24-06-11

සිනමාව හා සබැඳි තතු අපි මැගසීන්හී පාඨක ප්‍රජාව වෙතට ඉදිරිපත් කරනා

වෘත්තීයෙන් සිනමාවේ සහ ටෙලිවිෂනයේ තිර රචකයෙකු වශයෙන් කටයුතු

කරමින් සිටින හිරාන් ගමගේ නම් ඔහුගේ

ආද්‍යාත්මයේ, දේශපාලනික ආක්‍යානයෙහි සහ වෘත්තීත්වයේ ප්‍රථූල

හරසකඩක් පාඨක ඔබ වෙතට සම්මුඛ කරවීමට ලත් වෑයමකි මේ. 

Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්න පිළිබඳව

සඳහනක් කරමු. 

මම මා පිළිබඳවම විචාරන්න වෙහෙසෙන, කලාවට ලැදි, සංවේදී, මනුදම් ගරුකරන

මනුස්සයෙක්.

Q). ඔබ ජීවිතය යන්න දකින්නෙ කුමන අයුරින්ද යන්න පිළිබඳව

හැඳින්වීමක් කරමු.

මම ජීවිතය හඳුනාගන්නේ මඟහැරීමට නුපුළුවන් අභියෝග ලබාදෙන සූර

මායාකරුවෙක් හැටියටයි.

Q). ඔබේ ආගම හෝ දර්ශනය යන්න කුමක්ද

යන්න සඳහන්කොට ඔබ අවබෝධකොටගත් ආකාරයට එම ආගමේ හෝ

දර්ශනයේ මූලික හර

පද්ධතිය පිළිබඳව සෛද්දාන්තිකවිග්‍රහයක් ඉදිරිපත්කරමින් ඒ තුළින්

ජීවිතයට ලබාගත් වටිනාම දේ හෝ

දේවල් මොනවාද යන්න පිළිබඳවද විග්‍රහයක් සිදුකරමු.

බුද්ධ දේශනාව තමයි අනුගමනය කරන්නෙ. එය ආගමක් හෝ දර්ශනයක් නොව

දහමක් ලෙසයි මම හඳුනාගත්තෙ. ඒ තුළින් විග්‍රහ කෙරෙන්නේ සොභාදහමයි.

කෙටියෙන් කිවහොත් කාරණා දෙකයි. එනම්, පවතින දෑත්, සිදුවන හැටිත්

යන්නයි.

~ තමන් යනුවෙන් හැඳිනෙන දෙයෙහි පැවැත්ම පිහිටන ලෝකය යන්න, තමන්

යනුවෙන් හැඳිනෙන දෙය තුළම පිහිටයි ~

තමා ලෙස හෝ තමාගේ ලෙස හෝ තමා විසින්ම සිදුකෙරෙන, එනම් ශේෂව

පවතින පෞද්ගලික ගොඩනැගීමක් හෝ සත්‍යවශයෙන්ම නොපවතින්නක් වන

අතර ස්වභාවධර්මය තුළ හේතු – ඵල ධර්මතාවයට අනුකූලව එකිනෙකට

සම්බන්ධව ක්‍රියාත්මක වන විවිධ සංකීර්ණ යාන්ත්‍රණවල එක් කුඩා අංගයක්

ලෙස තාවකාලික පැවැත්මක් පමණක් නිරූපණය වේ, යනුවෙන් සෛද්දාන්තික

විග්‍රහයක් සිදුකිරීමට පුළුවන්.

පැවැත්මේ නැවැත්ම සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලිය සෛද්දාන්තිකව නිවැරදිව

ඉගෙනගැනීමට හැකිවීමත් එය ප්‍රායෝගිකව නිවැරදිව භාවිතයේ යෙදීමට

හැකිවීමත් තමයි මා බුදුන් වහන්සේගේ දේශනාවෙන් ලබාගත් වටිනාම දේවල්

වන්නේ.

Q). ඔබේ වැටහීමේ පරිද්දෙන් මනුශ්‍යත්වය අරුත්ගන්වාගන්නේ කෙසේද

හා ඒ හට ඉහළම වටිනාකමක් හිමිකරදෙන්නේ කෙසේද

යන්න පිළිබඳව විස්තරයක් සිදුකරමු.

මනුසත්භව කියන්නෙ අතිශයින්ම දුර්ලභ මහා භාග්‍යයක්. සොභාදහමේ

ක්‍රියාකාරිත්වය දැකගැනීමට දැනගැනීමට උත්සාහ කිරීමත්, එම උත්සාහය

සඵල කරගැනීමත් තුළින් මනුශ්‍යත්වයේ වටිනාකම උපරිමයට පත්කරගන්න

පුළුවන්.

Q). ඔබේ ජීවිතාර්ථයන් මොනවාද?

ප්‍රමුඛ ජීවිතාර්ථයන් තුනයි. ඒවා කේන්ද්‍රකොටගත් අවශේෂ ජීවිතාර්ථයන්

අවස්ථානුකූලව සකස්වෙනවා.

1). ස්වකීය ආද්‍යාත්මය ගවේෂණය

2). කලාත්මක නිර්මාණයන්හී නියැලීම

3). ස්ත්‍රිය යන විෂයෙහි නිරාමිස ප්‍රේමය ප්‍රමුඛ සොඳුරු හැඟුම් ශ්‍රේණිය

අත්විඳීම

4). පරෝපකාරය

Q). ඔබ කලාමාද්‍යයක් ලෙස සිනමාව හඳුනාගන්නේ කෙසේද යන්න

පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු.

" සිනමාව යනු සකලවිධ කලා මාද්‍යයන්ගේ කූඨප්‍රාප්තියයි " යන්න විෂය

පිළිබඳ විශේෂ ප්‍රාගුන්‍යයක් සපිරි බොහෝ ශාස්ත්‍රීය විද්වතුන්ගේ මතය වන

අතර තාක්ෂණිකව සිනමාව යනු චලිත රූපය ලෙසින් කෙටියෙන් හැඳින්වෙනවා.

එනමුත් ලේඛනය, චිත්‍ර කලාව, සංගීතය, නර්තනය ආදී වූ ප්‍රමුඛතම

කලාංගයන් සියල්ලගේම නිර්මිතයක් ලෙසින් තමයි මම සිනමාව හඳුනාගන්නේ. ඒ

අනුව ඉහත දැක්වෙන මතයට මම එකඟවනවා.

Q). ඔබ වෘත්තීය තිර රචකයෙක්. සිනමාව සහ ටෙලිවිෂනය තුළ තිර රචනයේ

භාවිතාව පිළිබඳව ඔබේ අදහස් ඉදිරිපත්කරමු. 

සිනමා හෝ ටෙලිවිෂන් නිර්මාණය සුවිසල් නිවසකට උපමා කළහොත් තිර රචනය

යනු එහි ශක්තිමත් පාදම ලෙසින් සළකන්න පුළුවන්. දක්ෂ තිර රචකයෙකුගේ සහ

දක්ෂ අදියුරුවරයෙකුගේ නිර්මාණාත්මක කෞශල්‍යය එකතුවෙන් ප්‍රතිභාපූර්ණ

නිර්මාණයක් ව්‍යුත්පන්න විය හැකි සේම දුර්වල තිර රචකයෙකුගේ සහ දුර්වල

අදියුරුවරයෙකුගේ නිර්මාණාත්මක කෞශල්‍යය එකතුවෙන් හරසුන් නිර්මාණයක්

ව්‍යුත්පන්න විය හැකියි. එම තත්ත්වය සාමාන්‍යයි.

එමෙන්ම දුර්වල තිර රචනයකින් ප්‍රතිභාන්විත නිර්මාණයක් ව්‍යුත්පන්න වීම

සිදුවිය නොහැකියි සේම ප්‍රභල තිර රචනයකින් දුර්වල නිර්මාණයක්

ව්‍යුත්පන්න වීමද සිදුවිය හැකියි යන්න මගේ අත්දැකීමයි. එහීදී අදියුරුවරයාගේ

භූමිකාව නිර්මාණයේ ගුණාත්මක භාවය කෙරෙහි තීරණාත්මක සාධකයක් බවට

පත්වෙනවා.

Q). ඔබේ වෘත්තීය පසුබිම පිළිබඳ හැඳින්වීමක් සිදුකොට වෘත්තීය ජීවිතය තුළ

ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයන් පිළිබඳව මතකාවර්ජනයක් සිදුකරමු.

චිත්‍රපට අද්‍යයක්ෂක කසුන් පතිරණ මහතා විසින් සිදුකෙරූ දැනුවත් කිරීමක්

හරහා වර්ෂ 2023 මාර්තු මාසයේදී පැවැත්වුණු " AURA DGSL සිනමාභිමාන –

2023 " නැමැති චිත්‍රපට ප්‍රදර්ශන සහ ඇගයීම් උළෙලේ ස්වේච්ඡා

නිළදාරියෙකු ලෙසින් කටයුතු කිරීමට මා හට භාග්‍යය සැලසුනා. එම සිදුවීම

මාගේ ජීවිතය ධණාත්මක මඟකට යොමුකළා.

එය සංවිධානය කරනු ලැබූයේ ශ්‍රී ලංකා සිනමා අද්‍යයක්ෂකවරුන්ගේ සංසදය

විසින් නිසාම ඒ කාල සීමාව තුළදී එහි විධායක කමිටු සාමාජිකත්වය උසුලන

ප්‍රවීණ අදියුරුවරුන් ඉතාමත් සමීපව ඇසුරු කරන්නට මා වාසනාවන්ත වූවා. එම

ඇසුර සිනමාව නම් විෂය සම්බන්ධයෙන් මාව බොහෝ සෙයින් පෝෂණය කළා

පමණක් නොවෙයි සිනමාව විෂයක් ලෙසින් විධිමත්ව හැදෑරීමට මා තුළ ප්‍රථම

උත්තේජනය හට ගැන්වූවා. කුඩා කළ පටන් සිනමාව සම්බන්ධයෙන් මා තුළ

පැවති ඇල්ම ඊට පසුබිම සකසා තිබුණා.

එම ව්‍යාපෘතිය අවසාන වීමත් සමඟම කසුන් පතිරණ මහතාගේ දැනුවත් කිරීම

හරහා ශ්‍රී ලංකා තිර රචකයින්ගේ සංසදය විසින් සංවිධානය කෙරූ තිර රචනා.

වැඩමුළුවකට මා සහභාගි වූවා. මා ප්‍රථම වරට තිර රචනය විධිමත් ලෙසින්

උගත්තේ එහිදීයි. වැඩමුළුව අවසානයේ පැවති කෙටි චිත්‍රපට තිර රචනා

තරඟයේදී මා රචනා කළ කෙටි චිත්‍රපට පිටපත ඇගයීමට බඳුන් වූවා.

එහිදී කසුන් පතිරණ මහතා විසින් මා හට ඇරයුම් කර සිටිනවා ඔහුත් සමඟින්

නිර්මාණකරණයේ යෙදෙන ලෙසට. ඒ අනුව ඔහුත් සමඟින් නිර්මාණකරණයේ

යෙදෙමින් කාලය ගතවත්ම සමාජ මාද්‍යය ඔස්සේ පළ වූ දැන්වීමක් හරහා

ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු වන චන්ද්‍රන් රත්නම් මහතා විසින්

සිනමාකරණය උගන්වන ජාත්‍යන්තර ආයතනයක් " Asian Film Academy

"ලෙසින් ආරම්භ කර ඇති බව මා හට දැනගැනීමට ලැබෙනවා.

එකල මා හට නිශ්චිත ආධායම් මාර්ගයක් නොතිබූ බැවින් මා පැළඳි රන්

ආභරණයක් උගස් තබා එම පාඨමාලාව හැදෑරීම වෙනුවෙන් ගෙවිය යුතු මුදල

සපයාගැනීමට සිදු වූවා. අනතුරුව මා ඔහුගේ මඟපෙන්වීම යටතේ ගුරුවරුන්

රැසකගෙන් සිනමාකරණය පිළිබඳ මූලික පාඨමාලාවක් හදාරණවා.

එහිදී මා තුළ සිනමාව සහ තිර රචනය කෙරෙහි ඇති දැඩි උනන්දුව මෙන්ම තිර

රචනයේ නියැලීමට ඇති දක්ෂතාවය ඔහුගේ අවධානයට සහ ප්‍රශංසාවට

ලක්වෙනවා. ඒත් සමඟින් ඔහුව ඉතා සමීපව ඇසුරු කිරීමට මා හට භාග්‍යය

සැලසෙනවා. එය මා සළකන්නේ මගේ ජීවිතය තුළ මා ලැබූ සුවිශේෂී කඩඉමක්

ලෙසයි.

කාලය මෙසේ ගතවත්ම ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු මෙන්ම ප්‍රවීණ තිර

රචකයෙකු වූ අරුණ ජයවර්ධන මහතාගේ දැනුවත් කිරීමක් ඔස්සේ ආසියානු

මාද්‍යය ජාලයේ (හිරු ටී.වී) තිර රචකයෙකු උදෙසා පවතින රැකියා

පුරප්පාඩුවක් සඳහා මා ඉල්ලුම් කරනවා. ඒ අනුව ආයතන ප්‍රධානීන් හමුවේ

පැවරුම් සහ සම්මුඛ පරීක්ෂණ ශ්‍රේණියකට මුහුණ දීමෙන් අනතුරුව රැකියාවේ

නියුක්ත වීමට සමත් වෙනවා.

සිනමාව හදාරණ අතරතුරදීම ටෙලිවිෂනයට අත්පොත් තබන්නට පසුබිම

සැකසීමද ධණාත්මක දෛවෝපගත සිදුවීමක් ලෙසින් සැළකීමට මා කැමතියි.

Q). තරුණ වෘත්තීය තිර රචකයෙකු ලෙස ජාත්‍යන්තර සිනමාව ජයගැනීම

කෙරෙහි ඇති ඔබේ අභිලාෂය මුදුන්පත්කරගැනීම සඳහා ක්‍රියාත්මක කරමින්

සිටින සැලසුම් පිළිබඳව කෙටි විග්‍රහයක් කරමු. 

වර්ථමානය වනවිටදී ප්‍රවීණ සිනමා අදියුරුවරයෙකු වන චන්ද්‍රන් රත්නම්

මහතා අද්‍යයක්ෂණය කරන මීළඟ සිනමාපටයෙහි තිර රචකයා ලෙසින් කටයුතු

කරනවා. එහි නිෂ්පාදන කටයුතු භාරව සිටින්නේ ප්‍රවීණ චිත්‍රපට

නිෂ්පාදකයෙකු වන රාජ් රණසිංහ මහතායි.

එය බොහෝවිට විදේශීය රංගන ශිල්පීන් ශිල්පිණියන් යොදාගැනෙනා

අන්තර්ජාතික සිනමා වෙළඳපොළ වෙත ප්‍රමුඛ ලෙසින් මුදාහැරෙන කාන්තා

චරිතයක් මුල්කොටගනිමින් ධාවනය වන නාට්‍යමය – ප්‍රේමය ක්ෂානරයේ

සිනමාපටයක් බව විශේෂයෙන් සඳහන් කිරීමට හැකියි.

විදේශීය සිනමාකරණ පාසලක් වෙත ගොස් විධිමත්ව අධ්‍යාපනය ලැබීම මාගේ

සන්තානය තුළ කාලාන්තරයක් තිස්සේ පවතින එක් අහිංසක අපේක්ෂාවක් බව

සඳහන් කිරීමට කැමතියි.

Q). සිනමා  සහ ටෙලිවිෂන් කර්මාන්තය තුළ ඔබ වර්ථමානයේ නිරත වී

සිටිනනිර්මාණාංගයන් හා ඉදිරියේදී එළිදැක්වීමට සැලසුම් කරමින් සිටින

නිර්මාණාංගයන් පිළිබඳව හෙළිදරව් කරමු. 

වර්ථමානයේ මා ආසියානු මාද්‍යය ජාලයේ (හිරු ටී.වී) ප්‍රමුඛතම වැඩසටහන

ලෙසින් සැළකෙන මෙන්ම මෙරට වඩාත් ජනගතම ටෙලිවිෂන් වැඩසටහන ලෙසින්

කාලාන්තරයක් තිස්සේ සම්භාවනාවට පාත්‍ර වූ " හිරු ස්ටාර් " සිව්වන අදියරේ

රූපවාහිනී තිර රචකයා ලෙසින් කටයුතු කරනවාེ.

එමෙන්ම සිනමා අදියුරුවරුන් කිහිපදෙනෙකුගේ ඉදිරියේදී පූර්ව නිෂ්පාදන කටයුතු

ඇරඹීමට නියමිත සිනමා නිර්මාණයන් කිහිපයක තිර රචකයා මෙන්ම සම තිර

රචකයෙකු ලෙසින් මගේ පරිකල්පන සහ ලේඛන කෞශල්‍ය ධායක කිරීමට

අපේක්ෂාවන් සිටිනවා.

Q). Api Magazine හී ලේඛකයෙකු ලෙසින් කටයුතු කරන්න අවස්ථාව සැලසීම

සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මම වර්ෂ දෙකහමාරක් පමණ තිස්සෙ මගේ සමාජ ජාලා ගිණුම් හී මෙන්ම සිනමා

රසිකයින් විසින් නිර්මාණය කරන ලද සමාජ මාද්‍යය පිටුවල සිනමාව හා සබැඳි

ලේඛණයන් පළ කරමින් සිටියා. ඒවා කියවීමට ලොල් වූ ප්‍රාමාණිකව

සැළකියයුතු පාඨකයන් පිරිසක්ද මේ වනවිට නිර්මාණය වී තිබෙන බව සතුටින්

ප්‍රකාශ කරන්න කැමතියි.

මේ තත්ත්වය සඟරාවේ කතුවරයා වන ගයාන් කරුණාරත්න මහතාගේ අවධානයට

ලක්වීමෙන් අනතුරුව ඔහු මට සාදරණීය ඇරයුමක් සිදුකරනවා ඒ අයුරින්ම Api

Magazine හී සිනමාව පිළිබඳ ලේඛණයන් පළ කරන්නට. ඔහු මගේ පාසල වන

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් නිසාවෙන් මම දෙවරක්

නොසිතා ඔහුගේ ඇරයුම ඉතාමත්ම සතුටින් පිළිගන්නවා. ඔහු මගේ හිතෛෂීයෙක්.

මෙරට දැනට පවතින ඩිජිටල් සඟරාවන් කිහිපය අතුරින් සුවිසල් ශ්‍රී ලාංකීය

පාඨකයන් පිරිසක් ඒකරාශි කරගැනීමට මෙන්ම විදේශීය රටවල් කිහිපයකම

වෙසෙන ශ්‍රී ලාංකීය පාඨකයන් බහුතරයකගේ ප්‍රමුඛතම ඩිජිටල් සඟරාව බවට

පත්වීමට Api Magazine සමත් වී තිබීම පිළිබඳව මම ඉතාමත්ම ප්‍රමෝදයට

පත්වෙනවා.

විවිදාකාරයේ විෂයන් හා සබැඳි වටිනා තොරතුරු විශ්වසනීයව ජනගත කිරීමට

රිසි Api Magazine හී ලේඛක මඩුල්ල ලෙන්ගතුකමින් බැඳුණු පවුලක් කිව්වොත්

මා නිවැරැදියි. එබැවින් කතෘ තුමා ප්‍රමුඛ සඟරාවේ කාර්‍ය මණඩලයේ සියලු

පෞද්ගලික සහ වෘත්තීය අපේක්ෂාවන් මුදුන්පමුණුවාගත හැකි සෞභාග්‍යයමත්කාලවකවානුවක් උදාවේවායි මුළු හදින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.

24-06-08

ෆොර්ට් නේපියන්

ෆිලිප් අයිලන්ඩ් (Phillip Island ) යනු මෙල්බර්න් ජීවත් වන බොහෝ දෙනෙකු දවසේ නිවාඩුවකට තෝරාගන්නා බෙහෙවින් ප්‍රසිද්ධ ගමනාන්තයක්. හැමදාමත් වගේ දන්නා මායිමෙන් ඔබ්බට ගොස් සුන්දරත්වය සොයා වෙහෙසකර ගමනක් යාමට කැමති රුචියා සහ නික් අපිත් සමග එකතු වුනේ බොහෝ අය නොදන්නා නමුත් ෆිලිප් අයිලන්ඩ් ප්‍රදේශයේම පිහිටා ඇති ෆෝර්ට් නේපියන් (Fort Napean) නැරඹීමට යාමට.

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ යුධ බලකොටුවක් ලෙස  යටත් විජිතය ආරක්ෂා කිරීමට සහ හමුදා පුහුණුවටත් , බලකොටු ජාලයක කොටසක් ලෙසත් මෙම ස්ථානය යොදා ගැනුණා.   අද වනවිට මෙම ඉසව්ව ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කර තිබෙනවා.

වෙනදා මෙන් පෙර සුදානමක් නොතිබූ නිසාවෙන් ආහාර පාන සකස් කරගන්නේ නැතුවම අපි ගමන පිටත් වුනේ මගදී හමුවන අවන්හලකින් කඩචෝරු බඩට දාගන්නට යටි හිතේ අරමුණු කරගනිමින්. පැයක පමණ ගමනකින් පසු අපි මෝර්නින්ග්ටන් අර්ධද්වීපයේ (Mornington Peninsula) පිහිටා ඇති පෝට්සී (Portsea) ග්‍රාම්‍ය කළාපය වෙත පිවිසුනේ  අපේ ගමනාන්තයට ලඟා වෙමින්. 

වාහනයේ තිරිංග තද කර වාහනයෙන් බැසගත් අපි, නේපියන් බලකොටුව වෙත යන මගට පිවිසුනේ ඈත  මුහුදෙන් දිස්වන චමත්කාරයත් , ඒ පරයා කන්ද මුදුනේ  හුණු ගල් වලින් තනා ඇති බලකොටු ප්‍රකාරයේ තේජාන්විත බවත් අදහා ගත නොහැකිවයි. පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම ස්ථානයේ මද වෙලාවක් ගත කල අපිට දැනුනේ , බලකොටුවේ පිහිටා තිබු බිම් ගෙවල් සහ ආරක්‍ෂිත කුටි තුලින් තවමත් යටත් විජිත සමයේ සහ ලෝක යුධ සමයේ සිරවුන වෙඩි හඬවල්  දෝංකාර දෙනවාද යන්නයි. එය ජීවමානව දැනෙන තරමට බොහෝ වැදගත් කරුණු අඩංගු දැන්වීම් පුවරු සෑම ස්ථානයකම වගේ ඡායාරුප සමගම බලකොටුව පුරා සංචාරකයින්ට දැකබලාගැනීමට පිහිටා තිබුණා .

ලංකාවේ රූමස්සල කැලෑ බද මුහුදු වෙරළට යනවිට දැනෙන ඒ සිතැඟියාව , නිල්වන් මුහුදත් එක්ක මුහු වෙන ගස් කොළන් වල වර්ණයන් වලින් අපිව ඇද බැඳගන්නා ඒ මායාවන් මෙම පෙදෙසේ නොඅඩුව ඇති බව වැටහුනේ, බලකොටුවෙන් ඔබ්බට ඇති පඩිපෙළ දිගේ පල්ලම් බහිනා විට.   

අනූව දශකයේ ඉපදී හැදුනු වැඩුණු නිසාවෙන් රොබින්සන් අන්දරය, පන් පසිඳුවන්ගේ වික්‍රම ආදී කතා මාලා නරඹා තිබු අපේ නඩය නැවතත් වාහනයට ඇවිදන් එනකන් ම පරණ කතාවල මතකයන් හාරවුස්සන්නට ගත්තේ, මෙම පෙදෙසේ දසුන් පමණක් නොව ඉන් හමා ආ සුළඟ පවා අපිව මතක ගොන්නක හිර කරගන්නට සමත් වූ නිසාවෙන්. 

එන අතර මග හරිහමන් අවන්හලක් හමු නොවූ නිසාවෙන් බෙරික් වල පිහිටා ඇති ඇඹුලට ගොඩවුනේ සුමිතුරන් නැවතත් එක්වන දවසක් නොදන්නා නිසා ලංකාවේ ක්‍රමයට හිත පිරෙන්න ආහාර වේලක් ලබාගෙන , මතක පොත තුරුළු කරන් විසිර යන්නට.

24-06-05

Dilini Seneviratne 

Trailblazing Kandyan Dance: The British-Sri Lankan Pioneer Making Waves in London

උඩරට, පහතරට, සබරගමු කියන අපේ රටේ ප්‍රසිද්ධ නැටුම් සම්ප්‍රදායන් තුන අතරින් උඩරට නැටුමට ලැබෙන්නේ ප්‍රධාන තැනක්නේ. ඒ නැටුමේ උත්පත්තිය ගැන තියෙන්නෙත් හරි රහ කතාවක්. ඒ වෙනකොට රටේ රජකම් කරලා තියෙන්නේ පඬුවස්දෙව් රජතුමා. ඔය රජතුමා රජවෙලා දෙතුන් දවසක් යද්දී නින්දෙන් භයානක හීනයක් පෙනිලා තියෙනවා. ඒ අඳුන් දිවියෙක් තමන්ගේ ඇඟට කඩාගෙන පනිනවා. ඒක වෙලාවේ ඉඳන් රජතුමා හිතුවේ තමන්ට කලින් රටේ රජකම් කරපු විජයට කුවේණිය කරපු ශාපය තමන්ටත් බලපාලා කියලලු. මොකද එදා විජය රජ්ජුරුවෝ කුවේණියව රජ මාලිගාවෙන් පන්නලා දැම්ම වෙලාවේ කුවේණි විජයට විතරක් නෙවෙයි මුළු පිරිමි සංහතියටම ශාප කළාය කියනවනේ. කොහොමහරි ඔය හීනෙට බයවෙලා ලෙඩෙක් ගාණට වැටුනු රජතුමා ඉන්දියාවේ ඉඳන් ලංකාවට යකැදුරන් කණ්ඩායමක් ගෙනැවිල්ලා කොහොඹා කංකාරිය කියන ශාන්තිකර්මය කරගත්තලු. ඒක දැකපු අපේ රටේ මිනිස්සුත් ඒ යකැදුරන්ගෙන් ඒක ඉගෙනගෙන. ඔය විදියටයි උඩරට නැටුම කියලා නැටුම් සම්ප්‍රදායක් ලංකාවේ ආරම්භ වුණාය කියන්නේ.

ඉතින් ඒ විදියට ආරම්භ වුණු නැටුමට උඩරට කියන නම වැටුනයි කියන්නේ ඒක මුලින් ඉගෙනගෙන තියෙන්නේ උඩරට පළාතේ උදවිය හින්දා. ඒ කියන්නේ මහනුවර, උඩුනුවර, යටිනුවර, හත්කෝරළේ, හතරකෝරළේ, දුම්බර හාරිස්පත්තුව වගේ ලංකාවේ මධ්‍යම කඳුකර පැතිවල මිනිස්සු. හැබැයි ඉතින් බ්‍රිතාන්‍යයන් විසින් උඩරට ආක්‍රමණය කරපු වෙලාවේ උඩරට රාජධානියත් එක්කම මේ කියන නැටුම් සම්ප්‍රදායත් බිඳවැටිලා. ඒක ආයෙත් පණගහලා ඇවිත් තියෙන්නේ 1948 ලංකාවට නිදහස ලැබීමත් එක්ක. ඒත් එදා උඩරට නැටුම් නටන්න අවසර තිබිලා තියෙන්නේ නම් පිරිමි උදවියට විතරයි. 19 වැනි සියවසේ අගභාගයේ විතර තමයි කාන්තාවන්ටත් ඒකට ඉඩක් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ලැබුණු ඉඩෙන් කාන්තා උදවිය උපරිම පල ප්‍රයෝජන ගත්තලු. අන්න ඒ වගේ තරුණියක් ගැනයි මේ කියන්න යන්නෙත්. ඇය තමයි ඩිලිනි සෙනවිරත්න. පදිංචිය එංගලන්තේ. දන්නවද, ඩිලිනි කියන්නේ උඩරට නැටුමෙන් එංගලන්තයත් හොල්ලපු තරුණියක්. ඒ නිසාම ඇය එක්ක කතාබහක යෙදෙන්න අපිට හිතුණා.

මේ වෙනකොට මං එංගලන්තයේ ලන්ඩන්වල ‘Kandyan Dancers Company’ කියලා උඩරට නැටුම් සහ අනෙකුත් ශ්රී ලාංකික නැටුම් සහිත කම්පැනි එකක් කරනවා. හරහා මං මගේ නර්තන කණ්ඩායම් එංගලන්තයේ විවිධ අවස්ථාවන්වලට සහභාගි කරවනවා. ඒක එංගලන්තයේ මිනිස්සුන්ට වෙනස්ම අත්දැකීමක්.”

වැඩ දන්න මිනිස්සුන්ට තැන අදාළම නෑ කියනවනේ. ඩිලිනි කියපු පළවැනි කතාවෙන්ම මට හිතුණේ එහෙම දෙයක්. ඒ හින්දම මට හිතුණා ඇගේ කතාව කොණක ඉඳන් පිළිවෙලට අහන්න.

පුංචි කාලේ ඉඳන්ම මගේ ඇඟේ නැටුම තිබුණා කියලා අම්මා කියනවා. දවස්වල මොන්ටිසෝරියේ කොන්සර්ට් එහෙම තියෙනවනේ. ඒවගේ තියෙන නැටුම්වලට ආසාවෙන්ම ඉදිරිපත් වෙන ළමයා මමලු. අම්මා කියනවා අනෙක් ළමයි නටන්නේ එක නැටුම් අංගයකට විතරක් වෙනකොට මං හැම නැටුමකටම නටන්න ඕන කියලා අම්මට කියනවලු.”

ඒ විදියට ඇඟේම නැටුම තිබුණු හින්දා ඩිලිනි පුංචි සන්ධියේ ඉඳලම ආසාවෙන් ඉඳලා තියෙන්නේ නැටුම් ටීචර් කෙනෙක් වෙන්න. හැබැයි ඉතින් මුළු පවුලම ලංකාවට ආයුබෝවන් කියලා එංගලන්තයේ පදිංචියට ඇවිත් තියෙන හින්දා ඇයට ඒ ආසාව හිතෙන් අතෑරගන්න වෙලා. එදා එහෙම එනකොට ඩිලිනි ඇයගේ ළඟ තිබුණු නැටුම් පොත් ටිකකුත් අම්මට හොරෙන් බෑග් එකේ දාගෙන එංගලන්තෙට ගෙනාවලු.

එංගලන්තයට ආවත් මං නටන එක නම් අත්හැරියේම නෑ. ඔය අතරේ මට ලලිත කලාවේදිනි කුමුදු පෙරේරා ගුරුතුමිය මුණගැහුනා. ඇයගෙන් වැඩිදුර නැටුම් ඉගෙනගත්තා. පස්සේ මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරුතුමා මුණගැහුනා. ඔහුගෙනුත් නැටුම් ඉගෙනගත්තා. වෙනකොට මං එංගලන්තයේ Southampton කියන විශ්වවිද්යාලයේ BSc Criminology and Computer Science උපාධියත් කරමින් හිටියේ. ඔය අතරේ මට හිතුණා නර්තනය ගැනත් විශ්වවිද්යාල මට්ටමින් දෙයක් ඉගෙනගත්තා නම් සෑහෙන වටිනවා කියලා. එහෙම හිතලයි ලන්ඩන්වල Middlesex විශ්වවිද්යාලයෙන් MA Professional Practice, Dance (Kandyan Dance) කියන උපාධිය සම්පූර්ණ කළේ.”

ඔය අතරතුරේ ඩිලිනි හරි අපූරු වැඩකුත් කරලා. ඒ පළවැනි වතාවට ඒ විශ්වවිද්‍යාලයේ හිටපු ළමයි එකතු කරගෙන උඩරට නැටුම් කණ්ඩායමක් හදපු එක. කොහොමින්හරි අන්තිමේ ඇය නැවතිලා තියෙන්නේ ඇය කතාබහ ආරම්භයේදී කියපු විදියට උඩරට නර්තනය සම්බන්ධ ලොකු කම්පැනි එකකුත් සුද්දගේ රටේ පටන් අරන්.

එංගලන්තය වගේ රටවල රටවලට ආවේණික සම්ප්රදායික නර්තනාංග තියෙනවා. ඒත් හැම එකකටම වඩා උඩරට නර්තනයේ පැහැදිලි ආකර්ෂණයක් තියෙනවා කියලා මට හිතුණා. ඒකට යොදාගන්න ඳුම් පැළඳුම්, සංගීතය වගේ දේවල් හරි ආකර්ෂණීයයි. නොදන්න රටක වුණත් මට මේ වගේ කම්පැනි එකක් පටන්ගන්න හිතුණේ ඒකයි. මොකද වෙද්දිත් කොච්චර නැටුම් ගැන ඉගෙනගෙන තිබුණත් ඒකෙන් වැඩක් ගන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ.”

ඊළඟට අපි ඩිලිනිගෙන් ඇහුවේ ‘Kandyan Dancers Company’ එක හරහා මේ වෙනකොට ඇය කරන වැඩ කටයුතු ගැන.

අපිට මේ රටේ විවිධ වූ ප්රසංගවලට, උත්සව අවස්ථාවලට ආරාධනා ලැබෙනවා. දැන් අපි එංගලන්තයේ ඉන්න ලංකාවේ අය වෙනුවෙන් නර්තන පන්ති, වැඩමුලු පවත්වාගෙනත් යනවා. ගොඩාක් වෙලාවට ඒවට එන්නේ මෙහේ කැම්පස්වල ඉගෙනගන්න ලංකාවේ ළමයි සහ පොඩි දරුවෝ. වගේම ලංකාවේදි නැටුම් කරලා, එංගලන්තයේ පදිංචියට ඇවිත් ඉන්න අයත් මගේ ගාවට ආයෙත් නැටුම් කරන්න එනවා. මගේ නැටුම් පන්ති වලට වයසක්, ස්ත්රී පුරුෂ භාවයක්, ජාතියක් කියලා නැහැ. එන්න කැමති, නටුමට ආස ඕනකෙනෙක්ට මම නැටුම් කියලා දෙනවා.”

කොවිඩ් කාලේ හැමෝටම සුපුරුදු වැඩකටයුතුවලින් චුට්ටක් ඈත්වෙලා ඉන්න වුණානේ. හැබැයි ඩිලිනි නම් එහෙම ඉඳලා නෑ. ඇය ලියලා උඩරට නර්තනය ගැන පොතක්.

පොතට නම දැම්මේ ‘An Introduction to Kandyan Dance’ කියලා. ඒක ගොඩාක් ප්රසිද්ධ වුණා. මේ වෙනකොට එංගලන්තයේ ප්රසිද්ධ පුස්තකාල පහක මගේ පොත තියෙනවා. කැමති අයට අන්තර්ජාලය (Amazon) හරහා වුණත් අරන් කියවන්න පුළුවන්. 2021 තමයි පොත දැම්මේ ඉතින් දැන් දෙවෙනි පොත ලියන ගමන්.”

උඩරට නැටුමෙන් එංගලන්තයම අල්ලපු ඩිලිනිගේ දැන් බලාපොරොත්තුව එංගලන්තයම හෙල්ලිලා යන විදියේ දැවැන්ත ප්‍රසංගයක් තුන්වෙනි වරටත් කරන එකලු. හැබැය්‍ විශේෂත්වය තමයි මේ අව්රුද්දේ ඩිලිනිගේ ලමයි හය දෙනෙක් කලඑලි බහින එක​.

මේ මාසේ, කියන්නේ ජූනි 30 වැනිදා එංගලන්තයේ ලන්ඩන්වල අපිනර්තනනමින් ප්රසංගය තුන්වෙනි වරටත් කරනවා. ප්රසංගයේදී කලඑලි ප්රසංගයට මූලිකත්වය දීලා උඩරට, පහතරට, සබරගමු, භරත ඇතුළු ලංකාවේ හැම නැටුමක්ම නටන්න අපි බලාපොරොත්තු වෙනවා. ලන්කාවෙන් බෙර වාදනය සදහා ප්රසන්න රූපසිංහ සහ කොශාන් මාපටූන ශිල්පීන් දෙදෙනත් සහබාගී වෙනවා. අතුල දස්සන පන්සලේ තමයි මේ වැඩේ වෙන්නේ, එහි ලොකු හාමුදුරුවන් වඳුරබ කශ්යප වහන්ස මේ වැඩේට ලොකු සහායක් දෙනවා.”

ඉතින් මෙච්චර ලස්සන ලොකුවට එන් ගලන්තයේ කෙරෙන වැඩේකට ඔබ සැම දෙනාටම ඇවිත් සහබාගී වෙන්න කියා අරාධනා කරනවා.

ඩිලිනිට අපෙන් සුබ පැතුම්! 

24-06-04

මානසික රෝග සැගවිය යුතු නැත

මම, අපි magazine එකට ලියන පලවෙනි වතාව මේක. Mental Health Disease එකක් පිළිබඳව ලියන නිසා මගේ background එක චුට්ටක් කියන්නම්. මම Registered Manager කෙනෙක් Complex Needs  Nursing Home එකක. Biomedical Science කියන Degree එක හදාරලා, Scientist Licence එක ගත්තත්, මම Private Healthcare join වෙන්න තීරණය කලේ 2015 අවුරුද්දෙයි. ඉතින් Mental Health Diseases ගැන  මම හදාරන්නේ 2015 න් පස්සේ. මේ දවස් වල Therapeutic Counsellor කෙනෙක් වෙන්නත් practice කරන නිසා, මට හිතුනා මානසික රෝග ගැන තියන දැනුම ඔයාලත් එක්ක බෙදාගන්න.

ලංකාවේ අධ්‍යපන ක්‍රමයේ නම් මානසික ලෙඩ ගැන  උගන්නන්නෙම නැති තරම්. ඒක නිසා මානසික රෝගීන් පිස්සන් හැටියට ලේබල් කරනවා. ලංකාවේ අපි මේ වගේ අසනීප වලට බෙහෙත් ගන්න යන්නත් අදී මදි කරනවා. . අපේ සමාජයේ මේ පිළිබඳව තිබෙන දැනුවත්කම අවම නිසාම මිනිසුන්ම මවාගත්තු මිත්‍යා දර්ශනයන්  ඔස්සේ , ප්‍රතිකර්ම වලට යොමු වෙනවා. ඉතින් රෝගයට අවශ්‍ය ඖෂධ හෝ චිකිත්සාවන් නොලැබීම හේතුවෙන් රෝගය උත්සන්න වෙන අවස්ථා බොහොමයි.

ඉතින් මන් ඔයාලත් එක්ක අද කතා කරන්න හදන්නේ Schizophrenia කියන මානසික රෝගය ගැන.මේ නම ඔයාලා ගොඩ දෙනෙක් අහල නැති උනාට, රෝග ලක්ෂණ ඇහෙනකොට , ඔබට අනිවාර්යෙන් මේ අසනීපය තිබ්බ කෙනෙක්ව හෝ මේ සම්බන්දයෙන් අහන්න ලැබුණු පුවතක් හෝ මතක් වෙයි.

Schizophrenia කියන්නේ syndrome එකක්. Syndrome එකක් කියන්නේ එක රෝගයකට.  රෝග ලක්ෂණ  ගණනාවක් සහ රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට   තරමක් විචල්‍ය වෙන නිසයි.

මේ රෝගය සම්ප්‍රේෂණය වෙන ජාන නියතව සොයාගෙන නැති උනත්, මෙයට හේතු වන්නේ අපේ මොළයෙන් නිදහස් කරන Dopamine සහ Glutamate කියන neurotransmitters වල තියන අසමතුලිත බවකියල පරීක්ෂණ වලින් ඔප්පු කරගෙන තියනවා.

මේ රෝගය දෙමව්පියන්ගෙන් දරුවන්ට ප්‍රවෙනිගතව සම්ප්‍රේෂණයවෙන ප්‍රවනතාවය 80%ක් තරම්. මීට අමතරව, විද්‍යාත්මක පරීක්ෂණවලට අනුව දීර්ග කාලීනව Cannabis මත්ද්‍රව්‍ය වලට ඇ බ්බෙහි වූ පුද්ගලයනටද මෙම රෝගය වැලඳෙන්න පුළුවන්. තවද ගර්භනී සමයේ හටගන්නා ඇතම් Viruses කලලයට සම්ප්‍රේෂණය වී Schizophrenia රෝග ලක්ෂණ තරුණ කාලයේදීම පෙන්නුම් කරන්න පුළුවන්.

මේ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ positive, negative සහ cognitive කියල වර්ග කරනවා. Positve ලක්ෂණ වෙන්නේ මේ රෝගීන්ට අපි හෙමොටම පෙන්නේ නැති දේවල් පේනවා. ඒ කියන්නේභෞතිකව අපිට නොපෙනන දේවල් මෙයාලට පේනවා. මේකට කියනවා visual hallucination එහෙමත් නෙත්තම් සිංහලෙන් දෘශ්‍ය මායාවන්. ඒ වගේම මෙයාලට, අපිට ඇහෙන්නේ නැති දේවල් ඇහෙනවා. ඒ කියන්නේ කව්රුහරි කතා කරනවා වගේ, හරියටම ඔලුව ඇතුලෙන් කවුරුහරි command කරනවා, එහෙම නැත්නම් මඟ පෙන්වන්න හදනවා. මේකට කියන්නේ auditory hallucination එහෙමත් නැත්නම් ශ්‍රවන මායාවන්. උදාහරණයක් කිව්වොත් මෙයාලට අපිට නොපෙනන දේවල්/පුද්ගලයන් පෙනෙන  නිසා, මෙයාල තනියම කතාකරනවා. ඒ කියන්නේ එයාල කතා කරන්නේ අපිට නොපෙනෙන කෙනෙක් එක්ක, එහෙමත් නැත්තම් එයාලගේ ඔලුවෙන් ඇහෙන සද්දෙකට එයාල උත්තර දෙනවා. Schizophrenia රෝගය උග්‍රවීම නිසා සිදුවුණ ඝාතනයන් , සියදිවිනසා ගැනීම් සහ ඝාතනතැත් කිරීම්, ඉතා බහුලව සමාජයේ දකින්න පුලුවන් . 

මේ රෝගීන්ව අපි හදුන්වනවා delusional කියල, ඒ කියන්නේ මේරෝගීන් හිතින් මවාගත් දේ  විශවාස කරනවා. උදාහරණයක් කිව්වොත් මට මුනගැහිලා තියනවා පිටසක්වල ජීවින් සමග සම්බන්දතා තියනවා කියන, ඒ වගේම TV එකේ news කියන කෙනා මා එක්ක කතාකරනවා කියල හිතන අයව. 

තවත් positive රෝග ලක්ෂණයක් තමයි  අවුල් සහගත කතාව සහ හැසිරීම. මෙයාල කතා කරද්දී වචන හොයාගන්න ටිකක් වෙලාගන්නවා, ඒ වගේම සමහරුන් හරිම කම්මැලි එහෙමත් නැත්නම් හෙමින් වැඩ කරන්නේ. එහෙමත් නැත්නම් එක එක bizarre දේවල් කරනවා, උදා: එක ඇදුමක් උඩින් තව ඇදුම් කීපයක් දානවා., හොඳටම රස්නේ දවසක ඇදුම් layers කීපයක් දාගෙන ඉන්නවා .

Negative රෝග ලක්ෂණ වෙන්නේ මෙයාල යම් දෙකට ප්‍රතික්‍රියකරන්න ප්‍රමාද වීම, නුසුදුසු ප්‍රතික්‍රිය සහ බොහෝමයක් මේරෝගීන්  සමාජයෙන් ඇත් වෙනවා, සමාජ ආශ්‍රයෙන් ඇත් වෙනවා.

මේ රෝගීන්ට ප්‍රශ්නයක් ගැන හිතන්න තියන මානසික ශක්තිය අඩු යි. ඒ නිසාම මෙයාලට ජීවිතේ තීරණ ගන්න තවත් කෙනෙක්ගෙ උදව් අනිවාර්යයෙන්  අවශ්‍යයි. 

මේ තමයි  cognitive රෝග ලක්ෂණ.

Schizophrenia රෝගය නිශ්චය කරගන්නේ positive සහ negativeරෝග ලක්ෂණ මස 6ට වැඩි කාලයක් තිබීමෙන්. මස  6 ඇතුලත රෝගලක්ෂණ අඩු වැඩි වීමෙන්, රෝගියා මානසිකව withdrawn තත්වයක ඉන්න පුළුවන්. Schizophrenia වලදී රෝග ලක්ෂණ අඩු වැඩි වෙන එක චක්‍රයක් වගේ. මානසිකව සිදුවෙන මේ වෙනස්කම් චක්‍රානුකුල වුනත්, හරි ආකරව රෝගය අදුනගෙන treatment නොකර හිටියොත්, රෝගියා ටිකෙන් ටික දුර්වල වෙනවා..

මාස 6 රෝග ලක්ෂණ තිබුනද කියල හොයල බලන්නේ, අනිත් මානසික රෝග rule out කරගන්න නිසා. 

දැන් හිතල බලන්නකෝ අපිට මේ රෝග ලක්ෂණ තියන එක්කෙනෙක් ගැන හරි අහන්න දකින්න හම්බවෙලා නැද්ද කියල. අපි කොයිතරම් කතා වෙලා ඇතිද ” ඒ  මිනිහට පිස්සු කියල” “තනියම හිනා වෙනවා, තනියම කියවනවා ඌට පිස්සු”. මමත් එහෙම හිතපු/කියපු කාලයක් තිබ්බා, දැන් නම් අහන්නේ, “ඔයාල මෙයාට බේත් කරනවද” කියලා. මානසික රෝග ගැන දැනගෙන අපේ approach එක වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මානසික රෝග ගැන අපේ සමාජයේ තියන මිත්‍යා මත වෙනස් වෙන්නත් ඕනේ.

ඇත්තටම හිතල බලන්නකෝ කීයෙන් කීදෙනාද මේ ලෙඩේට හරියටtreat කරනවද කියල. ලංකාවේ මන් දැකලා/අහලා තියනවා, තමුන්ගේ පවුලේ කෙනෙක්ට මේ රෝග ලක්ෂණ තියෙද්දී තොයිල් නටනවා, යකෙක් වැහිලා කියනවා, එහෙමත් නැත්තම් පවුලටම හූනියම් කරලා කියනවා., ගුරුකම් වලින් ලෙඩ සනීප කරන්න හදනවා. අනිත් කාරණාව තමයි Doctor කෙනෙක් Psychiatrist කෙනෙක් ගාවට ගිහින් මේ ලෙඩ කියන්න මිනිස්සු ලැජ්ජයි. 

මේ රෝගය කලින් අදුනගෙන පිළියම් කලොත් මේ රෝග ලක්ෂණ බොහෝ දුරට පාලනය කරන්න පුළුවන්. මේ රෝගයට අපි treatකරන්නේ Antipsychotic medication  වලින්. මේ රෝගය long term/chronic condition එකක් නිසා, Antipsychotic Medication ජීවිත කාලයටම ගන්න වෙනවා. ඒ වගේම Cognitive behaviour therapy වගේ අතිශයෙන් ප්‍රයෝජනවත් Counselling Therapies තියනවා.

Schizophrenia රෝගය උත්සන්න වෙලා ජීවිත හානි සිද්ද වෙනවා, දිවිනසා ගැනීම් වෙනවා, අනිත් ජීවිත වලට හානි කරන්න පෙලඹෙනවා. මේ රෝගයෙන් පෙලෙන අ යට තමුන්ගේ ක්‍රියාවන්වල හොඳ නරක පෙන්නේ නැති තරම්. බොහෝ වෙලාවල් වලට එයාලගේ ඔලුවෙන් ඇහෙන commands වලට එයාල react කරනවා වෙන්න පුළුවන්.

මට මේ ලිපියෙන් කියන්න ඕනේ වුනේ මෙහෙම රෝග ලක්ෂණ තියන කෙනෙක් ඔබේ පවුලේ හෝ යාළුවන් නෑදෑයන්  අතර හෝ ඉන්නවා නම් එයාලව ප්‍රමාද නොවී treatment වලට යොමු කරන්න. මානසික රෝග අපි හංගගෙන ඉන්න ඕනේ නැහැ . අපි අද ඉන්නේ හරිම Stressful ජීවිතයක් ගත කරන වකවානුවක. ඉතින් අපේ ශරීරය වගේම මනසත් දුර්වල වෙන වාර අනන්තයි. අද වෛද්‍ය  විද්‍යාව සහ ඒ සම්බන්ධ  සෑම සේවාවක්ම දියුණුයි , ඉතින් අපිව කවුරුත් judge කරයි කියන සිතුවිල්ලෙන් මානසික අපහසුතා හංගගෙන ඉන්න එපා.

සටහන

තෝෂිණි මුණසිංහ

24-06-03

මුළු ලෝකයම බලාගෙන ඉන්න බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය.

ලෝකයේ ප්‍රබලතම රටවල් පහ අතර ඉන්න ඒ වගේම ලෝක බලවතුන් පස්දෙනා අතරින් කෙනෙකු වන බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරලා තියනවා. 2024 වසර පුරාවටම ලෝකය පුරාම ප්‍රබල රටවල් රැසක තීරණාත්මක මහ මැතිවරණ හා ජනාධිපතිවරණ කිහිපයක්ම පැවැත්වෙන අතරේ ඒ අතරින් එක තීරණාත්මක මැතිවරණයක් තමයි බ්‍රිතාන්‍යය මහ මැතිවරණය.

පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් පවතින බ්‍රිතාන්‍යය වගේ රටක රාජ්‍ය නායකයා විදියට රජතුමා කටයුතු කලත් ප්‍රායෝගිකව සියළු බලතල හිමිවෙන්නේ අග්‍රාමාත්‍යවරයාට. ඒ නිසා ලෝකයේ සිදුවන ඕනෑම ආකාරයේ ගැටළුවකදි හෝ ලෝකයටම බලපාන තීරණයකදී බ්‍රිතාන්‍යයත් එම අවස්ථාවේ ඉතා තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටු කරන නිසා බ්‍රිතාන්‍යයේ පාලකයා විදියට පත් වෙන්නේ කවුද කියන එක එක්සත් රාජධානියට වගේම ලෝකයේ හැම රටකටම වගේ එක ලෙස වැදගත් වෙනවා.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තියෙන්නේ ජූලි 4 වෙනිදා. ඒ කියන්නේ ඔබ ඊළඟ ‘ අපි Magazine’ කලාපය කියවන කොට බ්‍රිතාන්‍යයේ තියෙන්නේ අළුත් රජයක්. ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල් කිහිපයක මේ වසරේ මෙතෙක් පැවති මැතිවරණ වලදී ගොඩක් වෙලාවට තිබුණු පාලනය පෙරලිලා නව පාළනයක් බිහි උනා. එහෙමත් නැත්තම් තියන පාලනයට ඡන්ද ප්‍රතිඵල ප්‍රබල පණිවිඩයක් ගෙන ගියා. හොඳම උදාහරණය උනේ පසුගියදා අවසන් උනු ඉන්දියානු මහ මැතිවරණයේ ප්‍රථිපල අනුව හිටපු අග්‍රාමාත්‍ය මෝදි ම නැවත බලයට පත් උනත් ඔහුට ලබාගන්න පුළුවන් උනේ සුළු බහුතරයක් විතරයි. ඔහු බලාපොරොත්තු උන ජයග්‍රහණය අහලකටවත් එන්න මෝදිට පුළුවන් උනේ නෑ.

ඒ වගේම බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේදීත් බල පෙරලියක් වෙයි කියලා ගොඩක් දේශපාලන විචාරකයන් මත පලකරනවා. ඒ කියන්නේ පවතින කොන්සර්වේටිව් පාලනය පෙරලලා කම්කරු පක්ෂය බලයට පත්වෙයි කියලා තමයි බලාපොරොත්තුව තියෙන්නේ. මේ වන විට කොන්සර්වේටිව් පක්ෂය අග්‍රාමාත්‍යවරුන් පස් දෙනෙකු යටතේ අඛණ්ඩව වසර 14 ක් එක්සති රාජධානිය පාලනය කරලා තියනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත්, කොරෝනා වසංගතයත් මෙන්ම රුසියානු යුක්රේන යුද්ධයත් එක පිට එක සිදු උන නිසා කොන්සර්වේටිව් රජයට අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු උනා.

පසුගිය වසර කිහිපය තුල බ්‍රිතාන්‍යයේ ආර්ථිකය කඩාගෙන වැටිලා ආර්ථික අවපාතයකට පවා රට මුහුණ දෙද්දි මෙරට ජනතාවට පවතින පාළණය ගැන සෑහෙන්න දුරට කලකිරීමක් ආවා. ඒ වගේම තමයි විශාල ප්‍රමාණයන්ගෙන් මෙරටට පැමිණි සංක්‍රමණත් මෙරට ජනතාවට පවතින පාලනය ගැන වන අකමැත්ත වැඩෙන්න හේතුවක් උනා. ඒ නිසාම පසුගිය මාසයේ පැවති බ්‍රිතාන්‍යයේ පලාත් පාළන මැතිවරණයේදීත් බ්‍රිතාන්‍යය ජනතාව කොන්සර්වේටිව් පක්ෂයට එරෙහිව ඡන්දය පාවිච්චි කරා.

බ්‍රිතාන්‍යයේ ජීවත්‍ වන ශ්‍රි ලාංකිකයන් විදියට අපිටත් මෙවර මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්න පුළුවන්. සංචාරක වීසා මත හැරෙන්න වෙනත් ඕනෑම දිගුකාලීන වීසා එකක් මත බ්‍රිතාන්‍යයේ ජීවති වන ලංකාවේ පුද්ගලයන්ට ඡන්දය සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. මෙවර මහ මැතිවරණය සඳහා ලියාපදිංචි වෙන්න තියන අවසාන දිනය ජුනි 18. ඒ නිසා මෙතෙක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලියාපදිංචි නොවුනු සියළුම දෙනා හැකි ඉක්මනින් ඒ සඳහා වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වෙන්න.

ඒ වගේම මේ වෙනකොට මැතිවරණ ව්‍යාපාරය ආරම්භ වෙලා තියනවා. රැස්වීම්, වාද විවාද සහ රූපවාහිනී වැඩසටහන් වගේ දේවල් හරහා ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු අනෙකුත් සියළුම පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අපිට ඉදිරිපත් කරනවා. ඡන්දය භාවිතා කරන්න ඉන්න පුද්ගලයන් විදියට ඒ ගැනත් අවධානය යොමු කරන්න. ලංකාවේදි වගේ නෙමෙයි බ්‍රිතාන්‍යයේදී පක්ෂ විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉටු කිරීම සඳහා පක්ෂ සියල්ලම වගකීමට බැඳී සිටිනවා. ඒ නිසා ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක ඡන්දදායකයන් විදියට හැමෝටම හරිම වැදගත් වේවි.

තිලාන් ජයසේකර 

24-05-18

විදෙස්ගත ජීවිතය

විදේශයන්හි ජීවත් වීම විවිධ සංස්කෘතීන්, භාෂා සහ ජීවන මාර්ග පිළිබඳ අද්විතීය ඉදිරිදර්ශනයක් ලබා දෙන ජීවිතය වෙනස් කරන අත්දැකීමක් විය හැකිය. නව පරිසරයකට අනුවර්තනය වීමේ අභියෝගවල සැරිසැරීමේ සිට නව අවස්ථා ගවේෂණය කිරීමේ උද්යෝගය වැලඳ ගැනීම දක්වා, විදේශයන්හි ජීවත්වීම ප්‍රතිලාභදායක මෙන්ම අභියෝගාත්මක විය හැකිය.

විදේශගත ජීවිතයේ එක් ප්‍රධාන අංගයක් වන්නේ නව සංස්කෘතියකට හැඩගැසීමයි. මෙයට නව සිරිත් විරිත්, සම්ප්‍රදායන් සහ සමාජ සම්මතයන් ඉගෙන ගැනීම මෙන්ම විවිධ ක්‍රමවලට අනුගත වීම ඇතුළත් විය හැකිය. ඔබ නව සංස්කෘතික භූ දර්ශනයක සංකීර්ණත්වයේ සැරිසැරීමේදී එය ස්වයං-සොයාගැනීමේ ආකර්ෂණීය ගමනක් විය හැකිය.

විදේශ ජීවිතය තුළ භාෂාවට ද සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ හැකිය. ඔබ නව භාෂාවක් ඉගෙන ගත්තද හෝ ඔබේ භාෂාවට වඩා වෙනස් භාෂාවකින් දෛනික ජීවිතය සැරිසැරුවද, භාෂාව අන් අය සමඟ සම්බන්ධ වීමට සහ විවිධ දෘෂ්ටිකෝණ තේරුම් ගැනීමට ප්‍රබල මෙවලමක් විය හැකිය.

විදේශගත ජීවිතයේ තවත් වැදගත් අංගයක් වන්නේ සමාජයක් ගොඩනැගීමයි. මිතුරන් ඇති කර ගැනීම, ප්‍රදේශවාසීන් සමඟ සම්බන්ධ වීම සහ ආධාරක ජාල සොයා ගැනීම ඔබට නව රටක නිවසේ සිටින බව දැනීමට උපකාරී වේ. විවිධ පසුබිම්වල පුද්ගලයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමෙන් ඔබේ සීමාවන් පුළුල් කර ලෝකය පිළිබඳ ඔබේ අවබෝධය ගැඹුරු කළ හැකිය.

විදේශගතව ජීවත් වීම උද්යෝගිමත් වික්‍රමාන්විතයක් විය හැකි අතර, එය තමන්ගේම අභියෝග මාලාවක් ද සමඟ පැමිණේ. ගෘහාශ්‍රිත භාවයේ සිට සංස්කෘතික වරදවා වටහාගැනීම් දක්වා, විදේශ රටක ජීවිතයේ උච්චාවචනයන් සැරිසැරීමට ඔරොත්තු දීමේ හැකියාව, ඉවසීම සහ විවෘත මනසක් අවශ්‍ය වේ.

සමස්තයක් වශයෙන්, විදේශයක ජීවත් වීම නව හැකියාවන් විවෘත කරන සහ ඔබේ සීමාවන් පුළුල් කරන පරිවර්තනීය අත්දැකීමක් විය හැකිය. එය ලෝකය පිළිබඳ ඔබේ ඉදිරිදර්ශනය හැඩගස්වන සහ ඔබ කිසිදා නොසිතූ ආකාරයෙන් ඔබේ ජීවිතය පොහොසත් කරන ස්වයං-සොයාගැනීමේ, වර්ධනයේ සහ ඉගෙනීමේ ගමනක් විය හැකිය.

අහිමි හිමිකරු

24-05-15

” නේත්‍ර මායා “

~ තීරණාත්මක පරාජයක නෙස්ෙලාගත් ආශිර්ොදය ~

ක්‍රිශාේත මනම්නේරිනේ නදෙන සිනමා සම්රාේිය

ලයිට් සිනමා ෆිල්මම්ස් සාඩම්බර ඉදිරිපත්ිරීමක්

ඉමහත් ජනාකර්ෂණයට පත්නෙමිේද නනාමද විචාරක පැසසුම් ෙලට ලක්නෙමිේද ෙර්ෂ 2022 දී නහලවුඩනේ

රිදී ිරය ෙර්ණෙත් නකරූ ” හිතුමනත් ජීවිනත් ” (The Wandering Life) සිනමාපටය අදයයක්ෂණය කරමිේ

නහලවුඩ් සිනමා ෙංශකතානේ අදියුරු භූමිකාෙට අත්නපාත් තැබීමට භාගයය ලත් ක්‍රිශාේත මනම්නේරි විසිේ

ිර රචනය කර අදයයක්ෂණය කරනු ලැබූ නදෙන සිනමාපටය ෙන ” නේත්‍ර මායම් ” නුදුනර්දීම දිෙයින පුරා

සිනමාශාලාෙේහි ිරගත ිරීමට අෙැසි සියළු කටයුතු ඉතා සාර්ථකෙ සිදුවීනගන යන බැේ නහලවුඩ් සිනමා

සිනමානලෝලීේ හට ඉතාමත්ම රනමෝදනයේ යුතුෙ දේො සිටීමට කැමැත්නතමු.

ෙර්ෂ 2010 දී Olivier Treiner විසිේ ිර රචනය සකස්නකාට අධ්‍යක්ෂණය කරන ලද ” L’accordeur ” රංශ

නකටි චිත්‍රපටනේ මූලික කතා ෙස්තුෙ පමණක් උකහානගන ශ්‍රී ලාංකීය සිනමා භාවිතාෙට සහ සංස්කෘියට

සරිලන අයුනර් නෙ ිර රචනයක් සකස්ිරීමට ෙෑයම්නකාට ිබීම නේක්ෂක හා විචාරක පැසසුමට ලක්විය යුතු

කරුණක් බෙ පැෙසීමට කැමැත්නතමු.

සිනමාපටනේ කතා සාරාාංශය සැකකවින් කෙකසේඉදිරිපත් කළ හැකිය. තීරණාත්මක තරඟයක් අසාර්ථකෙ

නිමිරීම නිසා දැඩි මානසික ෙයාකූලත්ෙයකට පත් වූ දක්ෂ නමේඩලිේ ොදකනයකු හට තෙදුරටත්

නමේඩලිේ ොදකනයකු නලසිේ සමාජයට මුහුණදීම සිදුකරනගන යාමට අපහසු බෙ අෙනබෝධ්‍ කරගේනා ඔහු

නෙනත් ආකාරයිේ සමාජනේ නපනී සිටීමට තීරණය කරයි. එම තීරණය ෙඩාත් රානයෝගික කරගැනීම සඳහා

ඔහු විසිේම අපූරු උපක්‍රමයක් භාවිතාකරන නමුදු එම උපක්‍රමය විසිේම ඔහු සිහිනනේෙත් නනාසිතූ නලසිේ

ඔහුනේ ජීවිතය නෙතට ඉතා භියකරු අත්දැකීම් රාශියක් එක්කරයි.

ඉඳුරාම රකාෂ කළනහාත් කෙෙ සිනමාපටය නහලවුඩ් සිනමා ෙංශකතාෙ තුළට සුලබව එකදු පහදු වූ වීරයා,

නපම්ෙිය හා දුෂ්ඨයා නක්ේරනකාටගත් තුේනකාේ නේමාේදරයකට තරෙක් නෙනස්වූ නැවුම් රස්තූතයක්

අේතර්ගත වූෙි.

ආලය, අනුකම්පාෙ, තණ්හාෙ, ඊර්ෂයාෙ, නකෝපය, විරහෙ, සාංඛාෙ, කාංසාෙ, සංතාපය, ත්‍රාසය, භීිය,

කුතුහලය, විනනෝදය ආදී වූ සකලවිධ්‍ මනු සංතානයේහි නනසර්ගිකෙ පහළෙේනා වූත් නිරේතරනයේ

නෙනසට බඳුේ ෙේනා වූත් අිශය සංකීර්ණ වූත් අිශය සියුම් වූත් මනනෝභාෙයේ මහත් සංයමයිේ යුතුෙ

රිදී ිරය මත රක්නශ්පනය ිරීමට රදාන හා අනු චරිතයේ නිරූපණය කරේනා වූ සියළු රංගන ශිල්මීේ විසිේ

පාේනා වූ සමර්ථභාෙය එය දෑසිේ විඳ මනසිේ ියොගැනීමට සමර්ථභාෙයක් ඇත්තා වූ සියළු

නේක්ෂකයේනේ සම්භාෙනාෙට බඳුේ විය යුතුයැයි තරනේ රකාශ ිරීමට කැමැත්නතමි.

රධ්‍ාන රංගන ධ්‍ායකත්ෙය

ධ්‍නුක ඩිල්මශාේ

නනත්මි නරානශල්ම

චුලක්ශි රනතුංග

ශාම් රනාේදු

කුමාර ිරිමාදුර

ප්‍රියංකර රත්නායක

ෙසේත නමාරනගාඩ

දමිත් න ාේනස්කා

දිලිනි ිරිමාේන

පාලිත සිල්මො

එකී යථාර්ථොදී වූත් අද්වවිතීය වූත් රංගන රිභාෙ පූර්ණ ෙශනයේ විදහාපෑමට මං සලසාදුේ කලා

අදයයක්ෂකෙරයා, කැෙරා අදයයක්ෂකෙරයා, සංස්කාරකෙරයා, ිර රචකයා හා අදියුරුෙරයා යන ප්‍රදාන

සංරචකයේකේ රශස්ථ කලාත්ෙක ඔේනැංවීම විසිේ සිනමාපටය රාමුගත ෙන ආකයානය තුළ ඉහත සඳහේ

කරන ලද මනනෝමූලික සංදර්භයේ සියල්මල ෙඩාත් නහාඳිේ නේක්ෂකයේ නෙතට සේනිනේදනය ිරීමට මහත්

රුකුලක් සපයා ඇි බැේ සිනමාපටය සමඟිේ ියුණු සබැඳියාෙක් සකසාගත් සිනමා සංනේදී කා හට වුෙද

ෙටහාගැේමට අපහසු නනාෙනු ඇත.

නහලවුඩ් සිනමානේ මධුර ගීත රචකයිේ, ගායක ගායිකාෙේ හා සංගීත නිර්මාපකයේ ිහිපනදනනකුනේම

නනාමඳ ධ්‍ායකත්ෙය සැපිරීම තුළිේ ේනර්ක්ෂක හදෙත් ෙසඟ කරෙමිේ පිනා යෑමට සමත් අිශය

චමත්කාරජනක රූපරාමු රැසිේ සමේවිත ගීත ත්‍රිත්ෙයක් සිනමාපටය තුළ විදයාමාන කරවීමට අදියුරුෙරයා

අමතකනකාට නැිවීම පිළිබඳෙ මානේ හෘදයාංගම තුි පිදීමට කැමැත්නතමි.

එබැවිේ ත්‍රාසනයේ හා කුතුහලනයේ සපිරි ස්මරණීය සිනමාත්මක අත්දැකීමක් එකදුපහදුනකාට ගැනීමට

අමතරෙ ජීෙන ගමනට ආකයානයේ ිහිපයිේම සැළියයුතු අර්ථ රතීත්ෙයක් සැපයිය හැි අපූරු

සිනමාපටයක් සිනමාශාලාෙක් තුළ නැරඹීම සඳහා ඔනේ ෙටිනා මුදල්ම හා කාලය නෙේ ිරීම නනාෙැදගත්

තීරණයක් නලස නනාසිතන බැේ හදෙතට එකඟෙ පැෙසීමට කැමැත්නතමි.

සිනමාපටනේ ිර රචක, අදයයක්ෂක හා නිෂ්පාදකෙරයා ෙන ක්‍රිශාේත මනම්නේරි මහතාටත් ිර පිටපත

යථාර්ථයක් කරලීමට ඇප කැප වූ සියළු රාසාංගික සහ තාක්ෂණික ශිල්මීේ හට නමම සිනමාපටය නහලවුඩ්

සිනමානලෝලීේනේ හෘද ස්පර්ශනයහි නකානක නහෝ තැේපත් කරලීමට සමර්ථ නේොයි මුළු හදිේම

සුභාසිංශණය කරන අතර හැි ඉක්මනිේ තෙත් විශිෂ්ට නිර්මාණයක් සමඟිේ නැෙතත් නහලවුඩනේ කරළියට

ඒමට අෙැසි සියළු නහ්තු සම්පත් සැපනේොයි එක හිිේ පතේනනමි.

අවසන් වදන…

ජීවිතය තුළ මුණගැනහන පුද්වගලයේ, ඔවුන් ඇසුරින් කපළගැසේකවන සිදුවීම් ආදිය තුළින් එහි දිශානුගත වීෙ

අපකේ නිදහසේකැෙැත්ත (free willingness) ෙතෙ සිදුවන්නක්ද…? එකසේත් නැතිනම් එය හුදු අහඹුතාෙය

පදනම්නකාටනගන සිදුෙේනක්ද…? එකසේත් කනාෙැතිනම් එය කිසිවකුකේ කහෝ කිසිවකකේ කෙකහයවීෙක්ද…?

එකසේත් නැත්නම් තුන් ඈඳුතු සකෙෝධානයක්ද…?

විග්‍රහ ලත්කතෝ පිළිතුරු සපයත්වා…

සැලසුෙ | හිරාන් ගෙකේ

24-05-13

එංගලන්තයේ හැමෝම කතාවෙන මොකද්ද මේ රග්බි මේනියාව

හැමෝම අතරෙ කතාවෙන රග්බි තරගාවලිය සහ ස්ථාවරයක් අඩිතාලමක් සමග ආරම්භ කරපු මේ වැඩේ ගැන අපි පොඩ්ඩක් දැනගමු

එංගලන්තයේ රග්බි තරඟාවලියේ ආරම්භය මොකක්ද? (පාසල් ශ්‍රීලංකා රග්බි)

වසර 2000 සිට අවුරුදු 24ක කාලයක් මෙම තරගාවලියේ රැදීසිටිනවා. මෙය Sri Lankan Air Sponsor කරලා මිට වසර කිහිපයකට උඩදී පැවතුනා. එමෙන්ම පෞද්ගලික මුදල් වලින් 2009 සහ 2010 වසර වල මෙම තරඟාවලිය පැවැත්වුවා.

මෙම වසරේ වෙනස් වීමට හේතුව කුමක්ද?

අවුරුදු ගණන් මෙම තරඟාවලිය කරත් ගොඩක් පාසල් වලින් ආයාචනයෙන් ඉල්ලා සිටියා මෙම තරඟාවලිය නිත්‍යානුකුලව පවත්වන්න කියලා. එමනිසා පෞද්ගලිකව ආයාචනය කළා විවෘත වූ කමිටුවක් සහ වාර්ෂිකමහා සභා රැස්වීමක් තියන්න කියලා. එයට ප්‍රතිචාරයක් නොමැති නිසා විවෘතව සියලුම පාසල් තීරණය කළා වාර්ෂික මහා සභා රැස්වීමක් පවත්වන්න. ඒ වගේම අපි මෙය ලියාපදිංචි කළා එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාවේ SLRFU එකෙන් අපට අනුමැතිය ලැබුනා. ඒ වගේම නිල බැංකු ගිණුමක් අපි විවෘත කළා.

ඒ වගේම සියලුම පාසල් වල කැමැත්ත අනුව නව කමිටුවක් පත් වුණා. ගොඩක් සතුටුයි පළමු වරට අපි කණ්ඩායම් 21 සහ කාන්තා කණ්ඩායම් 5ක් තරඟ වදිනවා. එම නිසා සියලු දෙනාටම ආරාධනා කරනවා මෙම තරඟාවලිය තුල වැඩිම කාලයක් රැඳී සිටි ක්‍රීඩකයෙකු විදියට 2024 ජුනිමස 2 පවත්වනු ලබන නිත්‍යානුකුල රග්බි තරඟාවලියට සහභාගී වන ලෙස ආරාධනා කරමි.

24-05-08

‘අපි’ ව කවියෙන් හැඩ කරන,කිවිඳිය   

Reena De Silva

* කවුද මේ රීනා කියන්නේ?

 සරල, අපේකමට කවදත් මුල්තැන දුන්නු, ඇත්තටම ආදරණීය පොඩි කවයක් ඇතුලේ ඉන්න, අවංක එක් මනුස්සයෙක් තවත්….

* ඔබේ නම, ගම, පවුලේ විස්තර ටිකක් කිව්වොත්?

මගේ සම්පූර්ණ නම- බ්‍රින්ලි රිනාටා ද සිල්වා. නමුත් හැමෝම කතාකරන්නේ රීනා කියලා ලේසියට. මගේ ගම බොරැල්ල, කොළඹ 08. මම පවුලේ එකම ලමයා. අප්පච්චිනම් දැනට අවෘදු 10 කට කලින් නැති වුනා. අම්මා මං ගාව එංගලන්තේ පදිංචි වෙලා ඉන්නේ.

හස්බන්ඩ්, මම, සහා බබාලා 3 දෙනෙක් අපිට ඉන්නවා. 

* කොහොමද මෙහෙම හිත්වලට දැනෙන්න කතාකරන්නේ කවියෙන්?

ඒක මං ලැබූ භාග්‍යක්. නිදහස් මනසින් ඉන්නකොට ඒ එන අදහස් හරි පුදුම ලස්සනයි.

ගොඩක් වෙලාවට මං ලියන්න අවශ්‍යදේ මුලින්ම මගේ කරගන්නවා,ඉන්පස්සේ ඉබේම පද පෙළගැහෙනවා.

* කොහෙන්ද මේ පද ගලපන්න ඉගෙනගත්තේ?

මම ඉගෙන ගත්තේ බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ කන්‍යාරාමයේ. ඉස්කෝලේ 8,9 වසරවලදී පුවත්පතකට ලිව්වා මුලින්ම, ඉන්පස්සේ උසස් පෙළ පංති වලදි තමයි සදැස් නිසදැස් ලියන්න පටන් ගත්තේ, සමස්ත ලංකා දක්වා මං ලිව්වා අන්තිමේදී. තව පාසලේ වාණිජ- කලා තේමා ගීතත් නිර්මාණය කරා.

* පද්‍ය හා බැදුනු රසවත් සිදුවීම් තියෙනවාද?

ඔව්, මුලින්ම මං පුවත්පතට ලියපු කවි පේළි ලිව්වේ යුද්ධයේදී මගේ අයියා නැතිවුනා හා සමාන අත්දැකීමක් ලැබුවා වගේ, “අයියණ්ඩියේ” තේමාවෙන්. ඒකට මට ලැබුනු ප්‍රතිචාර ලිපි ප්‍රමාණේ හිතාගන්නත් බැරි වුනා. ඉනුත් යුධ සෙබළුන්ගෙන් වැඩියෙන්ම. ඒ හැමෝම හිතලා තිබුනේ මගේ අයියා ගැනයි මං ලිව්වේ කියලා. 

ඉන්පස්සේ මං උසස්පෙළ පංති වලදී

ඒ පබැදුමටම මට පේරාදෙණිය විශ්වවිද්‍යාල කලා ශිෂ්‍ය සංගමෙන් ආරාධනා කර එවුවා පාසලටම, ඔවුන්ගේ කලා උත්සවේකට සහභාගී වෙන්න ආරධනා කරලා.  ඒවා පාසැල් ශිෂ්‍යාවක් හැටියට මට මිල මුදලටත් වඩා වටිනා අත්දැකීම්.

* එතකොට ජනමාධ්‍ය? 

 උසස් පෙලින් පස්සේ සර් එඩ්වින් ආරියදාසයන් යටතේ ජනමාධ්‍ය හා සන්නිවේදනය හැදෑරුවා. එතනින් ඇරඹි ලිවීම නැමැති කලාව දරුවන් ලැබීමත් සමගම ටිකක් මග හැරුනට, සංගීතය හා ජනමාධ්‍ය කියන්නේ මගේ ප්‍රියතම විශයයන් කවදත්. ඒක මං දැන් ආයේ “අපි” මැගසින් නිසා ඇරඹුවා කිව්වොත් තමයි වඩාත් හරි.

* අවසන් වශයෙන් අපි magazine එකට සම්බන්ද වීම ගැන ඔබේ අදහස?

විවාහය, දරුවන් එක්ක යටපත් උනු හැකියාවන්ට නැවත් උපරිම නිදහසේ අකුරු කරන්නටත්, ලෝකේ පුරා විසිර සිටින සුවහසක් ලාංකිකයන් අතරට ඒ පැබැදුම් ගෙනයන්නටත් තෝතැන්නක් උනේ අපි magazine එකයි. ගයාන් සහෝදරයාගේ ඒ කැපවීමත්, ධ්‍යිර්‍යත් හා එක්ව මෙම සගරාව ගොඩ නොනැගෙන්න මමත් මගේ පොතක අකුරකට සීමාවෙන්න තිබුනා. වසර 4 ක් නොව පුලුවන් උපරිම කාලයක් මෙවන් හොද වැඩක් හොදින්ම පවත්වාගෙන යෑමට මම සුභ පතනවා.

24-05-07

එංගලන්තයේ මේ Summer එකට රිදෙන්න දෙන Punch එක

SUMMER PUNCH 2024

සහස්ශ්‍රා හැදුන හැටි, ආරම්භය

 Dushi, Buddhi, Dinendra , Mahesh  කියන යාලුවෝ හතර දෙනෙක් එකතුවෙලා වෙනස් දෙයක් , අලුත් දෙයක් කරන්න  දරපු උත්සාහයයේ ප්‍රතිඵලයක් විදිහට තමා සහශ්‍රා හැදෙන්න අඩි තාලම වැටෙන්නෙ.

Concept එක

එකම ආරෙකට යන events වලින් වෙනස් වෙලා වෙනස්ම දෙයක් කරන්න දරපු උත්සාහයක් .

uk වල ඉන්න ලංකාවේ අයට මිස් වෙච්ච , මිස් වෙන ලංකාවේ musical show concept එක british music concept එකත් එක්ක එකතු  කරලා කරන වැඩක්.

අනික් ඉවෙන්ට්ස් වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද

මේක තමා Uk ඉන්න  ශ්‍රී ලාංකික යන් අතර වෙන first standing live in concert  එක .

Standing concert එකක් කිරීමේ පලවෙනි අභිප්‍රාය වන්නේ එන්ගලන්තයේ තාලෙට අපේ ආරෙට පොලවට දැනෙන්න නටලා කාලා බීලා විනෝද වෙලා , කාර්‍යබහුල ජීවිතයෙන් පැය කිහිපයකට අත්මිදිලා අපේම ශ්‍ර්‍රී ලාංකික යන් එක්ක නටලා විනෝද වෙන්න හොද තැනක් හදන එක.

ඒවගේම මේක තමා UK  වල වෙන  ප්‍රථම  ශ්‍රී ලාංකික concert එක ,අති දැවැන්ත  sounds and lightning rig එකක් එක්ක huge LED Panels and sound arrey system එකක් එක්ක පැය පහක් පුරාවට එක දිගටම නටන්න පුළුවන් වෙන.

මෙතනදී අපි වැයවෙන මුදලට වඩා තැනක් දුන්නේ quality එකට.

මෙ අංශයේ සියලුම කටයුතු වලට Buddhi  ගෙන් සිදුවෙන්නෙ විශාල කාර්‍ය භාරයක්. 

කලින් event කරලා තියෙන පලපුරුද්දත් ,  lightning , sounds ගැන බොහෝ කාලයක් event සම්බන්ධ ආයතනයක වැඩකර ලබා ගත් දැනුමත්, හොදම product providers ලා එක්ක තිබෙන සමීප සම්බන්දතාවයනුත් මෙයට වඩාත් ම උපකාරි උනා.

අවුරුද්දේ තුන්සිය හැට පස් දවසෙම ලමයින් වෙනුවෙන් , නැත්තම අපේ targets හබා යාමේ වෙනුවෙන් , ජීවින අරගලය ගෙන යෑම වෙනුවෙන් වෙන් උන අපේ ලෝකේ පැය පහකට හයකට  අපි ආසා දෙයක් කරන්න වැඩිහිටියන් විදිහට එකට එකතු වෙලා විනෝද වෙන්න පුළුවන් තැනක් හදන්න උත්සාහයක් ගත්ත එක තමා මේකේ  concept එක.

කිසිම තාරාතිරමක් උස් මිටි කමකින් තොරව , dress code එකක් නැතිව. එකට එකා වගේ ලාංකිය කියන හැගීම විතරක් පෙරටු කර ගෙන , තමන්ට කැමති සැහැල්ලු , weather  එකට ගැලපෙන ඇදුමකින් ඇවිත් හිතේ හැටියට enjoy කරන්න පුළුවන් තැනක් .

කුඩා දරුවන් ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් ට ගොඩක් වෙලාවට මේ වගේ  british events  පවා miss වෙනවා.

ඒකට හේතුව ,මේ වගේ  events වලට අවුරුදු 14න් පහල දරුවන් සහබාගී කරගන්න බැරි වීම .

ඒනිසා අපි ඒකටත් විසදුමක් හෙව්වා.

මේකතමා පලවෙනි වරට අවුරුදු 5ත් -14ත් අතර ළමයි ඉන්න  දෙමව්පියන්ට , 

   වගකිව යුතු වැඩිහිටියෙක් හෝ, දෙමාපියන් දෙදෙනාට මාරුවෙන් මාරුවට හෝ තම දරුවන් පහසුවෙන් බලා ගන්න පහසුකම් ලබාදෙන secured lounge එකක් free of charge දෙන එකම event එක.

මේ පහසුකම ලබා දෙන්න යනකොට අපිට ටිකට්ස් ගන්න උත්සාහ කරපු ගොඩාක් අය කියපු දෙයක් තමා අපිට බබාලා බලා ගන්න paid service එකක් දෙන්න බැරිද කියලා.

අපි ඒකටත් solution එකක් ගෙනාවා.

තමන්ගෙම කියලා බබාලා බලාගන්න කෙනෙක් එදාට ගේන්න බැරි කෙනෙකුට අපි creche පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා.

පවුම් 40 ක් වගේ සුලු මුදලක් වියදම් කරලා පැය 6 ක කාලයක් ඔයාලට තමන්ගෙම ගේ අවුරුදු 5ත් -14ත් අතර දරුවන් 

certified childminder කෙනෙක් ලග තියලා concert venue එක ඇතුලට ගිහින් enjoy කරන්න පුළුවන් .

ඒ වගේම මේ තමා ප්‍රථම ශ්‍රී ලාංකික concert එක Tickets Master  කියන  Uk වල තියෙන number one ticketing platform එකේ tickets විකිනෙන

මේ platform එකෙ තමා world famouse artist lage Events වල tickets විකුනන්නේ.

අපි හිතනවා අපේ දක්ශ ආර්ටිස්ට්ලාට අපි දෙන value එක මෙතනින්ම් පෙන්නුම් කරනවා කියලා.

ඊට අමතරව මේ Concert  එක තමා British Media වල ප්‍රචාරය වෙන, british arena එකක newsletter එකකට ඇතුලත් උන ප්‍රථම ශ්‍රී ලාංකික  event එක. 

Venue එක special වෙන්නෙ ඇයි

අපි මේ venue එක තෝරගන්න පලවෙනි හේතුව උනේ uk පුරා විසිරිලා ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට එකම තැනකට පහසුවෙන් ඉක්මනින් එන්න පුළුවන් වීම .

හොදට අත දිගැරලා නටන්න පුලුවන් ඉඩ කඩ තියෙන තැනක් වීම.

2000 කට අධික වාහන ප්‍රමාණයක් පහසුවෙන් ගාල් කරන්න පුළුවන් හැකියාව.

train එකේ එන කෙනෙක්ට හරිම පහසුවෙන් venu එකටම වෙන්වුනු train station එකක් තිබීම.

ඒවගේම අපේ ලාංකික ආර්ටිස්ට්ලාට value එකක් දෙන්න පුළුවන් විදිහේ world famouse ආර්ටිස්ට්ලා sold out  event කරන තැනක් තමා මේ venue එක.

venue එක සමග cordinating වලදී සහ අනිකුත් සියලුම ලියකියවිලි කටයුතු වලදී  සහ marketing වැඩ වලදී Dinendra සිදුකරන්නෙ විශාල කාර්‍යබාරයක් ඒකට එයාගේ තියෙන Marketing , organising , management experience එක හරිම වැදගත් උනා.

ආටිස්ට්ලා ව / බෑන්ඩ් එක තෝරගත්තෙ කොහොමද / special එකක් තියෙනවද 

අපි ආර්ටිස්ට්ලා බෑන්ඩ් එක තෝරගන්න කලින් හොද research එකක් කලා. uk වටේම ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් ගෙන් අපි අදහස් ගත්තා.ඒක අපිට ගොඩාක්ම ලේසි උනා මහේශ් නිසා. එයා මුලු Uk පුරාවට තියෙන events වලට සහභාගි වෙන කෙනෙක් හැටියට, විවිද ගනයේ events ගොඩාක් අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ වගේම UK වල organise කරපු කෙනෙක් හැටියත්, Uk ඉන්න ගොඩක් ශ්‍රී ලාංකික යන් සමග ඔහුගේ තියෙන ව්‍යාපාරික සම්බන්දතාවය නිසා

අපිට ඒක කරන්න ලේසි උනා .

ඒවගේම අපේ event එකේ marketing plan එක හදන්නත් ඒක රට වටේම ප්‍රචාරය කරන්නත් මහේශ් ලොකු කාර්‍යබාරයක් කරනවා.

මේ research එකෙන් පස්සේ අපි ලංකාවේ දැන් trending ම සහ දක්ශතම bands, artists ලා ගැන හොයන්න ගත්තා.

අපේ concept එක උනේ පුළුවන් තරම් මිනිස්සු ඉල්ලන , Uk වලට කලින් ආවේ නැති කියන  කරුනු දෙකම යටතේ ගැලපෙනම කන්ඩායමක් හොයා ගන්න එක.

ඒක අපිට ලොකු අභියෝගයක් උනා.

ඒත් අද වෙනකොට අපි select කරපු කන්ඩායම හරියටම හරි කියලා අපිට හිතෙනවා අපිට event එකට කලින්ම ලැබෙන ප්‍රතිචාර එක්ක.

අපේ ඉවෙන්ට් එකට එන ආර්ටිස්ට්ලා තමයි 

ශිහාන් මිහිරන්ග,වස්ති,උමාරා සිංහවන්ශ සහ one and only Infinity Band එක.

Infinity Band එක කියන්නෙ ලංකාවේ දැනට තියෙන no 1 younge energetic band එක කිව්වොත් හරියටම හරි.

එයාලා UK වලට එන පලවෙනි වතාව මේ.

මුලු ප්‍රෙක්ෂ පිරසම ඇද බැදගෙන , ඔවුන්ටම ආවේණික වූ විහිලු වලින් සිනා සාගරයක් මවන්න වගේම, හොද stage vibe  එකක් තියෙන ලංකාවේ ඉන්න අති දක්ශ duo එකක් තමා වස්ති- , අනුශ්ක සහ දුලජ් කියන්නෙ.

එයාලාත් අපිත් එක්ක මේ වැඩේට එකතු වෙනවා..

ශිහන් මිහිරන්ග කියන්නෙ යොව්වනයේ සිහින කුමරා, මොහුහේ ආදරණීය ප්‍රෙක්ෂකයන්ගේ ඉල්ලීමට නැවත් වරක් ඔහු අපි සමග සම්බන්ධ වෙනවා .ඔහුගේත් ප්‍රථම ,UK වල වෙන Live in Concert  එක තමා මේ.

live in concert එකක් කොහොමත්ම සම්පූර්ණ කරන්න බෑ හොද  energetic , female voice එකක් නැතිව.

එහෙම international  level standard එකක් පවත්වා ගෙන යන අපිට ඉන්න දක්ශම female artists කෙනෙක් තමා උමාරා සිංහවන්ශ  කියන්නෙ , උමාරාත් එක්ක අපේ Summer Punch  එක තවත් වර්ණවත් වෙයි කියලා අපි හිතනවා.

ආර්ටිස්ට්ලා එක්ක මේ කටයුතු සම්බන්දීකරනය  කරන්න වැඩි උරයක් දෙන්නේ Dushi. ඒකට එයාගේ තිබුන  ශ්‍රී  ලාංකිය මාධ්‍ය ස්තාන වල සේවය කර ලබා ගත් දෑනුම, සම්බධීකරන හැකියාව සහ ශ්‍රී ලාකීය මාධ්‍ය සමග ඇති සබඳතා ලොකු උදව්වක් උනා.

ඒ වගේම සංගීත් වික්‍රමසිංහ මහතා ඇතුලු wayo Band එකත් , අතුල අධිකාරි මහතාත්  මුල ඉදන් අපිට දූන්න සහයෝගය අපි හරිම ආදරණීයව මතක් කරනවා.

සහස්ශ්‍රා ටීම් එක ගැන 

සහස්ශ්‍රා team එක කියන්නේ පොඩි කාලේ ඉදලා දන්න යාලුවෝ දෙන්නෙක් එයාලගෙ ආදරණීය සැමියන් දෙදෙනා සමග එකතු වෙලා වෙනස් දෙයක් කරන්න හදන team එකක්.

ඒකෙදි අපේ team එකේ  හතර දෙනා වෙනස්ම පරාසයන් හතරකින් පුලුල්ව ලද දැනුම එක තැනකට කැටි කරලා ඇරන් ,පුළුවන් උපරිමයෙන්ම ඔයාලා ටිකට්පතට වෙන් කරන මුදලට, ඔයාලා වෙන් කරන කාලයට උපරිම සාධාරණයක් කරන්න වගේම උපරිම වින්දනයක් ලබාදෙන්නත් , මතකයේ හැමදාමත් රැදෙන ලස්සන event කරන්න තමා plan එක.

හැමෝමට එන්න 

Uk වල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපි ආරාධනා කරනවා , එන්න අපිත් එක්ක එකතු වෙන්න, 

ආයෙත් කියනවා, කිසිම තරාතිරමකින් තොරව එකාවගෙ එකට විනෝද වෙන්න , කැමති ඇදුමකින් සැරසිලා  ජුනි 8 වෙනිදාට Coventry Building Society Arena එකට හවස 4.00 ට එකතුවෙමු..