පිංබර වෙසක් මංගල්‍යයක් වේවා

චිත්තධර්ම 2024
රෝගයක අනවශ්‍ය වේදනාව නසන අයුරු:
(How to remove the unnecessary pain of a disease)
මෙම මනෝ විග්‍රහය කිරීමට තීරණය කළේ රටවල් ගණනාවක විවිධ රෝගීන්ට ලබාදුන් බෞද්ධ සාර්ව මනෝවිද්‍යාත්මක විසඳුම් (Buddhist holistic psychological remedies) පාදක කරගෙන ය. රෝගය කුමක් වුවත් එය ඇතිබව පිළිගැනීම බුදුදහම ලබාදෙන විසඳුමේ මුල්ම පියවරයි. එය self-acceptance හෙවත් තමන්ගේ පවතින තත්ත්වයෙහි ස්වභාවය පිළිගැනීමයි. තව දුරටත් පැහැදිලි කරන්නේ නම් එය පාලි භාෂාවෙන් ‘අභිණ්හ පච්චවෙක්ඛණ’ හෙවත් ‘නිරන්තර ආත්ම ආවර්ජනය’ (constant self-reflection) ලෙස හැඳින්වේ.
රෝගයක අනවශ්‍ය වේදනාව යනුවෙන් දෙයක් නැතිබව කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් සැබවින්ම එබන්දක් තිබේ. අපට ස්වභායෙන්ම උරුම වූ මගේ යැයි අල්ලාගැනීමේ සහජ ප්‍රවණතාව (innate subjective tendency) නිසා අප කරන්නේ සුන්දර දේ මෙන්ම අසුන්දර දේ ද මුලින්ම අල්ලා ගැනීමයි. උදෑසනම අසූචි ගොඩක් දුටුවිට දවස පුරාම ඒ ගැන සිතන්නේ දොස් නගන්නේ අසුන්දර දේ සම්බන්ධයෙන්ද මුලින්ම සිදුකරන්නේ අල්ලා ගැනීම නිසාය. අල්ලා ගත්විට එයින් මිදීමට අමාරුය. රෝග ගැනද කිවයුත්තේ එයයි.
ලෙඩවීම ස්වභාවිකය. එහෙත් තමන් කෙරෙහි තමන් තුළ ඇති ගැඹුරු බැඳීම නිසා ලෙඩ වුවද ලෙඩක් නැතිබව අනුන්ට මෙන්ම තමන්ටද ඒත්තු ගැන්වීමට බොහෝදෙනා උත්සාහ කරති. එම උත්සාහය තමන් තුළ ප්‍රතිරෝධයක් හෙවත් self-resistance (ආත්ම ප්‍රතිරෝධය) නිර්මාණය කරයි. මුලින් කී self-acceptance බුදුරජාණන්වහන්සේ විසින් අනුදැන වදාළේ ඒ තුළින් ආත්ම ප්‍රතිරෝධය බිඳ දැමිය හැකි නිසාය. තමන්ට අසනීපයක් වූ විට මුලින්ම ඇතිවන්නේ බියකි. දෙවනුව තරහකි. බිය සහ තරහ දෙකම අපේ සිතේ එක් මූලයක් (drive) වන ද්වේෂ මූලය (drive of anger) තුළින් හටගනී. බිය සහ තරහව තම රෝගය ගැන වේදනාවක් ඇතිකරයි. එම වේදනාව සැබෑ රෝගයේ කොටසක් නොව චිත්තවේගාත්මක එකතුකිරීමක් හෙවත් emotional addition ය. මාතෘකාවේදී අනවශ්‍ය වේදනාව යනුවෙන් අප අදහස් කළේ එම චිත්තවේගාත්මක එකතුකිරීමයි.
කෙලෙස් සපුරා ස්ථිරවම නැති කළ බුදු, පසේබුදු, මහ රහතුන්ගේ කය ලෙඩ වේ. ඒ ලෙඩ නිසා වේදනාව දැනේ. එහෙත් උන්වහන්සේලා ඒ පිළිබඳව සිදුකරන ප්‍රකාශය ඉතා සුන්දරය. එනම් ‘කය දුකෙහි ය, හිත සමාධියෙහි ය (The body is suffering, but the mind is at peace). ඒ උන්වහන්සේලා සැබෑ රෝගයද සිතින් අල්ලා නොගත් නිසාය. එනිසා අප මෙහි සඳහන් කරන emotional addition උන්වහන්සේලාට අදාළම නොවේ. සැබෑ රෝගයේ වේදනාව උන්වහන්සේලාගේ සමාධියට සමාන්තරව පවතින අතර එයින් සමාධියට බාධා නොවේ.
පෘථග්ජන අපට පෙර කී emotional addition වළක්වා ගැනීමට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ලෙඩ වූ විට ලෙඩ බව පිළිගෙන එයට පිළියම් කිරීමය. රෝගය සම්පූර්ණයෙන්ම සුව වුවද තවමත් ඒ ගැන හිතෙන් දුක්වන බොහෝ අය මට හමුවී තිබේ. එහිදි එය සැබෑ රෝගයක් නොව සුවවූ රෝගය පදනම් කරගෙන මනෝමය ලෙස ඇතිකර ගත් අනවශ්‍ය දෙයකි. රෝගයක් පවතින අවස්ථාවේදීත් එය සුවවූ පසුවත් චිත්තවේගාත්මකම ඒ පිළිබඳව දොම්නස් වීම අනවශ්‍ය බැඳීම් ය.
ඉහත කී ආත්ම ප්‍රතිරෝධය පාලි භාෂාවෙන් ‘පටිඝ,’ ‘පටිඝ සඤ්ඤා’ ලෙස හැඳින්වේ. එය තරහවේ සියුම්ම ප්‍රභේදයයි. බොහෝ අය ජීවිතයේ ප්‍රතිපත්තිය කරගෙන ඇත්තේ පටිඝය යි.
ලෙඩ වූ විට ඒ බව පිළිගන්න. සුවපත් වෙන්න. සියල්ලම අස්ථිර බව දැනගෙන සතුටින් ජීවත් වෙන්න.
-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි
මොහොතක් සිතන්න
(රෝම 6:23)
"මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත්
දෙවියන් වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමීවූ
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයය."
මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරයිනි මොහොතක් ඔබ
ඔබගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. ඉහත බයිබල් පදය
දෙස ද ඔබගේ මනස හොඳින් යොමු කරන්න.
ඔබ තවමත් පාපය තුළ ජීවත් වෙන කෙනෙක්ද….? එසේ නම්
ඔබ සිටින්නේ මරණය අභියසයි. මගේ ප්‍රේමවන්ත
සහෝදරියනි ඔබගේ ජීවිතයේ විනාශයට ඉඩ නොදී පාපය
නමැති මාරයාගෙන් ගැලවී යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින්
සදාකාල ජීවනයට ඇතුල් වෙන්න. මන්ද පාපය ඔබගේ
ජීවිතය විනාශ කරයි ඔබගේ ප්‍රීතිය, සමාදානය, ආශිර්වාදය
ඔබගෙන් අහිමි කරයි.
නමුත් ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබ වෙනස්
වෙනවා නම් ඔබ සදාකාලික ප්‍රීතිය අත්පත් කර ගනී. ඉතිං
මොහොතක් සිතන්න ජීවිතය දෙස අලුතෙන් හිතන්න පටන්
ගන්න ජීවිතය වෙනස් කරගන්න..
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබට ආදරෙයි!!
ඔබ සැමට ජේසු පිහිටයි!!
ඉවැන්ජලිස්ත අමිල දිසානායකමාර්ගය සහෝදරත්වය සභාව – මහරගම
දෙවියන් වහන්සේට සැබෑ ලෙස
ප්‍රේම කරමින් වස්තුව උරුම
කරගන්නෝ වෙමු!
"මට පෙම් කරන්නන්ට වස්තුව හිමි කර දීමෙන්
පොළොවේ සහ ස්වර්ගයට උරුමකම් කියන දේවදරුවනේ
මොහොතක් අපි ඉහත බයිබල් පදය දෙස අපගේ මනස
යොමු කරමු.
මෙම පදය තුළ පැහැදිලිවම අපට පේනවා දෙවියන්
වහන්සේට ප්‍රේම කරන අයට වස්තු උරුමකර දෙන බව.
ඉතින් ඔබටත් මෙම වස්තුවට උරුමයක් ලබාගන්න නම්
සර්ව බලධාරි දෙවියන් වහන්සේට ප්‍රේම කරන මනුෂ්‍යයෙක්
වෙන්න. ඒවගේම අපට තවත් බයිබල් පදයක් මෙසේ පවසයි,
(හිතෝපදේශ 10:22)
"සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි
ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක."
මෙහිදී අපට පැහැදිලිවම පෙනෙනවා උන්වහන්සේගේ
ආශිර්වාදය ලැබෙන අපිට එයට දුක එකතු නොකරන බව.
ඉතිං මොහොතක් කල්පනා කර බලන්න දෙවියන් වහන්සේ
ඔබට, මට මොන තරම් ප්‍රේම කරනවද කියා. ඉතිං
මොහොතක් නවතින්න මෙය හොඳින් මෙනෙහි කරන්න
ජීවිතය ජය ගැනීමට දෙවියන් වහන්සේව සොයන
මනුෂ්‍යයෙක් වෙන්න. එවිට ජේසු ඔබට ආශිර්වාද කරන
සේක.
ඒ වගේම අපි ඉහත බයිබල් පදය තුළට තවත් ගමන් කරන
විට අපට පෙනී යනවා ඔබ මම ධර්මිෂ්ට සහ යුක්තිගරුක
මනුෂ්‍යයන් විය යුතු බව. ඉතින් ප්‍රේමවන්තයිනි අපි වෙනස්
වෙන්න තීරණයක් ගමු! දුක් විඳීම නතර කරමු! ජේසුස්
වහන්සේව මුළු සිතින්ම සොයමු! ජීවිතය ජය ගනිමු!
උන්වහන්සේගේ ක්‍රියාවන් සහ උන්වහන්සේගේ
බලපරාක්‍රමයන් ගැන අපට සිතා ගන්නවත් බැරිය. හොඳයි
ඔබ මම ගැන මොහොතක් කල්පනා කර බලමින් ඔබගේ
ජීවිතයේ ඇති අඩුපාඩු සාදාගෙන ජීවිතයේ සැබෑ ප්‍රීතිය
අත්දකින්න.
(හිතෝපදේශ 24:4)
"එහි කාමර අගනා සැරසිලිවලින් විසිතුරු කළ
යුත්තේ බුද්ධියෙනි."
ඔබ සැමට ජේසු පිහිටයි!
ඉවැන්ජලිස්ත අමිල දිසානායක
මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම
චිත්තධර්ම 2024
ප්‍රාර්ථනීය මනඃකල්පිතයේ උගුල
(toil of wish fantasies)
ආත්මාවබෝධය (self-realization) බුදුදහමේ පර්මාර්ථයයි. එය ආධ්‍යාත්මික වචනයෙන් ‘නිබ්බාණ/නිර්වාණ’ ලෙස හැඳින්වේ. සරල සිංහලෙන් එය ‘නිවීම’ යි. එම පරමාර්ථය දුෂ්කර වන්නේ නිතර අපේ සන්තානය (psyche) පරිළාහ/පරිදාහ තත්ත්වයට ලක්වන නිසාය. ‘පරි’ යනු හාත්පසින්ම හෙවත් all possible ways ය. ‘දාහ/ළාහ’ යනු දැවීම/පිච්චීම හෙවත් burning ය. සමස්ථ වචනයේ සරල තේරුම හාත්පසින්ම ජීවිතය පිච්චෙන්නාක් මෙන් දැනීමය.
එම දැවීමට එක ප්‍රබල හේතුවක් නම් wish fantasies හෙවත් ප්‍රාර්ථනා මත මවාගත් කල්පිත ය. Wish fantasies පිළිබඳව සවිස්තරව ඉගැන්වෙන්නේ පාලි (ථේරවාද) සූත්‍ර පිටකයේ සච්චවිභංග සූත්‍රයේ ය. උපත, ලෙඩ රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම, අප්‍රිය අය සමඟ විසීමට සිදුවීම ආදි හේතු නිසා මිනිසා අපේක්ෂා භංගත්වයට පත් වේ. පෙනෙන දැනෙන ලෝකය තුළ එම අපේක්ෂා භංගත්වයට විසඳුමක් නොපෙනෙන විට මිනිසා සිතින් මවාගත් කල්පිතය හෙවත් fantasy තුළ ජීවත්වීමට පෙළඹේ. එම කල්පිත පවතින්නේ ප්‍රාර්ථනා නිසාය. එනිසා ය එම මනෝභාව wish fantasies ලෙස හැඳින්වෙන්නේ.
මහා ජයමංගල ගාථාවන්හි තථාගත ශ්‍රී සද්ධර්මය හැඳිවෙන්නේ ‘පරිළාවූපසමනං ධම්මතේජේන සොත්ථිනා’ ලෙසය. එනම් පෙර කී දැවීමට විසඳුම වන්නේ ධම්ම/ධර්ම ය. ධර්මය විපත වලක්වා ජීවිතය තේජස්වී හෙවත් අලංකාර (glorify) කරයි.
කෙසේවුවද සච්චවිභංග සූත්‍රයේ ඉගැන්වෙන පරිදි wish fantasies විසඳුමක් නොව උගුලක් බව තේරුමගත යුතුය. සච්චවිභංග සූත්‍රයේ සවිස්තරව ඉගැන්වෙන්නේ බුදුරජාණන්වහන්සේගේ මුල්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රයේ කෙටියෙන් කළ චතුරාර්‍ය සත්‍යය ය. සත්‍යය එකකි. එහෙත් එය හතරක් ලෙස දැක්වේ. එනම් දුක, එහි හේතුව හෙවත් පිපාසය (thirst, තෘෂ්ණා), විසඳුම හෙවත් පූර්ණ නිවීම/නිර්වාණ සහ එම පූර්ණ නිවීමට මඟ ය. සත්‍යය හතරක් ලෙස දැක්වෙන්නේ සැබවින්ම එය දෙකක් වන නිසාය. එනම් ප්‍රශ්නය (problem) සහ විසඳුම (solution) ය. ප්‍රශ්නයට හේතුව ප්‍රශ්නයේම කොටසකි. එ නිසා දෙකම ප්‍රශ්නය පිළිබඳවය. විසඳුමට මඟ විසඳුමේම කොටසකි. ඒ අනුව ප්‍රශ්නය සහ ඒ පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය ය.
බොහෝ අය ප්‍රශ්නයට මුහුණදීමට බියක් දක්වති. Wish fantasies ප්‍රශ්නය තවත් අවුල් කරවයි. එය විශාදය (depression) ආදි මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ලැබිය යුතු මට්ටම දක්වා තීව්‍ර විය හැකිය. විෂාදය ඇති තැනැත්තා එය අස්වැසිල්ල (solace) ලෙස දකියි. එ නිසාම එය උගුල බවට පත් වේ. බුද්ධ දේශනාවට අනුව සර්වශුභවාදය (optimism) තාවකාලික අස්වැසිල්ලක් ගෙනෙන අතර දීර්ඝකාලීනව උගුල කි. සර්වාශුභවාදයෙන් (pessimism) මිදීමට පමණක් එය උපකාරී වේ. කල් නොයවා එම සර්වශුභවාදය යථාර්ථවාදයට හෙවත් realism බවට හරවා ගත යුතුය.
තමන්ට එය තනියම කරගැනීමට අපහසු නම් කළ්‍යාණමිත්‍රයෙකුගේ හෙවත් කාරුණික සවන්දෙන අයෙකුගේ ආශ්‍රය අවශ්‍ය ය. මුලින්ම කී රෝග, වයසට යාම, ආදරණීයයන් අහිමි වීම ආදිය නොවැළක්විය හැකි ජීවිත යථාර්ථයන් නම් ඒ දේ ප්‍රාර්ථනාවෙන් විසඳිය නොහැකිය. යථාර්ථවාදී වීම තිත්ත කසායක් බඳු වුවද එය දීර්ඝකාලීනව ප්‍රශ්නයට විසඳුම ගෙනෙයි.
ජීවිතය අමිල, සුන්දර ත්‍යාගයකි. Wish fantasies නිසා එය උගුලට හසු නොකරන්න.
-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි
තණබිම සහ විලෝපියා pasture and predator)
මෙවර චිත්තධර්ම විග්‍රහය සඳහා අප යොදාගන්නා ප්‍රධාන වචනය ‘ගෝචර’ ය. යමක් ගෝචර වෙනවා යනු යමක් අල්ලා ගැනීමයි. තවත් සරලව කිවහොත් තේරුම් ගැනීමයි. ‘ගෝ’ යනු ගවයා ය. ‘චර’ යනු හැසිරීමයි. ගවයාගේ හැසිරීම ගෝචර වේ. ගවයා හැසිරෙන්නේ තමන්ට ආහාර හෙවත් තණකොළ තියෙන තැනක ය. ඒ අනුව ගෝචර යන්නෙහි සරල තේරුම ගවයාගේ තණබිම හෙවත් cow’s grazing හෙවත් pasture ය. ගෝචර සිංහලෙන් ‘ගොදුර’ ය.
ගෝචර බුද්ධ ධර්මයෙහි නිතර භාවිත වේ. ඒ අප අත්දකින දේවල්වලට ඇලීම හෙවත් ඇසින් කණින් නාසයෙන් දිවෙන් හා හමෙන් (සිරුරෙන්) අත්දකින රූප ශබ්ද ගන්ධ රස සහ පහස යන පංච කාම සම්පතට ඇලීමයි. ගෝචර සඳහා සරල ඉංග්‍රීසි වචනයක් නම් grasping ය.
ගවයෙක් රස තණකොළ ඇති බිමක් හමුවූ විට එයට වශී වේ. ගතවන කාලය ගැන නොතකා ස්වභාවයෙන්ම ලැබුණු විනාශ නොවී ජීවත්වීම සඳහා සහජයෙන් ලැබුනු බුද්ධිය හෙවත් natural instincts of survival භාවිත කිරීම අමතක වන තරමට ගවයා තණකොළට වශීවූ විට වන ලැහැබක සැඟවී ගවයා මරා කෑමට මාන බලන කොටියෙකු සිංහයෙකු වැනි විලෝපියෙකු (predator) ගැන ඌට ඉව අමතක වී එම විලෝපියාගේ ගොදුර (prey) බවට ගවයා පත්වේ. ගොදුරු සොයා යන ගවයා ගොදුරක් බවට පත්වේ.
සෑම මොහොතකම අප ඇසෙන් කණින් නාසයෙන් දිවෙන් හා හමෙන් කරන්නේ ගොදුරු හෙවත් ගෝචර සෙවීමය. බොහෝ දෙනා එම ගොදුරු සෙවීමේදී තවත් පුද්ගලයෙකු ගේ හෝ සමූහයකගේ හෝ ආයතනයක/පද්ධතියක ගොදුරක් බවට පත්වේ.
පැවැත්මේදී තිරිසන් සතුන් නිතර භාවිත කරන්නේ සහජ බුද්ධිය (natural instincts) සහ තරමක් දුරට මතකයේ රැඳුනු පෙර අත්දැකීම් (prior experience) වුවත් මානව සත්ත්වයාට ඒ දෙකට අමතරව වෙනස් සතුන්ට නැති හැකියාවක් වන අපෝහන ශක්තිය (power of reasoning) තිබේ. අප ‘මනුස්ස’ නමින් හැඳින්වෙන්නේ මෙම අපෝහන ශක්තිය නිසාය.
එහෙත් ගොදුරු සොයන්නට ගොස් ගොදුරක් වී පැවැත්මේ නාමයෙන් විනාශ වන මිනිසුන් බොහෝ ඇත. එම විනාශයෙන් බේරීමට නම් අප අපගේ චර්‍යාවේදී ඥානාන්විත විය යුතුය. බුද්ධ දේශනාවේ එම ඥානය හැඳින්වෙන්නේ ‘ගෝචර ඤාණ’ ලෙසය. එය සාමාන්‍ය දෛනික ජීවිතයේදී මෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේදී ද අපට අවශ්‍ය ය. ඒ විනාශය සඳහා ගතවන්නේ මොහොතක් පමණ නිසාය. නිවන් දකින මොහොත දක්වාම ගෝචර ඤාණ අපට අවශ්‍යය.
ප්‍රේම සබඳතා, විවාහ තීරණ, ව්‍යාපාරික ආයෝජන, දේපළ විකිණීම් හා මිලට ගැනීම්, අධ්‍යාපන ඉලක්ක ආදි ජීවිතයේ සියළු ආකාරයේ ගෝචර සපුරාගැනීමේදී අප තව කෙනෙකුගේ හෝ දෙයක ගෝචරයක් (ගොදුරක්) වේ දැයි කල්පනාකාරී විය යුතුය.
ආශාවන් ස්වභාවික ය. එහෙත් ආශා සන්තර්පණයේදී තණකොළට වශීවූ ගවයෙකු මෙන් නොවිය යුතුය.
ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි
එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ
යටහත් වීම දාසයෙක් වීමේ ක්‍රියාවක් ලෙස ජේසුස් වහන්සේව නොදන්න
සෙනඟ සලකයි. අප දකිනවා රැකියා කරන ස්ථාන තුළදී අපට වඩා ඉහළින්
සිටින නායකයන්ට අපි යටත්ව සිටිය යුතුයි.සමහර ස්ථානවල දාසයන් මෙන්
යටත්ව සිටිය යුතුයි. නමුත් මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි මා ඔබට මෙම
ස්ථානයේදී පෙන්වන්නේ අපි දෙවියන් වහන්සේට යටහත් වන විට උන්වහන්සේ
අපට බලවත් ලෙස ආශිර්වාද කරන ආකාරය ගැනයි.
ඔබ මොහොතක් සිතන්න ඉහත බයිබල් පදය ගැන. එහි ප්‍රකාශ කර ඇති
ආකාරයට අපි දෙවියන් වහන්සේගේ බලවත් හත්සයට යටහත් වෙනවා නම්
උන්වහන්සේ සුදුසු කාලයේදී ඔබව මාව උසස් කරන්න යනවා.
ඒවගේම අපට තවත් ආශිර්වාද අත්පත් කර ගැනීම සඳහා අපි දෙවියන්
වහන්සේගේ දාසදාසියන්ට යටහත්ව සිටිය යුතුව තිබේ.
"ඔබේ නායකයන්ට කීකරු වී යටත් වන්න. මන්ද, ඔබ ගැන ඔවුන්
ගණන් දිය යුතු බැවින්, ඔබගේ ආත්ම රැක බලාගැනීමට ඔව්හු නිරතුරු
වෙහෙසෙති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව, ප්‍රීතියක් වීමට
සලසන්න. එය බරක් වුවහොත්, ඔබට යහපතක් සිදු නොවේ."
මෙම බයිබල් පදය දෙසත් ඔබගේ මනස ඉතා හොඳින් යොමු කර බලන්න එවිට
දෙවියන් වහන්සේ ඔබට කතා කරනු ඇත.ඔබ ඔබගේ දේවදාසයන්ට දාසියන්ට
කීකරු වී අවනතව ඔවුන්ගේ හදවත් නොරිදවා ජීවත් වන්න එවිට ඔබ බොහෝ
ආශිර්වාද ලබයි. ඒවගේම ඔබ මොහොතක් කල්පනා කර බලන්න ඔබව
මෙලොවට ජාතක කළ පියාට ඔබ යටත් නොවනවා නම් එම පියා ඔබට
ආශිර්වාද කරනවද?….නැහැ නේද?…
එම නිසා මාගේ ප්‍රේමවන්තයෙනි ජීවිතය ජය ගැනීමට නම් දෙවියන්
වහන්සේගේ කැමැත්තට ඔබ මම යටත් විය යුතුමයි.
ජේසු පිහිටයි!!
ඔබ සැමට ආශිර්වාදමත් මාසයක් වේවා කියා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ
නාමයෙන් මම ප්‍රකාශ කර සිටිමි..ආමේන්!
ඉවෙන්ජලිස්ත අමිල දිසානායක
මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම
උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.
චිත්තධර්ම-2024 #2 – නොහික්මුණු අශ්වාරෝහකයා – (Undisciplined charioteer)
ක්ෂණික කෝපය නිසා තත්ත්වයෙන් පිරිහුනු ලෝක නායකයක් ආගමික නායකයන් සමාජ ක්‍රියාකාරීන් ව්‍යාපාරිකයන් මව්පියන් ආදි විවිධ පුද්ගලයන් ගැන ඔබ අසා ඇත. කෙනෙකු ඒ තත්ත්වයට පත් වන්නේ තිබිය යුතුම දෙයක් නොතිබීම නිසාය. එනම් තරහව පාලනය කර ගැනීමේ හැකියාවයි. එය සුවිශේෂී කුසලතාවක් (extraordinary skill) ලෙස ධර්මයේ ඉගැන්වේ.
තරහව විවිධ ප්‍රභේදවලින් යුක්තය. ඒ සියළු ප්‍රභේද ඇතිවන්නේ අප උපතින්ම උරුම කරගත් හෙවත් සහජ නාස්තික මානසික ප්‍රවණතා ඇති කරන මූල (innate drives of negative mental mental tendencies) තුනෙන් එකක් වන දෝසමූල (drive of anger) තුළිනි. තමන්ටත් තේරුම්ගත නොහැකි තරමට සියුම් තරහව පටිඝ සඤ්ඤා (sense of resistance) ලෙස හැඳින්වේ. සාමාන්‍ය තරහව ( normal anger) දෛනික ජීවිතයේදී කාටත් ඇතිවිය හැකිය. වෛරය (hatred) සසර බොහෝ කාලයක් සතුරන් සම්බන්ධයෙන් පවතින තරහව යි. අනුන් විනාශ වේවා යැයි පැතීම ව්‍යාපාද (ill-will) ය. මේ හැම තරහ ප්‍රභේදයකටම වඩා විනාශකාරි වන්නේ කෝධ/ක්‍රෝධ හෙවත් ක්ෂණිකව ඇතිවන තරහව (sudden burst of anger) ය.
බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදයේ 222 වෙනි ගාථාවට අනුව සමාජශීලී සත්ත්වයන් වන අප වඩාත්ම කල්පනාකාරී විය යුත්තේ ක්‍රෝධය පිළිබඳවය. ක්‍රෝධය එම ගාථාවේදි බුදුරජාණන්වහන්සේ සසඳන්නේ අශ්වාරෝහකයෙකුටය. එම ගාථාව මෙසේය.
යෝ වේ උප්පතිතං කෝධං
රථං භන්තං ව ධාරයේ
තම’හං සාරථිං බෲමි
රස්මිග්ගහො ඉතරෝ ජනෝ
අශ්ව කරත්තයේ වේගය සහ සමබරතාව පාලනය කරගැනිමට සමත් අශ්වාරෝහකයා (සාරථී) සැබෑ දක්ෂයෙකි. ක්‍රෝධය පාලනය කරගැනීමට සමත් පුද්ගලයා එවන් අශ්වාරෝහකයෙක් වැනිය. කරත්තයේ තත්ත්වය සහ අශ්වයාගේ තත්ත්වය මැනවින් තේරුම් ගෙන ධාවනය කිරීම දක්ෂ අශ්වාරෝහකයාගේ ලක්ෂණයි. එය ඔහුට ලැබෙන්නේ හික්මීම (training) තුළිනි. හික්මීම නොලැබූ අශ්වාරෝහකයන් හුදෙක් තෝන් ලනුව (reins) අල්ලාවෙන සිටීමට පමණක් දන්නා අය වේ. නොහික්මුණු අශ්වාරෝහකයා නිසා තමන්ද අශ්වයාද කරත්තයද විනාශය කරා ගෙනයාමට ඉඩ තිබේ. මෙම අශ්වාරෝහක උපමිතිය (charioteer analogy) අප ජීවන ගමන තුළ තිබිය යුතු සමබරතාවට හානි කරන ක්‍රෝධය ගැන ය.
ලොව පුරා සිදුවන අපරාධ බොහෝමයක් ක්‍රෝධය මුල් වීමෙනි. කොතරම් කාර්‍යබහුල වුවත් තමන්ගේ සිතේ සාමය වෙනුවෙන් දෛනිකව කාලය වෙන් කරගෙන සමාධිගත වීම සහ කතාව අඩුකර තමන් ආශ්‍රය කරන්නවුන්ට සවන් දීමට ඉගෙන ගැනීම ඔබව දක්ෂ අශ්වාරෝහකයකු බවට පත් කරයි.
-ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි
දුර්වල අත්තිවාරම ශක්තිමත් කරමු!
ආත්මික අත්තිවාරම…
(ශුද්ධවර මතෙව් 7:24 – 27)
“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය. වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය පර්වතය මත පිහිටි බැවින් බිඳ නොවැටිණි. තවද, යමෙක් මාගේ මේ වචන අසා, ඒවා නොපිළිපදී ද, ඔහු වැලි මත ගෙය තනාගත් අනුවණ මනුෂ්‍යයෙකුට සමාන ය. වැසි වැස, ජලය ගලා, සුළඟ හමා ඒ ගෙට ගැසී ය, එය බිඳ වැටිණි. එහි වැටීම ද භයංකර විය.”
(මෙය ඉන්දියාවේ සිදුවුණු සත්‍ය සිදුවීමකී)
ඉන්දියාවේ සිටින එක්තරා යුවළක් ඔවුන් විවාහ වී යෑමට නිවසක් ඔවුන්ගේ විවාහයට ප්‍රථම ගොඩනගන්න තීරණය කරා.මෙම යුවළ මේ සඳහා ගිවිසුමකට අනුව මෙම නිවස සාදන්න එක්තරා කණ්ඩායමකට භාරදීත් තිබුණා.කෙසේ හෝ නිවසේ සියලුම වැඩ කටයුතු අවසන් වී විවාහයද අවසන් වී මෙම නව යුවළ මෙම නිවසේ පදිංචියට පැමිණි දා මොවුන්ගේ නෑ හිත මිතුරන්ට උත්සවයක් ද සංවිධානය කර තිබුණි.කෙසේ හෝ එදින සුළඟ සහිත දැඩි වර්ෂාවක් තිබුණි, මෙම නිවස තිබුනේ කඳු පාමුලක් අභියස නිසා එහි තිබුණු සාමාන්‍ය තරමක ගලක් පෙරළී ඇවිත් මෙම නිවසේ වැදීම නිසා මුළු නිවසම කඩා වැටී එහි සිටි මෙම යුවළ සහ අනෙකුත් පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් මරණයට පත්වී තිබෙනවා.නමුත් මෙවැනි සාමාන්‍ය ගලක් වැදීමෙන් මෙම නිවස කඩා වැටීමට හේතුවක් නොමැති බව පවසමින් මෙහි සත්‍ය සොයන විට ඔවුන්ට දැනගැනීමට ලැබී ඇත්තේ මෙම නිවසේ අත්තිවාරම ශක්තිමත් නොමැත කියා. නිවසට ඉක්මනින් යෑමට අවශ්‍ය නිසා ක්ෂණිකව මෙම නිවස ගොඩනඟා තිබෙනවා දුර්වල අත්තිවාරමක් සමග. මෙම දුර්වල අත්තිවාරම නිසා ඔවුන්ගේ ජීවිත පවා ඔවුන්ට අහිමි වුණා අවසානයේ.
අපි අපේ නිවස තනනවාට වඩා වැඩි කාලයක් ගතවන්නේ අත්තිවාරම සෑදීම සඳහාය.එය දුරුවල උනොත් සාදන මුළු නිවසම දුර්වල වී විනාශ වී යයි.එම නිසාම අපි අපේ ආත්මික ජීවිතයේ අත්තිවාරම ශක්තිමත් කිරීම ඉතාම වැදගත් වේ.
කාලය ගත යුතුයි..(කාලය දිය යුතුයි).
විවාහය නැමැති අත්තිවාරම…
ඔබගේ ජීවිතයේ සියල්ලම රඳා පවතින්නේ ඔබ දමන අත්තිවාරම තුළ වේ.
අපේ ජීවිතය වෙනස් කරගමු…
(එපීස 4:14 – 15)
එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපාමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු. එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු. එසේ නොවී, අපි ප්‍රේමයෙන් සත්‍යය කතා කරමින් ක්‍රිස්තුන් වහන්සේ තුළ හැම අයුරින් ම වර්ධනය වන්නෙමු.
ඔබ දෙවියන් වහන්සේ තුළ ස්ථිරව සිටින්න.ස්ථීරව ස්වාමීන් වහන්සේගේ වචනය තුළ ජීවත් වූවොත් ය කරනු නියතයි.මෙය ඔබ හොඳින් සිහි තබාගෙන දෙවියන් වහන්සේ තුළ ඔබගේ අත්තිවාරම ශක්තිමත් කරගන්න.
ජේසු පිහිටයි!
ඉවැන්ජලිස්ත අමිල දිසානායක
මාර්ගය සහෝදරත්වය සභාව – මහරගම
චිත්තධර්ම
විස පෙවූ හීය (poisoned arrow):
ඔබත් ප්‍රායෝගික ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් සෙවීම පසෙක තබා දාර්ශනික තර්ක විතර්කවල යෙදෙන අයෙක් ද? ඔබ එසේ නොවුනත් එසේ හැසිරෙන අය පිළිබඳව ඔබ දන්නවා වෙන්නට පුළුවන. මෙම විස පෙවූ හීය පිළිබඳ බෞද්ධ මනෝ විශ්ලේෂණය එවන් හැසිරීම සහිත අය වෙනුවෙනි.
විස පෙවූ හීය පිළිබඳව උපදේශ කථාව සඳහන් වන්නේ මජ්ඣිම නිකායේ චූල මාලුන්ක්‍ය සූත්‍රයේ ය. ඒ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ වදාළේ ජීවිත ගැටළු සඳහා ගතයුතු ප්‍රවේශය විය යුත්තේ ප්‍රායෝගික ප්‍රවේශය (pragmatic approach) මිස පාරභෞතික හෙවත් ලොවෙත් නැති ප්‍රවේශය (metaphysical approach) නොවිය යුතු බවයි.
බුදුරදුන් හමුවට පැමිණි මාලුන්ක්‍ය නම් භික්ෂුවක් තමන්ට තිබූ පාරභෞතික ප්‍රශ්න (metaphysical questions) 14 ක් සඳහා පිළිතුරු ඉල්ලා සිටිවිට උන්වහන්සේ නිහඬ වූහ. එම ප්‍රශ්න 14 ම මෙලොවට සම්බන්ධ නැති එහෙත් විශ්වය, මරණින් පසු බුදුරදුන්ගේ ආත්මභාවයට කුමක් වේද ආදි පාරභෞතික කරුණු පිළිබඳව ය. බුරුරදුන් උත්තර නොදී දිගටම නිහඬ වන්නේ නම් තමන් ධර්මය අත් හැර සිවුරද හැර යන බව මාලුන්ක්‍ය භික්ඛුව පැවසීය.
එවිට බුදුරජාණන්වහන්සේ විස පෙවූ හීතලය පිළිබඳ උපදේශ කථාව පැවසූහ.
‘වරක් පුද්ගලයෙකුට හීතලයක් වැදී එය ඔහුගේ සිරුර පසාරු කරගෙන ගියේය. එය ඔහුගේ නෑයන් සහ අවට සිටි අය වහාම වෛද්‍යවරයෙකු ගෙනවිත් ප්‍රතිකාර ලබා දීමට සැලැස්සුවත් රෝගියා එයට බාධා කරමින් ” මේ හීතලය ගලවන්න කලින් මට දැනගන්න ඕනෑ ඊතලය විද්දේ යුධ භටයෙක්ද පූජකයෙක්ද වංශවතෙක්ද මෙහෙකරුවෙක්ද කියලා. මට ඔහුගේ කුලය, වංශය, පරම්පරාව වගේම ඔහු උසද මිටිද ආදි ශරීර ස්වභාවය ගැන. ඒ වගේම දුනු මිට හදලා තියෙන්නේ මොන ලෝහ වර්ගයෙන්ද කියලා. එසේම දුනු ලණුව හදලා තියෙන්නේ උණ, ගස් පොතු ආදී මොන ද්‍රව්‍යයකින්ද කියලා….” ආදි මෙහි සඳහන් කිරීමට අපහසු තරම් දිග ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කළේය.
මෙම උපදේශ කථාවට අනුව රෝගියා තම මතවාදී මුරණ්ඩුකම (ideological stubbornness) නිසා හීතලය ගැලවීමට ඉඩ නොදුන්නේ නම් එනිසා ඔහුගේ ජීවිතය විනාශ වෙන්නට ඉඩකඩ තිබුණ. වෛද්‍යවරයාගේ සහ අවට සිටි අයගේ කාරුණික උපදේශ පිළිපැද්දේ නම් ජීවිතය බේරා ගැනීමට ඉඩ තිබිණ.
ඇතැම් අය තමන්ගේ ශාස්ත්‍රීය දැනුම, ආගමික දැනුම පාවිච්චි කරනුයේ අනුන්ගේ යහපත කෙසේ වෙතත් තමන්ගේ යහපතටද විනාශකාරී බාධාවක් ලෙසටය. වියලි පාරභෞතික මතවාදී මුරණ්ඩුකම නිසා තම විවාහ ජීවිතය අසාර්ථක කරගත්, රැකියාව අහිමි කරගත්, සිරගත වූ, සමාජයෙන් සහ පවුල් හිතමිතුරන්ගෙන් කොන්වුනු, රුධිර පාරවිලයනය සහ ඉන්ද්‍රීය හෝ පටක බද්ධය පාරභෞතික ආගමික විශ්වාස නිසා රෝග පීඩාවෙන් මරණයට පත්වුනු අය බොහෝය.
බුදුරජාණන්වහන්සේ පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළේ උත්තර නොදන්නා නිසා නොව මාලුන්ක්‍ය භික්ෂුවගේ ආධ්‍යාත්මික ප්‍රතිපදාවට එම වියලි පාරභෞතික කාරණාවලින් ප්‍රයෝජනයක් නොවන නිසාය. උන්වහන්සේ ධර්මාවබෝධය අතක්කාවචර හෙවත් තර්කයෙන් දැනගත නොහැකි (not graspable by logic) බව දේශනා කළේ එයින් ඇතිවන්නේ මතවාදි මත්වීමක් (ideological infatuation) පමණක් නිසාය.
අද ආගමේ නාමයෙන් ජනතාව මුලා කරන බොහෝ විනාශකාරී පාරභෞතික මතවාද බිහිවී තිබේ. බුදුරජාණන්වහන්සේගේ ධර්මය පාරභෞතික නොව මෙලොව නිවැරදිව ජීවිත්වීම පිළිබඳව උගන්වන මාර්ගයකි. මාර්ගය නිවැරදි නම් මරණින් පසු යන තැන පිළිබඳව සැළසුම් කරන්නට අවශ්‍ය නැත. ප්‍රායෝගික නොවන සිතක ධර්මය ද නැත.
ආචාර්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි