂි කර්මාන්ත කටයුතු සදහා යොමුවිමට බලාපොරොත්තුවක් තියනවා. Ravan නමින් මම පවත්වාගෙන යන නිෂ්පාදනය ආයතනය මගින් ටෙලිනාට්‍යය සහ ච්ත්‍රපට නිෂ්පාදනය කටයුතු කරන්න සැලසුම් කරගෙන යනවා. කලා කටයුතුවල නියැලෙන ගමන් ව්‍යාපාර කටයුතු සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

6)ව්‍යායාම කටයුතු කිරිම, පෝෂ්‍යදායක ආහාරපාන ගැනිම වැනි නිරෝගි ජිවන රටාවකට අවශ්‍ය මූලික කරුණු පිළිබදව ඔබ වැඩි උනන්දුවක් දක්වනවා නේද?

වෘත්තීය කලා ශිල්පියෙකු සහ ව්‍යාපාරිකයෙකු වශයෙන් අනාගතයේදි එම කටයුතුවල නොනවත්වා නිරතවන්න සෞඛ්‍ය තත්වය හොදින් පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. මහන්සි වෙලා රැකියාවන්වල නිරත වෙන නමුත් ශරීර සෞඛ්‍ය පිළිබදව අවධානය යොමු කරන්නට කාලය කලමනාකාරණය කර ගැනිමට නොහැකිවිමෙන් ලෙඩ රෝග නිසා පීඩා විදින බොහෝ දෙනෙක් මම දැකලා තියනවා. අනාගතයේදි මගේ සෞඛ්‍ය මට්ටමෙහි මොන මොන වෙනස්කම් වෙයිද කියලා කියන්න දන්නේ නැහැ නමුත් ව්‍යායාම කටයුතු කිරිම, පෝෂ්‍යදායක ආහාරපාන ගැනිම මෙන්ම ලැබුන ජිවිතය සතුටින් රස විදිමින්, සැහැල්ලු මානසික සෞඛ්‍යය තත්වයක් පවත්වාගෙන යෑමට මම නිතරම උත්සාහ කරනවා.

7)සුරාජ් වඩා කැමති තනිකඩ ජිවිතයද? ආදරය ගැන ඔබේ අදහස…

බොහෝ දෙනා විවාහ වෙන්නේ ආදරය නිසාද නැතිනම් විවාහ විය යුතුය යන සමාජ මතය නිසාද? යන්න ප්‍රශ්නාර්ථයක් වෙනවා. මගේ අදහස විවාහ නොවි තනිකඩව ඉන්න හෝ ඉක්මනින් විවාහ වෙන්න ඕනේ කියන එක නෙවෙයි. සමාජය අහන ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දෙන්න ඕනේ නිසා මම විවාහ වෙන්න සුදානම් නැහැ. ආදරය දැනෙන, ගැලපෙන කෙනෙක් තෝර ගන්න මට අයිතියක් තියනවා. මගේ ජිවිතය සතුටින් ගත කරන්න සහ ආදරය කියන සුන්දර දෙය විදින්න මම කැමතියි නමුත් මට ගැළපෙන කෙනෙක් ලැබෙයිද නොලැබෙයිද කියලා මම දන්නේ නැහැ. විවාහ ජිවිතය තුල සතුටින් ජිවත් වෙන්න උත්සාහ කරන කෙනෙක් ලැබුනොත් නිවැරැදි තීරණයක් ගන්න මම බලාපොරොත්තු වෙනවා.

8)ඔබව ඉදිරියේදි ප්‍රේක්ෂක අපට දකින්නට ලැබෙන කලා කටයුතු මොනවාද?

මාව පහු කරගෙන ගියපු අය සහ මම පහු කරගෙන ආපු කිසිම කෙනෙක් එක්ක මට තරගයක් නැහැ. වෙනදා වගේම කරන දෙය හරියට කරගෙන වැටුණු තැන් සහ පැරදුණු තැන් වලින් පාඩම් ඉගෙන ගෙන මගේ ගමන නිදහසේ හෙමින් සීරුවේ ඉදිරියේදිත් යමින් ප්‍රේක්ෂක රසාස්වාදය සහ බුද්ධි මට්ටම වැඩි කිරිම වෙනුවෙන් කලා කටයුතුවල නිරත වෙන්න, උසස් තත්වයේ නිර්මාණ සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

අමා නාකන්දලගේ

2024-Feb-05

එදිනෙදා ජීවිතයට කෘතිම බුද්ධියේ බලපෑම

මෑත වසරවලදී, කෘතිම බුද්ධිය (AI) අපගේ එදිනෙදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට පත් වී ඇති අතර, අප වැඩ කරන ආකාරය, සන්නිවේදනය සහ විනෝදාස්වාදය පවා වෙනස් කරයි. Siri සහ Alexa වැනි හඬ සහායකයන්ගේ සිට ප්‍රවාහ වේදිකාවල පුද්ගලාරෝපිත නිර්දේශ දක්වා, AI අපගේ දෛනික චර්යාවන්හි විවිධ පැතිකඩයන් පරිවර්තනය කර ඇත. මෙම ලිපියෙන්, අපි අපගේ ජීවිතයේ විවිධ ක්ෂේත්‍රයන් කෙරෙහි AI හි බලපෑම ගවේෂණය කරන අතර මෙම වේගයෙන් දියුණු වන තාක්‍ෂණය හා සම්බන්ධ විය හැකි ප්‍රතිලාභ සහ අභියෝග සාකච්ඡා කරමු.

AI හි වඩාත්ම කැපී පෙනෙන බලපෑමෙන් එකක් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ දැකිය හැකිය. ස්වභාවික භාෂා සැකසුම් ඇල්ගොරිතම මගින් හඬ සහායකයින්ට අපගේ විධාන තේරුම් ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ලබා දී ඇත, මතක් කිරීම් සැකසීම, තොරතුරු සෙවීම, සහ ස්මාර්ට් නිවාස උපාංග පාලනය කිරීම වැනි කාර්යයන් වෙන කවරදාටත් වඩා පහසු කරවයි. AI බලයෙන් ක්‍රියාත්මක වන chatbots ද පාරිභෝගික සේවා තුළ වැඩි වැඩියෙන් ප්‍රචලිත වී ඇති අතර, පරිශීලකයින්ට ඉක්මන් සහ කාර්යක්ෂම සහය සපයයි.

AI විවිධ කර්මාන්ත හරහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් අප වැඩ කරන ආකාරය විප්ලවීය වෙනසක් සිදු කර ඇත. යන්ත්‍ර ඉගෙනීමේ ඇල්ගොරිතමවලට විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කළ හැකි අතර, ව්‍යාපාරවලට දැනුවත් තීරණ ගැනීමට සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමට උපකාරී වේ. AI මගින් බල ගැන්වෙන ස්වයංක්‍රීය තාක්‍ෂණයන් පුනරාවර්තන කාර්යයන් විධිමත් කර ඇති අතර, වඩාත් සංකීර්ණ හා නිර්මාණාත්මක උත්සාහයන් කෙරෙහි අවධානය යොමු කිරීමට මිනිස් කම්කරුවන් නිදහස් කරයි. කෙසේ වෙතත්, AI අඛණ්ඩව ඉදිරියට යන විට රැකියා විස්ථාපනය සහ ශ්‍රම බලකාය නැවත පුහුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ කනස්සල්ල ද මතු වී තිබේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ, AI හට රෝග විනිශ්චය සහ ප්‍රතිකාරය පරිවර්තනය කිරීමේ හැකියාව ඇත. යන්ත්‍ර ඉගෙනීමේ ඇල්ගොරිතම මගින් වෛද්‍ය රූප සහ රෝගීන්ගේ දත්ත විශ්ලේෂණය කිරීමට, රෝග හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට සහාය වීමට සහ පුද්ගලාරෝපිත ප්‍රතිකාර සැලසුම් සකස් කිරීමට හැකිය. AI බලයෙන් ක්‍රියාත්මක වන පැළඳිය හැකි උපාංගවලට අත්‍යවශ්‍ය ලකුණු නිරීක්ෂණය කිරීමට සහ තත්‍ය කාලීන සෞඛ්‍ය ප්‍රතිපෝෂණ ලබා දීමට හැකි වන අතර, පුද්ගලයන්ට ඔවුන්ගේ යහපැවැත්ම සඳහා ක්‍රියාශීලී පියවර ගැනීමට බල ගැන්වීමට හැකිය. කෙසේ වෙතත්, පෞද්ගලිකත්වය සහ AI ඇල්ගොරිතමවල පක්ෂග්‍රාහී වීමේ විභවය වැනි සදාචාරාත්මක සලකා බැලීම් සෞඛ්‍ය සේවයේ මෙම තාක්ෂණය වගකීමෙන් භාවිතා කිරීම සහතික කිරීම සඳහා ප්‍රවේශමෙන් අවධානය යොමු කළ යුතුය.

AI විනෝදාස්වාදය සහ මාධ්‍ය පරිභෝජනය කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇත. Netflix සහ Spotify වැනි ප්‍රවාහ වේදිකා පරිශීලකයන්ගේ මනාපයන් මත පදනම්ව පුද්ගලාරෝපිත නිර්දේශ සැපයීමට AI ඇල්ගොරිතම භාවිතා කරයි, සමස්ත පරිශීලක අත්දැකීම වැඩි දියුණු කරයි. AI මගින් බල ගැන්වෙන අතථ්‍ය යථාර්ථය සහ වැඩිදියුණු කළ රියැලිටි තාක්ෂණයන් ගිලී යන ක්‍රීඩා අත්දැකීම් සහ අන්තර්ක්‍රියාකාරී කථා කීම සඳහා නව මංපෙත් විවර කර ඇත.

එදිනෙදා ජීවිතයට AI හි බලපෑම නිසැකවම පරිවර්තනීය වන අතර, එය ආමන්ත්‍රණය කළ යුතු අභියෝග ද මතු කරයි. රහස්‍යතා අවශ්‍යතා, ඇල්ගොරිතම නැඹුරුව සහ AI තීරණ ගැනීමේ සදාචාරාත්මක ඇඟවුම් යනු ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු ගැටළු කිහිපයක් පමණි. AI සමස්ත සමාජයටම ප්‍රතිලාභ ලබා දෙන බව සහතික කිරීම සඳහා තාක්‍ෂණික දියුණුව සහ මානව වටිනාකම් අතර නිවැරදි සමතුලිතතාවය ඇති කිරීම ඉතා වැදගත් වේ.

අවසාන වශයෙන්, එදිනෙදා ජීවිතයට AI හි බලපෑම අවිවාදිත ය. සන්නිවේදනය සහ රැකියාවේ සිට සෞඛ්‍ය සේවා සහ විනෝදාස්වාදය දක්වා, AI අපගේ ජීවිතයේ විවිධ පැති පරිවර්තනය කර ඒවා වඩාත් පහසු සහ කාර්යක්ෂම කර ඇත. කෙසේ වෙතත්, මෙම තාක්‍ෂණය මානව වර්ගයාගේ හොඳම අවශ්‍යතා සඳහා සේවය කරන බව සහතික කරමින්, AI හා සම්බන්ධ අභියෝග වගකීමෙන් සහ සදාචාරාත්මකව සැරිසැරීම වැදගත් වේ.

අහිමි හිමිකරු

2024 – Jan – 15

HI EVERYONE

GIVE A PENCIL PROJECT – GAPP

MY NAME IS RAAJIV “DYIYA” WANIGASEKERA. I AM THE FOUNDER OF GIVE A PENCIL

PROJECT (GAPP) INITIATIVE.

MY BACK GROUND -I WAS EDUCATED AT S. THOMAS’ COLLEGE MT. LAVINIA. I SERVED IN THE

SRI LANKA ARMY AND RETIRED AS A MAJOR OWING TO INJURIES SUSTAINED IN COMBAT. I

AM A GRADUATE FROM THE PAKISTAN ARMY. I SERVED WITH THE ELITE TANK REGIMENT

AND WAS ALSO ATTACHED TO THE SPECIAL FORCES. HAVING LEFT THE ARMY I HAVE

WORKED AT BRANDIX AS GROUP HEAD OF COMMUNICATION AND AT UNITED MOTORS / TVS

HEADING HR & ADMINISTRATION. PRESENTLY I WORK AN OUTDOOR TRAINER WORKING IN

THE REGION WITH TOP CORPORATES/ MULTI NATIONALS / SCHOOLS & UNIVERSTIES OTHER

ENTITIES

MY LIFESTYLE -I AM AN OUTDOOR BUFF AND I ENGAGE IN MANY OUTDOOR ACTIVITIES

SUCH AS KAYAKING, HIKING, CAMPING, MOUNTAIN BIKING, ABSEILING ETC. MY WORK AND

LIFE STYLE ALWAYS HAD ME TRAVELLING TO MANY BEAUTIFUL AND REMOTE PLACES IN SRI

LANKA.

WHAT INSPIRED ME -ON SUCH TRAVEL I CONSTANTLY MEET CHILDREN OF VARIOUS AGES

WHOM I TREAT TO WITH SWEETS, SOMETIMES WITH THEIR SCHOOL SUPPLIES AND EVEN

FOOD ITEMS. SOMETIMES I PONDER AS TO HOW UNFAIR LIFE IS WHEN I SEE CHILDREN WHO

DON’T GO TO SCHOOL AND WHO DOESN’T HAVE AN EDUCATION OWING TO THEIR FAMILY’S

STATUS AND WHAT I CAN DO TO MAKE A CHANGE….

THAT EUREKA MOMENT -ONE DAY WHEN I WAS AT A WORK SHOP, A THOUGHT CAME TO

MY MIND WHEN I WAS FIDGETING AROUND WITH A PENCIL. I REALISED THAT I HAD SO

MANY PENCILS AND HOW ONE PENCIL CAN CHANGE A LIFE. I THOUGHT OF GIVING AWAY

SOME TO THE CHILDREN I RANDOM MEET DURING MY TRAVELS. EUREKA! THE GAPP

PROJECT WAS THUS BORN.

HOW I SET ABOUT IT – SO I COLLECTED ALL THE PENCILS FROM THAT SEMINAR, SPOKE TO

FAMILY AND FRIENDS, SET UP A FACEBOOK PAGE AND STARTED COLLECTING PENCILS.

OVERNIGHT I WAS BOMBARDED WITH SO MANY PENCILS. PEOPLE GAVE ME NEW PENCILS

AND USED PENCILS. SOME ADDED ERASERS AND SHARPENERS AND COLOURED PENCILS TOO.

CHILDREN WHO CAME TO KNOW ABOUT THE PROJECT HAPPILY GAVE AWAY THEIR

COLLECTION OF NEW AND USED PENCILS AS WELL.

THERE YOU GO…. THAT’S THE HISTORY OF GIVE A PENCIL PROJECT.

GIVE A PENCIL PROJECT

THE MOTIVE BEHIND GAPP – I ADDED THE BELOW AS THE MAIN FOCUS AREAS AND HOW IT

WILL HELP A CHILD AND INTURN THE COMMUNITY AND THE COUNTRY

 BY GETTING PEOPLE TO WRITE

 TO BE CREATIVE – ART / POETRY

 LIMIT POLLUTION BY WAY OF REDUCING THE USE OF PLASTIC PENS

COLLECTION METHODOLOGY – COLLECTION OF PENCILS HAPPENS THROUGH A FEW

COLLECTION POINTS SET UP WITH SOME FRIENDS IN THEIR OFFICES. SOME DIRECTLY SEND

ME TO MY RESIDENCE. WE HAVE HAD STALL SET UP AT FAIRS / CARNIVALS AND POP-UP

STALLS AND SOME CHARITY EVENTS TOO

THE GIVE AWAY INVENTORY – TO DATE MY FAMILY AND FRIENDS HAVE COLLECTED AND I

HAVE DISTRIBUTED PENCILS, COLOURED PENCILS, ERASERS AND SHARPENERS TO CHILDREN

ALL OVER THE COUNTRY. FURTHER, WE HAVE SENT PENCILS PACKS TO ORPHANAGES,

MONTESSORI’S AND PRESCHOOLS AS AND WHEN REQUESTED BY FRIENDS AND

ORGANIZATIONS

THE NUMBERS DESTRIBUTED AS OF 15 DEC 2023 ARE AS BELOW

 LEAD PENCILS – 16,450 NOS – AVERAGE OF 3 PENCILS PER CHILD

 COLOUR PENCIL (6 PACK) – 2125 NOS

 COLOUR PENCILS (12 PACK) – 1515 NOS

 ERASERS – 3233 NOS

 SHARPENERS – 2450 NOS

WE HAVE GIVEN AWAY IN BULK THE USED PENCILS TO PRESCHOOLS AND MONTESSORI’S

AND HAVE NOT KEPT TRACK OF THE NUMBERS BUT IT’S DEFINITELY OVER 7000 PENCILS AND

COLOUR PENCILS

INVENTORY IN HAND – AT ANY GIVEN MOMENT MY VEHICLE CARRIES PENCIL PACKS FOR 50

CHILDREN. THE STOCK IN HAND AS OF 15 DEC 2023 IS

 LEAD PENCILS – 6410 NOS

 COLOUR PENCIL (6 PACK) – 54 NOS

 COLOUR PENCILS (12 PACK) – 128 NOS

 ERASERS – 160 NOS

 SHARPENERS – 160 NOS

THE BACK BONE OF THE PROJECT – THIS PROJECT IS KEPT ALIVE FROM THE CONTRIBUTIONS

MADE BY FAMILY, FRIENDS AND THOSE WHO HAVE HEARD OF GAPP THROUGH SOCIAL

MEDIA AND OTHERS FROM ALL OVER THE WORLD. SOME PROJECTS HAVE BEEN CAPTURED

ON STILL AND VIDEOS AND SOME, THE DONORS WHO SPONSORED THE SPECIFIC

CONTRIBUTION WISHED TO REMAIN ANONYMOUS.

HOW YOU CAN SUPPORT THIS INITIATIVE – YOU CAN JOIN THIS CAUSE BY CONTRIBUTING BY

SENDING US NEW OR USED PENCILS / COLOUR PENCILS / SHARPENERS AND ERASERS AND

PENCIL CASES

IN CASE YOU WISH TO MAKE A CASH CONTRIBUTION THE PRICE LIST IN LKR IS AS BELOW

 LEAD PENCIL / ERASER / SHARPENER SET – LKR 55/- (A SPECIAL RATE OFFERED)

 6 COLOUR PENCIL PACK – LKR 180/-

 12 COLOUR PENCIL PACK – LKR 340/-

 PENCIL CASE – LKR 90/-

CONTACT DETAILS -DO CONTACT ME ON +94 770 778855 OR +94 717 778855 / EMAIL –

raajiv@adventure.lk FOR MORE DETAILS OR YOU MAY CONTACT ISHAN WHO IS BASED IN UK

(DETAILS BELOW) WHO HAS BEEN A SOURCE OF INSPIRATION AND A CONTINUOUS DONOR

TOWARDS THE GAPP INITIATIVE

ISHAN KARU

0044 7574512875

ishankaru@yahoo.co.uk

WISHING YOU LOVE, PEACE AND JOY DURING THIS CHRISTMAS SEASON

WARM REGARDS

RAAJIV “DYIYA” WANIGASEKERA

15 DEC 2023

FACEBOOK LINK – https://www.facebook.com/giveapencilproject?mibextid=zbwkwl

2024 – Jan – 12

1970 ලව් ස්ටෝරි

~ නොමියෙන ආත්මීය ප්‍රේමයේ මායාත්මක සිනමා ආමන්ත්‍රණය ~

" නිකිණි වැස්ස ", " Happy Birthday " හා " මාරියා " වැනි ජනාකර්ෂණීය මෙන්ම ගුණාත්මක

භාවයෙන්ද තෘප්තිමත් සිනමාපටයන් නිර්මාණය කරමින් හෙලවුඩ් සිනමා වංශ කතාවට

නැවුම් ආක්‍යානයක් තිළිණ කරමින් ජාතිකව හා ජාත්‍යන්තරව අනේකවිද ඇගයීම්වලට

මෙන්ම ගෞරවාදරයට පාත්‍ර වෙමින් හෙලවුඩ් සිනමාව ජාත්‍යන්තර සිනමාව හමුවේ

අභිනන්දනයට මං සැලසූ ශ්‍රී ලංකා තිරරචකයින්ගේ සංසදයේ වර්ථමාන සභාපතීත්වය

උසුලන ප්‍රවීණ තිරපිටපත් රචකයෙකු මෙන්ම ශ්‍රී ලංකා සිනමා අද්‍යයක්ෂකවරුන්ගේ

සංසදයේ විධායක කමිටු සාමාජිකත්වය උසුලන ප්‍රවීණ අදියුරුවරයෙකුද වන අරුණ

ජයවර්ධනයන් විසින් තිරරචනය සකස්කොට අද්‍යයක්ෂණය කරනු ලැබූ " 1970 Love Story "

සිනමාපටය එළඹෙන ජනවාරිය මද්‍යයේ සිට " Scope Cinema " සිනමා බෙදාහැරීමේ

මණ්ඩලයට අයත් සියළු සිනමාශාලාවන් ඇතුළු දිවයින පුරා පිහිටි සිනමාහල් හතළිකදී

පමණ අපගේ දේශප්‍රේමී සිනමාලෝලීන් අභිමුඛයට පැමිණවීමට අවැසි සියළු කටයුතු

සාර්ථකව සූදානම්වෙමින් පවතින බව ඉතාමත් ප්‍රමෝදයෙන් යුතුව ප්‍රකාශ කිරීමට

කැමැත්තෙමි.

2023 වර්ෂයේ මාර්තුවේදී පැවති " Aura Lanka DGSL සිනමාභිමාන – 2023 " සිනමා

වසන්තයේදී අතිසාර්ථකව ජනාකර්ෂණය දිනාගනිමින් තිරගත කෙරුණු එක් සිනමා

පටයක් වූ “ 1970 Love Story “ නැරඹීමට මාගේ නෙතු යුගලද වාසනාවන්ත වීම ඉහත

සඳහන් කරනලද ප්‍රමෝදයට හේතුව ලෙස දැක්වීමට කැමැත්තෙමි.

ඉඳුරාම ප්‍රකාෂ කළහොත් එම සිනමාපටය මෙතුවක් කාලයක් පුරාවට හෙලවුඩ් සිනමා

වංශකතාව තුළට එකදු පහදු වූ වීරයා, පෙම්වතිය හා දුෂ්ඨයා කේන්ද්‍රකොටගත්

තුන්කොන් ප්‍රේමාන්දරයකට හාත්පසින්ම වෙනස් නැවුම් ප්‍රස්තූතයක් අන්තර්ගත වූවකි.

ආලය, අනුකම්පාව, තණ්හාව, ඊර්ෂ්‍යාව, කෝපය, විරහව, සාංඛාව, කාංසාව, සංතාපය,

ත්‍රාසය, භීතිය, කුතුහලය, විනෝදය ආදී වූ සකලවිධ මනු සංතානයන්හි නෛසර්ගිකව

පහළවන්නා වූත් නිරන්තරයෙන් වෙනසට බඳුන් වන්නා වූත් අතිශය සංකීර්ණ වූත්

අතිශය සියුම් වූත් මනෝභාවයන් මහත් සංයමයකින් යුතුව රිදී තිරය මත ප්‍රක්ශේපනය

කිරීමට ප්‍රදාන හා අනු චරිතයන් නිරූපණය කරන්නා වූ සියළු රංගන ශිල්පීන් විසින්

පාන්නා වූ සමර්ථභාවය එය දෑසින් විඳ මනසින් කියවාගැනීමට සමර්ථභාවයක් ඇත්තා

වූ සියළු ප්‍රේක්ෂකයන්ගේ සම්භාවනාවට බඳුන් විය යුතුයැයි තරයේ ප්‍රකාශ කිරීමට

කැමැත්තෙමි.

විදේශීය සිනමාපටයන්හි දක්නට ලැබෙන ආකාරයේ ඉහළ ගුණාත්මක භාවයකින් යුත්

ක්‍රියාදාම ජවනිකා හා දෘශ්‍ය ප්‍රයෝගයන් සිනමාපටය ගලාගෙන යන රිද්මයට හා ඉන්

ප්‍රේක්ෂකයාගේ මනස තුළ උපද්දවන භාවයන්ගේ තාත්වීකරණයට දශමයකුදු හානියක්

නොවෙන අයුරින් සංගෘහිත අනුපිළිවෙලකට ඇතුළත් කිරීම ඉතාමත්ම ප්‍රශංසනීයයි.

මේ සඳහා සිනමාපටයේ තාක්ෂණික කාර්ය මණ්ඩලය, කැමරා ශිල්පීන් මෙන්ම

සංස්කාරකවරුන්ද මහත් වගකීමකින් හා ප්‍රවේශමකින් යුතුව කටයුතුකොට ඇති බව

විෂයානුබද්ද දැනුමැති කවරෙකු හටත් පහසුවෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණාවකි.

ඩ්‍රාමා, රොමෑන්ස්, හොරර්, ත්‍රිලර් ක්ෂානරයේ සිනමාපටයක් සඳහා දර්ශීය උදාහරණයක්

වන මෙම සිනමාපටය හෙලවුඩ් සිනමා වාංශ කතාවේ තවත් එක් සුවිශේෂී කඩඉමක්

බැවින් සියළු සම්ප්‍රධායික ගතානුගතික රාමු අභිබවා අනාගත ලෝකය සමඟින් මැනවින්

යාවත්කාලීන වන නැවුම් අනාගත හෙලවුඩ් සිනමාවක පහස විඳීමට කැමති සියළු

දේශානුරාගී සිනමාලෝලීන් සඳහා මෙම දැවැන්ත ආකර්ෂණීය ගුණාත්මක සිනමාපටය

නුදුරේදීම නැරඹීමට අවස්ථාව උදාවීම ඔවුන් ලත් භාග්‍යයකි.

හෙලවුඩ් සිනමා කර්මාන්තයේ අනාගතය පිළිබඳ සාධනීය අපේක්ෂාවන් ඇති කරවන

මෙවන් ප්‍රශස්ථ සිනමා භාවිතාවක් සමඟින් නැවතත් හෙලවුඩය වර්ණවත් කිරීමට අවැසි

සියළු හේතු සම්පත් සැලසේවායි අරුණ ජයවර්ධනයන් අතුළු සමස්ථ නිෂ්පාදන කාර්‍ය

මනඩලය වෙත මුළු හදින්ම සුභාශිංශන එක්කරමි.

….* රංගන ධායකත්වය *….

හේමාල් රණසිංහ

ගම්‍යා විජයදාස

මහේන්ද්‍ර පෙරේරා

බිමල් ජයකොඩි

අශාන් ඩයස්

සඳනි ප්‍රනාන්දු

සරත් කොතලාවල

සමන් හේමරත්න

ලසන්ත උඩුකුඹුර

2024 – Jan – 11

රජ මා වතින් අවා රේ වන්දනා ව

2 කො ටස

අපේ නඬය ගෙ ත්තම්පා න අසලට පැ මිණෙ න විටත් අඳුර හතරවටින් ගලා ඇවිත්…. ගෙ ත්තම්පා න මම

දකින්න පෙ රු ම් පීරු තැ නක්.. බුදුන් වහන්සේ සමනළ කන්ද නගිද්දී සිවුර ඉරිගිය නිසා එක් ස්ථා නයකදී

නැ වතී සිවුර මසා ගත් බවත්, එනිසා එම ස්ථා නය ගෙ ත්තම්පා න නමින් එදා සිටම හැ ඳින්වෙ න බවත්

ජනප්රවා දයේ සදහන් වෙ නවා … එක් ජනප්රවා දයකට අනුව පැ වසෙ න්නේ පර්වතය මත වැ ඩසිට

ඉරීගිය තම චීවරය උන්වහන්සේ පර්වතය මත එලු පසු, එය දුටු මා රයා බුදුන් වහන්සේ විනා ශ කිරීමට

විශා ල ජල ධා රා වක් කඳු මුදුණින් මවා පහළට එවූ බවත්, මහත් වූ වේ ගයකින් පහළට ඇදී ආ ජලකඳ

බුදුන් වහන්සේ වැ ඩ සිටි තැ නින් දෙ කට බෙ දී පහළට ගැ ලූ බව කියවෙ නවා …

ඝණ අන්දකා රයත් වර්ෂා වත් මැ දින් ටො චි එළි ආලො කයෙ න් සීත ගඟුලත් ( කුරු ගඟ ) ධර්මරා ජ ගලත්

පසු කරන්නට සිදුවුවෙි හිතේ කණගා ටුවක් එක්ක… දැ කගන්න තවත් ආස කල ස්ථා නයක්, රා ත්රියෙ එ

ගල් පඩි ගණන් කරමින් මං නැ ග ගියෙ ආයෙ ත් දවසක එන බව අදිටන් කරගනිමින්… ගල් පර්වතයේ

කපන ලද පියගැ ට පෙ ළ සියයකට අධික ප්රමා ණයක් හමුවෙ නවා …. එ ස්ථා නයෙ එක්තරා කා ලයක

ධර්මරා ජ නම්, තා පසයකු වා සය කළ බවත්, එතුමා වෙ ද වනරා ජ පෙ රු මා ල් නම් ආරච්චිගේ උදව් ඇතිව

මෙ ම පියගැ ට පෙ ළ කරවූ බවත් ධර්මරා ජ නමි සෙ ල්ලිපියේ සඳහන් වෙ න බව පැ වසෙ නවා …. මෙ ම

සෙ ල් ලිපිය සමඟ එහි තා පසතුමා ගේ රු වද කො ටා ඇති බවයි පැ වසෙ න්නේ … කෙ සේ වුවත් සෙ ල්

ලිපිය නමි පර්වතය පා මුල පසට යටවි ඇති බවයි පැ වසෙ න්නේ ..

ආඬියා මලතැ න්න අමිබලමෙි රා ත්රිය ගත කරන්න සැ ලසුමි කර සිටියත් වර්ෂා වත් හෙ මින් ගමන නිසා

කා ලය ගෙ වි යා මත් හෙ තුවෙ න් එදා රා ත්රිය හැ රමිටිපා න අමිබලමෙි ගත කරන්න යො ජනා උනා …

හැ රමිටිපා න අමිබලමට එන අතරමග තවත් අමුත්තෙ ක් දැ ක ගත හැ කි උනා … අවදා නයෙ න් නො ගියා

නමි කණ්ඩා යමෙි ඉදිරියෙ න් ගිය කෙ නෙ ක්ට අනතුරක් සිදු වෙ න්න ඉඩ තිබුණා … මෙි ඉතිං එයා ලා ගෙ

කා ලය. අපි යන්නේ අවා රේ පො ලො න් තෙ ලිස්සෙ ක් අපට ඇස ගැ ටුණේ එ විදිහට.. එ විතරක් නෙ වෙ යි

නිකි බලු යා ළුවා ත් එක් තැ නකදි කටුස්සෙ කුට බියවි බුරා ගෙ න අපි අතරට පැ න්නේ මා ව නමි හො දටම

බය කරලා …

වැ ස්සෙ තෙ මිලා හො දටම තෙ හෙ ටිටුවෙ න් හැ රමිටිපා න අමිබලමට පැ මිණි අපට වෙ හෙ සට වඩා

තිබුණේ කුසගින්න… ඇගපත සො දා ගෙ න ඉක්මනින් රැ ගෙ න පැ මිණි පා න්, සිනිසමිබල් , ජැ මි, බටර්,

සො ස් සියල්ල ලං කරගත්තේ කො පි එක නිවෙ න්න කලින් කා ලා බිලා නිදා ගන්න….

පසුදා පා න්දරම නැ වත කරු ණා කරන්න කතිකා කර ගත්තත් කිසිවෙ කුත් ගමන ඉක්මන් කලෙ නැ

නැ වත.. එ නිසා ම උදැ සන ආහා රයත් හැ රමිටිපා න අමිබලමෙි සිටම රැ ගෙ න යන්න සුදා ණමි උනේ මෙි

හිමිදිරියෙ ඈතින් ඉද අපට අඬගසන සමනො ළ කන්ද දිහා බලා ගෙ නමයි…. විටින් විට සුදු සේ ද

සළුවකින් වසා ගන්නවා වගෙ මීදුම අස්සෙ න් ඉඟි බිඟි පා න සමනො ළ ඟිර දිහා බලා සිටියදි වෙ ලා ව

ගතවි තිබුණේ අපටත් නො දැ නිමයි..

7kmදි හමුවන හැ රමිටිපා න සිය වන්දනා ගමන සා ර්ථක වුවහො ත් සමන් දෙ වියන්ට හැ රමිටියක් පූජා

කරන බවට අතීතයේ දී වන්දනා වේ ගිය බැ තිමතුන් පො රො න්දු වූ බව ජනප්රවා ද වල කියවෙ නවා ….

මෙි කියන ස්ථා නයේ ඇති ප්රපා තා කා ර බෑ වුම නිසා හැ රමිටිවල ආධා රයෙ න් බැ තිමතුන් කන්ද නැ ග

යන්නට ඇතැ යි සිතන්නට පුළුවන්.. දම්වැ ල්වල එල්ලී නැ ගීමට තිබුණු මහ ගිරි දඹය පා මුල පිහිටි මේ

කො ටසට නැ ග යැ මට හැ රමිටි භා විතා කරන්නට ඇති එ කා ලයෙ …. ඒ හැ රමිටි කඳු පර්වත අසල

ගො ඩ ගැ සෙ න්නට ඇති…. ඉතිං හැ රමිටි ගො ඩක් ගො ඩගැ සුනු නිසා එ ස්ථා නය හැ රමිටිපා න නමින්

ව්යවහා ර වූ බව ජනප්රවා ද වල සදහන් වෙ නවා .. අවා රේ යන මම බා ර උනා වා රේ දි නැ වතත්

හැ රමිටියක් පුජා කරන්න…

හැ රමිටිපා න අමිබලමට 50mක් පමණ දුරින් ගල්වං ගෙ ඩිය හමු වෙ නවා . එ ගැ න හරිහැ ටි සදහනක්

නැ .. විශේ ෂත්වය තමයි ශ්රී පලා බද්දල මා ර්ගය හා කුරු විට එරත්න මා ර්ගය එකට හමුවන ස්ථා නය

මකර තො රණට පහලින් විම… මකර තො රණ පිහිටි ශ්රි වනරතන විවෙි කා රා මය පසු කර ඉහලට

කරු ණා කල මම නමි මෙි පා රා දිසයේ අතරමං උවත් සැ පයක්යැ යි සිතෙ න තරමි සුන්දරත්වයට වශි

උනා ….. ඇත්තමයි අවා රේ අඬවිය කියන්නේ දිව්යලො කයක්…. ඉල්ලන්නේ එක දෙ යයි මෙි දිව්යලො කය

ආරක්ෂා කරන්න පන මෙ න්….. මෙි ගස් කතා කරනවා … ඉහලට නැ ඟි සුළග මීදුම එක්ක වෙ ලි ඔවුන්

කතා කරනවා … නෙ කවිද කුරු ළු ශබිද සවනත පිනවන්නේ අමුතුමවු මිහිරියා වකින්… නවතින්නමයි

හිත..

වා සනා ව කියන්නේ අපේ නඬෙි හදිසිකා රයො නො මැ ති විමයි… පරිසරය විදින ගහා කො ළට සතා

සිවුපා වුන්ට ආදරය දක්වන පිරිසක් මා වටා සිටිම ගැ න මම ස්තුති වන්ත වෙ න්නේ මෙි විශ්වයට…

මැ ල්ලමළ කඳුර පසු කර ආඬියා මලතැ න්න අමිබලම අසලට පැ මිණෙ න ගමන් මා ර්ගය නමි

දිව්යලො කයක්… අඬවියටම ආවෙි නිකවු මල් වලින් පා ර දෙ පසම අලං කා රවි තිබුණේ හරියට අපිව

පිළිගන්න වගේ …. එ තරමි දැ ස් වශි වන සුන්දරත්වයක්… දිය ඇලි ලො කයක්.. වනමල් වලින් පා ර

දෙ පසම අලං කා ර කර තිබුණේ පඩියක් පඩියක් ගා නේ මගේ දෙ පා නතර කර එ සුන්දරත්වය විදින්නම

සො බා දහම දුන් තැ ග්ගක් වගේ ….

මැ ල්ලමළ කඳුර පසු කරන් මුළු දුරින් 7.7kmක් පමණ ගමන් කල පසුයි ආඬියා මලතැ න්න අමිබලම හමු

වන්නේ . මෙි ස්ථා නය පිළිබදවත් කතා වක් තිබෙ නවා .. සීතා වක දෙ වැ නි රා ජසිං හ රජතුමා ගේ කා ලයේ දී

ශ්රී පා දස්ථා නයේ පා ලනය ශිව දෙ වි භක්තිකයන්ට පවරා තිබෙ නවා … දේ වා ලවල වතා වත් කිරීම

සඳහා ශ්රී ලං කා වට පැ මිණි හින්දු තා පසයන් එවක හඳුන්වන ලද්දේ ආඬි යන නමින්.. ඔවුන් මෙ හි

පැ මිණ ඇත්තේ දකුණු ඉන්දියා වේ “ආන්ද්ර” දේ ශයෙ න්… ඔවුන්ට සන්නා සි කියලත් කියවෙ නවා …. ඉතිං

මෙි සන්නා සියන්ගේ නා යකයා මියගිය ස්ථා නය ආඬියා මල තැ න්න නමිනුයි ජනවහරේ සඳහන්

වෙ න්නේ …..

මම එ අසලට පැ මිණෙ න විට උදැ සන 9.48යි… එහි සිට 1km පමණ දුරක් යා යුතුයි මළුවට… ලග ලගම

පෙ ණෙ න ශ්රිපා දස්ථා නය දිහා බලා ගෙ න ලො කේ ලස්සනම පඩිපෙ ළ දිගේ මීදුම අතරින් ඇවිද යනවා

කියන එක මගේ ජිවිතේ මං ලබපු වචනයෙ න් විස්තර කල නො හැ කි අත්දැ කීමක්.. ඇත්තටම කදු කතා

කරනවා …. පඩි එකින් එක නැ ඟගෙ න මම ඇවිද ගියෙ දෑ සින් එ චමත්කා ර දර්ශනය නිසා ඇතිවු

සතුටට කදුළු කැ ට කීපයක් පිට පනිද්දි… මගෙ හදවත බදු මා ප්රිය කරන පෙ මි කරන අඬවිය… එ

සුන්දරත්වයෙ පහස විදින්න මො නතරමි නමි මම හීන දකිනවා ද…. අවා රයෙ සිරිපා මළුව සිපගෙ න

හමන මද සුළගත් ගතේ හැ පි යද්දි දැ නෙ න සැ ණසීම කියා නිම කල නො හැ කියි… වසනා වට වර්ෂා වෙ න්

කිසිදු බා දා වක් නෑ …

ඇහැ ල කණුව අඩි දෙ කක් පමණ උස සිලින්ඩරා කා ර ගලින් නිමැ වුණු ස්ථම්භයක්, එත් මෙ දා දැ කිය

හැ ක්කේ කො ටස් දෙ කක් වශයෙ න්…. අතීතයේ දී මෙ හි තිබෙ න්නට ඇත්තේ ඇහැ ළ ලීයෙ න් තැ නූ

කණුවක් හො ඇහැ ල ගසක් විය හැ කියි… වන්දනා කරු වෝ මෙි ස්ථා නයෙ දි තමයි සුදු පිරු වට

අදින්නේ ….. තව මං අහලා තියනවා චා රිත්රයක් විදිහට ඇහැ ළ කණුවේ දී වන්දනා කරු වෝ හුණු

තවරන බවක්…

ඇහැ ල කණුව , හුලං කපො ල්ල , මහා ගිරිදබය පසු කර මම මළුවට පැ මිණියෙ තනිවම… මගෙ නඬයෙ

දෙ දෙ නෙ ක් කලින්ම මළුවට කරු ණා කරලා … ඉතිරි අය හෙ මින් එන තෙ ක් මම මහා ගිරිදබ කරු ණා

කලා ඉක්මනින්… සුමන සමන්දෙ විහා මුදුරු වනේ ගෙ පිහිටෙ න් කිසිදු කරදරයක් නො මැ තිව වන්දනා

කරගත්තා අවා රේ සිරිපා කරු ණා ව…. ඉතිං මට නවතින්නමයි හිත… එත් නැ වත යා යුතුයි ගමිබිමි

කරා … නැ වත පහලට කරු ණා කරන්න සඳගලතැ න්න මා ර්ගය වෙ ත පැ මිණියෙ නැ වත නැ වතත් උඩ

මළුව දෙ ස හැ රි බලන ගමන් වා රේ ත් මම එන බව සිතා ගෙ න අඬවියෙ සුන්දරත්වයෙ න් මුළු හදවතම

පුරවා ගෙ න….

ස්තුතිවන්ත වෙ නවා මගෙ මිතුරන්ට වගෙ ම මෙි ගමන යන්න අවශ්ය තො රතුරු ලබා දුන් මිත්රයන්ට….

ඉල්ලන්නේ එක දෙ යයි… යන්න විදින්න වන්දනා කරන්න එත් මෙි සුන්දර පරිසරය විනා ස කරන්න එපා ..

ප්ලා ස්ටික් පො ලිතින් වලින් තො රව එන්න.. තමන් ගෙ නෙ න ප්ලා ස්ටික් පො ලිතින් මෙි පරිසරයට

මුදා හැ රීමි නො කර එවා නැ වත රැ ගෙ න යන්න… රකින්න මෙි අපේ රටෙි සුන්දරත්වය.

නිසංසලා රණසිංහ

2024 – Jan – 10

ලෝකයේ කාලීන  පුවත් එසැනින් අකුරු කරන, කටකාර තරුණයා 

THILAN JAYASEKARA

තිලාන් ගෙ නම ගම පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

 මගේ සම්පූර්ණ නම තිලාන් දර්ශන ජයසේකර. පවුලේ විස්තර විදියට කියන්න තියෙන්නේ මම එංගලන්තයේ ජීවත් වෙන්නේ මගේ බිරිඳත් එක්ක. ඒ වගේම ලංකාවේ මගේ අම්මා තාත්තා එකම සහෝදරයා ජීවත් වෙනවා. මම එක්සත් රාජධානියට සංක්‍රමණය වෙලා ටික කාලයක් වෙනවා. ඉතිං ඒ විදියට තමයි මගේ පවුලේ විස්තර 

ඔබ ජනමාද්‍යවේදීයෙක්. මේ ගමන්මඟේ ඇරඹුම කොහොමද සිද්ධ වුණේ ?

ඒක නම් කොහොම කොතනදි ආරම්භ උනාද කියන්න හරියටම දන්නේ නෑ. මම කැම්පස් කාලේ ඉඳලම මාධ්‍ය වලට සම්බන්ධ වෙලා කටයුතු කරා. විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යත් එක්ක. පස්සේ අමාත්‍යාංශයකට සම්බන්ධව මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්වරයෙක් විදියට කටයුතු කරන්න ලැබුනා. දැන් නම් ඉතිං නිදහස් මාධ්‍යවේදියෙක් විදියට ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයක් සමඟත් සමාජ මාධ්‍ය වලත් වැඩ කරමින් ඉන්නවා.

තිලාන් ලංකාවෙන් පිට ඉන්න ජනමාද්‍යවේදීයෙක් විදියට, ලියන්න සහ අදහස් පළකරන්න  තියෙන නිදහස ගැන කොහොමද දැනෙන්නේ ?

ඒක නම් අති විශිෂ්ඨයි. විශේෂයෙන්ම මම ලංකාවේ වගේම එංගලන්තයේත් දේශපාලනය ගැන, තත්කාලීන වෙනස්කම් ගැන නිතරම ලියන කෙනෙක් විදියට හරිම නිදහසක් මට දැනෙනවා ඕනි දෙයක් බය නැතුව ලියන්න පුළුවන් වීම ගැන. අපි දන්නවා ලංකාවේ දේශපාලනය ගැන කතා කරන්න ලියන්න තියන නිදහසට පවතින සීමාවන් ගැන. ඒත් එක්සත් රාජධානිය වගේ රටක ඉද්දි අපිට ඇත්ත තොරතුරු ඒ විදියටම ලියන්න අවශ්‍ය වටපිටාව හොඳටම නිර්මාණය වෙලා තියෙනවා.

ඒ වගේම විදෙස් මාධ්‍ය ගත්තත. ලංකාවේ මාධ්‍ය සමඟ සංසංදනය කරනකොට මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සැහෙන්‍න දුරට රකිනවා කියන එක පේනවා. තව මට කියන්න තියෙන්නේ එංගලන්තය වගේ රටවල මාධ්‍ය හැසිරීම සහ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම ඉතාම ඉහළ මට්ටමක තියනවා.

 මාධ්‍ය කලාවේ ඔබේ පසුබිම සහ අත්දැකීම් ගැන අපට කියන්න පුළුවන්ද ?

මම කලින් කිව්වා වගේම මගේ අධ්‍යාපනික පසුබිම මාධ්‍යයට කිසිම සම්බන්ධයක් නෑ. මගේ අධ්‍යාපන පසුබිම වගේම වෘත්තීය වෙන්නේ ගණකාධිකරණය. ඒත් මට අවස්ථාව ලැබුනා මම දන්න දේ සහ මම සොයාගන්න දේ රටට මිනිස්සුන්ට කියන්න සහ ලියන්න. ඒ දේ මම දැනටත් කරමින් ඉන්නවා. මම ලියන දේවල් කියවන පිරිස සහ ඒවායින් ප්‍රයෝජන ගන්න පිරිස ඉතා විශාලයි කියලා මට දැනිලා තියනවා. මට කියපු අය ඉන්නවා. ඉතිං ඒ අත්දැකීම් මට විශාල සතුටක් මේ මාධ්‍යකරනය ඉස්සරහට කරගෙන යන්න.

ඔබ ලංකාවෙ දේශපාලනය ගැන වැඩි උනන්දුවක් තියෙනවා කියලා කිව්වොත්  ? 

ඔව්. මම විශ්වාස කරනවා සෑම මිනිසෙක්ම දේශපාලන සත්වයෙක් කියන එක. ඒ වගේම පුරවැසියන් විදියට අපි හැමෝම දේශපාලනය ගැන උනන්දු වෙන්නම ඕනි. මිනිස්සු එහෙම නොවී ‘අපි හම්බකරොත් අපි කනවා’ කියන විකාරයක් ඔළුවට දාගෙන රටේ දේශපාලනය ගැන උනන්දුවක් නොදක්වන නිසාම තමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ.

මම ලංකාවේ ඉන්න කාලේ දේශපාලනයට සම්බන්ධව ක්‍රියාකාරීව වැඩ කරා. ඉතිං ඒ උනන්දුව එක්සත් රාජධානියට ආවා කියලත් අඩු වෙලා නෑ. ලංකාවේ දේශපාලකයන්, ලංකාවේ දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධ වෙලා වැඩ කරමින් අපේ ලංකාව කොතනදි හෝ හරි මාර්ගයකට ගන්න පුළුවන් වෙයි කියන උවමනාවෙන් අපි තවම වැඩ කරමින් ඉන්නවා. මාධ්‍යවේදියෙක් විදියටත්, පුරවැසියෙක් විදියටත් අපිට ඒ වගකීමෙන් මිදෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් වඩා යහපත් රටක් බිහිකරීමේ අරමුණින් තවමත් අත නොහැර වැඩ කරනවා.

 ඔබේ වාර්තාකරණයේ නිරවද්‍යතාවය  ඔබ සහතික කරන්නේ කෙසේද?

සාවද්‍ය වාරතාකරණය හෝ ඕපදූප වාර්තාකරණය මාධ්‍යකරුවෙකුගේ වගේම මාධ්‍ය ආයතන වලත් ජීවිත කාලය ඉතා ඉක්මනින් අවසන් කරනවා. මම කියන්නේ මාධ්‍ය ජීවිතය .ඒ නිසා සෑම විටම නිවරදිම මාධ්‍යකරනයට මාධ්‍යවේදීන් හුරුවිය යුතුමයි. පෞද්ගලිකව මම ලියන අකුරු වලට මම වගකියන මිනිහෙක්. විශේෂයෙන්ම තත්කාලීන සිදුවීම් වාර්තා කරන කෙනෙක් විදියට පුළුවන් තරම් මූලාශ්‍ර එකතු කරගෙන තමයි මම දේවල් ලියන්නේ. විශේෂයෙන්ම විදෙස් මාධ්‍ය වල ඉංග්‍රීසි භාෂාවෙන් වාර්තා වන ඒත් ලංකාවේ මාධ්‍ය වාර්තා නොකරන ඒ වගේම ලංකාවේ මිනිස්සු දැනගත යුතුයි කියලා හිතෙන හැම දෙයක්ම වගේ මම ලියනවා. එතකොට ඒ ගැන පලවෙච්ච මාධ්‍ය වාර්තා කිහිපයක්ම පරිශීලනය කරලා තමයි ඒ ගැන ලියන්න මම කටයුතු කරන්නේ.

තාක්‍ෂණය සහ සමාජ මාධ්‍ය අද පුවත්පත් කලාවේ ඉටු කරන කාර්යභාරය කුමක්ද?

මේ වෙනකොට මිනිස්සුන්ගේ තොරතුරු දැනගැනීමේ හැකියාව අසීමිත වෙලා තියනවා. ඒකට ප්‍රධාන හේතුව තාක්ෂණය. තාක්ෂණය කියන්නේ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය. ශ්‍රව්‍ය දෘෂ්‍ය සංකලනයන් විදියට පවතින සමාජ මාධ්‍ය හේතුවෙන් සමාජයේ ඕනෑම මට්ටමක පුද්ගලයෙකුට මොන විදියකින් හරි ලෝකය පුරාම සිදුවන තොරතුරු ගලාගෙන එනවා. එතකොට මිනිස්‍සු සංස්කරණය කරලා තෝරාගත් තොරතුරු පමණක් බෙදාහරින සාම්ප්‍රදායික මාධ්‍ය කෙරෙහි තියන අවධානය අඩු වෙනවා. ඒක පුවත්පතටත් පොදු ඉරණමක්. ඉතා වේගයෙන් ලෝකයේ පුවත්පත් අළෙවිය පහත වැරටනවා. මිනිස්සු ඒ වෙනුවට විවිධ කියවීමේ මාර්ග වෙත ආකර්ෂණය වෙනවා. 

තිලාන්ගෙ මතය අනුව, පුවත්පත් කලාව සමාජය තුළ ඉටු කරන කාර්යභාරය කුමක්ද?

ඒක ලෝකයේ රටින් රටට වෙනස් වෙනවා කියන එකයි මගේ අදහස. අපිට පුරුදු ලංකාවේ තවමත් එක පරම්පරාවක් අත පුවත්පත තාම රැඳෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලට හුරු නොවුනු අපේ තාත්තලාගේ පරම්පරාව. ඉතිං ඒ නිසා පුවත්පතට තවමත් අත්හැරිය නොහැකි වගකීමක් හා කාර්‍ය්භාරයක් තියනවා ඒ පරම්පරාව තොරතුරු වලින් දැනුවත් කිරීමට. ඒ වගේම අපි ගත්තොත් රටක කලාවට, සංස්කෘතියට සහ අධ්‍යාපනයට සේවයක් කරන්න තවමත් පුවත්පතට ඉඩ වෙන්වෙලා තියනවා. ඒ ඉඩ ලංකාවේද එංගලන්තයේද කියලා සීමාවක් නෑ. ඒක මම හිතන්නෑ දැන් අපි කතා කරන ලියන සමාජ මාධ්‍ය වලට විතරක් කරන්න පුළුවන් දෙයක් කියලා.

කවදා හරි දේශපාලනට එකතු වෙන්න අදහසක් තියනවාද?

ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කවදා හරි සම්බන්ධ වෙන්න නෙමෙයි මම කලිනුත් කිව්වා වගේම අපි මේ වෙනකොටත් දේශපාලනය කරමින් තමයි ඉන්නේ. මම විශ්වාස කරන්නේ දේශපාලනයට සම්බන්ධ වෙනවා කියන්නේ මැතිවරණයකට ඉදිරිපත් වීමම නෙමෙයි. ලංකාවේ දේශපාලන දිශානතිය තීරණය කරන්න ක්‍රියාකාරීව මැදිහත් වෙනවා කියන්නෙම දේශපාලනය කරනවා කියන එක තමයි. දේශපාලනය කරනවා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ ඡන්දෙ ඉල්ලනවා කියන එක නම්, කාලයකදි මම ඇත්තටම එහෙම අදහසක හිටියා නමුත් මේ වෙනකොට අපේ රටෙ මිනිස්සු මේ දේශපාළඥයන්ට වෛර කරන විදියට ඔබ හිතනවද සිහියක් තියන මිනිහෙක් මැතිවරණයකට ඉදිරිපත් වෙයි කියලා.

අපි මැගසින් එකත් එක්ක සම්බන්දවීම සහ මැගසින් එක ගැන හිතෙන දේ කිව්වොත්

අපි මැගසින් එකට සම්බන්ධ වෙන්න මෙච්ච ප්‍රමාද වීම ගැන තමයි මට තියන කණගාටුව. මේ වෙනකොට පුරා වසර 4ක් විදේශගතව ඉන්න ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් සාර්ථක මෙහෙවරක යෙදෙන අපි මැගසින් එකට මම මීට වසරකට පමණ කලින් සම්බන්ධ වෙන්නේ ගයාන්ගේ ආරාධනාවක් මත. මම හරි සතුටින් ඒ ආරාධනාව බාරගෙන හැම කලාපයකටම මගේ අදහසක් මම අපි මැගසින් එකට එකතු කරනවා. මම විශ්වාස කරනවා තව දීර්ඝ කාලයක් මේ ඊ සඟරාව එක්සත් රාජධානිය ඇතුළු රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් සේවය කරයි කියලා. මම කලින් තැනක කිව්වා වගේ පුවත්පතේ කාර්‍ය්භාරය හීන වෙමින් යන යුගයක පුවත්පතේ කාර්‍ය්ත් නූතන මාධ්‍ය කාර්‍ය්ත් එකට ඉටු කරන අපි මැගසින් එක ගැන මම ඇත්තටම සතුටු වෙනවා.